(එස්.ජි. උභයපාල)
මැදවච්චිය පිහිටි වසර අවුරුදු 40 ක් පැරණි එකම කොහොම රක්ෂිතය මේ වන විට දැව ජාවාරම්කරුවන් සහ ව්‍යාපාරිකයන් විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
මැදවච්චිය වල්පොල රක්ෂිතයට අයත් වන වගාවක් වන අතර කෝණකුඹුගොල්ලෑව, කටුවැව දැඹුවැව යන ගම්මානයේ පිහිටා ඇත.
වර්ෂ ගනනාවක සිට මෙම රක්ෂිතයේ විටෙන් විට මේ ආකාරයට විනාශ කළ අතර ගම්වාසීන්ගේ මැදිහත් වීමේන් එය නවතා දමා ඇත.
මීට වසරක සිට දේශපාලනික සහ මැදවච්චිය රාජ්‍ය සේවයේ යෙදී සිටින බලධාරින්ගේ දැවැන්ත බලවේගයක් සමග පරාජිත ප්‍රාදේශිය සභා අපේක්ෂකයකු මෙම කොහොඹ රක්ෂිතය විනාශ කිරීමට කටයුතු කර ඇති බවත් ඒ සඳහා මැදවච්චියේ අදාල බලධාරින් දැණුවත් කළද බිහිරි අලින්ට වීනා වයන්නා මෙන් සිටි බව ගම්වාසීහු පවසති.
හොදින් වැඩුනු කොහොඹ ගස් 17 මේ වන විට විනාශ කර ඇත. මෙම වන විනාශය නවතාලීමට මෙරට බුද්ධි අංශයේ නිලධාරින් පිරිසක් පසුගියදා කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වල්පොල බීට්ටු නිලධාරි ප්‍රදීප් දන්ද්‍රකුමාර මහතා,
ඔය සිදුවීම හේතුවෙන් මේ ප්‍රදේශය භාරව සිටි බීට්ටු නිලධාරි ස්ථාන මාරු කර තිබෙනවා. ගම්මුන්ගේ පැමිණිලි අනුව මේ ප්‍රදේශයේ වැටලීමක් සිදු කරලා පරාජිත ප්‍රාදේශිය සභා අපේක්ෂකයකු සහ තවත් පිරිසක් අත් අඩංගුවට ගෙන හෙක්ටයාර 0.3 ක් එළි කිරීම සම්බන්ධව අපි නඩු පැවරුවා. ඒ අනුව මෙම පුද්ගලයාට මෙම රක්ෂිතයට ඇතුලත්වීම සහ එහි සංවර්ධන කිරීම් නවතා දැමීම සම්බන්ධව නියෝගයක් ලබා ගත්තා.
ප්‍රාදේශිය ලේකම් එම් .සී මලවආරච්චි මහත්මිය,
ඔය සිදුවීම් හමුවේ අපේ නිලධාරිවරයකුටත් මේ වන විට විමර්ශණ සිදු වෙනවා. මෙම ප්‍රදේශය අඩවි වන කාර්යාලයට අයත් කොටසක්. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් භූමියට ආසන්නම කොටසක්. අපි මේ සිදුවීම්වලට නීතිය තදින් ක්‍රියාත්මක කරනවා.
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අක්කර 100ක කොහොඹ රක්ෂිතය වැනසූ ඡන්ද පරාජිතයා
දාස Thursday, 07 October 2021 04:20 PM
මේ තමයි අපි ඉල්ලපු ආශ්චර්ය
sena Thursday, 07 October 2021 04:25 PM
ප්‍රදේශවාසීහු සහ අසල්වාසීන් අවධිවන්නේ සියල්ල විනාශ වූවාට පසුවය
Nuwan Thursday, 07 October 2021 08:22 PM
සෞභාග්‍යයේ දැක්ම ...සර් එක්ක සෙල්ලම් බෑ..එක රටක් එක නීතියක්.
SISIL Thursday, 07 October 2021 10:18 PM
පරිසරය ආරක්ෂා කර ගැනීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ පරිසර ඇමති ඉවත් කල යුතුයි.
ganegoda Thursday, 07 October 2021 11:43 PM
අසනීපෙන් ඉන්න අයට සනීප වෙන්නත්, සනීපෙන් ඉන්න අයට ලස්සන වෙන්නත් අපේ රටේ තියෙන එකම ගහ කොහොඹ ගහ අමතක නොකරමු
Royfedricks Friday, 08 October 2021 02:14 AM
මොකද පරාජිත අපේක්ෂකයා කියන්නේ? නම කියන්න බයයිද? මොකටද මේ අපරාධකාරයින්ට රැකවරණය දෙන්නේ..?