IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අගමැති සහ වනජීවී ඇමතිගේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

නිසි බලපත්‍ර නොමැතිව අලි ඇතුන් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පවතින නඩු ඉල්ලා අස්කර ගෙන එම අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමට අදාලව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වන ජීවී අමාත්‍ය සී. බී. රත්නායක යන මහත්වරු විසින් ඉදිරිපත් කර තිබෙන අමාත්‍ය මණ්ඩල සංදේශයට එරෙහිව  ගොනු කර ඇති  මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (25)  අවසර ලබා දෙන ලදී. 

ඒ අනුව එම පෙත්සම් විභාගය ලබන ජනවාරි මස 25 දින විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ජනක් ද සිල්වා,කුමුදුනී වික්‍රමසිංහ, ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබූණි.

එහිදී දෙපාර්ශවයේම ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින්   පෙත්සම් විභාගයට  අවසර දීමට විනිසුරු මඩුල්ල තීන්දු  කලේය .

අලි ඇතුන්  ඔවුන්ගේ  මුල් අයිතිකරුවන් ට බාර දීමට  අදාළ ව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල  සංදේශය මගින්   මූලික  අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා කරමින්  පරිසර යුක්ති කේන්ද්‍රය, එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයෙකු වන හේමන්ත විතානගේ, නීතිඥ සංජය එදිරිසිංහ, සත්ව වේදිනියක වන පංචාලි පනාපිටිය යන මහත්වරුන් මෙම පෙත්සම ගොනු කළහ.

එහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වනජීවී අමාත්‍ය සී බී රත්නායක සහ නීතිපතිවරයා නම් කර  සිටිති.

බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන සිටි අලි ඇතුන් ඔවුන්ගේ මුල් අයිතිකරුවන් වෙත භාර දීමටත් ඊට අදාළ නඩු ඉල්ලා අස්කර ගැනීම යන කරුණු ඇතුළත් අමාත්‍ය මණ්ඩල සංදේශයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ වනජීවි අමාත්‍ය සී.බී. රත්නායක යන මහත්වරුන් විසින් ඉකුත් මාර්තු මස 12 වනදා ඉදිරිපත් කළ බව පෙත්සමෙහි සදහන් වේ.

එම කැබිනට් සංදේශය තුළින් අධිකරණයේ පවතින අලි ඇතුන් සම්බන්ධ  නඩු ඉල්ලා අස්කර ගැනීමට යෝජනා කර ඇති අතර එසේ අධිකරණය හමුවේ පවතින නඩු ඉල්ලා අස්කර ගන්නා ලෙස තීන්දු ගැනීමට  කැබිනට් මණ්ඩලය ට හිමිකමක් නොමැති බවත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම මගින් පෙන්වා දෙති.

ඒ අනුව අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය තුළින් වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස  පෙත්සම් කරුවන් අධිකරණයෙන් ඇත.  

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ  රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ  විවේකා සිරිවර්ධන  මහත්මිය පෙනී සිටියාය.



අදහස් (0)

අගමැති සහ වනජීවී ඇමතිගේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රිය
2024 නොවැම්බර් මස 17 0 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 210 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 116 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 532 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 171 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 1480 1

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 341 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site