IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රට වහන්න අවශ්‍ය ඇයි?

මේ වනවිට කොරෝනා වයිරසය රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කළේ අප්‍රේල් මාසයේ අවසන් සතියේ වුව ද බෝවීම සිදු වූයේ ඊට සති 4කට පමණ පෙර පටන්ය. වයිරසය (මෝරා යන කාලය) ආසාදනයට විවෘත වූ පසු මුල් රෝග ලක්‍ෂණ ඇතිවන කාලය (දින 3–14) සමග, පරීක්‍ෂණ/ වාර්තා කීරීම සහ විවරණ කිරීම් උදෙසා යන කාලය එක්වූ විට, මේ වනවිට සොයාගෙන ඇති වාර්තා අනුව රෝගීන් සතියකට දෙකකට පෙර සිදු වූ බෝවීම්වල ප්‍රතිඵලයක් ලෙස රෝගය වැළඳුණ අය බව කිව හැකිය. මරණ සිදුවන්නේ තවත් සති දෙකක ප්‍රමාද කාලයකින් පසුව නිසා, දැන් සිදුවන මරණ මසකට පමණ පෙර සිදු වූ බෝවීම්වල ප්‍රතිඵල වේ. රෝගීන් මිය යන සංඛ්‍යාව වැඩිවීම දැන් ආරම්භ වූවකැයි බැලූ බැල්මට පෙනේ. 

B1.1.7 වයිරස ප්‍රබේදය වඩාත් වේගයෙන් පැතිරෙමින් තිබේ. මින් පෙර පැවැති රැලිවලට වඩා අතිශය ප්‍රචණ්ඩ ආකාරයෙන් එය පැතිර යාමේ හැකියාව ඇත. පළමුව ඉන්දියාවෙන් සොයාගත් වඩාත් අසහනකාරී B1.617 ප්‍රබේදය ද ශ්‍රී ලංකාව තුළ සොයාගෙන තිබේ. එය කෙතරම් වේගයෙන් ව්‍යාප්ත වන්නේ දැයි ඉදිරියේදී දැකගත හැකිවනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය එය සැලකිල්ලට යොමු විය යුතු ප්‍රබේදයක් ලෙස නම් කර තිබෙන අතර මේ වනවිට එය එක්සත් රාජධානියේ පැතිර යමින් තිබේ. මෑත කාලයේදී පොකුරු කිහිපයක් සිංගප්පූරුවේ වර්ධනය වීමට ද එම වයිරස ප්‍රබේදය බලපා තිබේ. 

අප්‍රේල් මැද සිට මේ දක්වා රෝගීන් වැඩිවීම ඉතා වේගයෙන් සිදුව තිබේ. පසුගිය දිනවල රෝගීන් වාර්තා වීම අඩු වූ සෙයක් පෙනී ගිය ද එය පරීක්ෂණ ධාරිතාව සීමාවීමේ ප්‍රතිඵලයකි. රෝගය වැළඳුණු බවට තහවුරු වන රෝගීන් සංඛ්‍යාව (බොහෝ විද්‍යාගාරවල සියයට 10කට වඩා) ඉහළ යද්දී පැවැත්වූ පරීක්ෂණ සංඛ්‍යාව පැවැතියේ එකම මට්ටමකය. රෝගීන් වැඩිවීම පෙන්වන වසංගතයට අදාළ ප්‍රස්තාරය අද අපි දකින චක්‍රය (epi-curve) යථාර්ථය පිළිබිඹු කරන්නකි. දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීම් සහ රෝගීන් මිය යන සංඛ්‍යාව දිගටම සිදුවීම නොවැළැක්විය හැකි ආකාරයෙන් සිදුවන්නේ රෝගය බෝවීම මේ වනවිට සිදුවී හමාර බැවිනි. 

කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වනවිටත් පවතින සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉක්මවා යාමේ ප්‍රතිඵලයක් ලෙස තවත් රෝගීන්ගේ මරණ සිදුවීම වළක්වාලිය නොහැකිය. රෝගීන් සංඛ්‍යාව වැඩි වීම ඔස්සේ මහජන සෞඛ්‍යාරක්ෂණ පියවර ක්‍රියාත්මක කොට තිබුණ ද (පරීක්ෂණ, හුදෙකලා කිරීම්, සමාජ දුරස්ථකරණ හා නිරෝධායන) සෞඛ්‍ය අංශයේ ධාරිතාව දැන් ඉක්ම ගොස් තිබේ. මීට අමතරව, ප්‍රතිකර්මීය හා වැළැක්වීමේ අංශවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අය කොරෝනාවට ගොදුරු වෙමින් තත්ත්වය තවත් දරුණු අතට හැරී තිබේ. 

මේ වනවිට සිදුවෙමින් පවතින එන්නත්කරණ වැඩසටහන එන්නත් සැපැයුම හිඟවන නිසා සීමා වෙමින් පවතී. වයසක උදවියට සහ වෙනත් රෝග ඇති, මරණයට ගොදුරු වීමේ ඉහළ අවදානමක් ඇති අයට ප්‍රමුඛතාව දීම ඉලක්ක කළ ද (ශ්‍රී ලංකාවේ මෙම ක්‍රමය නොකඩවා අනුගමනය නොකෙරිණි) එය මරණ සංඛ්‍යාව අඩු කිරීමට බලපාන්නේ මාස කිහිපයක් ගෙවී ගිය පසුවය. 

අවම වශයෙන් මසක් ඉකුත්ව දෙවැනි මාත්‍රාව ගත යුතු මාත්‍රා දෙකේ එන්නත ප්‍රශස්ත ප්‍රතිඵල ගෙන දෙන්නේ දෙවැනි මාත්‍රාව ගෙන සති දෙකක්වත් ඉක්ම ගිය පසුවය. මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබා ඇත්තේ ජනගහනයෙන් සියයට 1ක් පමණි. අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ගෙන ඇත්තේ ජනගහනයෙන් සියයට 6කි. එය ද ප්‍රධාන වශයෙන් රටේ එක් පළාතක පමණි. 
රට පුරා එන්නත ලබාදීමෙන් ඉහළම අවදානමක ඉන්නා රටේ ජනගහනය ආරක්‍ෂාව ලබන්නට තවත් මාස 6ක් ගතවන බව (ඉහළම ප්‍රශස්ත මට්ටමෙන් කටයුතු සිදු වුවත්) පෙනී යයි. කෙටි - මධ්‍යම කාලයේ පවතින එකම විකල්පය නම් ඉදිරියේ එන ව්‍යසනය අත්හිටුවාලීමට, සමාජ හා මහජන සෞඛ්‍යාරක්ෂණ මැදිහත්වීම්වලින් රෝගය පැතිර යාම අවසන් කරලීමයි. 

පසුගිය සතියේ මහජන සෞඛ්‍යාරක්ෂණය උදෙසා මැදිහත්වීම් කිහිපයක් සිදු කළ ද මෑත කාලයේ සිදුකළ එම කුඩා ප්‍රදේශ හුදෙකලා කිරීම්, අන්තර් පළාත් සංචරණ තහනම් කිරීම්, කෙටි කාලීන ලොක්ඩවුන් කිරීම්, හැඳුනුම්පත් අංක අනුව සංචරණ සීමා ආදී මැයි 14–17 කළ සීමා පැනවීම්වලින් වසංගත රැල්ල අත්හිටුවාලිය නොහැක්කේ මන්දැයි අපි පහතින් විස්තර කරන්නෙමු. දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කිරීම් සහ මරණ සංඛ්‍යාව මෙම රැල්ලෙන් ඉහළ යද්දී අනිවාර් යෙන්ම දින 14ක් අඛණ්ඩව රට පුරා වසා දැමීම් (ලොක්ඩවුන් කිරීම්) අත්‍යවශ්‍ය වන්නේ මන්දැයි අපි විස්තර කරන්නෙමු. 

කුඩා ප්‍රදේශ හුදෙකලා කිරීම්, අන්තර් පළාත් සංචරණ තහනම් කිරීම්, කෙටි කාලීන ලොක්ඩවුන් කිරීම්, මානව සංචරණ උදෙසා ලිහිල් සීමා පැනවීම් ආදියෙන් පලක් නොවන්නේ ඇයි? 
කුඩා ප්‍රදේශ හුදෙකලා කිරීම් ඵලදායී වන්නට පරීක්ෂණ ප්‍රමාණවත් නොවේ. 

කුඩා ප්‍රදේශ ලොක්ඩවුන් කරනු ලබන්නේ යම් නිශ්චිත ප්‍රදේශයක රෝගීන්ගේ පොකුරක (හෝ පොකුරුවල) තොරතුරු ලබාගැනීමටය. මෙම පොකුරු සොයා ගැනීමට පදනම වන්නේ ප්‍රදේශයක ජනතාව ඇසුරෙන් කරන පරීක්ෂණයි. මෙහිදී යම් ප්‍රදේශයක සොයා බැලීමේදී රෝගීන් කිහිප දෙනකු හමුවේ. (උදා:- පූර්ව ක්‍රියාකාරී රෝගීන් පිළිබඳ සුපරික්ෂාවට වඩා ප්‍රතික්‍රියාකාරී රෝගීන් සොයා ගැනීම) එම නිසා යම් යම් පොකුරක් සොයා ගන්නා අවස්ථාව වනවිටත්, එම පොකුරේ උදවිය ඈත මෑත බොහෝ ප්‍රදේශවලට වයිරසය පතුරවා හැර තිබෙන්නට ඉඩ ඇති බැවින් ඒ හැම පොකුරක්ම ඇරැඹී සති ගණනක් ඉක්මවා ගොස් තිබිය හැකිය. වෙනත් වචනවලින් කිවහොත් කුඩා ප්‍රදේශයක් හුදෙකලා කිරීමෙන් වැඩි බලපෑමක් ඇති නොවන්නේ ඒ වනවිටත් වයිරසය අනෙක් ප්‍රදේශවලට පැතිර ඇති නිසාය. කුඩා ප්‍රදේශයක් හුදෙකලා කිරීම ඵලදායී වන්නට නම් සෑහෙන තරම් පරීක්‍ෂණ හා ක්‍රියාකාරී සෝදිසි කිරීම් සංඛ්‍යාවක් අවශ්‍ය වේ. එහෙත් මේ අවස්ථාවේ එය කළ නොහැක්කේ විද්‍යාගාර පරීක්ෂණ පමණට වඩා ගොඩගැසී ඇති බැවිනි. මේ වනවිට කුඩා ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම්වල පරීක්ෂණ උදෙසා විද්‍යාගාරවල ධාරිතාව වැය වී ඇත.

සියලුම පළාත්වලට දැනටමත් වයිරසය සම්ප්‍රේෂණය වී හමාර නිසා පළාත් අතර ගමන් නවතා දැමීම බලපාන්නේ මඳ වශයෙනි. 

අප්‍රේල් අග වනවිට සියලුම පළාත්වලට වයිරසය පැතිර ඇති නිසා අන්තර් පළාත් සංචරණ වළක්වාලීමෙන් පලක් නැත. අප්‍රේල් මැද හරියේ B1.1.7 ප්‍රබේදය බස්නාහිර පළාතේ සොයාගත් විගස එසේ කළේ නම් වැඩදායී වන්නට ඉඩ තිබිණි. එහෙත් වයිරසය මේ වනවිට සෑම පළාතකම පැතිර හමාරය. 

දිවයින පුරා තුන් දිනක ලොක්ඩවුන් කිරීමෙන් වයිරසය සම්ප්‍රේෂණයේ තනි චක්‍රයක් හෝ තනි තනි පුද්ගලයන්ට බෝවීමේ කාලය ආවරණය වන්නේ නැත. 

දිවයින පුරා කඩින් කඩ ලොක්ඩවුන් කිරීමෙන් (මැයි 21–25 මෙන්) හෝ තෙදිනක ලොක්ඩවුන් කිරීමකින් පලක් නොවේ. වයිසරය (මෝරා යන) ආසාදනයෙන් පසු මුල් රෝග ලක්ෂණ පහළවන කාලයට වඩා දින තුන, කෙටි කාලයකි. රෝගය බෝවී රෝග ලක්‍ෂණ පෙන්වීම හා තවත් අයකුට බෝවීමට ගතවන කාලය ද තුන් දිනකට වැඩිය. හුදෙකලා කළ දින තුනේ පළමු දිනයේ රෝගය බෝවන අයකු ලොක්ඩවුන් කළ දින තුන ඉක්මවූ හතරවැනි දිනයේ නැවත සමාජයට යාමේ ඉඩකඩ අැත. රෝගය සම්ප්‍රේෂණය වීම තරමකින් හෝ වළකාලීමට අවශ්‍ය නම් සම්ප්‍රේෂණ චක්‍ර 2ක් (දින 10-14 කාලයක්) ආවරණය විය යුතුය. ඒ මගින් රෝගය බෝවීම් වැළකට (පෙළකට) බාධා පැමිණ විය හැකි වේ. එම නිසා රට පුරා පනවන ලොක්ඩවුන් කිරීම අවම වශයෙන් සති 2ක්වත් එක දිගට පැවැතිය යුතුය. එම නිසා කඩින් කඩ පස් වතාවක් දින තුනේ ලොක් ඩවුන් කිරීම් පැනවුව ද එක දිගට පනවන දින 14 ලොක්ඩවුන් කිරීම තරම් ඵලදායී නොවේ. ඊටත් වඩා දීර්ඝ කාලයක ලොක්ඩවුන් කිරීමක් පනවන්නේ නම් රෝගය පැතිරීම බොහෝ සෙයින් වැළකෙන නමුත් අපට ඒ තරම් කාලයක් වැය කිරීමේ පහසුකම් නොමැත. 

හැඳුනුම්පතේ අවසන් අංක අනුව මිනිසුන් කොටසකට සංචරණ සීමා පැනවීමෙන් වයිරසය පැතිරීම වළක්වාලීම කෙරේ වැඩි බලපෑමක් නොමැත. මන්දයත් එවැනි අවස්ථාවක ජනගහනයෙන් අඩක් දෙනාට නිවසින් බැහැරව ගත කිරීමේ අවසරය ඇති බැවිනි. 

සම්මත ආරක්ෂණ පියවර මගින් ප්‍රශස්ත බලපෑමක් ඇති නොවන්නේ සෙනඟ පොදි ගැවැසෙන තැන්වලදී එම ක්‍රියාමාර්ග ඵලදායී නොවන නිසාය. මුහුණු ආවරණ පැළැඳීම ඇතුළු අනෙකුත් සමාජ දුරස්ථකරණ ක්‍රියා සෙනඟ පොදුවේ ගැවැසෙන තැන්වලදී මෙසේ ඵලදායී නොවන තත්ත්වයට පත්වේ. 

මිනිසුන් සමීපව වැඩ කරන ආවෘත ස්ථානවල වයිරසය පැතිරීම වැඩි වේ. බැංකු, කර්මාන්තශාලා, ඇඟලුම් කර්මාන්තශාලා ආදියේ ආවෘත වූ සීමිත ඉඩක එකිනෙකාට ළං ළංව වැඩ කිරීමට ජනයාට සිදු වේ. වාතාශ්‍රය ප්‍රමාණවත් ලෙස නොපවතින නිසා මෙවැනි ස්ථානවල වයිරසය වේගයෙන් පැතිරී යාමේ හැකියාව වඩාත් වැඩි වේ. 

එසේ වුව ද මෑතකදී ගන්නා ලද ඉහත කී පියවර නිසා ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි තර්ජනයක් එල්ල වූ අතර දැවැන්ත සම්පත් ප්‍රමාණයක් ඒ සඳහා වැය විය. සන්නද්ධ හමුදා සහ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර දැඩි වෑයමක් ද ඒ සඳහා දරනු ලැබුවේය. බොහෝ දෛනික වැටුප් ලබන සේවකයන්ට මේ දිනවල දිනපතා අවදානම් තත්ත්වයක් යටතේ ඔවුන් දුර ගෙවා පැමිණි නිසාය. බොහෝ කර්මාන්ත හා කර්යාල දැඩි අවිනිශ්චිතතාව යටතේ කටයුතු කළ අතර කෙටි කාලීන කටයුතු ද බොහෝ එවැනි ආයතනවලට සැලසුම් කරගත නොහැකි වූයේය. එය ආර්ථික වර්ධනය උදෙසා උපකාරී නොවන තත්ත්වයකි. 

රට පුරා අඛණ්ඩ ලොක්ඩවුන් කිරීමක් එක දිගට අවම දින 14කට හෝ කඩිනමින් අවශ්‍ය වන්නේ පහත හේතු නිසාය. 

අවම වශයෙන් ප්‍රජාව තුළ වයිරසය එක් චක්‍රීය සම්ප්‍රේෂණ කාලයක් හෝ දින 14ක් අඛණ්ඩ ලොක්ඩවුන් කිරීමකින් වැළැකේ. එවැනි අන්තඃඛණ්ඩ අවස්ථාවකින් මේ වනවිට කඩාවැටෙන මට්ටමට ළංව තිබෙන සෞඛ්‍ය අංශයට මඳ අස්වැසිල්ලක් ලබාගෙන හුස්ම අල්ලාගෙන ඉදිරිය සඳහා යොමුවීමේ හැකියාව ලැබේ. එසේ නොවුණහොත් රෝග සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව වැඩි වී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පසුබසින්නට සිදු වේ. එහි ප්‍රතිඵලය සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමයි. 

එවැනි මැදිහත්වීමකින් දින 5ක් කල් තියා සංඥා පළ කිරීමේ හැකියාව ලැබේ. එවිට ප්‍රජාවටත්, කර්මාන්ත, වෙළෙඳ හා ව්‍යාපාරික අංශයටත් පෙර සූදානමක් ලබන්නට ප්‍රමාණවත් කාලයක් ලැබේ. ඒ මගින් සැලසුම් කිරීම් සඳහා යම් නිශ්චිතභාවයක් ලැබෙන අතර ජනතාවටත්, ව්‍යාපාරික ප්‍රජාවටත්, සෞඛ්‍ය අංශයටත් යම් විශ්වාසයකින් වැඩ කිරීමේ ඉඩ ප්‍රස්ථා සැලසේ. 
මෙම කාලය තුළ දෛනික වැටුප් උපයන්නන්ට අසීරුතා දරා ගැනීම සඳහා දීමනාවක් ගෙවිය යුතුය. එහෙත් එම ආයෝජනය නැවත ප්‍රතිලාභයක් බවට පත්වන්නේ වසංගත තත්ත්වය කඩිනමින් පාලනය කිරීමේ අවස්ථාව ඉන් උදාවන නිසාය. දැනට වේගයෙන් අපාලිත තත්ත්වයට පත්වන වසංගතය ඒ ආකාරයට පාලනය කිරීම වැදගත්ය. 

ආහාර, ඉන්ධන, ඖෂධ හා සෞඛ්‍ය සංරක්ෂණ පහසුකම් ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපැයුම් සූදානම් කිරීම කළ හැකි වූවකි. මේ සඳහා 2020 මාර්තු - අප්‍රේල් හුදෙකලා කිරීම් සමයේ ලත් අත්දැකීම් භාජන කොට සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා ජනතාව වෙත එම භාණ්ඩ හා සේවා බෙදාහැරීම කළ යුතුය. 
පහත සඳහන් දෑ කළ යුතු බවට අපි නිර්දේශ කරමු 

සියලුම දෙනා අවම වශයෙන් දින 14ක් එක දිගට තම නිවෙස් තුළට වී සිටිය යුතුය. සියලු පාසල්, කම්හල්, වාණිජ, ව්‍යවසාය සහ වන්දනාමාන කරන ස්ථාන වසා තැබිය යුතුය. 
මීට වෙනස්ව ක්‍රියාත්මක විය යුතු අවස්ථා ලේඛනයක් පහත දැක්වේ. ව්‍යතිරේක ලෙස ක්‍රියාත්මක මෙම ක්‍රියාකාරකම්වලදී සමාජ දුරස්ථකරණ, ධාරිතා සීමා කිරීම, මුහුණු ආවරණ පැලැඳීම, දෑත් පිරිසුදු කිරීම ආදිය ක්‍රියාත්මක විය යුතු අතර උපරිම අන්දමින් වාතාශ්‍රය ලැබෙන ආකාරයෙන් ඒවා පවත්වාගත යුතුය. 

සියලුම අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක විය යුතුය. 
හැම දිස්ත්‍රික්කයකම සිල්ලර කඩ, ඖෂධ ශාලා (ෆාමසි), ඉන්ධන පිරවුම්හල් අවම සංඛ්‍යාවක් විවෘතව තැබිය යුතුය. එළවළු, පලතුරු, මත්ස්‍යාගාර, මාංශ ආහාර, බේකරි නිෂ්පාදන සහ අනෙකුත් ආහාර බෙදාහැරීමේ සේවා සපයන වාහන සීමිත සංඛ්‍යාවකට අවසර දිය යුතුය. 

අවන්හල් තුළ සේවා සැපැයීම නතරකොට ඒවා බෙදාහැරීමේ සේවා පවත්වාගත යුතුය. 
ආයතනවල සේවකයන්ට ගෙදර සිට වැඩ කිරීමේ අවස්ථා සලසා දිය යුතුය. 

අත්‍යවශ්‍ය සේ සැලකෙන රාජ්‍ය දෙපාර්තමේන්තු දිනකට පැය කිහිපයක් විවෘතව තබා සේවා මුර යටතේ අවම සේවක සංඛ්‍යාවකින් පවත්වාගත යුතුය. 
 පුද්ගලයකු නිවසින් පිටව යා යුත්තේ සෞඛ්‍ය අවශ්‍යතාවකට වැනි (එන්නත් කිරීම ඇතුළුව) කටයුත්තකටය. අනෙකුත් හදිසි හා අත්‍යවශ්‍ය කටයුතු උදෙසා එක් පුද්ගලයකු පමණක් නිවසින් බැහැර යා යුතුය.

පුද්ගලයන් සිව් (4) දෙනකුට වඩා ඒකරාශි වීම තහනම් කළ යුතුය. 
කෘෂි කටයුතු ආදී නිවසින් බැහැර කටයුතුවලට ඉඩ දිය යුතුය. 
මීට අමතරව දැනට පවතින අනෙකුත් වැළැක්වීමේ ක්‍රියාමාර්ග පවත්වාගත යුතු යයි අපි ඉල්ලා සිටිමු. ඒවා දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතු අතර එන්නත් කිරීම් වැඩි කිරීම, රෝගීන් පාලනය සහ රට තුළ ප්‍රතිකාර ක්‍රමවේද ශක්තිමත් කළ යුතුය. 


(***)
මහාචාර්ය මලික් පීරිස් හා මහාචාර්ය කමනි මෙන්ඩිස් 
දෙපලගේ  ලිපියේ පරිවර්තනය
සමන් පුෂ්ප ලියනගේ



අදහස් (5)

රට වහන්න අවශ්‍ය ඇයි?

ranji Monday, 31 May 2021 08:24 AM

මෙවන් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික උගතුන් මෙවන් අදහස් දැක්වීම අගය කළ යුතුය.

:       2       8

bandara Monday, 31 May 2021 09:14 AM

උගතුන් අදහස් දුන්නාට ඒවා පිළිගන්න ඉන්නේ නූගතුන්. අදහස් වල වටිනාකම් දන්නේ නෑ... 225ම හිතාගෙන ඉන්නේ තමාට වඩා අන් කවරකු හෝ නොදනී කියලයි...

:       3       7

Sri Lanka Monday, 31 May 2021 12:09 PM

බයිලා තමයි... දැන් කීපාරක් වැහුවාද? කෝ කොරෝනා ඉවර වුණාද?

:       8       5

Chris Thursday, 03 June 2021 06:51 AM

පාලකයන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දෙමින් මහාචාර්ය මලික් පෙරේරා අව්‍යාජ ලෙස පුන පුනා කී විද්‍යාත්මක මතවලට කන් දෙනු වටනේය. ගතයුතු හොඳ පියවර වළකාලමින් වගකීම් විරහිත නිලධාරීන් හා ව්‍යාජ විද්‍යාඥයන් පළකරන නොමඟ යවනසුළු මත ගෝලීය මාධ්‍යවල පවා පළවේ.

:       0       2

sam Saturday, 05 June 2021 02:50 AM

කොරෝනා වසංගතය සැහැල්ලුවට ගන්න එපා.. වෛද්‍ය ක්ෂේත්‍රයේ මෙවන් සැබෑ උගත්තු හඳුනාගෙන ඔවුන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත් විෂයය නොදන්නා අයට ඔවුන්ගේ කැපවීමක් තිබුණත් නියමිත උපදෙස් නියමිත වෙලාවට දෙන්න බැරිවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සඳුදා හමුව

සහල් මිල ප්‍රශ්නයට විසඳුමක්
2024 නොවැම්බර් මස 11 743 0

ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව


යුගයට ගැළපෙන දේශපාලනය
2024 නොවැම්බර් මස 04 415 0

තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද


දූෂණය විකුණා ගසාකෑම
2024 ඔක්තෝබර් මස 21 1315 2

නීතිඥවරියක හෝ නීතිඥයකු තමන් කියන්නේ බොරුවක් යැයි දැනගෙනම ජන ජීවිතයට බලපෑ හැකි බොරුවක් ප්‍රසිද්ධියේ කීම, නීතිඥ වෘත්තියෙහි ආචාරධර්ම හා සදාචාරයට පටහැන


ඡන්ද අරමුණ පුද්ගලයන් තේරීමද?
2024 ඔක්තෝබර් මස 14 233 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම අවසන් වන විට, මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක් සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ, නාමයෝජනා පත්‍ර 764 ක් බ


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 390 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 629 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site