IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අගමැති කාර්යාලයෙන් අනුරට එරෙහිව නඩු මගට ?

(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ) 

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය පවසයි.  

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට අපහාසවන අයුරින් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ඔහුට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් මෙසේ නීතිමය පියවර ගන්නා ලෙස සඳහා  නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇතැයි එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පෙරේදා (3) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී යෝෂිත රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් ඔහුට අයත් ඉඩම් ලෙසට යම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශ අසත්‍ය ඒවා බව ද එහි සඳහන් වේ.



අදහස් (13)

අගමැති කාර්යාලයෙන් අනුරට එරෙහිව නඩු මගට ?

ravin Wednesday, 04 May 2022 02:16 PM

හා හා...!! ඔන්න අපිට බලාගත හැකිවේවි.. ඩේසි ආච්චිට මැණික් මල්ල හම්බවුණේ කොහොමද කියලා. මේ හදන්නේ උඩ බලාගෙන කෙළ ගහන්නයි.

:       6       68

Prabha Wednesday, 04 May 2022 02:29 PM

එහෙනම් කියයි මේ ඔක්කොම මම ගත්තේ ඩේසි ආච්චිගේ මැණික් විකුණලා කියලා...

:       4       66

විපරමා Wednesday, 04 May 2022 02:39 PM

ඔය මොන නඩු දැම්මත් පවුල් පාලනේ හැම කෙනෙකුම කරපු හොරකම්, වන්චා, දූෂණ ගැන ලෝකෙම දන්නවා. රටම බංකොලොත් වෙන තැනට වැඩ කෙරුවේ කවුද කියලා දන්නෝ දනිති.

:       3       67

Rexi Wednesday, 04 May 2022 02:52 PM

අගමැති කාර්යාලයෙන් කොහොමද එහෙම නඩු දාන්නේ? යෝෂිත රාජපක්ෂ ජනතා ඡන්දයෙන් ආපු කෙනෙක් නෙමෙයි. ඔහුට තියෙන බලය කුමක්ද ජනතා බලය පාවිච්චි කරන්න..?

:       1       53

ManjulaWednesday, 04 May 2022 04:59 PM

සහතික ඇත්ත. එයා කවුද?

:       1       29

පිටරැටියා Wednesday, 04 May 2022 09:32 PM

හොරකම් නම් මොනවද ? මිනිමැරුම් වලටත් සම්බන්ධයයි..තාජුඩින්ව ඝාතනය කෙරෙව්වෙත් එයානේ?

:       0       0

ජගත් ලියනගේ Wednesday, 04 May 2022 03:02 PM

නඩු දාන්නකෝ. අපිත් එනවා නඩු දවසට ඒක බලන්න.

:       2       45

බද්රානි Wednesday, 04 May 2022 03:12 PM

අනුන්ට නඩු දාන්න විතරක් නෙවේ, තමන්ගේ නඩුවලින් නොදොස් කොට නිදහස් වෙන්නත් පුළුවන් හොර තක්කඩි ගැන දැන් මේ රටම දන්නවා. මේ රටට කල අපරාධයට නුඹලාට සහ ගහනවා කවදා හරි.

:       1       14

lakvidu Wednesday, 04 May 2022 05:01 PM

ඒ නඩුවත් මේ අය දන්නේ ජනතාවගේ මුදලින්..!

:       1       25

PA - RA Wednesday, 04 May 2022 06:22 PM

සුද්ද වෙන්න හැදුවාට මුළු ලෝකයක් දන්නවා... තමන් අවංකද කියලා.. ළඟදීම U.N.O එකෙන් ලෝකයටම කියාවි... ලංකාවට සෙතක්වේවා...!

:       1       13

darma Wednesday, 04 May 2022 07:13 PM

ඒක හොඳයි. තමන් හොරෙක් නෙමෙයි කියලා පුළුවන් නං ඔප්පු කරන්න. අපි විශ්වාස කරන්නේ හොරු කියලා. චෝදනා වලින් නිදහස් වෙන්න අයිතියක් තියෙනවා ඕන කෙනෙකුට...

:       1       11

Lalith Wednesday, 04 May 2022 09:01 PM

කොහොමද ඔය තරමට ධනය රැස්කළේය කිසිම වෘත්තීය සුදුසුකමක් නැතිව. තාත්ත ජනපති වුන පලියට පුතාට සල්ලි නිකම්ම ලැබෙන්න ක්‍රම තියෙනවද?

:       0       0

චන්දන Wednesday, 04 May 2022 08:30 PM

මෙව සේරම රඟපෑම් . අනුර හිතන්නේ එයා ගොඩ කියල . එයා නීතිය අනුව මෙතෙක්කල් වැරැද්දක් කරල තිබෙනවා . දූෂිතයන් සඟවා ගෙන සිටිමින් . මේ සියල්ල අධිකරණයට දාන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 57 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


තෙමහල් ගොඩනැගිල්ල
2024 නොවැම්බර් මස 20 18 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 593 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 568 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1038 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 418 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 670 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1913 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site