තීරණාත්මක ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයන තහනම හඳුන්වා දෙන ලදි. විදේශ මුදල් අර්බුදය සහ වර්ධනය වෙමින් පැවැති ණය ගැටලු මධ්‍යයේ ක්‍රියාත්මක කරන ලද වාහන ආනයන තහනම, කඩා වැටෙමින් පැවැති ආර්ථිකයට යම් ස්ථාවරත්වයක් ලබා දීම අරමුණු කෙරිණි.
දැනට වසර පහකට ආසන්න කාලයක සිට බලාත්මක කර ඇති මෙම තහනම, ආනයන වියදමෙන් සැලකිය යුතු කොටසක් වූ වාහන ආනයන හේතුවෙන් වන අධික ලෙස විදේශ මුදල් පිටතට ගලායාම පාලනය කිරීම කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කර ඇත.
එහිදී මෙම පියවර අඩුවෙමින් පැවැති විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමට සහ සංචිත ගොඩනැංවීමටත් ආහාර, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහා අරමුදල් ලබා ගැනීම සහතික කිරීමටත් පුළුල් ලෙස ඉවහල් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතා කොන්දේසිවලට අනුව යමින් ආර්ථිකය යම් ස්ථාවරත්වයක් මේ වනවිට ළඟා කරගෙන ඇත. අපේක්‍ෂා කළ පරිදි දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීමට මේ වන විට හැකියාව ලැබී ඇත. එසේම සාර්ව ආර්ථික විචල්‍යයන්හි යහපත් ප්‍රවණතාවක් ගොඩනැගී ඇති පසුබිමක වාහන ආනයනය සම්බන්ධයෙන් වන තහනම ලිහිල් කිරීමේ අවශ්‍යතාව මතුවී ඇත. ඒ සඳහා දේශපාලනික සහ ආර්ථික කාරණා ගණනාවක් ද ඉවහල් වී ඇති අතර විශේෂයෙන්ම මැතිවරණ සමයේදී ඉදිරිපත් කරන ලද විවිධ පොරොන්දු ඉටුකිරීමේ අවශ්‍යතාව මෙන්ම සමස්ත රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම සඳහා වන අවශ්‍යතාව ද ඒ අතර වේ.
දේශපාලන දෘෂ්ටිකෝණයෙන් වාහන ආනයන සම්බන්ධයෙන් වන තීරණය පුළුල්ව සලකා බැලිය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුව යමින් ආර්ථිකය මෙහෙය වීමේ එකඟතාව පසුගිය රජය ගත් අතර එම අභියෝගාත්මක තීරණයේ ප්‍රතිඵල මේ වන විට ලබමින් තිබේ. වර්තමාන රජය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සමග ඉදිරියට යෑමට තීරණය කිරීමෙන් රජයේ ආර්ථික ප්‍රතිපත්තිය ද පැහැදිලි වෙයි. එබැවින් වාහන ආනයනය සම්බන්ධයෙන් වන තීරණය හුදු දේශපාලන වෙනසක ප්‍රතිඵලයක් ලෙස නොව සමස්ත ආර්ථික ක්‍රියාදාමයෙහි ප්‍රතිඵලයක් ලෙස දැකිය යුතු බව පමණක් මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමි. එබැවින් වාහන ආනයන සම්බන්ධයෙන් වන සාකච්ඡාව හුදු දේශපාලන කාරණා වෙනුවට ආර්ථික දෘෂ්ටිකෝණයෙන් ඒ දෙස බැලිය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමි.
නැවත වාහන ආනයනය කිරීම සඳහා වන රජයේ අපේක්ෂාව බහුතර ශ්‍රී ලාංකිකයන් සතුටට පත්වන ප්‍රවෘත්තියකි. ඒ කෙසේ වුවද ආර්ථික විශ්ලේෂකයන් ලෙස මෙම කරුණ සම්බන්ධයෙන් පුළුල් දෘෂ්ටිකෝණයකින් බැලිය යුතුය. එයට හේතුව, වාහන ආනයනය මගින් මතු විය හැකි නව තත්වය මත ආර්ථිකය නැවත අර්බුදය කරා යොමු වීමක් සිදුවේද යන්න නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වන කරුණක් වන බැවිනි.
වාහන ආනයනය නැවත ආරම්භ කිරීම සඳහා අපේ ආර්ථිකය කොතරම් සූදානම් ද යන්න විමසා බැලීමට පෙර වාහන ආනයනය නතර කිරීමට බලපෑ මූලික කරුණු විමසා බැලීම වැදගත්ය. එසේ වාහන ආනයන තහනම් කිරීමට බලපෑ හේතු කිහිපයකි. එහිදී විශේෂයෙන් ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා වු අවශ්‍යතාව ප්‍රමුඛ විය. අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීමෙන්, රජය ආර්ථිකය ස්ථාවර කිරීම සහ වෙළඳ හිඟය අඩු කිරීම ඉලක්ක කර ඇත. ආර්ථිකය බංකොලොත් බවට පත්වීමට මූලික වශයෙන්ම බලපානු ලැබුවේ විදේශ විනිමය පිළිබඳ ගැටලුවයි. වාහන ආනයනය සමස්ත ආනයන බිලෙන් සැලකිය යුතු කොටසක් නියෝජනය කරයි. එබැවින් විදේශ සංචිත අඩුවීමත් සමග, ඉන්ධන, ඖෂධ සහ ආහාර වැනි අත්‍යවශ්‍ය ආනයන සඳහා විදේශ මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා රජය ප්‍රමුඛත්වය දුන්නේය. එසේම ශ්‍රී ලංකාව සැලකිය යුතු විදේශ ණය බැඳීම්වලට මුහුණ දුන් අතර, ආපසු ගෙවීම් සපුරාලීම සඳහා සැලකිය යුතු විදේශ විනිමයක් අවශ්‍ය විය. වාහන ආනයන සීමා කිරීම විදේශ විනිමය අනවශ්‍ය ලෙස පිටතට ගලායාම අඩු කිරීමටත්, ණය සේවාකරණය කළමනාකරණය කිරීම සඳහා වන විදේශ විනිමය නිදහස් කිරීමටත් උපකාරී විය. එමගින් ආර්ථිකයේ යම් ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට ඉවහල් වූ බව දැක්විය හැක. විදේශ මුදල් සඳහා ඇති ඉල්ලුම අඩු වීම සංචිත මත වන පීඩනය අඩු කිරීමට උපකාරී විය. එසේම වාහන ආනයන අඩු කිරීම සමග වෙළෙඳ හිඟය අඩු කිරීමට යම් දායකත්වයක්ද හිමි විය. එය දේශීයව එකලස් කරන ලද හෝ වෙළඳපොළේ පවතින වාහන භාවිතය දිරිමත් කරන ප්‍රතිපත්තියක් ද විය.
කර්මාන්තයක් ලෙස වාහන ආනයනය නතර කිරීමෙන් එයට සෘණාත්මක බලපෑම් ගණනාවක් ද ඇති කෙරිණි. විශේෂයෙන් කර්මාන්ත අංශයෙහි සැලකිය යුතු සේවා නියුක්තියක් සහ සේවා ආර්ථිකයක් පවතී. එයට දැඩි බලපෑමක් මෙයින් සිදුවිය. වාහන ආනයනය, අලෙවි නියෝජිත ආයතන සහ අදාළ සේවාවන්හි නියැළී සිටින ව්‍යාපාර දැඩි අර්බුදයකට මුහුණ දුන්නේය. එසේම සීමිත සැපයුම නිසා භාවිත කරන වාහන මිල ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යාමක් සිදු වූ අතර එය පාරිභෝගිකයන්ට දැරිය නොහැකි මට්ටමකට පත් විය. සංවර්ධනය වෙමින් පවතින එසේම සේවා ආර්ථිකයක ගති ලක්‍ෂණ වැඩි වශයෙන් දැකිය හැකි ලාංකික ආර්ථිකයට මෙය දැඩිව බලපෑ බව පැහැදිලිය. වසර පහකට වඩා වැඩි කාලයක් වාහන ආනයනය නතර කිරීම නිසා සංචාරක කර්මාන්තයට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම් නිසි පරිදි සිදුකිරීමේ හැකියාව අවම වී ඇත. එම තත්වය තවදුරටත් පැවතුණහොත් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් වනු නොඅනුමානයි. එබැවින් කර්මාන්තයට අවශ්‍ය වාහන ආනයන සිදුකිරීමට අවැසි ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇත. එය ඉතා යහපත් තත්වයකි.
ආර්ථිකයේ පවතින තත්වය මත වාහන ආනයනය සම්පූර්ණයෙන් ලිහිල් කිරීමක් එනම්, නිදහසේ වාහන ආනයනය කිරීමට අවශ්‍ය පරිසරයක් ඇතිවේ යැයි අපේක්ෂා කළ නොහැක. එයට හේතු ගණනාවකි. විශේෂයෙන් මහ බැංකුව මේ වන විටත් සිදුකරමින් පවත්නා සංචිත ගොඩනැගීමේ ක්‍රියාවලියට මෙය අහිතකර ලෙස බලපෑ හැකිය. පවතින සංචිත වාහන ආනයනය සඳහා යොදා ගැනීමක් න්‍යායාත්මකව සිදු නොවුණත් සංචිත ගොඩනැගීමේ ක්‍රියාවලියට එය අහිතකර ලෙස බලපායි. රටේ විදේශ මුදල්, බැංකු පද්ධතිය ඔස්සේ මහ බැංකුවට ලබා ගැනීමට නම්, වෙළෙඳපොළෙහි විදේශ මුදල් පැවතිය යුතුය. වාහන ආනයනය නිසා විදේශ මුදල් සඳහා පෞද්ගලික අංශයෙන් ඉහළ ඉල්ලුමක් නිර්මාණය වීමෙන් මහ බැංකුවට විදේශ මුදල් මිලදී ගැනීමට ඇති හැකියාව අඩුකරයි. එබැවින් පළමු වසර ඇතුළත සීමිත විදේශ මුදල් ප්‍රමාණයක් භාවිත කරමින් වාහන ආනයනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වේ. උදාහරණයක් ලෙස ඩොලර් බිලියනයක් දක්වා පමණක් වාහන ආනයනයට අවස්ථාව ලබා දීම කළ හැකිය. එම මුදල කුමන වර්ගයේ වාහන ආනයනය කිරීම සඳහා යොදාගන්නේද යන කාරණය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළ යුතුය. උදාහරණයක් ලෙස දැනට යෝජනා වී ඇති පරිදි වසර තුනකට වඩා වැඩි කාලයක් භාවිත කරන ලද වාහන ආනයනය සඳහා ඉඩ ප්‍රස්තා ලබාදීම වැනි ධනාත්මක යෝජනා කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එහෙත් ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් කළ යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමි.
එසේම මිල අධික සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා එම සීමිත විදේශ මුදල් ප්‍රමාණය භාවිත කරන්නේ ද යන්න පිළිබඳව ද ගැඹුරින් සොයා බැලිය යුතුය. සමස්තයක් ලෙස ආර්ථිකයේ සියලු කණ්ඩායම්වලට ප්‍රතිලාභ ලැබෙන පරිදි ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුය. මිල අධික සුඛෝපභෝගී වාහන ගෙන්වීමට අවස්ථාව ලබා දුනහොත් සීමිත පිරිසක් සඳහා පමණක්ම වාහන සිහිනය ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එයින් සංචාරක කර්මාන්තය, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මෙන්ම මධ්‍යම පාන්තිකයන්ගේ වාහන සිහිනය තවදුරටත් සිහිනයක් වීමට හේතුවිය හැක. එසේම වාහන ආනයනයේදි රජය ලබා ගැනීමට අපේක්ෂිත බදු ආදායම් ඉහළ නංවා ගැනීමේ ක්‍රියාමාර්ග කෙරෙහි විශේෂයෙන් සැලකිල්ලට භාජන කළ යුතුය. බදු ආදායම ඉහළ නැංවීම සඳහා ආනයන බදු පැනවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ නිවැරදි තත්වයක් මත කළ යුතුවේ. එසේ නොමැතිව රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතා විශේෂයෙන්ම රේගුව වැනි ආයතනවල පවතින අකාර්යක්ෂමතා වළක්වා ගැනීම සඳහා නිසි ක්‍රියාමාර්ග නොගතහොත් මෙයින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි වනු ඇත.
එමෙන්ම එම සීමිත විදේශ මුදල් ප්‍රමාණය භාවිත කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට තීරු බදු සහන යටතේ වාහන ගෙන්වීමට අවස්ථාව ලබා දුනහොත් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම සඳහා වන ක්‍රියාවලියට සෘණාත්මක බලපෑමක් ඇති විම නොවැළැක්විය හැකි වනු ඇත. එබැවින් තීරු බදු සහන යටතේ වාහන ආනයනය සම්බන්ධයෙන් පුළුල් සහ නිවැරැදි විශ්ලේෂණයක් මත යම් කොන්දේසි මත එය සිදුකිරීම ද අත්‍යවශ්‍ය වේ. එබැවින් වාහන ආනයනය සම්බන්ධයෙන් වන තීරණය පුළුල් ආර්ථික දෘෂ්ටිකෝණයකින් යුක්තව තවදුරටත් ආර්ථිකයට බරක් නොවන ලෙස සහ මූල්‍ය අරමුදල සමග වන කොන්දේසි එසේත් නොමැති නම් එකඟතා සාක්ෂාත් කර ගැනීම සඳහා ඉවහල් වන පරිදි ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරනු කැමැත්තෙමි. එසේ නොවුණහොත් නුදුරු අනාගතයේදී එයින් ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල වනු ඇත.
එසේම ප්‍රතිපත්ති සම්පාදනයේ දී ඇතැම් ආනයන තහනම් කිරීම් තාවකාලික පියවරක් ලෙස පමණක් ගත යුතුය. පවතින ආර්ථික අභියෝග විසඳීම සඳහා අපනයන ප්‍රවර්ධනය කිරීම වැනි වඩාත් තිරසාර උපාය මාර්ග වෙත මාරු විය යුතුය. සියලුම දෙනාට ප්‍රතිලාභ හිමිවන ආර්ථිකයක් ස්ථාපිත කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යය. එහිදී විවිධ ආර්ථික අංශවල කාර්යක්ෂමතාව පුළුල් කරගැනීම සඳහා වන තීරණ ගැනීම අත්‍යවශ්‍යය. අපේ රටේ ශක්තිමත් ආර්ථිකයක් සකස් කර ගැනීමකින් තොරව පොහොසත් රටවල පවතින වාහන මිල ගණන් සහ එම රටවල බදු අනුපාත ශ්‍රී ලංකාව හා සම්බන්ධ කරගෙන සංසන්දනය කිරීම කිසිසේත් සාධාරණ හෝ නිවැරැදි නොවෙයි. එබැවින් රටේ සමස්ත ජනතාවටම පුළුල් ප්‍රතිලාභ ලැබෙන පරිදි ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා වන ක්‍රියාමාර්ගවලට සහයෝගය දීම අත්‍යවශ්‍ය වන බව අවධාරණය කරනු කැමැත්තෙමි.
(*** )
තීරණාත්මක ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයන තහනම හඳුන්වා දෙන ලදි. විදේශ මුදල් අර්බුදය සහ වර්ධනය වෙමින් පැවැති ණය ගැටලු මධ්‍යයේ ක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය රජයේ වඩාත් වැදගත් ව්‍යාපෘතිය වූ “පිරිසුදු ශ්‍රී ලංකාවක්” වැඩසටහන 2025 වසර ආරම්භයේ දියත් කරනු ලැබුවේ, ජනාධිපති ලේකම් කර
2024 වර්ෂය ආර්ථික ජයග්‍රහණ ගණනාවක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකි වේ. ඒ මන්ද යත් ඊට වසර දෙකකට මත්තෙන් ලාංකික ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හ
ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා පළාත් මටට්මින් ලබා දෙන දායකත්වය අනුව බස්නාහිර පළාත ඉදිරියෙන් සිටී. පළාත් සංවර්ධනය තුළ විසමතා පවතී. අනෙක් පළාත් නිපදවන
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සිය පළමු නිල සංචාරය වශයෙන් ඉන්දියාව තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකා ඉන්දියා සබඳතා නවතම පැතිකඩකට යොමු කරන අවස්ථාවක් වනු ඇතැ
කොවිඩ් වසංගතයේ බලපෑම ලෝක ආර්ථිකයෙහි අර්බුද ඇති කළේය. භූ දේශපාලනය හා තාක්ෂණයේ දියුණුව බොහෝ රටවල තත්වය තවත් සංකීර්ණ කර ඇත. රටවල් ගණනාවක බරපතළ පෙරැළි සිද
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වාහන ආනයනයේ වාසි - අවාසි