(ඉන්දිකා රාමනායක)
වැලිකඩ බන්ධනාගාරයේ මිනි මැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවෙක් බන්ධනාගාර නිලධාරින්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අද (25) පෙරවරුවේ බන්ධනාගාරයෙන් පලා ගාස් මරදානේ දුම්රිය ස්ථානයේදී දුම්රියක නැග සිටියදී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සිරකරු අද (25) ඉරුදින පෙ.ව.09.30ට පමණ ආගමික වැඩසටහනක් සදහා ඔහු රඳවා සිටි සිරමැදිරියෙන් පිටතට ගත් අවස්ථාවේ එම ස්ථානයෙන් සුක්ෂම ලෙස මිදී ඔහු විසින්ම සගවාගෙන සිටින ලද බන්ධනාගාර නිළධාරියෙකුගේ නිළ ඇදුමට සමාන ඇදුමකින් සැරසී බන්ධනාගාර නිළධාරීන්ට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් පැන ගොස් ඇති බව බන්ධනාගාරය මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.
මෙම සිරකරුගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතූ බන්ධනාගාර නිළධාරීන් විසින් මෙම සිරකරු ලුහුබැද මරදාන දුම්රිය වෙත ගොස් ඇති අතර සැකකරු එහි නවතා තිබු දුම්රියක නැගී සිටියදි අත්අඩංගුවට ගෙන ගෙන ඇත.
ගම්පහ මහාධිකරණය මගින් 2015.03.06 වන දින මිණිමැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනයට නියමව සිටි සිරකරුවෙක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම සිරකරු පන්නල වැවේකොටුව , ඉහලකොටුවැල්ල ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි පුද්ගලයෙකු බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
මෙම සිරකරු වැලිකඩ බන්ධනාගාරයේ සිට අධිආරක්ෂිත බූස්ස බන්ධනාගාරය මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
වැලිකඩ බන්ධනාගාරයේ මිනි මැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවෙක් බන්ධනාගාර නිලධාරින්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අද (25) පෙරවරුවේ බ
මහල් නිවාස බහුල ජනාකීර්ණ මැද කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන වෙළෙඳ භාණ්ඩයක් බවට දරමිටිය පත්ව ඇත.
ටෙනිසන් කුරේ ගැන මේ දවස් ටිකේ නොයෙක් දෙනා නොයෙක් දේ ලියන කියන හැටි දැක්කා. හොඳ නරක විවේචන, පැසසුම් ගොඩයි. දැන් ඒ කිසි දෙයක් අහන්න දකින්න ටෙනිසන් නෑ. ඊයෙ ට
සෙමෙන් ධාවනය වන බස් රථයක ඇතුළත ඉදිරිපස ඩෑෂ්බෝඩය මත බුදු රුවකි. ඉන්පසු රූපයේ ඉහළ දේවරූප සමූහයක් දිස්වේ. පාර දෙපස දුම්නගනු පෙනේ. ඒ ටයර් මත පිළිස්සෙන මළ සි
රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලිය 2020 සඳහා ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ගේ අයැදුම්පත් බාර ගැනීම ආරම්භ කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්ත
‘‘ප්‍රේමය නම්’’ චිත්‍රපටය හරහා ලාංකීය සිනමාවේ මුද්‍රා තැබූ සහෝදරයන් දෙදෙනකු, තමන්ගේ දෙවැනි නිර්මාණය සමඟ යළිත් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණ තිබේ. ඒ ඊයේ (24)
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
බන්ධනාගරයෙන් පැන්න රැදවියා දුම්රියකින් අල්ලයි