(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුළුගම අලොතියාව ප්‍රදේශයේ කුඩා කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන නිවසක් අද (1) අලුයම සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වූ බව බණ්ඩාරගම පොලීසිය කියයි.
ඉවතලන ප්ලාස්ටික් ද්‍රව්‍ය කුඩුකර විදේශ ගත කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙම නිවසේ පවත්වාගෙන යන බවත් ගින්න ඇති වන අවස්ථාවේ දී එහි කිසිවකු සිට නොමැති බවත් පොලිසිය කියයි.
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් ක්ෂණිකවම ස්ථානයට පැමිණ හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකක නිලධාරීන් කැඳවා ගින්න මැඩපැවැත්වීමට දැඩි උත්සාහයක් ගත් අතර ගින්න ඊට වඩා වැඩි වේගයකින් සම්පූර්ණයෙන්ම නිවස පුරාම පැතිර ගිය බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
විදුලිබල මණ්ඩලයේ සේවකයන් ද කැඳවා ප්‍රදේශයේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබේ.
ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැති අතර ගින්න ඇති වීමට හේතුව හෝ සිදු වූ අලාභය මෙතෙක් අනාවරණය වී නැත.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය
බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අටුළුගම කර්මාන්ත ශාලාවක ගින්නක්
Sameer Monday, 01 March 2021 11:49 AM
හැමදේම වෙන්නේ අටලුගමට...