IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අකුරැස්ස හිටපු සභාපතිගේ පෙත්සම සළකා බලන්න දිනයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ  චෝදනාවට  වරදකරු කරමින් කොළඹ මහාධිකරණයෙන් බරපතල වැඩසහිත වසර 15 ක සිරදඩුවම්  නියමවූ  අකුරැස්ස ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නැමැත්තා ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන   මාර්තු මස 08  වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය  අද (07) තීරණය කලේය.

මේනකා විජේසුන්දර  සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී මේ බව තීරණය විය.

එම පෙත්සමට එරෙහි විරෝධතා  ගොනු කර අවසන් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ සයීනී වීරසූරිය දන්වා සිටියාය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා එම අවස්ථාවේ  අධිකරණයේ පෙනී නොසිටි බැවින් පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස රජයේ නීතීඥවරිය ඉල්ලා සිටියාය.

ඒ අනුව පෙත්සම  මාර්තු මස 08 වැනිදා  කැඳවීමට  අභියාචනාධිකරණය  තීරණය කලේය.

බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 15ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කරනු ලැබ ඇත..

එම දඬුවමට එරෙහිව ඔහු විසින් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇති බැවින් එම අභියාචන  විභාග අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු තමාව ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර ඇත.

මෙහි වගඋත්තරකරු ලෙස නීතිපති නම් කර ඇත.

පෙත්සම්කාර හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා පෙනී සිටියේය.



අදහස් (6)

අකුරැස්ස හිටපු සභාපතිගේ පෙත්සම සළකා බලන්න දිනයක්

ravin Tuesday, 07 December 2021 05:17 PM

ආ... දූෂිත පාක්ෂිකයෙක් නේද? මෑන්ස්ට ඇප විතරක් නෙමෙයි... නිදොස් කොට නිදහස් ලේබලෙත් හම්බවෙයි.

:       0       1

අතුල Tuesday, 07 December 2021 06:20 PM

මොනවා වෙන්නද? "නිදොස් කොට නිදහස්". අන්තිමට මෙයා නෙමෙයි, ඒ කාන්තාවන් තමයි මෙයාව දූෂණය කරලා තියෙන්නේ" වන්දිත් සමඟ...

:       0       1

පිටිගල මිලානෝ Tuesday, 07 December 2021 07:47 PM

ඇප දෙන්න එපා....

:       0       2

de silva Tuesday, 07 December 2021 09:05 PM

කාන්තා හිංසන කරමින් උත්සව සමරන්න පාටි දැමූ පුද්ගලයා නේද මේ? අනිවාර්යයෙන්ම ඇප දෙන්න වයසට යන්න කළින්....

:       0       2

Binkunndaa Wednesday, 08 December 2021 12:35 AM

කැකිල්ලේ රජුගේ නීතිය

:       0       2

Royfedricks Wednesday, 08 December 2021 04:20 AM

ඔය මිනිහට අනිවාර්‍යෙන්ම ඇප ලැබෙන්නාඕනේ. කාන්තාවන් 100ක් දූශණය කිරීම නිමිත්තෙන් පැවත්වූ සාදයට මහින්ද රාජපක්ශත් ගියානේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 74 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 341 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 235 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


හරීන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 4084 0

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 344 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 804 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 410 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1904 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site