අපරාධ නඩුකටයුතු මහජනතාව දැඩි උනන්දුවක් දක්වන තීරණාත්මක කරුණකි. නඩුකටයුතුවල ප්‍රතිඵලය කුමක් වුවත්, පුරවැසියකු අපරාධ නඩුකීමට ලක් කිරීම, අපරාධ නඩුවක විත්තිවාචනය කිරීම වෙනුවෙන් දැරීමට සිදුවන වියදම මුළුමනින්ම පසෙක තිබියදීත්, මනෝවිද්‍යාත්මක කම්පනය සහ සමාජය තුළ කීර්ති නාමයට හානි වීම ඇතුළුව බරපතළ ප්‍රතිවිපාක හා වෙළී පවතී.
එබැවින්, අපරාධ නඩුකටයුතු, පක්ෂග්‍රාහී සලකාබැලීම්වලින් බොහෝ සෙයින් දුරස් වූ ස්වාධීන සහ මධ්‍යස්ථ හැඟීමෙන් යුතුව තිබෙන සාක්ෂි පරෙස්සමෙන් සලකාබැලීම ඇතුළත් දැනුවත් සහ මනා ව්‍යුහගත ක්‍රියාවලියකට පසුව සිදු වන්නක් බව සහතික කිරීම පිණිස නීතිය සැලකිය යුතු දුරකට කටයුතු සලස්වයි.
නීතිපතිවරයාගේ කාර්යභාරය
අපගේ නෛතික පද්ධතිය තුළ මෙම වගකීම නීතිපතිවරයාට හිමිය: පොලිස් විමර්ශනවලින් ඉදිරිපත් කරනු ලබන සියලු දේ සලකා බලා, ඔහුට ලැබී ඇති සාක්ෂි පවත්නා තත්වය යටතේ අපරාධ නඩුකටයුතු ඇරඹීමට සුදුසු තත්වයේ පවතින්නේද යන්න පිළිබඳව අගති විරහිත තීන්දුවක් ගැනීම ඔහු සතු කාර්යයකි.
අප රට තුළ මෙන්ම වෙනත් අධිකරණ බල ප්‍රදේශ තුළද විනිශ්චිත නඩුවලදී, මෙම කාර්යය කිරීමේදී නීතිපතිවරයා අර්ධ විනිශ්චයක බලයක් සහිතව ක්‍රියා කරන්නේය යන සාම්ප්‍රදායික සැකැස්මෙන් මෙම වගකීමේ බරපතළ බව හුවා දක්වනු ලැබේ.
ඔහුගේ මනෝභාවය ඔහුගේ අනෙකුත් වගකීම් ඉටුකිරීම සඳහා යෝග්‍ය වන මනෝභාවයෙන් පැහැදිලිවම වෙන්කරගැනීමක් මෙයට අවශ්‍ය වේ. ජනරජයේ ප්‍රධාන නීති නිලධරයා වන ඔහු, ශ්‍රී ලංකා ආණ්ඩුවට ප්‍රධාන නීති උපදේශක වන අතර මූලික අයිතිවාසිකම්, රීට් ආඥා සහ අනෙකුත් නඩු කටයුතුවලදී අධිකරණය ඉදිරියේ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් වෙනුවෙන් පෙනී සිටීම ඔහුට නිරන්තරයෙන් පැවරෙන කාර්යයකි.
එසේවුවද, කවර හෝ විත්තිකරුවකුට හෝ විත්තිකරුවන් සමූහයකට එරෙහිව අපරාධ නඩුකටයුතු දියත් කරනු ලැබිය යුතුද සහ අරඹන ලද නඩු කටයුත්තක් අත්හිටුවිය යුතුද යන්න තීරණය කිරීම ගත් කල, මෙම තීරණය ප්‍රත්‍යක්ෂවම දේශපාලනික හෝ වෙනත් බාහිර මූලාංගයක කවර හෝ මුහුවීමකින් තොර විය යුතුය යන්න ශුද්ධ වූ සහ නොකෙළසිය යුතු මූලධර්මයකි.
මෙය අප රටේ අපරාධ යුක්ති ක්‍රමයේ එක් හර සාරධර්මයක් වන අතර, නිසැකවම, නීතියේ ආධිපත්‍යය දරා සිටින අත් හළ නොහැකි කුලුනකි.
අභිචෝදක අභිමතයේ ප්‍රමාණවත් විෂය පථය
අපගේ නීතියේ කේන්ද්‍රීය කරුණක් වන්නේ, අවශ්‍යයෙන්ම ව්‍යවස්ථාදායකය විසින් බලය පවරන ලද බලධරයා විසින්ම ව්‍යවස්ථාපිත බලය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන බල සීමාව හෝ අධිකරණ පාත්‍රතාව යන මූලධර්මයයි.
නීතිපතිවරයාගේ නිලයට පැවරී ඇති අභිචෝදක අභිමතය යන සංකල්පයට පාදක වන මූල කාරණය මෙයයි. චෝදනා ඉදිරිපත් කිරීමක් සිදුකිරීමට හෝ අධිචෝදනයක් යොමු කිරීමට පදනම්වන කරුණුවල ප්‍රමාණවත් බව තීරණය කිරීම හුදෙක් නීතිපතිවරයාගේ අභිමතය පමණක්ම වන අතර, මෙම අභිමතය කවර හෝ ආකාරයකින් පැහැර ගැනීම පද්ධතියේ පදනමටම එල්ල කරනු ලබන ප්‍රහාරයක් වන්නේය.
සීමාකාරී නිර්ණායක
කෙසේ වෙතත්, නීතිපතිවරයාගේ අභිමතය පූර්ණ හෝ පරම වන බව සහ මුළුමනින්ම අධිකරණයේ ප්‍රවේශයෙන් ඔබ්බෙහි පවතින බව මෙයින් අදහස් නොකෙරේ.
වෙනත් රටවල අධිකරණ අත්දැකීම්වලින් ලත් සානුබලය සහිතව, ශ්‍රී ලාංකික අධිකරණය මෙම අභිමතයට සීමා ලෙස ක්‍රියාත්මක වන සහ සීමිත තත්ව කාණ්ඩ තුළ, නිසි ප්‍රතිබාධනය සහිතව, මැදිහත්වීමට ඉඩ සලසන නිර්ණායක මාලාවක් සකස් කර තිබීම අපගේ නීතියේ ප්‍රශංසනීය ලක්ෂණයකි.
ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණය විසින් කරන ලද අධිකරණ ප්‍රකාශන ත්‍රිත්වයක් (නීතිපතිවරයා එරෙහිව සන්ද්‍රේශ් රවි කරුණානායක CA/Writ/441/2021; නීතිපතිවරයා එරෙහිව දුමින්ද ලංකා ලියනගේ CA/Writ/323/2022; නීතිපතිවරයා එරෙහිව නදුන් චින්තක වික්‍රමරත්න CA/Writ/523/2024) මේ සම්බන්ධයෙන් අපගේ නීතියට අගනා මෙහෙයක් සිදු කර ඇත. මෙම ප්‍රවේශයෙහි අගය රඳා පවත්නේ තුලනාත්මක බව සම්බන්ධ එහි අත්‍යවශ්‍යක අවබෝධය මත වේ.
විනිසුරු සෝභිත රාජකරුණා විසින් ප්‍රකාශිත මෙම තීන්දු, දැන් නීතිපතිවරයාගේ අභිචෝදක අභිමතය සම්බන්ධයෙන් විනිශ්චයක සමාලෝචනයේ සීමා පැහැදිලිව ස්ථාපනය කරයි.
මෙම සන්දර්භය තුළ, අධිකරණ සමාලෝචනය අදාළ කළ හැකි බව අපගේ අධිකරණ විසින් සැකයකින් තොරව පිළිගනු ලැබ ඇත: නීතිපති සරත් සිල්වා එරෙහිව වික්ටර් අයිවන් (1998) 1SLR 340.
එහි සංකීර්ණ විය හැකි ප්‍රතිවිපාක විවිධ දිශා කරා විහිදේ. උදාහරණයක් ලෙස, අපරාධ නඩුකටයුතු ඇරඹීම මුළුමනින්ම කවර හෝ සාක්ෂිමය පදනමක් මත රඳා පවතින අවස්ථාවක, රීට් හෝ සර්ටියෝරාරි ආඥාව මගින් අධිකරණ සමාලෝචනයේදී අභිචෝදනය කෙරෙහි සැක පළ කරනු ලැබිය හැකිය. අදාළ ශාස්ත්‍රීය ලිපිලේඛන තුළ, විශේෂයෙන්ම මහාචාර්ය ශ්‍රීමත් විලියම් වේඩ් විසින් රචිත ලේඛනවල, සාක්ෂි නොමැතිව නඩු පැවරීම අධිකරණබලය නොමැතිව කරන ලද්දක් අනුව ගනිමින් එය අධිකරණ පාත්‍රතා දෝෂයක් ලෙස හඳුනාගනු ලැබේ.
ඒ හා සමානවම, අසද්භාවය හඟවන පැහැදිලිවම දැකිය හැකි පක්ෂග්‍රාහීබව, ප්‍රත්‍යක්ෂ දෝෂය, අදාළ නොවන කරුණු සලකා බැලීම හෝ අදාළ දේ සලකා බැලීමට අපොහොසත් වීම, තීරණ ගැනීමේ ක්‍රියාවලිය අතරතුරදී බරපතළ අනීතිකතාව හෝ අක්‍රමිකතාව ඇතුළු වෙන් වෙන්ව හෝ ඒකාබද්ධව ක්‍රියාවලිය අයථා භාවිතයක් විය හැකි හා එසේ හෙයින් විභව යුක්ති අවගමනයක් විය හැකි දෝෂ වන සාධක ගණනාවක් මගින් නීතිපතිවරයා විසින් ක්‍රියාවේ යොදවනු ලබන අභිචෝදන අභිමතය නිර්බල කරනු ලැබිය හැකිය.
පොදු රාජ්‍ය මණ්ඩල නීතියේ මෑත කාලීන ප්‍රවණතා, පැහැදිලි අසාධාරණ බව (සුප්‍රකට වෙන්ස්බරි පරීක්ෂණයට අනුව) යන පුළුල් පදනම මත අධිකරණ සමාලෝචනයේ විෂය සීමාව පුළුල් කිරීම යෝජනා කරන නමුත් මෙය සකසුරුවමින් කළ යුතු පුළුල් කිරීමකි.
අධිකරණ සමාලෝචනය හා සබැඳි ප්‍රමාණවත් නම්‍යශීලීබව මෙම කරුණු පිළිගන්නා අතර, අභිචෝදන ක්‍රියාවලියේ සුපිළිපන්බව කෙරෙහි ජනතා විශ්වාස සුරැකීම උදෙසා, කවර හෝ ආකාරයක දේශපාලනික මැදිහත්වීම, හෝ එබන්දක් පිළිබඳව හේතු සහිත සැකයක් පවා බැහැර කිරීමට ස්ථිරසාර බලකිරීම අවශ්‍යව පවතී.
වර්තමානයේ ඇතිවෙමින් පවතින තත්ව
පසුගිය සති කිහිපය තිස්සේ, මෙම ක්ෂේත්‍රයේ ප්‍රතිපත්තිමය දෘෂ්ටිකෝණ සහ නීතියේ කාලීන වෙනස්කම් සම්බන්ධයෙන් පුළුල් උනන්දුවක් ඇති වී තිබේ.
උද්ගතව තිබෙන මෙම තත්ව, පෙබරවාරි 10 වැනි දින යෝජිත “ස්වාධීන අභිචෝදකගේ කාර්යාලය”ක් ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශය විසින් කරන ලද මාධ්‍ය ප්‍රකාශනයට පසුබිම සපයයි. මූලික පියවරක් ලෙස අරමුණු කෙරෙන්නේ සිවිල් සමාජයේ සහ මහජනතාවගේ අදහස් ලබා ගැනීම පිණිස සංකල්ප පත්‍රිකාවක් පිළියෙල කිරීම පිණිස “විශේෂඥ කමිටුව”ක් පත්කිරීමයි.
යෝජිත කමිටුවේ සංයුතිය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. “1. නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නාමයෝජනා කරනු ලබන දෙදෙනකු; 2. අධිකරණ අමාත්‍යංශයේ ලේකම්; 3. අධිකරණ සේවයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු; 4. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා හෝ ඔහු විසින් නම් කරනු ලබන අයකු” යන තැනැත්තන්ගෙන් එය සැදුම් ලබනු ඇත.
මෙලෙස සංස්ථාපනය කෙරෙන කමිටුවක් සංකල්ප රාමුව යෝජනා කිරීමේ මූලික කාර්යය වෙනුවෙන් යෝග්‍ය වන නමුත්, මෙම අදහස ඉදිරියට ගෙන යාමේදී එය ක්‍රියාත්මක කිරීමට එහි පිරිස පැහැදිලිවම සම්බන්ධ විය නොහැකිය. අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයා විධායකයේ පාලනයට යටත්ව දේශපාලන වශයෙන් ක්‍රියාත්මක වන අයෙක් වෙයි. අභිචෝදනයේ යෝග්‍යබව සම්බන්ධයෙන් තීරණවලදී අධිකරණයේ සාමාජිකයකුට කිසිදු කාර්යයක් ඉටු කිරීමේ හැකියාවක් නොමැත. අපරාධ නඩු පැවරීමකදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා තෝරාගනු ලබන්නේ නිල නොවන නීතිඥ මඩුල්ලෙනි.
එක් කලෙක ශ්‍රී ලංකාවේ ජන අභිචෝදන අධ්‍යක්ෂවරයෙක් සිටියේය. එක්සත් රාජධානියේ කිරීට අභිචෝදන සේවයේ අත්දැකීම් අගනා මග පෙන්වීමක් සපයයි. කෙසේවෙතත්, රජයේ යෝජනාව අනුව අධ්‍යක්ෂවරයකු පත්කිරීමෙන් ඔබ්බට යන බවත් නීතිපතිවරයාගේ කාර්යාලය හා සමකාලයෙහි පවතින පරිපූර්ණ අභිචෝදන යාන්ත්‍රණයක් බලාපොරොත්තුවන බවත් පෙනී යයි.
තීරණාත්මක ප්‍රතිපත්තිමය ගැටලු
හුදෙක් නාමකරණයේ වෙනස් කිරීමක් මතුපිටට පමණක් සීමා වූ හා ඒත්තු නොයන ආකාරයේ විසඳුමක් හැර අන් කිසිවක් ලබා නොදේ. අප රටේ ජන අභිචෝදන අධ්‍යක්ෂවරයා හා සම්බන්ධ අත්දැකීම මුළුමනින්ම සන්තුෂ්ටිදායක එකක් නොවූ අතර, කෙසේවෙතත්, එම නිලය පැවතියේ කෙටි කාලයක් පමණි.ප්‍රධාන ගැටලුව නීතිපතිවරයාගේ කාර්යාලය දේශපාලන බලපෑමට යටත්වීමට ඉඩ තිබීම නම්, යෝජිත අනුපූරක යාන්ත්‍රණය මගින් එය මගහැරීමට ඇති ඉඩ ඉතා අඩුය.
ව්‍යුහාත්මක ගැටලු ගණනාවක් ස්වභාවයෙන්ම පැන නගී. සලකා බලනු ලබන සීමාකිරීම් රේඛා කවරේද? නව කාර්යාලය ප්‍රයෝජනවත් කාර්යයක් ඉටු කිරීමට නම්, පැහැදිලිවම එයට නීතිපතිවරයා වෙතින් සැලකිය යුතු ස්වාධීනබවක් හිමිවිය යුතු වුවත්, සම්බන්ධීකරණය අනුව ගත් කල බැඳිය සම්පූර්ණයෙන්ම විභේදනය යථාර්ථවාදී නොවේ.
නීතිපතිවරයාගේ කාර්යාලය හා සබැඳිව පැහැදිලිවම ප්‍රකාශ කරනු ලැබ නොමැති කුමන රැකවල් යෝජිත නව කාර්යාලයට ආදේශ කිරීමට අපේක්ෂා කෙරෙන්නේද? නීතිපති දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් ස්වාධීන අභිචෝදකගේ කාර්යාලයට සේවය කරනු ඇතිද? එසේ නම්, බලධාරී රේඛා අතිච්ඡාදනය සහ අතුරගුළු වැටීම සම්බන්ධයෙන් කටයුතු කෙරෙනු ඇත්තේ කෙසේද?යෝජිත නවෝත්පාදනයෙන් පසුවත් නීතිපතිවරයාගේ කාර්යාලය එලෙසම පවතිනු ඇති බව පැහැදිලිව ප්‍රකාශ කරනු ලැබ ඇති හෙයින්, නීතිපතිවරයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පවරන ලද කාර්යයන්හි යම් ප්‍රමාණයක ඛාදනයක් සිදුවනු ඇතිද? එසේ සිදුවන්නේ නම්, ටිකෙන් ටික එය සිදු කිරීමේ ප්‍රවේශයක් සාධ්‍ය නොවනු ඇත.
මේවා, යෝජිත ප්‍රතිසංස්කරණ ඉදිරියට යන විට නිසැකවම ජනතාවගේ දැඩි උනන්දුව හා අවධානය පැහැර ගනු ඇත්තා වූ සංකීර්ණ ගැටලු වේ.
(***)
අපරාධ නඩුකටයුතු මහජනතාව දැඩි උනන්දුවක් දක්වන තීරණාත්මක කරුණකි. නඩුකටයුතුවල ප්‍රතිඵලය කුමක් වුවත්, පුරවැසියකු අපරාධ නඩුකීමට ලක් කිරීම, අපරාධ නඩුවක වි
ශ්රී ලංකාව නැවුම් ආර්ථික හා දේශපාලන අත්දැකීමක් සඳහා සූදානම්ව සිටියි. එනම් සමාජවාදී නැඹුරුව සහිත දේශපාලන සන්දර්භයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ලේඛ
2025 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අයවැය කරුණු කිහිපයක් හේතුවෙන් සුවිශේෂ වේ. ඉන් පළමුවැන්න න
භූගෝලීය වශයෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ද ඉතාමත්ම වටිනා ස්ථානයක පිහිටා ඇත. ආසියාවේ සිට ම
තීරණාත්මක ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයන තහනම හඳුන්වා දෙන ලදි. විදේශ මුදල් අර්බුදය සහ වර්ධනය වෙමින් පැවැති ණය ගැටලු මධ්‍යයේ ක්
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය රජයේ වඩාත් වැදගත් ව්‍යාපෘතිය වූ “පිරිසුදු ශ්‍රී ලංකාවක්” වැඩසටහන 2025 වසර ආරම්භයේ දියත් කරනු ලැබුවේ, ජනාධිපති ලේකම් කර
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
ස්වාධීන අභිවෝදක මිථ්‍යාව යථාර්ථය