IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බදු ක්‍රමයට සංශෝධන අවශ්‍යද?

ප්‍රතිලාභ ලෙස ලැබිය යුතු දේ වඩා හොඳ හෝ සමාන නම් මිස කිසිවකු තමා සතු දේ බෙදාගැනීමට කැමති නැත. ලැබිය හැකි දේ ස්පර්ශ කළ හැකි දෙයක් හෝ ස්පර්ශ කළ නොහැකි දෙයක් විය හැකිය. මෙම සම්මතයට විකල්පයක් නොමැත. රජයට බදු ගෙවීම ද මෙම සම්මතයට පිටතින් යන්නක් නොවේ. ශ්‍රී ලංකාව ඇසුරින් සලකා බැලූ විට බදු ගෙවන්නා (ඇය හෝ ඔහු) ප්‍රතිලාභ ලෙස ලබන්නේ කුමක්ද යන්න පිළිතුරු දීමට අතිශය අසීරු පැනයකි.

 

වංක බවින් දූෂිතව

සමාජ වගකීමක් හා යුතුකමක් ලෙස හඳුන්වමින් බදු ක්‍රමය ප්‍රචලිත කිරීමට ආණ්ඩුව කිනම් උත්සාහයක් ගනු ලැබූවද, ඒවා බදු ප්‍රතිපත්ති මුග්ධයන් විසින් පීලි පන්නවා තිබේ. බදුකරණයේ එක්තරා මූලික මූලධර්මයක් හා පදනමක් වන්නේ සාධාරණත්වයයි. බදු ගෙවීමේ හැකියාව යන්න එයින් අර්ථවත් වේ.

උද්ධමනය වැඩි වීමේදී, මිල ඉහළයාම් හේතු කොටගෙන ජනතාවගේ ක්‍රය ශක්තිය පහත වැටෙන බව සාමාන්‍ය දැනුමට දන්නා දෙයකි. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය සංකෝචනයට ලක්වේ. සංහිඳියාවට පත් කිරීමේ මාර්ගයක් ලෙස බදු ගෙවිය යුතු ආදායම් සීමාව (පර්යන්තය) වැඩි කිරීමක් සේ බදු සහන ලබාදීම, බදු අනුපාත අඩු කිරීම සහ බදු සීමා කිරීම හා බදු ගෙවීමේ වගකීමෙන් නිදහස් කිරීම කලින් කලට සිදුවන ආර්ථිකය ඇදවැටීමේ දී හා උද්ධමන කාලවල දී සිදුකෙරේ.

2022දී පෙර නොවූ විරූ තරමින් සියයට 9 සිට සියයට 70 දක්වා උද්ධමනය ඉහළ ගිය අවස්ථාවේ, ආදායම් බදු හා වැට් බදු ගෙවීම උදෙසා වූ බදු පර්යන්තය අඩුකොට ඒවායේ බදු අනුපාතය ඉහළ දැමීම සම්බන්ධයෙන් රජය කිනම් සාධාරණීකරණය කිරීම් ඉදිරිපත් කළද, එසේ කරමින් රජය අනුගමනය කළ බදු ප්‍රතිපත්තිය විචක්ෂණශීලී වූවක් නොවේ.

බදු පිළිබඳ මූලධර්ම උල්ලංඝනය කිරීම කළේ වුවද, ජනතාව මත පැනවූ අලුත් බදු නීති යටතේ බදු ආදායම ඉහළ නැංවූ බවට රජයට පුරසාරම් දෙඩිය හැකිය. නීතියේ බලයෙන් කළ හැකි, නීත්‍යානුකූල  කොල්ලයක් සේ බදුකරණය දෙස බැලීම මහජනයා අතර කැළඹිලි ඇතිකරන්නකි. බදු සම්බන්ධයෙන් එවැනි ඍණාත්මක ආකල්පයක් ඇතිවීමෙන් දීර්ඝ කාලයේ දී බදු ආදායම් ඒකරාශි කිරීම කෙරෙහි අහිතකර ප්‍රතිඵල ඇතිකරවයි.

බදු ආදායම ඉහළ දැමිය හැකි එකම ක්‍රමය බදු බර වැඩි කිරීමද?

රාජ්‍ය සේවා හා යටිතල පහසුකම් සඳහා මුදල් යෙදවීමට බදු අත්‍යවශ්‍ය වන බව අවිවාදාත්මක කාරණයකි. එහෙත් අයයුතු බදු බර පැටවීම ඔස්සේ,  ප්‍රාග්ධනය රටින් පිටතට ගලායාම, ඉතිරි කිරීම හා ආයෝජන අධෛර්යවත් වීම, බුද්ධිගලනය, බදු පැහැර හැරීම හා මග හැරීම, බදු ක්‍රමය කෙරේ මහජන විශ්වාසය පළුදුවීම සහ සමස්ත ආර්ථික අකාර්යක්ෂමතාව ඇතිවීම වැනි අවාසිදායක බලපෑම් ඇතිවිය හැකිය.

දැනට සිටින බදු ගෙවන්නන්ට තවදුරටත් බදු බර නොපටවා බදු ආදායම වැඩිකර ගත හැකි ඵලදායි විධි නම්,

 

බදු පදනම පුළුල් කිරීම

දේශීය හා වෙනත් රටවල් සමග ගනුදෙනුවලට අදාළ බදු පැහැර හැරීම් මර්දනය කිරීම.

බදු පදනම පුළුල් කිරීම යන්නෙන් මෙහිදී බදු ගොනු සංඛ්‍යාව ප්‍රමාණාත්මක වශයෙන් වැඩි කිරීම මිස ගුණාත්මක වශයෙන් වැඩි කිරීම අදහස් නොකෙරේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන බදු ගොනුවලින් සියයට 70ක් බදු ආදායම් ලබන්නේ 600කට අඩු ගොනු සංඛ්‍යාවකට අදාළව යන්න පිළිගත් කරුණකි. එම ගොනු සංඛ්‍යාව මුළු බදු ගොනු සංඛ්‍යාවෙන් සියයට 1ක් පමණි.

 

ජාත්‍යන්තර ගනුදෙනුවලදී බදු පැහැර හැරීම

බදු ජාතික ව්‍යවසාය සහ ඩොලර් මිලියන ගණනින් යුත් ද්‍රවශීලතා වත්කම් සහිත මූල්‍ය සමාගම් හිමිකරුවන් විසින් ජාත්‍යන්තර වශයෙන් සිදු කරන බදු පැහැරහැරීම් නිසා ගෝලීය වශයෙන් වසරකට රටවලට ඩොලර් බිලියන 480ක් අහිමි වේ. මෙම කරුණු සනාථ කරනු ලැබුවේ ජාත්‍යන්තර වශයෙන් පිළිගත්, ස්වාධීන ආයතනයක් වූ Tax Justice Network හි සමීක්ෂණවලිනි. එම ආයතනය ගෝලීය වශයෙන් සිදුවන බදු පැහැර හැරීම් පිළිබඳ සමීක්ෂණ වල නිරත වේ.

ජාත්‍යන්තර බදු අක්‍රමිකතා හේතු කොට ගෙන ශ්‍රී ලංකාවට අහිමි වන බදුවල වටිනාකම ඩොලර් මිලියන 413.25ක් වේ යයි ගණන් බලා ඇත. එයින් බහුජාතික ව්‍යවසාය පැහැරහරින බදු ප්‍රමාණය ඩො. මිලියන 406.56ක් වන අතර, ඩොලර් මිලියන 6.89ක් ධනවත් ශ්‍රී ලාංකිකයන් පැහැර හරිනු ලැබේ. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව බදු පැහැර හැරීමෙන් සිදුවන පාඩුව රුපියල් බිලියන 125ක් පමණ වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2022 වසරේ වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව උපයන විට ගෙවීම් ඇතුළු බදු ගෙවීම් පැහැර හරින ලද පුද්ගලයන් නිසා අහිමි වූ මුදල රුපියල් බිලියන 69කි. එම ගණන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමස්ත බදු ආදායම් එකතුවෙන් සියයට 13කට ආසන්න වේ.

2024 වසරේ අපේක්ෂිත බදු ආදායමෙන් රුපියල් බිලියන 100කටත් අඩු ගණනකට දායකත්වය දරන්නේ 550000කට ආසන්න බදු ගෙවන පුද්ගලයන් සංඛ්‍යාවක් විසිනි.

ශ්‍රී ලංකාවේ බහුජාතික ව්‍යවසාය සහ ධනවත් පුද්ගලයන් අක්‍රමිකතා ඔස්සේ පැහැර හරින බදු ප්‍රමාණය රැස් කර ගන්නට රජය සමත් වේ නම්, සමස්ත බදු ආදායමට බලපෑමක් නොවී උපයන විට ගෙවීමේ බදු ගෙවන්නන් ඇතුළු බදු ගෙවීමට හවුල් නොවන පුද්ගලයන්ට පුදුමාකාර බදු සහන පිරිනැමිය හැකිය.

පවතින වර්ෂයේ අපේක්ෂිත බදු ඉලක්කය රුපියල් බිලියන 2024කි. උපයන විට ගෙවීම් බදු ඉලක්කය රුපියල් බිලියන 160කි. බදු ගෙවීම් පැහැර හරින තනි තනි බදු ගෙවන්නන්ගෙන් අපේක්ෂිත වාර්ෂික ආදායම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව රුපියල් බිලියන 98 පමණ වේ. ඒ අනුව බදු ගෙවීම් සම්බන්ධ ජාත්‍යන්තර අක්‍රමිකතා වළකාලන්නට රජය කල්තියා පියවර ගන්නේ නම්, බදු නොගෙවා හරින තනි තනි බදු ගෙවන්නන් ආදායම් බදු ගෙවීමෙන් මුදාහැරිය හැකිය. වෙනත් අයුරකින් කිවහොත් උපයන විට බදු ගෙවීමේ බරෙන් සියයට 78ක් අඩු කළ හැකිය.

මෙකී රුපියල් බිලියන 125ක පමණ ජාත්‍යන්තර වශයෙන් පැහැර හරින බදු අයකර ගැනීමට ප්‍රධාන බාධාව වන්නේ ඒ සඳහා දේශපාලන අභිමතය නොතිබීමයි. එවැනි ජාත්‍යන්තර බදු ගෙවීම් පැහැරහැරීම්, වෙනත් රටවල් විසින් ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹීම හරහා සමස්ත ලෙස වළකා තිබේ. ගෝලීය මට්ටමේ Automatic Exchange of Information (AEOI) හි ජාත්‍යන්තර ගිවිසුම්වලට එළඹීමෙන් එය කළ හැකිය. ලෝකය පුරා බදු අධිකාරීන්ට විදේශ අධිකරණ බල ප්‍රදේශයන්හි පවතින සමාගම් හා ඒවායේ පදිංචි පුද්ගලයන්ගේ මූල්‍ය ගිණුම් පිළිබඳ තොරතුරු සොයා බැලීමේ ප්‍රවේශය තහවුරු කරලීමෙන් බදු පැහැර හැරීම වළක්වා ලීම (AEOI) Automatic Exchange of Information හි මූලික අරමුණයි. එය ජාත්‍යන්තර බදු පැහැර හැරීම් සොයා බලා ඒවාට විසඳුම් සෙවීමට උපකාරී වේ.

පොදු වාර්තාකරණ ප්‍රමිති (CRS) යටතේ මූල්‍ය සමාගම් එක්ක එක් රටවලින් පිටත වූ මූල්‍ය ආයතන විසින් පවත්වා ගන්නා ගිණුම් පිළිබඳ තොරතුරු බදු අධිකාරීන්ට දැනුම් දිය යුතුය. ගිණුම් හිමියන්ගේ නම, ලිපිනය, බදු ගෙවන්නා හඳුනාගන්නා අංකය, ගිණුම් ශේෂය සහ එම ගිණුමෙන් උත්පාදනය කරගත් ආදායම වැනි විස්තරාත්මක කරුණු මෙසේ සපයන තොරතුරුවල අඩංගුවේ. ඉන් අනතුරුව බදු බලධාරීන් ස්වයංක්‍රීයව ඉල්ලීමකින් තොරව මෙම තොරතුරු ගිණුම් හිමියා වාසය කරන රටේ බදු අධිකාරීන්ට දැනුම් දෙනු ලබයි.

විදේශ අධිකරණ බල ප්‍රදේශවල සිටින පුද්ගලයන්ට හා ඒවායේ ඇති ආයතනවලට වත්කම් හා ආදායම් සඟවා බදු පැහැර හැරීම අසීරු කරමින් ක්ෂේත්‍රයේ සාධාරණත්වය ඉටු කිරීමට AEOI උපකාරී කරයි. එසේම ගෝලීය සහයෝගිතාව වැඩි කරමින් බදු ක්‍රමයේ සාධාරණත්වය ප්‍රවර්ධනය කිරීම ද AEOI ආයතනය සිදු කරයි. රටවල් 170කට වැඩි සංඛ්‍යාවක් සහ බදු අධිකරණ සීමාවන් AEOI සමග ගෝලීය මට්ටමේ එක්වී ජාත්‍යන්තර බදු අක්‍රමිකතා මැඩලීමට ඒ ඒ රටවලදී කටයුතු කරන්නේය.

කනගාටුවට කාරණය වන්නේ ශ්‍රී ලංකාව මෙතෙක්  AEOI සමග ගිවිසුම්වලට අත්සන් නොතැබීමයි. ඊට හේතුව දන්නේ දේශපාලන බලධාරීන් පමණි. දූෂිත දේශපාලකයන් සහ ඔවුන්ගේ ගැත්තන් ආරක්ෂා කිරීම පිණිස ගෝලීය මට්ටමේදී රජය  AEOI සමග සම්බන්ධ වී නැතැයි නොකියමි.

ගෝලීය මට්ටමේදී  AEOI ආයතනයට අමතරව බදුවලට අදාළ කරුණු සම්බන්ධ තොරතුරු ස්වයංක්‍රීයව හුවමාරු කර ගැනීමට අදාළව ගිවිසුම්ගත වන තවත් ජාත්‍යන්තර ගිවිසුම් දෙකකි.

 

ඒවා නම් 1. Mutual Administrative Assistance in Tax (MAAT) සම්මුතිය.

2. Qualifying Competent Authority Agreement (QCAA)

අවාසනාවකට ශ්‍රී ලංකාව මෙවැනි කිසිදු ගිවිසුමකට අත්සන් තබා නැත. මෙම අක්‍රීය බව හේතු කොටගෙන රජයේ පාර්ශ්වයෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 76 වගන්තියට අදාළ කාර්ය කොටස අකර්මණ්‍ය වී තිබේ. එසේම 2021 මාර්තු 2 වැනිදා නිකුත් කළ අංක 2217/7 දරන මිල හුවමාරු ගැසට් පත්‍රයේ සඳහන් කාර්යයන්ද මේ නිසා අඩපණ වනුයේ තොරතුරු ස්වංක්‍රීයව හුවමාරු වන සම්මුතියට ඇතුළත් නොවූ නිසාය. ශ්‍රී ලංකාව සම්බන්ධ බහුජාතික ව්‍යවසායන්හි තොරතුරු දැක්වෙන Country by County Report (CBCR) ශ්‍රී ලංකාව පිළිබඳ බදු සම්බන්ධ අධිකරණ බලසීමා ගැන ස්වයංක්‍රීයව සටහන් වනු කිසිදු තොරතුරක් නැත.

උත්ප්‍රාසයට කාරණය වන්නේ රජයෙන් නිකුත් කළ එකී මිල හුවමාරු ගැසට් පත්‍රයේම ශ්‍රී ලංකාව සමග CBCR තොරතුරු ස්වයංක්‍රීය හුවමාරු වන යාන්ත්‍රණයන් නොමැති රටවල් ක්‍රමානුකූල බවින් අසාර්ථක වූ රටවල් ලෙස ලේබල් ගසා තිබීමයි. බොහෝ රටවලට එවැනි යාන්ත්‍රණයක් තිබෙන අතර, ශ්‍රී ලංකාවට බහුජාතික ව්‍යවසායන්හි තොරතුරු CBCR වාර්තාවට ඇතුළත් කරලීමේ යාන්ත්‍රණයක් නොමැත. එය බහුජාතික ව්‍යවසායකයන් රටවල් අතර බදු පැහැර හැරීම මැඩලීම සඳහා අත්‍යවශ්‍ය වන්නක් සේම ඒකාබද්ධ (සාමූහික) බදු සැකසුම් මගහැරයාමේ විභවතාව තක්සේරු කිරීමට ද එය උපකාරී වේ.

ශ්‍රී ලංකා රජය ආර්ථික සංවර්ධන හා සහයෝගීතා සංවිධානයේ (OECD) කුලුනු දෙකේ විසඳුමට සම්බන්ධ නොවීමට ගත් එඩිතර උත්සාහය පැසසීමට කැමැත්තෙමි. සාමාජික රටවල් 142 න් රටවල් 139 ම බහුජාතික ව්‍යවසායයන්ගේ ජාත්‍යන්තර බදු පැහැර හැරීම් මැඩලන්නට සිය කැමැත්ත පළකරනු වස් එම සම්මුතියට අත්සන් තබා තිබේ. මේ වන විට රටවල් බොහෝමයක් එය සුදු අලියකු බව තේරුම් ගෙන තමන් ඊට සීමාවීම ගැන කනස්සල්ල පලකර තිබේ.

මේ වනවිට සංවර්ධන රටවල් බොහොමයක් එක්සත් ජාතීන්ගේ, බහුජාතික ව්‍යවසායන් සිදු කරන බදු අක්‍රමිකතා මැඩලීමේ, බදු කමිටුව වටා එක් රොක්වී තිබේ. 

එක්සත් ජාතීන්ගේ බදු කමිටුවේ මෙම යෝජිත විසඳුම්, සංවර්ධනය වෙමින් පවතින රටවලට OECD හි කුලුනු දෙකේ විසඳුම්වලට වඩා, වඩාත් ප්‍රායෝගික වේ. එම නිසා ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධන වෙමින් පවතින රටවලට, සදාචාර විරෝධී වාණිජ ලෝකයේ ක්‍රියාවලට එරෙහිව ශක්තිමත් වීම උදෙසා එ.ජා. ගේ වැඩපිළිවෙළ වටා ඒකරාශී වීම ඉතා වැදගත්ය.

බදු අයකිරීමේ සාධාරණත්වය පිළිබඳ ජාලය අනාවරණය කර තිබෙන ජාත්‍යන්තර බදු අක්‍රමිකතා ඔස්සේ ශ්‍රී ලංකාවට අහිමිව ගොස් තිබෙන රුපියල් බිලියන 125 කට අධිකව වාර්ෂිකව ශ්‍රී ලංකාවට අහිමිව යන්නේ ශ්‍රී ලංකා රජයේ ඉහත කී අකර්මණ්‍යතා සහ අතීරණ හේතුකොට ගෙනය.

ඉන්දියාව AEOI හරහා පසුගිය දෙවසරක කාලයේ, අන්තර්ජාතික වශයෙන් පැහැර හරින ලද ඩොලර් බිලියන 20ක් ඒකරාශී කර ගැනීමට සමත් වූ බව වාර්තා වේ. එසේ අයකර ගැනීමට සමත්වූ බදු මුදල, ශ්‍රී ලංකාව 2024 අයකර ගැනීමට ඇස්තමේන්තු කරගත් මුළු බදු ආදායම මෙන් සියයට 300කටත් වැඩි අගයකින් යුක්තය.

2009 දී ගෝලීය මට්ටමේදී AEOI වෙත සම්බන්ධවූ ඉන්දුනීසියාවට, 2015 දී එහි ඉන්නා, සැඟවූ වත්කම් හිමි අයගේ වත්කම් අනාවරණය කර ගැනීමේ අවස්ථා පෑදිණි. AEOI  හරහා ගෝලීය මට්ටමේ පාර්ශ්ව 900,000ක් වත්කම් හෙලි කිරීමේ ප්‍රතිඵල ලෙස, ඔවුන්ගේ ඩොලර් බිලියන 366 ක් වටිනා සැඟවූ කළු වත්කම් හෙළිදරව් වූයේය.

එමනිසා ස්වයංක්‍රීය තොරතුරු හුවමාරු (AEOI) ගෝලීය මට්ටමේ ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව රටට උචිත ජාත්‍යන්තර ප්‍රජාවකට සම්බන්ධ වීමත්, ක්‍රියාකාරීව එක්සත් ජාතීන්ගේ බදු කමිටුවට සම්බන්ධවීමත් කළ යුතුය. වාර්ෂිකව ජාත්‍යන්තර වශයෙන් අහිමිවන රුපියල් බිලියන 125 ක් පමණ වූ බදු මුදල අය කරගෙන පෞද්ගලික හා රාජ්‍ය අංශයේ බදු ගෙවන්නන් බදු බරෙන් නිදහස් කළ යුතුය. බදු පැහැර හරින්නන් සංඛ්‍යාවද ඒ ඔස්සේ අවම කරගත හැකිවේ.

 

(***)
2024 ජූලි 5 වැනිදා Daily Mirror පුවත්පතේ පළවූ
Over 78% of Paye Tax Burden can be Slashed without Hindering Tax Revenue
නම් - ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ



අදහස් (0)

බදු ක්‍රමයට සංශෝධන අවශ්‍යද?

ඔබේ අදහස් එවන්න

සඳුදා හමුව

බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 774 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 289 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


​ප්‍රශ්න විසඳන නායකත්වයක අවශ්‍යතාව
2024 අගෝස්තු මස 19 417 1

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් වෙන්නේ වසර 2022 දී උද්ගත වූ මහජන අරගලයෙන් එවකට බලයේ සිටි ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම


තෘප්තිමත් සමාජයකට ආර්ථිකයක්
2024 අගෝස්තු මස 12 313 0

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දුබල තැනක සිට යථා තත්වයට පත්වෙමින් තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ බලපැවැත්වෙමින් තිබුණ සංකීර්ණ ගැටලු සහ කොවිඩ් වසංගතය සමග ඇති වූ අර්බ


ඡන්ද දායක ඡන්ද අපේක්ෂක යුතුකම
2024 අගෝස්තු මස 05 122 0

මේ වන විට මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර ගන්නා දිනය අගෝස්තු 15 වැනි දින ලෙසත් ඡන්ද දිනය සැප්තැම්බර 21 වැනි දින ලෙසත් ප්‍රකාශයට පත්


​ආයෝජකයන් මුහුණදෙන දුෂ්කරතා
2024 ජුලි මස 29 359 1

ලංකාවේ වත්මන් ආර්ථික ක්‍රියාවලිය විමසා බැලීමේ දී බොහෝ විට එය ණය මත පදනම්ව තිබෙන බවත් නව ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් යෝජනා ඉදිරිපත් කරන දේශපාලකයන් හ


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site