IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


ආර්ථ්ක නවෝදයකට යා යුතු මග

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.4කින් වර්ධනය වී තිබේ. එය සුවිශේෂ වන්නේ වසර කිහිපයක් තිස්සේ ආර්ථිකය සංකෝචනය වූ හෙයිනි. 2018 දී ආර්ථිකය සියයට 2.3කින් වර්ධනය වුව ද 2019 දී ඍණ වර්ධන වේගයක් වාර්තා විණි.

2020 දී යළිත් ආර්ථිකය ඍණ වර්ධන වේගයක් වාර්තා කළ අතර, 2021 දී ආර්ථිකයේ යම් පිබිදීමක් පෙන්නුම් කරමින් සියයට 4.2කින් වර්ධනය විය. ශ්‍රී ලාංකේය ආර්ථිකයේ දරුණුතම පසුබෑම සනිටුහන් කරමින් 2022 දී ආර්ථිකය සියයට 7.3කින් කඩාවැටිණි. 2023 දීත් ඍණ 2.3 මගින් හැකිළුණි. මේ පසුබිමේ 2024 දී ආර්ථිකය ධනාත්මක වර්ධනයක් අත් කරගනු ලැබුවේ කෙසේ ද යන්න විමසා බැලීම වැදගත්ය.

වසර 2024 දී ආර්ථිකය සියයට 5 ඉක්මවන අගයකින් වර්ධනය වීම සුබදායක තත්වයක් වන අතර, එය අපේක්ෂා නොකළ මට්ටමේ වර්ධනයක් ද විය. දේශපාලනමය, ආර්ථිකමය සහ සමාජමය වශයෙන් රටේ සිදු වූ පරිවර්තනය මීට බලපෑවා වන්නට ද පිළිවන. දළ දේශීය නිෂ්පාදිතය ගැන කතා කිරීමේදී සේවා, කර්මාන්ත සහ කෘෂිකර්ම යන මූලික අංශ තුන පිළිබඳ අවධානය යොමු කෙරේ. ශ්‍රී ලංකා ආර්ථිකයට කර්මාන්ත අංශයේ දායකත්වය තිබෙන්නේ සියයට 25ක් පමණ මට්ටමකය. සේවා අංශයේ දායකත්වය සියයට 60ක් පමණ වේ. කෘෂි අංශයේ දායකත්වය සියයට 8ත් 10ත් අතර අගයක පවතියි.

වසර 2024 දී ආර්ථිකය වර්ධනය වීමට ඉවහල් වූ මේ අංශ තුනේ දායකත්වය සන්සන්දනාත්මකව විමසීමේදී කර්මාන්ත අංශයේ දායකත්වය කැපී පෙනේ. එම අංශයේ දායකත්වයේ වර්ධනය සියයට 11කි. මෙය ඉතාමත් සුබවාදි තත්වයකි. ඊට අමතරව එම වසරේදී සේවා අංශය සියයට 2.4කින් ද, කෘෂිකාර්මික අංශය සියයට 1.2කින් ද වර්ධනය වී ඇත. ප්‍රතිපත්ති සම්පාදකයන් හා ආණ්ඩු කාර්මික අංශයට වඩා කෘෂිකාර්මික අංශය පිළිබඳ වැඩිමනත් අවධානයක් යොමු කිරීම මෙරට ආර්ථිකයේ මන්දාගාමි වර්ධනයට හේතුවක් බව නිතර ප්‍රකාශ වන කාරණයකි. මා ඉන්දියාවේ අහමදාබාද් නුවර පර් යේෂණ සැසියකට සහභාගි වී සිටියදී ඉන්දියානු ආර්ථික සැලසුම් දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මුණගැසිණි. එහිදී අප දෙදෙනා ලංකාවේ ආර්ථිකයේ කඩාවැටීම ගැන සාකච්ඡා කළ අතර, එහිදී ඔහු පෙන්වා දුන්නේ, මෙරට ආර්ථිකය කඩාවැටුණේ කෘෂිකර්ම අංශය කෙරෙහි පමණට වඩා බරක් තැබීම නිසා බවය. කර්මාන්ත අංශයට නිසි අවධානයක් යොමු නොවීම ලංකාවේ ආර්ථිකය කඩාවැටීමට හේතු වූ බව ඔහුගේ තර්කය විය. එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතිය හැරුණු විට ශ්‍රී ලංකාවේ ආණ්ඩු හා ප්‍රතිපත්ති සම්පාදකයන් කර්මාන්ත ක්ෂේත්‍රය නගාසිටුවීම පිණිස කිසිදු සාධනීය පියවර නොගත් බවය.

පසුගිය වසරේ ආර්ථිකයේ වර්ධනයට සුවිශේෂ දායකත්වයක් දක්වා තිබෙන්නේ කර්මාන්ත අංශයයි. එයින් පැහැදිලි වන්නේ, කර්මාන්ත අංශයට වැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත්කමයි. සේවා හා කෘෂිකාර්මික අංශ වැදගත් නොවන බවක් එයින් ගම්‍ය නොවේ. කාර්මික අංශය අමතක කර සේවා සහ කෘෂිකාර්මික අංශවලින් පමණක් ආර්ථිකය නගාසිටුවිය හැකි යැයි සිතන්නේ නම් එය මිථ්‍යාවක් වන අතර, එමෙන්ම එවැනි ප්‍රවේශයකින් ආර්ථිකයේ ස්ථිරසාරභාවය සහතික වන්නේ ද නැත.

සේවා අංශයේ මූලාශ්‍ර අතර සංචාරක ව්‍යාපාරය ප්‍රමුඛ වේ. මාලදිවයින ඇතුළුව තවත් රටවල් ගණනාවක ආර්ථිකයේ කොඳුනාරටිය වන්නේ සංචාරක කර්මාන්තයයි. ශ්‍රී ලංකාවේත් ප්‍රධාන විදේශ විනිමය ආදායම් මාර්ගයක් වන්නේ සංචාරක කර්මාන්තයයි. සංචාරක ව්‍යාපාරයෙහි පවතින අවිනිශ්චිතතා නිසා වඩාත් වැදගත් වන්නේ තිරසාර ස්ථිර ආදායම් ලැබෙන ආදායම් මූලාශ්‍රවලට යොමු වීම යැයි කෙනකුට තර්ක කළ හැකි ය. එය න්‍යායික වශයෙන් නිවැරැදි අදහසකි. එහෙත්, ප්‍රශ්නය වන්නේ, ඒ වෙනුවෙන් ප්‍රවේශවීම සඳහා අපේ ආකල්ප දියුණු වී තිබේ ද යන්නෙහිය. යටිතල පහසුකම් ගොඩනගා තිබේ ද යන්න ප්‍රශ්නසහගතය. ප්‍රතිපත්ති සම්පාදකයන් හා ඔවුන්ට ඉහළින් සිටින නිලධාරින් ඒ අරබයා සූදානම් ද යන පැනයත් මම නගමි.

සංචාරක ව්‍යාපාරයට වැඩි බරක් තබා ක්‍රියාත්මක වුවත් ඇතැම් ප්‍රකට සංචාරක ගමනාන්තවල පහසුකම් දියුණු කිරීමට නිසි අවධානය යොමුව ඇති බවක් නොපෙනේ. නිදසුනක් ලෙස, මහනුවර නගරය ගතහොත් සංචාරකයෝ විශාල වශයෙන් පැමිණෙති. එහෙත්, රෝද කරකැවෙන බෑග් මාර්ග මත තබා තල්ලු කරගෙන යා හැකි තරමේ පදික වේදිකා සහිත මාර්ග පද්ධතියක් මහනුවර නගරයේ තිබේ ද යන්න ප්‍රශ්නයකි. එවැනි මාර්ග නොමැත. එහි ඇඟවුම සංචාරකයන් පිළිගැනීමට අප සූදානම් නැත යන්නය. එහෙත්, අපට තිබෙන්නේ විශාල අපේක්ෂා සහිත ඉලක්ක ය. මේ වසරේදී සංචාරකයන් මිලියන තුනක් ගෙන්වා ගැනීම ගැනත්, ඩොලර් බිලියන පහක ආදායම් ඉපැයීම ගැනත් අපි කතා කරමු.

ආර්ථිකය දියුණු කිරීමේදී ක්ෂුද්‍ර හා සාර්ව ආර්ථික ප්‍රතිපත්ති යන දෙඅංශය ගැනම අවධානය යොමු කළ යුතුය. සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සකස් කළ යුත්තේ දිගු කාලීනවය. ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි එරට තොරතුරු තාක්ෂණයේ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතුය යන අදහස ඉදිරිපත් කළේය. ඒ අනුව, ගම්මානවල පටන්ම තොරතුරු තාක්ෂණ විෂයය ඉගැන්වීම ආරම්භ කෙරිණි. අද වන විට ඉන්දියාව එම ක්ෂේත්‍රයේ දැවැන්ත දියුණුවක් අත් කරගෙන තිබේ. ගූගල් ආයතයේ සභාපතිත්වය හොබවන්නේ ද ඉන්දියානුවෙකි. දිගුකාලීන දැක්මක් සහිතව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ගැන මේ ඉන්දියානු ආදර්ශයෙන් අපට උගත හැකිය. එබැවින්, මේ ගැන දේශපාලන නායකත්වයත් ප්‍රතිපත්ති සම්පාදකයන් ද ගැඹුරින් කල්පනා කළ යුතුය. ඉලක්කගතව ඉදිරියට යෑම අතිශය වැදගත්ය. ඒ අරබයා ආකල්පමය වශයෙන් පරිවර්තනය වීමත් සූදානම් වීමත් අවැසිය. එය නොවන තාක් කෙටිකාලීන විදේශ විනිමය ආදායම් මූලාශ්‍ර හැටියට සංචාරක ව්‍යාපාරය කෙරෙහි වැඩි බරක් තබා කටයුතු කිරීමට සිදු වනු ඇත. කොවිඩ් 19 වසංගතයේදී සංචාරක කර්මාන්තය දරුණු පසුබෑමකට ලක් වූ බව අපට මතකය. එවැනි ව්‍යසනවලින් මේ කර්මාන්තයට හානි විය හැකි බව සිත්හි තබා ගෙන කටයුතු කළ යුතුය.

තිබෙන සම්පත් නිසි අයුරින් භාවිත කරමින් ආදායම් උත්පාදනය ගැන සිතිය යුතුය. මානව සම්පත සතු හැකියාව සහ නිපුණතා ද ඊට අවශ්‍ය වේ. ලංකාවේදී අප කර්මාන්තශාලා යනුවෙන් නිතර කතා කරන්නේ ඇඟලුම් කර්මාන්තශාලා සහ වෙනත් කුඩා කර්මාන්ත කිහිපයක් ගැන පමණි. කර්මාන්තශාලා සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර පරස්පර මතවාද තිබීම සුදුසු නැත. නිදසුනක් ලෙස එක් පක්ෂයක් බලයට පත් වූ පසු ඇතැම් කඩදාසි කර්මාන්තශාලා නිතර වසා දැමීමත්, තවත් පක්ෂයක් බලයට පත් වූ විට යළි විවෘත කිරීමත් පසුගිය කාලයේදී දක්නට ලැබිණි. මේ තත්වය කර්මාන්ත අංශයේ වර්ධනයට බෙහෙවින් අහිතකරය. ස්ථිර ප්‍රතිපත්ති තිබිය යුතුය.

කර්මාන්ත අංශය ගැන තවදුරටත් අවධානය යොමු කිරීමේදී රථවාහන අංශය (Automobile) ඉතා වැදගත්ය. එයින් දියුණු වූ බොහෝ රටවල් තිබේ. ප්‍රකට රථවාහන සමාගමක උප වැඩපොළක් ලංකාවේ ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකිය. එවැනි කර්මාන්තශාලාවක් පිහිටුවීමට හැකි වුවහොත් ඊට සමගාමීව පරිවාර කර්මාන්තශාලා රාශියක් නිතැතින්ම බිහි වනු ඇත. ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව ද මේ තත්වය දැකගත හැකි විය. ආර්ථිකයේ ඉදිරි පිම්මකට යෑමට කල්පනා කරන්නේ නම් මේ ආකාරයේ ඍජු විදේශ ආයෝජනයක් ආකර්ෂණය කරගැනීම පිළිබඳ සිතන්නට පිළිවන. එය රථවාහන, චිප්ස් මේ ආදි කවර කර්මාන්ත අංශයක් සඳහා වුව විය හැකිය.

පුරෝකථනවලට අනුව, ඉදිරියේදී ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් වාර්තා කරන රටවල් බවට පත් වන්නේ ආසියානු කලාපයේ රටවල්ය. චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, තායිලන්තය ආදි රටවල් එහිලා පෙරමුණේ පසු වේ. මෙම විභවතා භාවිත කරමින් ශ්‍රී ලංකාවත් සිය ආර්ථිකය දියුණු කිරීම අරබයා ප්‍රතිපත්ති සකස් කළ යුතුය. එහිලා ශ්‍රී ලංකාවේ ස්වාභාවික පිහිටීම අතිශය වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත. එම පිහිටීම මත පදනම්ව අධ්‍යාපනික, ගුවන්, වරාය ආදි අංශ පහක මධ්‍යස්ථානයක් බවට පත් කිරීම ගැන ද සාකච්ඡා විණි. අධ්‍යාපනය ගතහොත් අපට විකිණිය හැකි හොඳ අධ්‍යාපන ක්‍රමයක් තිබේ. එහෙත්, විවිධ හේතු මත අප එයට මෙතෙක් යොමුවී අත ගසා නැත. පෙර කී රටවල් ලබමින් සිටින ආර්ථික වර්ධනයත් සමඟ සේවා සැපයීමේ අවස්ථා ලංකාවට හිමි වනු ඇත.

ආසියාව දියුණු වන විට ගුවන් ගමන් වැඩි වේ. බහාලුම් පරිවහනයත් ඉහළ යයි. රටේ ස්වාභාවික පිහිටීම ගැනත් අවධානය යොමු කරමින් ඒ සේවා පහසුකම් සැපැයිය හැකි නම් එයින් ආර්ථිකයට විශාල ශක්තියක් ලැබේ. එහිලා තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය ඉතාම වැදගත් වේ. ඊට අදාළව මානව සම්පත සූදානම් කළ යුතුය. ආසියාව සංවර්ධනය වන විට එම සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත් වීමට අපට එයින් මග පෑදේ. පුරෝකථනය කර ඇති පරිදි ආසියාව ඉහළ ආර්ථික සංවර්ධනයක් අත් කර නොගත්ත ද, රට ඒ වෙනුවෙන් සූදානම් කිරීමෙන් පාඩුවක් සිදු වන්නේ නැත.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)



අදහස් (0)

ආර්ථ්ක නවෝදයකට යා යුතු මග

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳුදා හමුව

ආර්ථ්ක නවෝදයකට යා යුතු මග
2025 මාර්තු මස 24 207 0

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.4කින් වර්ධනය වී තිබේ. එය සුවිශේෂ වන්නේ වසර කිහිපයක් තිස්සේ ආර්ථිකය සං


ආරක්ෂාව නිදහස විවරණයක්
2025 මාර්තු මස 17 150 1

ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා


රට යන ගමන නිවැරැදිද?
2025 මාර්තු මස 10 1273 4

වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්‍


ස්වාධීන අභිවෝදක මිථ්‍යාව යථාර්ථය
2025 මාර්තු මස 03 228 0

අපරාධ නඩුකටයුතු මහජනතාව දැඩි උනන්දුවක් දක්වන තීරණාත්මක කරුණකි. නඩුකටයුතුවල ප්‍රතිඵලය කුමක් වුවත්, පුරවැසියකු අපරාධ නඩුකීමට ලක් කිරීම, අපරාධ නඩුවක වි


අයවැයේ දිශානතිය කොයි අතටද?
2025 පෙබරවාරි මස 17 332 0

ශ්‍රී ලංකාව නැවුම් ආර්ථික හා දේශපාලන අත්දැකීමක් සඳහා සූදානම්ව සිටියි. එනම් සමාජවාදී නැඹුරුව සහිත දේශපාලන සන්දර්භයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ‍ලේඛ


අයවැය අපේක්ෂාවේ අභියෝග
2025 පෙබරවාරි මස 10 293 0

2025 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අයවැය කරුණු කිහිපයක් හේතුවෙන් සුවිශේෂ වේ. ඉන් පළමුවැන්න න


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 52 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 674 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 747 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site