(දයාරත්න ඇඹෝගම)
මුස්ලිම් නෙලුගොල්ලාකඩ ගම්මානයට අද (27)දින කඩා වැදුණ වන අලියෙකු පලවා හැරිමට නොහැකි විම නිසා පොලිස් නිලධාරින් තැබු වෙඩි පහරකින් එම වන අලියා මිය ගොස් තිබේ.
මෙම වන අලියා අද කහටගස්දිගිලිය පොලිස් වසමේ මුස්ලිම් නෙලුගොල්ලාකඩ ගම්මානයට කඩා වැදි එම ප්‍රදේශයේ පදිංචි කරැවන්ගේ භවභෝග විනාශ කරමින් දේපලවලටද හානි කොට තිබුණි.
එම නිසා ප්‍රදේශවාසින් විසින් මේ පිළිබදව කහටගස්දිගිලිය පොලිසියට සිදුකළ දැණුම්දිම අනුව පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ වන අලියා පළවා හැරිම සදහා අහසට වෙඩි තබා බියගන්වා ඇතත් වන අලියා ඉන් වඩාත් දරුණුවි පොලිස් ජිප් රථයටද පහරදිමට උත්සහා කරන ලද බව කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පි.එම්.උඩුමලගල මහතා පැවසිය.
අනතුරුව ප්රදේශවාසින්ගේ ජීවිත ආරක්ෂාව සලකා පොලිස් නිලධාරින් විසින් වන අලියාට එල්ල කළ වෙඩි පහරකින් වන අලියා මිය ගොස් තිබුණි.
වන අලියාගේ සිරැර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ(27)දින සිදුකිරිමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වනජිවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරින් හා එක්ව කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අකීකරු වන අලියා පොලිස් වෙඩි පහරන් මරුට
nisar Sunday, 27 December 2020 10:30 AM
මුස්ලිම් ගම්මානයක් නිසා වෙඩි තිබ්බා. නැත්නම් සිප වැළඳ ගන්නවා
Rajinda Sunday, 27 December 2020 10:52 AM
අපි හිතුවෙම මෙයා ඇවිත් රටේ පරිසරය සතා සීපාවන්ට නිදහසක් ලැබෙයි කියලයි දැන් වෙන්නේ එකේ අනික් පැත්ත....
ලුම්බිණි Sunday, 27 December 2020 11:27 AM
පොලිසිය කලොත් කරන්නේ මේ වගේ අපරාධ තමයි. මේකට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කල යුතුයි.
sampath Sunday, 27 December 2020 11:30 AM
මෙක මහා අපරාධයක්... වන අලි අල්ලන්න පොලිසිය යන්නේ මොකටද? වනජීවී එක තියෙද්දී මෙ සතා නිර්වින්දනය කරන්න තිබුණා. පොලිසිය දැන් මොකක්ද මෙ කියන්නේ..? අලියා හංගපු ආයුධ පෙන්වන්න එක්කන් ගියා කියන්නද? මෙක මුස්ලිම් ගම්මානයක් නිසා ද මෙහෙම කළේ? ඒ සතා නිකම් ගම් වදින්නේ නැහැ.
අර්ජුන Sunday, 27 December 2020 11:57 AM
අපරාදේ අපේ වන සත්තු...
siri Sunday, 27 December 2020 01:39 PM
"මුස්ලිම් නෙලුගොල්ලාකඩ ගම්මානය" මොකද්ද අප්පා ඒ හරුපේ ? ඊළඟට කොහෙද "මුස්ලිම් කැකිරාව" ද ?
විජේ Sunday, 27 December 2020 01:42 PM
ආදාහනය කරනවද, භූමදානය කරනවද?
Dhammika Sunday, 27 December 2020 01:43 PM
අලියව මරලා හරි තම්බි ටික ඛෙරගනීවි. ඔක සිංහල ගමකට පැන්නා නම් ජීවිත කීපයක් බිලිගන්නකම් කවුරුවත් එන්නේ නැහැ.
gundaSunday, 27 December 2020 04:48 PM
1,2,3 ප්‍රතිචාර 3ම වැදගත්.... නිවැරදියි. වර්තමාන තත්වය එයයි.
සමන් - ඕමානය Sunday, 27 December 2020 04:09 PM
ඉතාම නරක පුර්වාදර්ශයක්. ඉදිරියේදීත් වන අලින්ට පොලිසිය ලවා වෙඩි තැබීමට දැන් ඔය බලවත්තු වද කරයි. වන ජීවී නිලධාරීන් හට මෙය බාර නොදුන්නේ ඇයි? මෙය පොලිසියේ රාජකාරියක් නොවේ. වන ජීවී නිලධාරීන් අලියාව නිර්වින්දනය කර වන නිවහනකට ගෙන යනවා මිස, ඔහොම වෙඩි තියලා මරලා දාන්නේ නැහැ. පොලිසියේ ඉතාම අමනෝඥ ක්‍රියාවක්. මේ පිළිබඳව වගකිවයුතු පොලිස් නිලධාරීන් සොයා නිසි දඬුවම් ලබාදිය යුතුයි.
lasanthaSunday, 27 December 2020 05:33 PM
69 ලක්ෂයේ පැතුම.
ravinSunday, 27 December 2020 06:32 PM
69 ලක්ෂයක්වූ බයියන්ගේ පැතුම.
විජිත් Sunday, 27 December 2020 05:26 PM
ඔව් ඔබ හරි. වනජීවී ආයතනයට දැනුම් දුන්නේ නැත්තේ ඇයි කියන ප්රශ්නය හරිම වැදගත්. මිනිස්සුන් බේරාගැනීමට පොලිසිය පැමිණීමම කෝපවුන අලියට වෙඩිතබා මරාදැමීම සාධාරණිය කරණය කරන්න හේතුවෙක් නොවෙයි. මට හිතෙන විදිහට නම් පොලිසියේ ඉන්න බයගුල්ලෙක් ( 99% ම ඉන්නේ ඒ වර්ගයේ) බයවෙලා සතාට වෙඩි තිබ්බා. පත්තරයේ තිබුනේ පොලිස් වාහනයට පහරදෙන්න අලියා උත්සහ කලා කියලා. නමුත් ටීවී එකේ කිවේ පහර දුන්නා කියලා. පව් අහිංසක අලියා පහරදෙන එක පොලිසියේ ඔක්කොටම කටු කැඩෙන්නම නෙලලා වෙඩිකාලා විරයෙක්වගේ මලා නම් දුකක් නැහැ. තවත් එකක්... කියන්නම්. ඔය කියන ගම්මානය දැනට අවුරුදු 50 කට විතර ඉස්සර මහා කැලෑවක් වෙන්න ඇති. එක එක හොර දේශපාලුවන්ගේ හෙන්චයියලා සත්තුන්ට අයිති කැලෑව එලිකරලා ගමක් හදාගන්න ඇති. අලින් තමන්ට අයිති ඉඩම හොයාගෙන වරින් වර එනවා ඇති. අද විතරක් නොවෙයි හෙටත් ඒ අලි ඒ ගොල්ලන්ට අයිති උරුමය හොයාගෙන "අශිලාචාර මිනිසුන්ගේ" ගම්බිම් කරා එනු ඇත. අද හම්බන්තොට පැත්තේ සිදුවෙලා තියෙන්නෙත් මේ ප්‍රශ්නයමයි. මෝඩ මිනිසෙකුගේ මෝඩ තීරණයක් නිසා අලින් ගැවසුන කැලෑව කපලා ගුවන්තොටුපොළක් හදලා. ඒ අලි හෙට හරි ඔය ගුවන්තොටුපොලටම එනවා.
sas Sunday, 27 December 2020 06:22 PM
මොන අපරාධයක්ද? අහිංසක සතුන්ට වෙඩි තැබීමට පොලිසියට අයිතියක් නැත. අලි මිනිස් ගැටුම පිළිබඳ ගැටළුව වනජීවී දෙපාර්තමේන්තුව හරහා විසඳා ගත යුතුව තිබුණි. පශු වෛද්‍යවරයෙකුට අලියා සන්සුන් කර පසුව අලියා ළඟම ඇති වනාන්තරයට පන්නා දැමිය හැකිය. ශ්‍රී ලංකාවේ පොලිසිය මිනිසුන් වෙනුවෙන් ද එසේමය. මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව පියවර ගත යුතුය.
Raveendra Sunday, 27 December 2020 07:06 PM
'සර්' තාම ටූල්ස් හොයනවා. ඔයාල පැනික් නොවී ඉන්න. සර් වෙලාවට වැඩේ කරයි. වෛරස් එක්ක බෑ කිව්වට සර්ට යුද්ධ කරන්න පුලුවන් කියල අලිය වුණත් තේරුම් ගන්න ඕනෙ.
Ruhunu Sunday, 27 December 2020 09:10 PM
අලි එළවන්න හරක් ගිහිල්ලා හරියන්නේ නෑනේ... ඒකට වනජීවී එකෙන් යන්න ඕනේ..
සමිත සේනක අලුත්ගමගේ. Monday, 28 December 2020 02:17 AM
වනජීවිය තියෙන්නේ පොල් ගාන්නද? සොබාදහම ගැන නොදන්නා පොලීසිය අලියා මෙල්ල කිරීමට වනජීවී එකේ උපදෙස් ගෙන අලියා නිර්වින්දනය කර එම සතාගේ දිවි බේරාගැනීමට කටයුතු නොකළේ මන්ද? මේ සතා මරාදැමීම සම්බන්ධව අලි ඝාතනයන්ට විරුද්ධව නිසි පියවර ගත යුතුයි. අනෙක.. මේ අලියා සිංහල ගම්මානයකට පැමිණ කුමන හානියක් කළත් පොලීසිය නෙමෙයි ඇහැ ඇරලා බලන්නේ. එහෙව් මිනිස් වෙස්ගත් බීරි අලි මේ සිදුකොට තිබෙන්නේ අනවශ්‍ය දෙයක්. මේ අන්ධයින්ට නුවණ තිබුණා නම්, මේ දැවැන්ත සතා තාමත් ජීවතුන් අතර..
Bamunuarachchi Monday, 28 December 2020 04:53 AM
සිරි 1968 කාලේ කහටගස් දිගිලියේ මම අනවසර ඉඩම් සම්බන්ධව වැඩ කරන කාලේ එක මුසල්මානුවෙක් හිටියේ නැහැ. ඒ අය පදිංචි වෙනකම් සිංහලයින් බුදියගෙන හිටියද? සිංහලයනි, රැවටෙන්න එපා.
පනාමුරේ රාජා Monday, 28 December 2020 05:48 AM
බල්ලගේ වැඩේ බූරුවා කරලා, වනජීවී එක තියෙන්නේ මොකටද? හරි ශෝක් වැඩේ...
අනුර Monday, 28 December 2020 06:37 AM
බල්ලාගේ වැඩේ බූරුවෝ කරලා.