(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පිහිටි "අග්‍රා" ගොඩනැගිල්ලෙහි අකුණු සන්නායකය අවසරයකින් තොරව කිහිප දෙනකු පරීක්ෂා කරන අයුරු දිසාලේකම් කාර්යාලයේ සවිකර ඇති ආරක්ෂක කැමරාවක සටහන් වී ඇතැයි ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.
වසර සීයකට වඩා පැරණි මෙම ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සවිකර ඇති අකුණු සන්නායකය භූගතකොට ඇති ස්ථානයට පැමිණ ඇති දෙදෙනකු විසින් එම සන්නායකය සවිකර ඇති භූමිය කිසියම් උපකරණයකින් පරීක්ෂාවට ලක් කරන ආකාරය ඒ අසල තිබූ ආරක්ෂක කැමරාවක සදහන්ව ඇති බව පොලිසියට කළ පැමිණිල්ලෙහි සදහන් වේ.
මෙම පිරිස පැමිණි වාහනය පිළිබඳ තොරතුරු ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන් පොලීසියට ලබාදී ඇත.
පැමිණි පිරිස ගොඩනැගිල්ලෙහි අකුණු සන්නායකයෙහි වටිනාකම සම්බන්ධයෙන් කිසියම් පරීක්ෂාවකට ලක් කළේද යන්න පොලීසිය සැක කරන අතර මේ වන විට සන්නායකය භූගතකොට ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව සැලසීමට පියවර ගෙන තිබේ.
මෙම සන්නායකය භූගතකොට ඇති ස්ථානයට , මීට කලකට පෙර ආරක්ෂක කැමරාවක් සවිකිරීමට පි හිටපු දිසාපති සුනිල් ජයලත් මහතා පියවර ගත්තේය.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘අග්‍රා‘‘ ගොඩනැගිල්ලේ අකුණු සන්නායකය ගැන හෙව්වේ කවුද
අගුපිලගේ Wednesday, 08 December 2021 05:26 PM
කැමරාවෙන් පෙනෙනකම් මෙහි මුරකරුවො ආරක්ෂකයො මොකක්ද කලේ වහාම ඔවුන්ට විනයානුකූලව කටයුතු කල යුතුය මෙහෙම එවුන්ට ලොකුම විනාශයක් කරන්න බැරිවේවිද
ravin Wednesday, 08 December 2021 05:29 PM
අහන්න දෙයක් නැහැ. බලන්න දෙයක් නැහැ. පළාතේ ඉන්න ලොකු හොරෙක් හෝ ඔහුගේ සහචරයෝ තාම වැඩේ පිටිපස්සේ... හොරකම් කරන්න, කොමිස් ගහන්න වගේ වැඩවලට තමයි ප්‍රසිද්ධ...
සෙනෙවිරත්න Wednesday, 08 December 2021 07:51 PM
එයා කප්පම් ගන්න එකත් කරනවා නේද?
MISHAL-MATARA Wednesday, 08 December 2021 08:43 PM
මතකයිනේ කොළඹ කෞතුකාගාරයට වුණුදේ...
kotakawala Thursday, 09 December 2021 07:00 AM
මේවා මෙචචර වටිනවනම් , නීත්‍යානුකූලව ගොඩදමා රජය සතු කර දැනට ගැලපෙන නවීන සන්නායක නොදමන්නේ මන්ද! භුගත සන්නායකයකට පොලිස් මුර දාගෙන ඉන්න එක මොන විහිලුවක්ද?පෞරාණික හෝ නවීන හෝ වේවා සියලුම අකුණු සන්නායක වලින් කරන්නේ එකම කාර්යයයි, මේ වටිනා දේ රාජ්‍ය ආදායමට ලබා ගන්න, දැන් අපට මුදල් හිඟ නිසා