සිවුදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවිය.
ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන, සන්නිවේදන, විද්‍යුත් සහ තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය සන්ජේ දෝත්‍රා මහතා ගුවන් තොටුපොළේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් අයුරු.
ඡායාරූප - ඒ.එෆ්.පී.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අගමැති ඉන්දියාවට ළඟාවෙයි
Champa Friday, 07 February 2020 03:57 PM
ලංකාවේ අගමැතිව පිළිගන්න ඇවිල්ලා තියෙන්නේ කවුද? හැබැයි මෙහෙ කොහොමද? නිකම්ම නිකම් ඉන්දියන් මහකොමසාරිස්ටත් පුළුවන් ලංකාවේ ජනාධිපති, අගැමති, කථානායක, විපක්ෂනායක තමන්ගේ දෙපතුළ ලඟට ගෙන්න ගන්න. අගමැතිතුමා යන්නේ ඉන්දියාවෙන් ඩොලර් මිලියන් 450ක ණයක් ගන්නලු. ඉන්දියාව කියන්නේ හරිම ලෝබරටක්. කවදාවත් ලේසියෙන් සල්ලි දෙන්නේ නැහැ... තමන්ට වාසියක් නැත්නම්. වහල් ආණ්ඩුව ආපු ගමන් වියදමට සල්ලි නැතුව ඉන්න කොට ඉන්දියාවෙන් ණයක් දීලා ඒක හරියටම දීපු දවසේ ඉල්ලුවා. තව එක දවසකින්වත් දිනේ දික් කරන්න බැහැ කිව්වා. ඊට පස්සේ රනිල් වෙන කොහෙන්ද ණයක් අරන් ඒක ගෙව්වා... මේ සල්ලි ඉන්දියාවේ නෙමෙයි. මේ සල්ලි දෙන්නේ ඇමරිකාව. ඇමරිකාව එම්සීසී ගිවිසුමට ලංකාව හිර කරන්න හදන්නේ ඉන්දියාවත් එක්ක එකතුවෙලා. මෙච්චර දෙයක් තේරෙන්නේ නැති දේශපාලකයින් ඉන්න එකම රට ලංකාව. අර නොදියුණු අප්‍රිකානු රටවල කුස පොත්තට ඇලිලත් ඒ මිනිස්සු සුද්දන්ට රටේ සම්පත් ගන්න දෙන්නේ නැහැ. තව එක සතයක් ණය ගන්නේ නැතුව අපේ රට හදන්න පුළුවන්කම තියෙද්දී මේ පින්බිම පාවා දෙන්න එපා අගමැතිතුමා. ඉතිහාසයේ කළු අකුරින් තමන්ගේ නම් ලියවෙන්න ඉඩ තියන්න එපා.
වසන්ත නිලමේ Saturday, 08 February 2020 07:53 AM
චම්පා නමින් කොමෙන්ට් දාන මහත්තයෝ, ඔයාට ආර්ථිකය ගැන දැනුමක් නැහැ... දන්නා දේ ගැන පමණක් කථා කරන්න. MCC ලංකාවට හොඳ දෙයක්, කඩාකප්පල් කරන්න නම් එපා රටේ ඉදිරි ගමන...
ChampaSaturday, 08 February 2020 03:15 PM
පළමුවෙන්ම ඔබේ මනස දියුණු කරගෙන ස්ත්‍රී පුරුෂයන් විදිහට මිනිසුන් වර්ග කර සිතන ඔබේ තියෙන අගතිගාමී යල් පැනපු අදහස් ඉවත් කරගන්න. එම්.සී.සී ලංකාවට හොදයි කියල කියන්නේ ඒ ගැන මෙලෝ හසරක් දන්නේ නැති මිනිස්සු. රටේ ස්වාධීනත්වය පාවා දීලා හරි නිකම් දෙන සල්ලි ගන්න හිතන මිනිස්සු ඉන්න රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ. එම්.සී.සී ගිවිසුමේ සල්ලි දෙන්නේ ලංකාවේ යටිතල පහසුකම් දියුණු කරන්න කියල ඇමරිකාව කියනවා. ඉස්සෙල්ලා ඇමරිකාව තමන්ගේ රටේ යල් පැනගිය යටිතල පහසුකම් වැඩි දියුණු කරන හැටි බලන්න කියන්න. එම්.සී.සී මුදල් රටට දුන්නට ඒ සල්ලි නැවත යන්නේ ඇමරිකාවට කියන එක ආර්ථිකය ගැන සාමාන්‍ය දැනීමක් තියෙන මිනිහෙක්ට වුනත් තේරෙනවා. ඒ යනකොට අපිට අපේ අපේ වටින ඉඩම්, කෘෂිකර්මාන්තය, වෙනත් පාරම්පරික කර්මාන්ත, ගැමි සහ නාගරික කර්මාන්ත අහිමි වෙනවා විතරක් නෙමෙයි අපේ සංස්කෘතියත් සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මේ ගැන ඕනේ තරම් ලියල තියෙනවා. මිනිස්සු වහල් ආණ්ඩුව එලෙව්වේ රට පාවා දෙන පාලනයක් බිහි කරන්න නෙමෙයි.
සූසන් ඩී ලා මොට් Saturday, 08 February 2020 08:03 AM
එදා සිරිමා මැතිණියව පිළිගන්න ශ්‍රීමති ඉන්දිරා ගාන්ධි අගමැතිතුමියම නවදිල්ලි ගුවන් තොටට පැමිණියා. අද අහලාවත් නැති පහළ ඇමති වරයෙක්...! අපේ රටට ගිය කලක් අනේ...
අලුත්225ක් තෝරමු Sunday, 09 February 2020 06:05 AM
මොන නිල ගමනක්ද ? වටිනාකමට සරිලන පරිද්දෙනුයි පිළිගැනීමත්…
කමලා ඉන්දීවරී Saturday, 08 February 2020 08:06 AM
යලි හිඟමනේ යන එක නවත්වන්න මගේ දෙයියෝ...
lalithm Monday, 10 February 2020 03:23 AM
බයිලා ගහලා බලය ගත්තට වඩා හොඳයි විපක්ෂයේ හිටියා නම් කියලා හිතෙනවා ඇති දැන් නම්... මෙහෙමත් හිඟාකෑමක්. එහෙම වුණත් තව නිකමුන් ලක්ෂයක් බෝ කරන්න කොළ බෙදන්නේ මොකටද? කොහෙන් හිඟා කාලා පඩි දෙන්නද නිකමුන්ට...?