භූගෝලීය වශයෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ද ඉතාමත්ම වටිනා ස්ථානයක පිහිටා ඇත. ආසියාවේ සිට මැද පෙරදිග, යුරෝපය සහ අප්‍රිකානු කලාපවලට ඇතුළු වීමේ දොරටුව ලෙස ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරය සැලකිය හැක.
නාවුක ගමනාගමනය සම්බන්ධව ගත් කල සූවස් ඇළ, රතු මුහුද, පැනමා ඇළ වැනි ඉතාමත්ම වැදගත් මුහුදු තීර හා සමානව හෝ ඊටත් වැඩියෙන් එකී කලාපය වැදගත් කොට සැලකිය හැකිය. එහි පවතින වැදගත්කම මෙරටට සාපයක් ලෙසින් ක්‍රියාත්මක වූයේ යැයි කිවහොත් ඓතිහාසික සාධක මත එය නිවැරැදි වේ. 1505 පටන් පෘතුගීසින්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් යටතේ මෙරට ශතක හතර හමාරක් තිස්සේ යටත් විජිතයක් ලෙස පැවතීමට එය හේතු සාධක විය. ඊට පෙර ඉතිහාසය පුරා දකුණු ඉන්දියානුවන්ගේ ආක්‍රමණවලට භාජන වූ ශ්‍රී ලංකාව 2500 වසරක ඉතිහාසය පුරා විදේශීය තර්ජනවලට සහ පාලනයට යටත්ව පැවතුණි.
අතීතයේ අවි බලය මත ගෙන ගිය යටත් විජිතකරණය ගෝලීය වශයෙන් සහ කලාපීය වශයෙන් වර්තමානයේ ක්‍රියාත්මක කරනුයේ ධන බලය මත ක්‍රියාත්මක කරන ආර්ථික ආක්‍රමණ ලෙසය. මේ වන විට ලෝකයේ බලවතා ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර යුරෝපය ද ඇමරිකාව සමඟ ජාත්‍යන්තර දේශපාලනයේ දී එක්ව කටයුතු කරයි. එහෙත් තව දශක දෙකක් ගත වීමට පෙර ලෝකයේ බලවත්ම රාජ්‍යයක් ලෙස නැගී සිටින රටවල් වනුයේ චීනය, ඉන්දියාව සහ රුසියාවයි. ඉතා කුඩා ආර්ථිකයක් සහිත දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව නිදහසින් පසු අනුගමනය කළ නොබැඳි විදේශීය ප්‍රතිපත්තිය හේතුවෙන් රටට යම්කිසි රැකවරණයක් ලැබුණි. එහෙත් මෑත යුගයේ පාලකයන් අනුගමනය කළ විදේශීය ප්‍රතිපත්ති අනාගත ශ්‍රී ලංකාවට ඉතාමත් අඳුරු යුගයකට ගෙන යනු ඇත.
අද දින සිදුවන දෑ අතීතයේ ජීවත් වූ නායකයන් කල් තියා හඳුනාගෙන තිබූ බවට ඕනෑ තරම් සාක්ෂි සොයා ගත හැක. 1955 දී ඉන්දුනීසියාවේ බැන්ඩුන් නුවර පැවති කලාපීය සමුළුවේ දී ඉන්දියානු අග්‍රාමාත්‍ය ජවහර් ලාල් නේරු, චීන ජනපති චේ එන් ලායි ඇතුළු රාජ්‍ය නායකයන් ඉදිරියේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් කොතලාවල ප්‍රකාශ කර ඇත්තේ අනාගතයේ දී යුරෝපීය රාජ්‍යවලින් ආක්‍රමණ ඇති වීමට ඉඩක් නොමැති නමුත් චීනය විසින් සිදු කළ හැකි ආර්ථික ආක්‍රමණ කලාපයේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් විය හැකි බවයි.
2005 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ පාලන සමයේ හම්බන්තොට දැනට පවතින ධීවර වරාය පිහිටි ස්ථානයේ වරායක් ඉදිකිරීමට චීන රජයේ සහාය බලාපොරොත්තු වූ අතර, එම ස්ථානයේ වරාය ඉදිකිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයකින් පසු ඩොලර් මිලියන 390 ක මුදලක් ඔවුන් වියදම් කරවන බවට ඇස්තමේන්තු කරන ලදී. එහෙත් අනපේක්ෂිත ලෙස ඇයගේ කාලය වසරකින් අඩු වීමෙන් පසු බලයට පත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය වන විට චීනය “එක් මාවතක් - එක් තීරයක්” (One Belt One Road) ව්‍යාපෘතිය හඳුන්වා දෙමින් මධ්‍යම ආසියාව සහ අරාබි ලෝකය සම්බන්ධ කර සමුදුරු සේද මාවත ව්‍යාපෘතිය ආරම්භ කළේය. එකී ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා ආසියානු කලාපයේ වැදගත්ම ස්ථානය ශ්‍රී ලංකාව ලෙස හඳුනාගත් ඔවුන් ක්‍රම කිහිපයක් ඔස්සේ රට තුළ සිය ආධිපත්‍යය පැතිරීම ආරම්භ කළේය.
හම්බන්තොට ස්වාභාවික වරාය පිහිටි ස්ථානය තෝරා නොගෙන ගොඩ බිම හාරා වරායක් ඉදි කිරීමට මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ඔවුන් එකඟ කර ගත්තේය. ඩොලර් මිලියන 580ක වියදමින් ඉදිකරන බවට එකඟව ආරම්භ කරන ලද වරාය සාදා නිම වන විට චීනයෙන්ම ලබාගත් ණයවලින් ඩොලර් මිලයන 1285 ක් ඒ සඳහා ගෙවන ලදී.
ඒ සමඟම කොළඹ වරාය දකුණු පර්යන්තය චීන සමාගමකට ඉදි කිරීම මෙහෙය වීම සහ පැවරීම (BOT) පදනම මත වසර 35 ක කාලයක් සඳහා මහින්ද රාජපක්ෂ ජනපතිවරයා විසින්ම ලබා දෙන ලදී. කොළඹ වරාය සහ හම්බන්තොට යා කරන අධිවේගී මාර්ගය ඉදි කිරීම සඳහා ඔවුන් විසින් ණය මුදල් ලබා දෙන ලද අතර, එය දිර්ඝකාලීන සැලසුමක් මත සිදු කරන ලද්දකි. ශ්‍රී ලංකාව ණය උගුලක සිර වූ පසු 2017 අගෝස්තු මාසයේ දී යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය අවුරුදු 99 කට චීන රජයේ සමාගමකට භාර දෙන ලදී. එකී වරාය ඉදි කළ සමාගම විසින් එම වරාය ඩොලර් මිලියන 860 ක් ගෙවීමේ පදනම මත වසර 35 ක කාලයකට ඉල්ලා සිටි නමුත්, එය වළක්වා ඩොලර් මිලියන 1100 ක මුදලකට අවුරුදු 99 ක් සඳහා චීන රජයේ සමාගමකට හවුල් ව්‍යාපෘතියක් ලෙස ලබා දුන්නත් එම සමාගමේ කොටස්වලින් සියයට 85 ක්ම චීන රජය සතු වේ. එම වරාය මෙහෙයවීමේ තනි හා අනන්‍ය බලය එම සමාගම සතුය.
ඊට අමතර ලෙස මේ වන විට කොළඹ වරාය නගරය පාර්ලිමේන්තු පනතක් මගින් චීනයේ ආධිපත්‍යයට යටත් වන ලෙස පවත්වා ගෙන යාමට ගෝඨාභය රාජපක්ෂ රජය අවස්ථාව සලසා දෙන ලදී. හම්බන්තොට වරාය එකවරම දියුණු කිරීමට එම සමාගම මුල් අවස්ථාවේ දී කටයුතු නොකළ නමුත් මේ වන විට ඉතා ශීඝ්‍රයෙන් වැඩි දියුණු කිරීමට ආරම්භ කර ඇත. 2024 වර්ෂයේ දී එහි වර්ධනය සියයට 22 කින් ඉහළ ගොස් ඇති අතර කලාපයේ හොඳම වරාය ලෙස දියුණු කිරීම සඳහා බහාලුම් අංගනයට නවීන ගැන්ට්‍රි සහ අංගන දොඹකර සවි කිරීම සඳහා මේ වනවිට පියවර ගනිමින් සිටියි. නැව් බඩු ප්‍රවාහනය 2023 වසරට සාපේක්ෂව 2024 මුල් භාගයේ දී සියයට 134 කින් වර්ධනය වී ඇත. ගෑස් මෙහෙයුම් එම කාල සීමාවේ සියයට 46 කින් වර්ධනය වී ඇති අතර 2023 දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2024 වර්ෂයේ දී සියයට 100 කින් වර්ධනය වී ඇත.
තත්වය එසේ තිබිය දී කොළඹ වරායේ බහාලුම් නිශ්කාෂණය පිළිබඳ බරපතළ ගැටලු මේ වන විට මතුව ඇත. නිශ්කාෂණ ප්‍රමාදය නිසා නැව් 30ක් පමණ ආපසු හරවා යවා යවන ලද බව රජය විසින් ප්‍රකාශයට පත් කළ අතර, ඒ පිළිබඳව සත්‍ය තොරතුරු තවමත් ජනතාවට ලැබී නොමැත. මෙම තත්වය තුළ කොළඹ වරායේ වැඩ කටයුතු අඩපණ කිරීම සඳහා හෝ දුර්වල කිරීම සඳහා හෝ නොපෙනෙන බලවේග ක්‍රියාත්මක වන බව නොරහසකි. හම්බන්තොට මුහුදු තීරයේ දිනකට යාත්‍රා කරන නෞකා ගණන 250 සිට 300 දක්වා වන අතර 2023 වසරේ නැව් ගමන් වාර 39000 ක් වාර්තා වී ඇත.
ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ සාර්ථකභාවය සනාථ කිරීම සඳහා චීන රජය විසින් හම්බන්තොට තෙල් පිරිපහදු අංගනයක් ඉදි කිරීම සඳහා ඩොලර් බිලියන 3.7 ක මුදල් ආයෝජනය කිරීමට සූදානම් බව ප්‍රකාශ විය. එමගින් රටේ සංවර්ධනයට රුකුලක් වන බවත් රැකියා නිර්මාණය වන බවත් සඳහන් කළේය. එම පිරිපහදුව ඉදි කර හම්බන්තොට වරායේ යෝජිත වැඩි දියුණු කිරීම් කළ පසු කොළඹ වරායට සේන්දු වන නෞකා වලින් වැඩි ප්‍රමාණයක් හම්බන්තොට වරාය වෙත හරවා ගැනීම සඳහා මෙය ඉතාමත් සාර්ථක උපක්‍රමයකි. අවසානයේ කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු දුර්වල වී හම්බන්තොට වරාය රටේ මෙන්ම කලාපයේ ප්‍රධානම වරාය බවට පත් වීමට නියමිතය. එය සිංගප්පූරු වරායට වඩා වැඩි මෙහෙයුම් සිදු කරනු ලබන වරායක් බවට පත් වනු ඇත.
හම්බන්තොට වරාය සහ කොළඹ වරායේ දකුණු පර්යන්තය වැඩිම ආදායම් උපයන ආයතන දෙකක් බවට පත් වීමට ඉඩ ඇති නමුත් ඉන් ශ්‍රී ලංකාවට කිසිදු ප්‍රතිලාභයක් නොමැත. හම්බන්තොට වරාය සහ කොළඹ වරායේ දකුණු පර්යන්තය යන ඒවායෙහි ආදායමින් කිසිදු මුදලක් ශ්‍රී ලංකාවට නොලැබෙන අතර වසර 25 ක කාලයක් සඳහා සියලුම බදුවලින් නිදහස් කර ඇත. මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක යන ජනාධිපතිවරු පස් දෙනාම ඔවුන්ට එක හා සමාන ලෙස දැනුණේ ඔවුන් සියලු දෙනාම යටතේ චීන ව්‍යාපෘතියට කිසිදු බාධාවක් එල්ල නොවූ නිසාවෙනි.
චීන ආයෝජන මගින් රටේ සංවර්ධනය වැඩි වන බවට සහ රැකියා අවස්ථා වැඩි වන බවට දරණ මිථ්‍යා මත හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික මෙන්ම දේශපාලන ස්වෛරීභාවයට ඇතිවන තර්ජන සහ අවදානම ගැන කතා නොකර මුනිවත රකින දේශපාලන සමාජය රටේ අනාගත පරම්පරාව පාවා දෙමින් කටයුතු කිරීම සැබවින්ම රටේ ජනතාවගේ අභාග්‍යයකි. ශ්‍රී ලංකාවේ බලයට පත්වන පාලකයන් සහ ආණ්ඩු කොතරම් ප්‍රබල වුවත් කොතරම් ජනප්‍රිය වුවත් කලාපයේ බලවතා වන ඉන්දියාව ආරම්භ කර ඇති “අසල්වැසියා ප්‍රමුඛය” Neighbourhood Firstවන ව්‍යාපෘතියෙන් රිංගා යාම කිසිසේත් කළ නොහැක්කක් බව ද තේරුම් ගත යුතුව ඇත.
මෙකී කරුණු අනුව තේරුම් ගත යුත්තේ චීනය සමඟ පවතින මිත්‍ර සම්බන්ධතා ඈත් කරගත යුතුය යන්න නොව ලෝක දේශපාලනය තුළ ඉන්දියාව, ඇමරිකාව, යුරෝපය, ජපානය, ඕස්ට්‍රේලියාව වැනි බලවත් රාජ්‍ය ඈත් කර ගත නොගත යුතු බවයි. 2022 බංකොලොත් වූ රටේ ජනතාවට ජීවත් කරවීම සඳහා ඉන්දියාව ලබා දුන් ඩොලර් බිලියන 3 ක ණය හා ආධාර නොවන්නට මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය පවා අහිමි වීමට ඉඩ තිබුණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෝෂණය කිරීම සඳහා ඇමරිකාව සහ යුරෝපය ලබා දී ඇති GSP සහනය නොවන්නට ද මේ රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටීමට ඉඩ තිබුණි.
ඉන්දියාවට හෝ කලාපයට කිසියම් ආකාරයක තර්ජනයක් ඇති වන බව හැඟුණොත් ඉන්දියාව අණක් ගුණක් නොතකා කටයුතු කරන ලබන බව අමතක නොකළ යුතුය. එසේ කීමට හේතු සාධක ඕනෑ තරම් ඇත. ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස තරම නොදැන ඉන්දීය නායකයන් තරහ කර ගැනීම නිසා ඔවුහු ප්‍රභාකරන්ගේ බෙදුම්වාදයට යටිතල පහසුකම් සැපයුවෝය. වසර තිහක් තිස්සේ දිග ඇදුණ යුද්ධයට එය ප්‍රබල ශක්තියක් විය. ප්‍රභාකරන්ගේ බෙදුම්වාදය අනාගත ඉන්දියාවට තර්ජනයක් වන බව දැනුණ මොහොතේ ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවට එවන ලද්දේ අප රටේ ඉල්ලීමකට හෝ අවසරය ඇතිව නොවේ. මෙරට පාලකයන් එම අවස්ථාවේ හැසිරුණේ හික්මීයන් ලෙසිනි. ඔවුන් කෙටුම් පත් කර දුන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපගේ විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් සම්මත කර දුන්නේ සුවච කීකරු වහලුන් ලෙසිනි. එය ඉන්දියානු ව්‍යාප්තවාදය ලෙසින් එදා ජ.වි.පෙ. විසින් හඳුන්වා දෙමින් කළ ව්‍යසනය අද අමතකව ඇති අතර, ඉතිහාසය මේ තරම් ඉක්මනට උඩු යටිකුරු වේයයි ජනතාව නොසිතුවේය.
වර්තමාන ජාත්‍යන්තර බල පොරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බෙල්ලට තොණ්ඩුව වැටී ඇති අතර, එහි එක් කොනක් “එක් මාවතක් - එක් තීරයක්” ව්‍යාපෘතිය විසින් අල්ලා ගෙන සිටින අතර, එහි අනෙක් කෙළවර “අසල්වැසියා ප්‍රමුඛය” යන ව්‍යාපෘතිය මගින් අල්ලා ගෙන ඇත.
(***)
භූගෝලීය වශයෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ද ඉතාමත්ම වටිනා ස්ථානයක පිහිටා ඇත. ආසියාවේ සිට ම
තීරණාත්මක ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයන තහනම හඳුන්වා දෙන ලදි. විදේශ මුදල් අර්බුදය සහ වර්ධනය වෙමින් පැවැති ණය ගැටලු මධ්‍යයේ ක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය රජයේ වඩාත් වැදගත් ව්‍යාපෘතිය වූ “පිරිසුදු ශ්‍රී ලංකාවක්” වැඩසටහන 2025 වසර ආරම්භයේ දියත් කරනු ලැබුවේ, ජනාධිපති ලේකම් කර
2024 වර්ෂය ආර්ථික ජයග්‍රහණ ගණනාවක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකි වේ. ඒ මන්ද යත් ඊට වසර දෙකකට මත්තෙන් ලාංකික ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හ
ශ්රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා පළාත් මටට්මින් ලබා දෙන දායකත්වය අනුව බස්නාහිර පළාත ඉදිරියෙන් සිටී. පළාත් සංවර්ධනය තුළ විසමතා පවතී. අනෙක් පළාත් නිපදවන
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නවතම පැතිකඩකට යොමු කරන අවස්ථාවක් වනු ඇතැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවට හිමි තැන
Bunny Preena Monday, 27 January 2025 12:00 PM
ඔබතුමා බලයට පත් වුණත්, ඔබටත් යන්න වෙන්නේ එම මාර්ගයේමයි.. වෙන විකල්පයක් නොමැත.
sugath Monday, 27 January 2025 04:12 PM
ශ්‍රී ලංකාවේ දකුණු කෙලවෙරේ සිට දකුණු ඇන්ටාටිකාව දක්වා ලෝක සිතියමක් දෙස බැලූවොත් පෙනී යන්නේ එය ඉන්දියන් සාගරයෙන් වැසී තිබෙන බවකි. සාගරය කිසි රටකට අයත් නොවන අතර එවැනි තැනක තවත් ප්‍රදේශයකට ඇතුල්වීම සඳහා "දොරටුවක්" පැවතිය හැකිද? මහද්වීප වටා ගමන් කිරීම වැළක්වී සඳහා මිනිසුන් විසින් තනා ඇති පැනමා ඇලට හෝ සුවෙස් ඇලට එය කිසිවිටෙක් සමාන කළ නොහැකියි. මීට වසර 200කට පමණ ඉහත දී නාවික යාත්‍රාවලට එකවර බොහෝ දුර ගමන් කිරීමේ හැකියාවක් නොතිබුණු බැවින්, අතරමග වරායක් තිබීම වැදගත් විය. නමුත් වර්තමානයේ කන්ටේනර් ප්‍රවාහනය කරන නැවකට කිලෝමීටර් 20,000 පමණ දුරක් එකවර ගමන් කළ හැකියි. එබැවින් අපේ රටේ "වරාය" ගැන කතා කිරීමේදී, අපේ පිහිටීම ගැන අධි තක්සේරු කිරීමේ එතරම් අර්ථයක් නැහැ.