IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අගමැතිට ඉවත් නොවන්නැයි පොහොට්ටුවෙන් ඉල්ලීම්

(අජන්ත කුමාර අගලකඩ)

නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකගතාව පළ කර ඇතත් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එම ධුරයෙන් ඉවත් නොවන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන් දිගින් දිගටම ඉල්ලීම් කරන බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මෙන්ම,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්ද පත්වූයේ  මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහ නම  භාවිත කරමින් බැවින් , අගමැතිවරයා ඉල්ලා අස්වීමේ   අවශ්‍යතාවක් නැතැයි එම මැති ඇමැතිවරුන් පෙන්වා දී ඇති බව දැනගන්නට ඇත.

රටේ ඇතිව තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා  නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ  සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය  රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉවත්ව  ස්වාධීන වූ  මන්ත්‍රීවරුන් කණ්ඩායමේ පක්ෂ නායකයන් සමඟ  ජනාධිපති  මන්දිරයේ පෙරේදා (29)පැවති සාකච්ඡාවේදී එකඟතාව පළකර ඇත .

එම නව අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවෙන් නම් කිරීමටත් යෝජනා වී ඇත.
ආණ්ඩුවට උපදෙස් දීම සඳහා පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික උපදේශක සභාවක් පත්කිරීමට ද ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇත

ඇතිව තිබෙන අර්බුදය සමනය කිරීම සඳහා නිශ්චිත කාලයකට සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

මේ අතර ,ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී ද අගමැතිවරයා වෙනුවෙන් හිටපු ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම දිගින් දිගටම පෙනී සිටි බව වාර්තා විය.

අගමැති  මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ මැතිඇමැතිවරුන් සහ පළාත් සහාවල හිටපු මන්ත්‍රීවරුන් ඉකුත්  බදාදා  අරලියගහ මන්දිරයට කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශ කළේ තමා අගමැති ධුරයෙන් ඉවත් නොවන බවය

කවුරුන් හෝ මන්ත්‍රීධූර 113ක් පෙන්වුවහොත් අගමැති ධුරය දීමට තමා සූදානම් බව ඔහු සඳහන් කළේය.

 

 



අදහස් (7)

අගමැතිට ඉවත් නොවන්නැයි පොහොට්ටුවෙන් ඉල්ලීම්

මහජනතාව Saturday, 30 April 2022 12:52 PM

පොහොට්ටුව වටේ ඉන්න බොහෝ දෙනෙක්ට බයයි, තමන්ගේ පැවැත්ම නැතිවෙයි කියලා...

:       1       36

ජනතාව Saturday, 30 April 2022 01:46 PM

සාටකේ එල්ලිලා ගොඩගිය, බඩවඩා ගත්තු දූෂිත දේශපාලුවන්ට බය ඇති, යන එන මං නැතිවෙලා හිරේ යන්න වෙයි කියලා...

:       1       37

Dharmatileke Saturday, 30 April 2022 02:03 PM

රාජපක්ෂලාගේ හෙවනැල්ලේ හැංගිලා ඉන්නේ හොරකල්ලියට සිහිපත් කිරීමක් ‘‘ පොහොට්ටුව පිපෙන්නේ එක වතාවයි‘‘ ඉදිරියට ඔය පක්ෂය හඳුන්වන්නේ ‘‘ශ්‍රී ලංකා පෝළින් පෙරමුණේ‘‘ නමින්. පොහොට්ටුවෝ කන්නේ බත්ද? තණකොළද කියලා හිතෙනවා.

:       1       35

වර්ණකුලසූරිය Saturday, 30 April 2022 02:07 PM

පොහොට්ටුවෙන් යැපෙන අය හැරෙන්න රටේ ජනතාවගේ එකම ඉල්ලීම ජනාධිපතිවරයාත්, අගමැතිත්, ආණ්ඩුවත් ගෙදර යායුතු බවයි. ජනතාවගේ හඬ නොතේරෙන අය පාර්ලිමේන්තු යැවීමේ විපාකය ජනතාව තේරුම් ගත යුතුයි. ජනාධිපති මට වැරදුනා කියනවා. අගමැති දවසකට කිහිපවතාවක් නානවා. මන්ත්‍රීවරු, ඇමැතිවරු තමන්ගේ සැප වාහනවල යන්නේ නැහැ ගුටි කන්න වෙන නිසා... ජනතාව පෝලිම්වල ඉඳගෙන පාලකයින්ට හෙන ඉල්ලමින් ශාප කරනවා. එම පාලනයම නැවත ඉල්ලන අය ජනතාව අතර සිටී නම් ඔවුන් හරක් පට්ටියකම වියයුතුයි. නැති නම් පල්හොරු කණ්ඩායමක් වියයුතුයි...

:       1       36

Ruwan R Saturday, 30 April 2022 03:21 PM

බල්ලා මළොත් මැක්කොත් ඉවරයි කියලා එයාලට දැනිලා.

:       1       33

Sisil Saturday, 30 April 2022 05:42 PM

රාජපක්ෂලාගේත්, රාජපක්ෂලාගේ ඇඟේ එල්ලී ගෙන හිටපු මැක්කන්ගේත්, පොහොට්ටුවේත් කාලේ ඉවරයි. දැන් ගෙදර යන්න වෙලාව හරි. මැක්කෝ සියලු දෙනාටම අනාගතයේදී පාර්ලිමේන්තුවේ නෑ ඉඩ...!

:       1       20

de silva Saturday, 30 April 2022 06:02 PM

අලි බබා ගෙදර යවන්න හොරු 40 කොහොමත් කැමැති නැහැ. ගමේදී මෙයාලට අල්ලගෙන ගහනවා හැරෙන්න වෙන විකල්පයක් නැහැ.

:       1       26

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 23 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 4 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 118 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 451 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 684 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 397 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 432 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 676 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1923 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site