IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අගමැතිගේ නම විකුණන කණ්ඩායමක් ගැන සී.අයි.ඩී පරීක්ෂණයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තමාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පවසමින් ඩෙන්මාර්කයේ රැකියා  දෙන බව පවසමින් රුපියල් ලක්ෂ හය ගාණේ එකතු කරන කණ්ඩායම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් අරඹා ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය.

මේ සිද්ධියට තමා හීනෙකින්වත්  සම්බන්ධ නැතැයි පැවසූ අගමැතිවරයා මෙවැනි වැඩ කරන අයට දැඩි දඬුවම් දිය යුතු බවද ප්‍රකාශ කළේය.

අගමැතිවරයා මෙසේ පැවසූවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

මම කාරණයක් ගැන අගමැතිතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි.මම කොහොමත් විශ්වාස කරන්නෙ නැහැ  මේකට ඔබතුමාගේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඔබගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පවසමින් එක්තරා පුද්ගලයෙක් සහ කණ්ඩායමක් ඩෙන්මාර්කයේ  රැකියා දෙන බව පවසමින්  මේ රටේ තරුණයන්ගෙන් මුදලින් රුපියල් ලක්ෂ 6 බැගින් එකතු කිරීමේ  වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියලා ඉල්ලනවා.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා

විපක්ෂනායකතුමා මේ ප්‍රශ්නය අහපු  එක ගැන මම ස්තුතිවන්ත වෙනවා. මේ සිද්ධියට  මම  හීනෙකින්වත් සම්බන්ධ වෙලා නැහැ. ඒ වගේම මගේ ආයතනයක් සම්බන්ධ වෙලාත්  නෑ. ඒ පරීක්ෂණය රහස් පොලිසියට බාර දීලා දැන් කරගෙන යනවා. අපේ රටේ  විවිධ අයගෙ නම් පාවිච්චි කරලා මේ වගේ ජාවාරම් යනවා. මේ අයට දැඩි දඬුවම් දිය යුතුයි.



අදහස් (2)

අගමැතිගේ නම විකුණන කණ්ඩායමක් ගැන සී.අයි.ඩී පරීක්ෂණයක්

namal Tuesday, 28 November 2023 01:31 PM

වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .

:       0       4

Perera Tuesday, 28 November 2023 06:24 PM

මේ වගේ ලාබ බාල දෙයක් ඇරෙන්න වෙන විකුනන්න දෙයක් මුන්ට තිබුනෙම නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 841 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 710 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 949 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1030 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 326 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 709 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39561 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25759 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1198 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 401 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site