IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


අගමැති බිරියගේ සංවේදි වූ හිත

(සුජිත් හේවාජුලිගේ )

ගලෙන්බිදුනුවැව කලුගොල්ලෑගම ගම්මානයේ ජීවත්වන දෑස් නොපෙනෙන 13 හැවිරිදි ජීවන්ත රත්නායක නමැති දරුවාට අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මැදිහත් වි කොළඹට ගෙන්වාගෙන ප්‍රතිකාර ලබාදී එක් ඇසක පෙනුම ලබා දී ඇත

මෙසේ පෙනුම ලැබුණු රත්නායක දරුවා රාජපක්ෂ මහත්මිය අරලියගහ මන්දිරයේ දී මුණ ගැසුණේය.

දෑස් නොපෙනෙන මෙම දරුවා ඇසක් ඉල්ලා කරන ලද ඉල්ලීමක් සමාජ මාධ්‍යයෙන් දැක ඇති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ එම දරුවා ගැන සිය මවට දැනුම් දී ඇත.දරුවාගේ මෙම ඉල්ලීම ගැන සංවේදී වූ රාජපක්ෂ මහත්මිය දරුවා කොළඹට ගෙන්වා ගත්තාය.

.පසුව දරුවා මෙරට ප්‍රසිද්ධ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයකුට යොමු කර ඇත.දරුවා විශේෂ වෛද්‍ය පරීක්ෂණ ගණනාවකටම යොමු කර ඇති එම විශේෂඥ වෛද්‍යවරයා බද්ධ කිරීමකින් තොරව එක ඇසකට පෙනීම ලබාදීමට හැකියාව ඇති බව රාජපක්ෂ මහත්මියට දැනුම් දුන්නේය .ඒ සඳහා දීර්ඝ කාලකාලීනව ප්‍රතිකාර ලබා දිය යුතු බවද ඔහු පැවසුවේය .

මෙහිදී ඊට අවශ්‍ය බරපැන දැරීමට ඉදිරිපත් වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය දරුවා අගමැති නිල නිවසට ගෙන්වාගෙන පරීක්ෂණ සහ ප්‍රතිකාරවලට කඩිනමින් යොමු කළාය.

එම ප්‍රතිකාරවලින් පසුව රත්නායක දරුවාගේ එක් ඇසක පෙනුම සියයට 30ක් දක්වා මේ වන විට වර්ධනය වී ඇතැයි අගමැති කාර්යාලය සඳහන් කරයි.

 



අදහස් (29)

අගමැති බිරියගේ සංවේදි වූ හිත

මුණසිංහ Thursday, 29 April 2021 01:52 AM

කිසිදු භේදයකින් තොරව පැසසිය යුතු දෙයක්. ලොකු පිනක්.

:       8       40

සිසිල් සූදේශ් Thursday, 29 April 2021 02:09 AM

හොඳ වැඩක්. ඒත් අතින් වියදම් කරලා මේක කළා කියලා හිතන්න අමාරුයි.

:       15       38

Raveendra Thursday, 29 April 2021 02:49 AM

එක් ළමයෙකුගේ ඇස් පාදලා නම් නිවන් යන්න බැරි වෙයි....

:       18       23

chithralSunday, 02 May 2021 12:42 PM

ඒ ළමයාගේ ඇස පෑදුවාට තමන්ගේ අයගේ ඇස් පාදලා යහපත් පුරවැසියන් කරන්න ඇයට නොහැකිවිය.

:       0       0

Kanchana Thursday, 29 April 2021 03:09 AM

ඔබතුමියට ගොඩාක් පින්... මේ කළ උපකාරයට..

:       7       26

Dilhan Thursday, 29 April 2021 03:15 AM

එතුමියට අනේක වාරයක් පින්සිදු වෙනවා මේ කුසල කර්මයට...

:       7       24

සිරිබිරිස් Thursday, 29 April 2021 03:32 AM

තාජුඩීන්ගේ පුතා ගැනත් ඔය වගේම කණගාටු වුණා නම් කොච්චර හොඳද .

:       23       44

ජයන්ත මිලානො Thursday, 29 April 2021 04:49 AM

බොහොම හොඳයි. යහපත් ක්‍රියාවක්... අගේ කරමි ඔබගේ කරුණාවන්ත කම ගැන...

:       10       27

Kamal Thursday, 29 April 2021 05:03 AM

හඑපත් ක්‍රියාවක් කළ ඔබට බුදුසරණයි.

:       8       21

මුදිත් Thursday, 29 April 2021 05:04 AM

අගය කලයුතුමයි

:       8       25

jayath Thursday, 29 April 2021 05:07 AM

දේශපාලන කන්නාඩි ගලවල බලන්න මේවා උතුම් වැඩ ! අනිත් ආර්යාවන් වෙන්න හිටිය අයටත් හොඳ ආදර්ශයක්

:       15       27

mp Thursday, 29 April 2021 05:37 AM

ඔබතුමියට නිරෝගී බව සහ දීර්ඝායුෂ ලැබේවා...!!! 

:       13       20

සකුරා Thursday, 29 April 2021 05:55 AM

මේවගේ දෙවල් කිය කිය ප්‍රසිද්ධිය ගන්න කරන්න ඕන දෙවල් නෙමෙයි...

:       17       26

Chandralal Thursday, 29 April 2021 05:57 AM

හොඳ වැඩක් අගය කළ යුතුයි.....

:       6       18

Nandalal DE SILVA - France Thursday, 29 April 2021 06:52 AM

අගමැති විශේෂ අරමුදලින්ද දන්නේ නැහැ මේ දරුවන්ට ඇස් පෙනීම ලැබුණේ? එහෙම වුණා නම් මේ පිංකම මුළු රටේම ජනතාව සම්බන්ධ වෙන්න තිබෙනවා සාදු සාදු....

:       4       25

උපුල Thursday, 29 April 2021 06:56 AM

කුහක ප්‍රකාශ නොකර මේ කළ උදාර ක්‍රියාව ගැන සතුටුවන්න. මම ඒ දරුවාගේ ඇසක පෙනීම ලබාදෙන ඉල්ලීම කළ දර්ශන පටය දුටුවා. ප්‍රථමයෙන් අප ඩිලන්ත මාලගමුව මහතා ඉදිරිපත්වී මේ උදාර පුණ්‍යකර්මයට දායක වුණා. පසුව රෝහිත ඉදිරිපත්වී කළ යුතු දේ කලා . දැන් නුඹලා මනුෂ්‍යයෝනම් පුද්ගලවාදය පැත්තක තියල අටුවා ටීකා සහ ඝෘනාත්මක කුණුහරුප ලියන්නේ නැතුව පැත්තකට වෙලා සිටින ලෙස ඉල්ලමි.

:       12       20

උපුල් ගලප්පත්ති Thursday, 29 April 2021 06:59 AM

ඇත්තටම ලොකු පිනක්...

:       4       8

ශ්‍යාම් Thursday, 29 April 2021 07:14 AM

සිරිලිය ගිණුමෙන් වෙන්න ඇති කරන්න ඇත්තෙ

:       7       19

pakeer Thursday, 29 April 2021 07:15 AM

මෙයාලාට මේවා කරන්න බැරි නම් කාට කරන්න පුළුවන්ද? අගය කරනවා කියන්න ඔන්න ඔහොම හැමෝම ගැන හිතුවා නම් මේක සුපිරි රටක්...

:       2       16

kapila Thursday, 29 April 2021 08:17 AM

අරයට පින්, මෙයාට පින් කියලා මොනවා කිව්වත්, මේකෙන් ඔප්පු වෙන්නේ අපේ රටේ ඉතා පහළ තත්වයක තියෙන සෞඛ්‍ය සේවය. ළමයාට රටේ අගමැතිගේ ආර්යාවගේ නියමය අනුව බෙහෙත් කරන්න දොස්තර කෙනෙක් හමු වුණා. එහෙම කර ගන්න බැරි කීදාහක් ඉන්නවද? මේ ළමයා අනිවාර්යයෙන් දොස්තරලා හම්බවෙන්න ඇතිනේ මීට ඉස්සර. ඒකාලේ බෑරි වෙච්ච දේ කොහොමද මැඩම් කිව්වම කරන්න පුලුවන් වුනේ? රටේ හැමදෙනාටම මේ වගේ දේවල් කිසිම උසස් බලපෑම් නැතුව කරගන්න පහසුකම් තියෙන්න ඕනේ.. මේ ළමයා වාසනාවන්තයි ඒ අතින්..

:       1       15

anaThursday, 29 April 2021 09:56 AM

හරියට හරි. මෙයාලා කරන්න ඕන මෙවැනි දේවල් සිදුවන සිස්ටම් එකක් හදන එක. එක් එක් සිද්ධියට මෙයාලා මැදිහත් වෙන්න ඕනනම් මේ රටේ සිස්ටම් එකක් නැහ. එක් කෙනෙක් ගම් ගානේ යනවා ගැටලු විසඳන්න. එයාට යන්න බැරිවෙන ගම්වල ප්‍රශ්න එතැනමයි. සාමාන්‍ය ජනතාවට මෝඩ චූන් එකක් දෙනවා. එයාලා බලයට යැව්වේ සිස්ටම් එකක් හදන්න. ප්‍රශ්නය එහෙම එකකට කැමති නැහැ. තමන් කළා කියලා ලකුණු දාගන්න බැරි නිසා. අපේ රටේ ජනතාවත් කැමති මේ ගොහොරු මඩට.

:       0       8

lakshitha Thursday, 29 April 2021 08:18 AM

නිකමට වගේ අහන්නේ.. අර සිරිලිය ගිණුමට මොකද දන්නෑ වුනේ නේද? ..

:       0       13

Ranjit Thursday, 29 April 2021 08:19 AM

"සිරි ළිය" කෝ සල්ලි කියලා අහන්න එපා ඔන්න....

:       1       15

Nihal Thursday, 29 April 2021 08:53 AM

තවතවත් මෙවැනි දේ කරන්න ශක්තිය වුවමනාව හිත්තුළ ඇතිවේවා..!!! මොකද මුදල් නොමැත්කම නිසා ලෙඩරෝග සනීප කරගන්න බැරුව දහස් ගාණක් රට තුළ ඉන්නවා.

:       0       5

sharm warn Thursday, 29 April 2021 08:56 AM

අනේ හම්මෝ කට්ටියගේ පුන්‍යනානුමෝදනාව... බලාගෙන... දැන් මෙයාගේ ඔක්කොම හොරකම් සාමාන්‍ය වෙලා බලාගෙන ඉන්නකොට ස්වර්ගයට යයි.... ඉස්සර කතාවක් තියනවා කැස්බෑවා බිත්තර සිය ගාණක් දාලා නිශ්ශබ්දවය මුහුදට යනකොට ගම් කිකිලි එක බිත්තරයක් දාලා ගම දෙවනත් කරනවාලු කියලා....

:       3       10

සනත් ඉතාලිය Thursday, 29 April 2021 09:02 AM

ක්‍රියාව හොදයි . හැබැයි අනවශ්‍ය ප්‍රචාරය අනවශ්‍යයි. පොඩි පුවත ලොකුවට රසකාරක දාල ලියල. පුතා සමාජ මාධ්‍යයෙන් දැකල අම්මට කියලා අම්මගෙ හිත උනුවෙලා. පුතා මේ දවස්වල බබාල ලැබෙන්න ඉන්න අම්මලට තෑගි කට්ටලත් බෙදනවා අපි දැක්ක. හා හා හොරේ දැනුනා දැනුනා. අර රොකට් එක යවපු සල්ලි වලින් මේ වගේ තව කීදෙනෙක්ගෙ ඇස් පාදන්න තිබ්බද. අඩුම ගානෙ ඒක කොහෙද තියෙන්නෙවත් කියල දන්න කෙනෙක් ඉන්නවද. මේව විහිලු

:       0       9

Raheem kolamba. Friday, 30 April 2021 05:13 AM

සංවේදී වෙන්න ඇත්තේ කාවහරි මතක්වෙලා වෙන්න ඇති නේද?

:       0       1

nuwanSunday, 02 May 2021 12:38 PM

පෙරේරා රලහාමිව වෙන්න ඇති.

:       0       0

chathiri Sunday, 02 May 2021 12:36 PM

මෙයා රත්තරන් වලට මීටත් වඩා සංවේදියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 52 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


රටේ ජනතාව අතරමං වෙලා
2024 නොවැම්බර් මස 06 217 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා


පළාත් දෙකක කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ආධාර
2024 නොවැම්බර් මස 06 618 0

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ


ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 553 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 1399 6

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 1721 3

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 26 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site