IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


අගමැති අපේක්ෂකත්වය-සන්ධාන නායකත්වය සජිත්ට

ඉදිරි මැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය, මැතිවරණයට මුහුණ දීම සඳහා පිහිටුවන පොදු සන්ධානයේ නායකත්වය සහ මැතිවරණ නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත්වය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (30) තීරණය කළේය.

කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟත්වය ඇතිව පොදු සන්ධානයේ මහලේකම්වරයා නම් කිරිමේ බලය ද ප්‍රේමදාස මහතාට පැවරිණි.

රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කටයුතු කරනු ලබයි.



අදහස් (35)

අගමැති අපේක්ෂකත්වය-සන්ධාන නායකත්වය සජිත්ට

Raveendra Thursday, 30 January 2020 02:50 PM

අපේක්ෂකත්වය ලැබුනත් කල්පනාවෙන්.....ඇන ගන්නේ නැතුව...............

:       0       0

chandima Thursday, 30 January 2020 02:54 PM

මට නම් පෙනෙන්නේ රහස් සාකච්ඡා තියලා සූදානම් වෙන්නේ වෙනත් දේකට වගේ? අර උපනායක කට්ටියක් අරන් ගිහින් අඩුව පුරවලා එදා 2/3 හදලා දීලා අවුරුදු තුනකින් අපහු උන්නු තැනටම ආවා... පස්සේ උපනායක මෛත්‍රී කට්ටියක් අරන් ඇවිත් ජනාධිපති ඡන්දෙන් දිනලා තියෙද්දිත් කියන කියන පදේට නට නට 2/3 හදලා දීලා අවුරුදු තුනකින් මහා ඝෝෂාවක් දාලා තරහවෙලා උන්නු තැනටම ගියා. මෙදාපාර උපනායක සජිතුත් මහා ගැටළුවක් තරහක් පෙන්නලා ඡන්දෙන් පැරදුණාට පස්සේ කට්ටියක් අරන් අනික් පැත්තට පැනලා 2/3 හදලා දෙන්න වගේ යන්නේ. ඒ ගැන අර රනිල් එක්කලා තිබුණු සතරකන් මන්ත්‍රණයේදී විස්තර ඇතිව කියන්න ඇතිනේ. එ්ත් විධායක බලතල අායෙත් ජනාධිපති අතට දෙන්න නම් යන කට්ටිය කැමති නැහැ කියනවා නේද? එ්කනේ ගෝඨා කොහොම හරි ඡන්දෙන් තනියම 2/3 හදාගන්න වලිකන්නේ. මේ දුරදක්නා නුවණ හොඳයි කොන්ඩේ බැඳපු චීන්නුන්ට...

:       101       334

RanjithFriday, 31 January 2020 12:19 AM

ගෝඨාට 2/3 ගන්න ඕනේ වුණාට මහින්ද කැමති නැහැ එ්කට.. ගෝඨාට 2/3 ගිහින් ආයේත් බලතල ජනාධිපතිට ගියොත් අගමැති නිකම්ම නිකන් බලරහිත වෙනවා. මේකට රනිල් එක්ක එකතුවෙලා මහින්ද අනිවාර්යයෙන්ම ගේමදෙනවා. ජනාධිපතිට තනි සටනක් දෙන්න වෙනවා 2/3 ගන්න නම්... අනික මහින්ද වටේ ඉන්න හොරු ටික කීයටවත් කැමති නැහැ. විධායකයා ගෝඨාට යනවට.. ඔවුන් කැමති මහින්දව පුම්බලා හොඳට හම්බ කරන්න... කවුරු කැමති වුණත් අකමැති වුණත් මේක තමයි ඇත්ත...

:       0       166

රත්නසිරි Friday, 31 January 2020 01:45 AM

සජිත්ගේ නව සන්ධානයේ සලකුණ කුමක්ද ?

:       0       0

sudath Thursday, 30 January 2020 02:54 PM

එයාව දුම්මල ගැහුවත් පන්නන්න බැරිය. සැමට අබ සරණයි..!!!

:       608       472

BamunuarachchiFriday, 31 January 2020 09:29 AM

මම එජාප පාක්ෂිකයෙක් නොවෙයි. ඒක වෙනම කතාවක්. නමුත් එජාපයේ නායකයා වැදගත් පුද්ගලයෙක් විය යුතුයි. එම නිසා රනිල් පක්ෂ නායකයා විය යුතු බව මගේ පෞද්ගලික අදහසයි.

:       1       2

UK LK Thursday, 30 January 2020 03:02 PM

අනිවාර්යෙන්ම රටකාපු සෙට් එක ඡන්දය පරදිනවා. සජිත් අඬනවා, දොඩනවා, මැසිවිලි නගනවා රනිල් නායකකම දුන්නේ නැතිනිසා ඡන්දය පැරදුණා කියලා. රනිල් ෆුල් ෆන් එකේ යූඑන්පී නායකකමේ ඉඳගෙන කඩේගිය අයට වැරැද්ද පටවල තව අවුරුදු දහයක් නායකකම කරගෙන යනවා. සජිත් දිගටම රනිල්ගේ පැරදීමේ සෙල්ලම කරගෙන යනවා.

:       161       621

Sarath R Thursday, 30 January 2020 03:21 PM

කැඳහැලියේ අධිපති කීවානම් මීට වඩා හොඳයි. රනිල්ට ඕනෑ වුණෙත් මේ මල කරදරේ මේකෙන් අයින් කරගන්න. කාටවත් ප්‍රශ්නයක් නෑනේ දැන්. තමන්ම ඉල්ලන් කෑවා. සජිත් පුළුවන් නම් ගැලවෙන්නකෝ... මේ ගැටයෙන්. ඇත්තම කිව්වොත් රනිල් කියන්නේ වර්ල්ඩ් ක්ලාස් මාස්ටර් මයින්ඩ් පොරක්... සාමාන්‍ය පොළවත් නැතුව මිනිහෙකුට හැප්පෙන්න නෙමේ හිතන එකත් අපරාදේ... රනිල්ට රටක් පාලනය කරන්න බෑ..!!. හැබැයි ලාංකීය දේශපාලනයට රනිල්ගේ නායකත්වය අනිවාර්යයෙන් අවශ්‍යයි!!.

:       363       792

rukmanThursday, 30 January 2020 03:52 PM

ඔබ කියන ඔය වර්ල්ඩ් ක්ලාස් මාස්ටර්ට අවුරුදු 25ක් යනකම් ජනාධිපතිකම ගන්න බැරිවුනේ ඇයි..? උද්දච්ච කම නිසා. ඔහුව වහාම එජාපයෙන් යැවිය යුතුයි...!!!

:       0       0

sarathThursday, 30 January 2020 06:01 PM

මොන පිස්සුද ? එයාගේ හම්පුතාල ප්‍රශ්නෙට උත්තර එවනකම් කල් මර මර ඉන්නවා. දැක්කේ නැද්ද මහා බැංකු හොරකම අනාගත්ත විදිය ? ලැජ්ජාවක් නම් ගෑවිලාවත් නැහැ.

:       0       0

SamThursday, 30 January 2020 11:59 PM

රට කරන්න බැරිනම් මොකටද එයා දේශපාලනය කරන්නේ? පුලුවන් කෙනෙක්ට කරන්න ඉඩදීලා නිකන් ඉන්න. ජනතාව අවුරුදු 40ක් තිස්සේ රනිල්ව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ... ලැජ්ජා නැද්ද බලෙන් එල්ලිලා ඉන්න? මේකද ප්‍රජාතන්ත්‍රවාදේ...

:       0       0

siri Thursday, 30 January 2020 03:23 PM

කොහොමත් පරදින එකේ ඇති ඔයින් ගියා... අතක් පයක් නොකැඩී කිව්වලු...

:       115       422

gunarathnaFriday, 31 January 2020 12:21 AM

රනිල් දන්නවා එජාපය අනිවාර්යෙන් පරදිනවා. සජිත්ට වෙන්නේ විපක්ෂ නායක කැමති නැති කරගන්න. එතකොට වැඩි බලයක් එන්නේ පක්ෂ නායකයට. සජිත් පැරදුනොත් පරදින්නේ සන්දානෙන් නිසා එජාපයට බලයක් එනවා. වැඩිම මන්ත්‍රීවරු ඉන්න පක්ෂේ හැටියට. අලුත් ආණ්ඩුවේ කතානායක වෙන්නේ මහින්දගේ කෙනෙක් අනිවාර්යෙන්. මහින්ද අනිවාර්යෙන්ව රනිල්ව විපක්ෂ නායක කරනවා.

:       0       0

ranaFriday, 31 January 2020 06:36 AM

ඔව්නේ. රජාට එළු සුප්, අපිට සෙරෙප්පු සුප් නේ ?

:       0       0

ඉරාන් Thursday, 30 January 2020 03:56 PM

ඉතිං අගමැති අපේක්ෂකත්වයත් තියාගන්නකෝ.. ඇයි බයද තිස්වෙනි වතාවටත් පැරදෙන එකට...?

:       0       0

සිරිබිරි Thursday, 30 January 2020 04:09 PM

මහමැතිවරණය අවසානයේ සජිත්ගේ දේශපාලනයේ අවසානය ළඟා වන බවයි .

:       0       0

asela Thursday, 30 January 2020 04:11 PM

ඊළඟට පළාත් සභාවල මහ ඇමති අපේක්ෂක කමත් ඉල්ලයි.

:       0       0

Devinda Uduwara Thursday, 30 January 2020 04:48 PM

එක්සත් ජාතීන්ගේ නායකයා දුරදක්නා තීරණයක් බැවින් රනිල් රැඳී සිටියේය.

:       0       0

රවින්ද්‍ර Thursday, 30 January 2020 04:49 PM

ජනාධිපති අපේක්ෂකයා ‌වෙන්න ඕනේම කියලා මැරෙන්න හැදුවා. ඒක දුන්නා. පැරදුනා. දැන් ජනාධිපති ‌වෙන්න ගිහින් පැරදිච්ච මිනිහා එනවා අගමැති ‌වෙන්න. දිනන්න පුළුවන්ද ? බෑ. මෙයා රාජපක්ෂලාගේ ‌කොන්ත්‍රාත් එකක් ඉෂ්ඨ කරන්නේ. හොඳ ‌‌වෙලාවට පක්ෂ නායකකම ‌නොදුන්නේ. දුන්නොත් ඒ‌කේ දැන් තියෙන ටිකත් ඉවරයි. සජිත් තමයි අවුරුදු ගානක් තිස්සේ නායකයට ගහලා ගහලා ඔය පක්ෂෙට තිබ්බ ගරුත්වය නැති කරලා දැම්මේ.

:       0       0

samurai Thursday, 30 January 2020 05:10 PM

රනිල් මාස්ටර් මයින්ඩ් කියන්නේ කොහොමද දන්නේ නැහැ. 25 අවුරුද්දක් තිස්සේ යුද්දේ තියා ඡන්දයක් දිනා ගන්න බැරි කෙනා දුන්නු දෙපාරම රට කෑවා. මෙයාව හරියන්නේ ඒ වගේ මීහරක්ටම තමා.

:       0       0

Bandara Thursday, 30 January 2020 05:21 PM

පාර්ලිමන්ට් ජෝක්ස්.

:       0       0

Nuwan Thursday, 30 January 2020 05:25 PM

රට කෑව එජාපය මේ පාරත් ගෙදර යවමු.

:       1       0

Nandalal DE SILVA - France Thursday, 30 January 2020 05:37 PM

එජාපය ඇතුලේ පුළුවන් තරම් භේද ඇතිකරලා, සිය හයිය පෙන්වා, ජනාධිපතිවරණය සඳහා ඒකාධිපති විදියට නාම යෝජනාවත් උදුරාගෙන, එජාපක්ෂය තුළ යාහැකි උපරිම මට්ටමට නැග දැන් ජයපැන් බොන සජිත්, දෑත් බැඳගෙන හිටියොත් ළඟ එන පාර්ලිමේන්තු මැතිවරණයෙන් එජාපය වලපල්ලට යන එක නියතයි...!! ඔහුට දැන් පැවරී තිබෙන්නේ අතිවිශාල වගකීමකි. ශක්තිමත් "රජයක්" බිහිකිරීමට බැරි නම්, රාජපක්ෂ පාලනයේ "එහෙයියෙක්" නොවී අවම වශයෙන් කොන්දක් තිබෙන විරුද්ධ පක්ෂයක් බිහිකිරීම ඔහුගේ පරම බලාපොරොත්තුව මෙන්ම හැකියාව විය යුතුයි. මහජනයා ඔහුගෙන් පතන්නේත් ඇදවැටී තිබෙන, විශිෂ්ට නායකයින් රැසක් බිහිකළ එජාපය නැවත දෙපයින් නගා සිටුවීමයි..

:       0       0

Shan Thursday, 30 January 2020 06:10 PM

සමාවෙන්න. එජාපය අගමැති සිහිනයක්...

:       0       0

kamal Thursday, 30 January 2020 08:42 PM

මේ සැරෙත් රජ කෑමක් කනවා.

:       0       0

Adam Friday, 31 January 2020 12:59 AM

සජිත් කවදාවත් මේ රටේ නායකයා වෙන්නේ නැහැ. ඒ තරම් වගකීමක් ඔහුට දරන්න බැහැ.

:       0       0

Silly Point Friday, 31 January 2020 01:00 AM

සජිත් කියන්නේ ආත්මාර්ථකාමී කෙනෙක්... කුමන්ත්‍රණ කාලේ රනිල්ටවත්, පක්ෂයටවත් උදව් කෙරුවේ නෑ. කට ඇරියොත් මෝඩ කතාවක් තමයි කියන්නේ...

:       0       0

Gamage Friday, 31 January 2020 02:02 AM

එළඹෙන මහමැතිවරණයෙන් කොහොමත් එජාපයට දිනන්න බෑ. මහමැතිවරණ පරාජයෙන් පස්සේ මේ කියන සන්ධානයත් ඉවරයි. ඒ කියන්නේ මහමැතිවරණයෙන් පස්සේ සජිත්ට මේ දුන්නු අගමැති අපේක්ෂකත්වය හා සංධාන නායකත්වය කියන දෙකම නැතිවෙනවා. ආයේමත් පරණ විදියටම රනිල් නායකයායි...

:       0       0

Akila Friday, 31 January 2020 03:02 AM

දැන් මැතිවරණ සන්ධානේ නායකත්වය ලැබුණු හින්ද සජිත්ට කරන්න තියෙන්නේ ඔය යන්න බැරි නයකතුමාව කොළඹින් පිට ප්‍රදේශයකින් තරඟ කරන්න දාන එකයි. එතකොට බලාගන්න පුළුවන් එතුමාගේ ජනප්‍රියත්වය. මොකද කොළඹ කට්ටිය එජාපයෙන් පොල් ලෙල්ලක් ඉදිරිපත් කළත් ඡන්දෙ දෙනවා.

:       0       0

Mahee Friday, 31 January 2020 03:24 AM

"කැබැල්ලෑවගේ ගෙට උරුලෑවා රිංගගත්තා වැනිය" එහෙම නැත්නම් "ඔටුවට ඔලුව දාගන්න ඉඩ දුන්නාම ඇඟම ගෙට රිංගවා ගත්තා වැනිය" වගේ යල්පැනගිය උපහැරණ දැන් අපේ පොත්වලින් ඉවත් කරන්න කාලය ඇවිත්... දැන් කියන්න ඕනෑ "සජිත් නායකත්වයට රිංගුවා වැනිය" කියලයි.

:       0       0

kcp ferdinamd Friday, 31 January 2020 03:38 AM

පුලුවන්නම් මහ ඡන්දෙන් ආසන 40 ක් අරගෙන පෙන්නන්න. වැඩ බැරි ටාසන්................

:       0       0

mahamalaga chandreratne kumara Friday, 31 January 2020 03:47 AM

ඇති යන්තම්.

:       0       0

Galapara Friday, 31 January 2020 04:46 AM

සජිත් ඔයා රනිල්ගේ ලණු කන්න එපා. එජාපය එක නැත්තට නැති කරපු මහල්ලෙක් වගේ ඉන්න කපටි මිනිසුන් පන්නලාම අලුත් සන්ධානයේ නායකත්වය ගන්න. ඔය රනිල්ගේ කැපිලි තියාගෙන ජනාධිපති ඡන්දෙදී ලක්ෂ 56 ගත්ත එක විශාල දිනුමක්... ඔය එන පාර්ලිමේන්තු ඡන්දෙදී රනිල්ව දාලා ගියොත් විශාල දිනුමක් ගන්න පුළුවන්. ඒක මුළුරටම දන්නා සත්‍යයක්...

:       0       0

Bernard Friday, 31 January 2020 04:54 AM

මෙතුමාට ලැජ්ජාව කියන දෙයක් නම් ඇත්තේම නෑ. පක්ෂය පරදින්න පරදින්න නායකත්වය ආරක්ෂා කරගන්න බලනවා. තරුණ හැකියාවක් ඇති නායකයින්, කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් අය කී දෙනෙක් ඉන්නවද? තව දුරටත් නූල් සූත්තර අදින්නේ නැතිව නම්බු පිටින් ගෙදර යන්න.

:       0       0

ලවොයිසියර් Friday, 31 January 2020 04:55 AM

ඔය යන විදිය දෙගොල්ලන්ටම හරි යයි මයේ හිතේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

‘වත්මන් රජය වික්‍රමසිංහ අඩිපාරේ යනවා‘
2024 නොවැම්බර් මස 27 28 0

ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා


කෝටි 7 කොල්ලයේ ප්‍රධාන සැකකරුවෝ මාට්ටු
2024 නොවැම්බර් මස 27 169 0

මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම


කාර්තිවු ගසාන ගිය සිසුන් 4 කගේ සිරුරු සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 1088 2

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි


ලංකාවට ඕන වෙලාවක උදව් කරන්න කැමති බව ඕස්ට්‍රේලියාව කියයි
2024 නොවැම්බර් මස 27 263 0

අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.


නැ‘හිර මුස්ලිම් පාසල් දින දෙකක් වහයි
2024 නොවැම්බර් මස 27 82 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .


ණය ප්‍රතිව්‍යුහගත මෙහෙයුම් ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්
2024 නොවැම්බර් මස 27 299 0

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇතැයි ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2143 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site