IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අගමැති ගිය යානයේ දෝෂයකින් මාතර තානායමට හානී

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

රොනී ද මැල් මහතාගේ අවමගුලට පැමිණි අගමැතිවරයා රැගත් ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට  දැඩි අලාභ හානි සිදු විය.

විශේෂයෙන්ම එම අවස්ථාවේ දී මුහුද දෙසින් පැමිණි දැඩි සුලං ප්‍රවාහය හේතුවෙන් එම තත්වය ඇති වු බවට ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ප්‍රකාශ කල බව මාතර තානායමේ කලමණාකරු පැවසීය.

කෙසේ වෙතත් එම සිදුවීම සිදු වන විට ආහාර පාන ලබා ගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්,දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පිගන්වලට ද වැලි ,දූවිලි හා කුණු රොඩු වැටී තිබු අතර එම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව තිබුණි.දැඩි බියට ද ඔවුන් පත්ව තිබුණේය.

ඊට අමතරව මාතර තානායමේ බුෆේ කෑම මේසයේ කෑම සියල්ල විසි කර දැමීමට සිදු විය.පිගන් කෝප්ප ද කුඩු වී තිබුණේය.බාර් එකේ වහල ගැලවී ගොස් තිබු අතර රෙස්ටොරන්ට් එකේ උලු කැට ගැලවී ගොස් තිබුණි.

නිසි ආකාරයට ගුවන් යානය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් සිය විරෝධය පල කර තිබුණේය.

අපහසුතාවයට පත්වු විදේශිකයින් ඇතුළු පිරිසට ඇණවුම් කල කෑම වෙනුවට ක්ෂණිකව ෆයිඩ් රයිස් සාදා නැවත පිලි ගැන්වීමට මාතර තානායමේ කලමණාකාරීත්වය කටයුතු කර තිබුණි.

ඒ ආසන්නයේ කොට්ටම්බා ගසක අත්තක් ද බිමට කඩා වැටී තිබුණේය.

අවමංගල්‍යය උත්සවය අවසන් වී ප්‍රභූන් පැමිණීමට නියමිතව තිබු නිසා කාර්ය මණ්ඩලය යොදවා ඉතා ඉක්මණින් මාතර තානායම පිරිසිදු කිරීමට ද කටයුතු කෙරිණි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගුවන් යානයේ සිට ආරක්ෂාකාරීව ගොඩ බැස්සවීමෙන් පසු අවමංගල්‍ය උත්සවය වෙත කැදවා ගෙන එන ලදි.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් මාතර තානායමට සිදුව ඇති හානිය පිළිබඳව සොයා බැලීමට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චී මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ද පැමීණ තිබුණි.

 



අදහස් (31)

අගමැති ගිය යානයේ දෝෂයකින් මාතර තානායමට හානී

ravin Friday, 01 March 2024 10:24 PM

නාස්තිය නැතිකරලා නැහැ වගේ නේද? අධිවේගය... මහාමාර්ගය... හෙලිකොප්ටරයේ වියදම... අලාභය?

:       4       43

Bamunuarachchi Friday, 01 March 2024 10:38 PM

ගිය තැන විනාශයක්...!

:       3       38

Rata Perata Friday, 01 March 2024 11:02 PM

හයිවේ එකෙන් පැයෙන් යන්න පුළුවන් ගමන. කොහොමද මොවුන්ගේ අරපිරිමැස්ම..? අනිත් එක මොවුන් ගිය තැන විනාශයක්...

:       2       48

Muthu Friday, 01 March 2024 11:03 PM

ෆොටෝ වල තියෙන්නේ මේ අය ලංකාවට කළ දේ...

:       2       29

Prabha Friday, 01 March 2024 11:36 PM

හෙඩිම දැක්කාම හිතුණේ වෙන එකක්...!

:       0       16

Nilantha Saturday, 02 March 2024 02:06 AM

අගමැතිට මාතරට යන්නත් හෙලිකොප්ටර් ඕනෑද? රටේ මිනිස්සු එදා වේල පිරිමහගන්න නහිනවා..!

:       2       39

sam Saturday, 02 March 2024 03:31 AM

දිනේෂ්ට සනත් නිශාන්ත හම්බවෙන්න තිබුණු චාන්ස් එක නැතිවුණා. තව සැරයක් කිරිබත් කන්න තිබුණු චාන්ස් එක අපිට නැති වුණා...

:       5       45

chandima Saturday, 02 March 2024 05:12 AM

ගහපල්ලකෝ ඒක හදන්නත් බද්දක් පුළුවන් නම්...?

:       0       24

Sharm Saturday, 02 March 2024 05:52 AM

යානයේ ගිය කෙනෙකුගේ කර්ම දෝෂයක් නිසා වුණා වෙන්න බැරිද? අධි ආවේගී පාරෙන් ගියා නම් පැයක ගමනක්...! හෙලිකොප්ටරෙන් යන්න වියදම අපෙන්ද? රටටම කෙලවලා මොවුන් යන්නේ උඩින්...!

:       3       36

පියල් විරසිංහ Saturday, 02 March 2024 08:04 AM

මොනවා කරන්නද? හරක් ටිකක් රටක පාලකයින් වුණාම ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.

:       1       30

සක්‍රයා Saturday, 02 March 2024 09:34 AM

කාලකන්නි ගිය තැන විනාශයක් තමයි...

:       2       39

achini Saturday, 02 March 2024 09:43 AM

හැමදාම හොරු වෙනුවෙන් අත් උස්සපු, රටට කිසිම වැඩක් නොකරපු, පාර්ලිමේන්තුවේ රනිල් හොරා කියලා කෑ ගහලා දැන් ළඟට ඇවිල්ලා.. සාපයක් තමයි.

:       2       37

Tharaka Saturday, 02 March 2024 10:09 AM

මොවුන්ට රථ ගාය මදිවාට හෙළිකොප්ටර් ගායකුත් ඇවිල්ලා දැන්...!

:       2       34

Pinjana Saturday, 02 March 2024 10:51 AM

අපරාදේ කොට්ටම්බා ගහ, වහලා... කෑම පයිලට් මල්ලිට ජාතික වීරයෙක් වෙන්න තිබුණු අවස්ථාව මඟහැරුණා...!

:       3       39

Bandula Saturday, 02 March 2024 12:07 PM

තව ඩිංගක් එහෙමෙහෙ වුණා නම් බඩු බනිස්...!

:       1       27

Nalin Saturday, 02 March 2024 12:29 PM

ගිය තැන ඉවරයි...

:       2       33

සෙනෙවිරත්න Saturday, 02 March 2024 01:13 PM

අනේ, නූලෙන් ජාතිය බේරාගැනීමේ අවස්ථාවක් මග හැරිලා වගේ, මේ වගේ කොළඹ ඉඳලා පැය දෙකෙන් ඔතැනට එන්න පුළුවන්කම තියෙද්දී ඇයි මේ ගුවන්යානා? හිඟන රට, ණයට කන රට, මේ හදිසිය මොකක්ද? මෙයාලා ඔච්චරම කලබලේ අපට කරපු සෙතේ කියන්නකෝ..!

:       4       47

akila kularathne Saturday, 02 March 2024 02:35 PM

ගුවන් යානයක්ද.. හෙලිකොප්ටර්යක්ද..?

:       1       17

Lalla Saturday, 02 March 2024 03:01 PM

මහජන බදු මුදල් කාලා ගුවනින් මාතර යන්න? අර රාජපක්ෂ අධිවේගී මගේ පැය දෙකයි. ලොව ධනවත්ම රටක අගමැතියෙක්වත් කරන වැඩක්ද? අනික ඔය අවසන් ගෞරව දැක්වීම කොළඹදී කරන්න බැරිව තිබුණ තරම් කාර්ය බහුල අගමැති කෙනෙක්ද අපේ අගමැති...? ලෝකයට හිනස්සන විහිළු සපයන්නා...

:       1       33

සෙනෙවිරත්න Saturday, 02 March 2024 05:17 PM

ඔන්න ඔබලාගේ බදු සල්ලි වලට වෙනදේ, මළ ගෙදරක එන්න හෙලිකොප්ටර්, එච්චරටම වැඩ හදිසි, අනේ මෙහෙම මූසල රටක්, මොවුන්ට ගෑවිච්චි කෙනෙකුට සලකන්න එපා...

:       1       24

චන්දන Saturday, 02 March 2024 07:31 PM

මේ වාමාංශික නායකයෙක් නේද? කොළඹ ඉඳන් මාතර එන්න හයිවේ තියෙද්දී ඉතුරු කරන හැටි අපූරුයි. අපි බදු ගෙවන්නෙ මේකටද?

:       1       26

පිටරටවැසියා Saturday, 02 March 2024 08:04 PM

බොරලුගොඩ නරියා හබක් කියලා ලියන්න තිබ්බ චාන්ස් එක නැති වුණා. රටේ ජනතාව වැල්පාලමෙන් එගොඩ කරන්න වෙන්ඩැති ගුවන් යානයෙන් යන්නේ...

:       1       8

Rohana Saturday, 02 March 2024 08:18 PM

ඔබලා ඔයතරම් රටට වැඩකරනවා නම් මේ කිලෝ මීටර් 100ක් යන්න හෙලිකොප්ටරයක් අවශ්‍යමද? ඒ ගමන සැප වාහනයක අධිවේගයේ ගියත් කොතරම් අඩුමිලකට වැඩිම පැය 1 හමාරක ගමනක්නේ... හෙලිකොප්ටරයෙන් යන්න තරම් හදිසිය මොකක්ද? අපිව මරමරා ගන්න බදු සල්ලි වලට කරන නාස්තිය. හැබැයි ඔබගේ මුදලින් හෙලිකොප්ටරයෙන් ජීවිතයටවත් මෙහෙම ගමන් යයිද?

:       0       2

Roshan Saturday, 02 March 2024 08:58 PM

චික්.... ඕක කඩාගෙන වැටුණේ නෑනේ...

:       0       2

Malin Perera Saturday, 02 March 2024 10:51 PM

සිගිති ආතල් හෙළිකොප්ටර්වල යන්න තියෙන ආසාව...

:       0       3

නන්දන Sunday, 03 March 2024 08:22 AM

පාර්ලිමේන්තුවේ කථානායක පුටුව කැඩූ මිනිහා (එහි වීඩියෝව නරඹන්න) අගමැති. අනේ කාලේ වනේ වාසේ...!

:       1       3

duminda Sunday, 03 March 2024 08:09 PM

මොකද මෙයාට බිමින් යන්න බැරිද? 

:       1       3

abeygunasekarasampath95 Monday, 04 March 2024 09:09 PM

දේශපාලනය ගාවාගන්න දෙයක් වෙලා නෑ. මෙතැන කාර්මික දෝෂ සිදුවීම සාමාන්‍යයයි. අගමැති වරයෙක් බස් එකේ යන්න කියලද මේ හෑලි ලියලා කියන්නේ...!

:       5       0

PA - RA Sunday, 10 March 2024 01:50 PM

ප්‍රභූ...?

:       0       1

ramaniWednesday, 20 March 2024 11:18 PM

මු කොහේ ප්‍රභුවෙක්ද ? පිස්සු බලු කුක්කෙක්.

:       0       0

හරින්ද Friday, 22 March 2024 09:25 AM

අපෙ හරක්ට , මක උන් ගන්න සැප තෙරෙන්නෙ නැහැ..අයෙත් උන්ගෙම පස්සෙ වැටිලා ඉන්න රැලක් ඉන්නවා..කරුමෙ තමයි මුන්ගෙ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1421 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 596 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 682 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 439 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1233 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site