IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අටේ දැරිය අත ගෑ 70 සාදු ගුටි කා අපවත් වෙති

(ඉන්දිකා රාමනායක සහ ධම්මිකා බාලසූරිය)

අට හැවිරිදි දැරියක ස්පර්ශ කළැයි පහරකෑමට ලක් වූ හිමි නමක පහරකා රෝහල්ගත කිරීමෙන් අනතුරුව අපවත්වී  ඇතැයි හෙට්ටිපොල පොලිසිය පවසයි.

හෙට්ටිපොල පොලිස් වසමෙහි හිත්තරපොල, අගාරඋඩ ගම්මානයේ අගාරඋඩ ආවාසය විහාරස්ථානයේදී  මෙම සිදුවීම සිදුව තිබේ.

මෙලෙස පහර කෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  එලුවාපොල වගීශ්වර නමැති හැත්තෑ හැවිරිදි හිමිනමකි. 

බෝධි පූජාවක් පැවැත්වීම සඳහා  අගාරඋඩ ආවාසය විහාරස්ථානයට ගොස්  බෝ මලුව පිරිසිදු කිරීම සඳහා ඉදලක් ගෙන ඒමට ගිය අට හැවිරිදි දැරියක මෙම සිද්ධියට මුහුණ පා ඇත.අ

දැරිය අතවර සිදුවූ බවට කණ වැකීමෙන් කෝපාවිෂ්ට වූ පියා ඔහුගේ සහෝදරයකුද කැටිව හිමිනම සොයා විහාරස්ථානයට ගොස් ඇති අතර එහිදී විහාරස්ථානයේ හිමිනම සිට නොමැති අතර එම ගම්මානයේම ඇති රාජමහා විහාරස්ථානයට ගොස් සොයා බැලීමේදී හිමිනම එම විහාරස්ථානයේ කාමරයක නිදාගෙන සිට ඇත.

එම කාමරය තුලදී හිමිනමට පහර කෑමට ලක්ව ඇති අතර යළි එම සිද්ධිය වූ විහාරස්ථානයට රැගෙන පැමිණ ඇතැයි ද වාර්තා වේ.

ගම්වාසීන් මෙම සිදුවීම සම්බන්ධව හෙට්ටිපොල පොලිසිය වෙත දන්වා ඇති අතර පොලිස් නිලධාරීන් පැමිණ 1990 හදිසි ගිලන්-රථයක් කැඳවා හිමිනමව කුලියාපිටිය මූලික රෝහලට රැගෙන ගොස් තිබේ. හිමිනමගේ තත්ත්වය බරපතල වූයෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී අපවත්වී ඇත.

 



අදහස් (24)

අටේ දැරිය අත ගෑ 70 සාදු ගුටි කා අපවත් වෙති

පිටිගල මිලානෝ Wednesday, 01 March 2023 12:48 PM

දේශපාලකයින්ට බලයට ඒමට නයි නටවා ගොටු අල්ලා තනතුරු වරප්‍රසාද ලබා V8 වාහන පදින සාදුලා මේ පුවත විසිතිස් පාරක් බැලුවට කාරි නැහැ.

:       14       90

Perera Wednesday, 01 March 2023 12:58 PM

ගුටිකා නෙවෙයි... ගුටි වළඳා කිව්වානම් හරි. අපත වැඩ කළාම ඕවා වෙන්න පුළුවන්.

:       11       77

Surathala Wednesday, 01 March 2023 01:09 PM

අනේ සාදු...!

:       9       44

නන්දන පනා-මිලානෝ Wednesday, 01 March 2023 01:32 PM

දැන් ඉතිං අර අහිංසක තාත්තාව මිනීමරුවා කියලා කුදලන් යනවා එහෙම නෙවෙයි…!

:       0       0

සෙනුරි Wednesday, 01 March 2023 01:43 PM

ආදාහන පූජෝත්සවය කවද්ද?

:       5       31

ravinWednesday, 01 March 2023 02:22 PM

පූජකත්වය කෙළෙසූ අයට දෙන්න ඕනේ දඬුවම නම් බල්ලන්, කපුටන්, නරීන්, මීයන් වගේ කසල ඉවත්කිරීමට ස්වභාවධර්මය විසින් මෙලොවට බිහිකරන ලද සතුන්ගේ බඩගිනි නිවීම පමණයි.

:       4       9

KuleWednesday, 01 March 2023 02:23 PM

මේවට එහෙයි කියන අයත් ඉන්නවා....

:       5       7

liyanna Wednesday, 01 March 2023 01:50 PM

පොඩිදරුවන්ව කඩේ යවන දෙමව්පියෝ හොඳට ඇස් ඇරගෙන කියවන්න.

:       1       31

රත්නපුරේ ප්‍රියා Wednesday, 01 March 2023 01:53 PM

වාර්තාකරණ උනත් හරියට කරන්න ඉන්දිකා නිකන් හිතෙන හිතෙන ඒවා නොදා ....උදේ ඔයාගේ නිවුස් එකේ දානවා මාස 2ක් තිස්සේ මේක වෙනවලු එහෙම උනා නම් දෙමවුපියෝ වැරදි .ඉදල ගෙන්න ගිය ගමන් ඇතුන් ඇල්ලුවට මැරෙන්න ගැහුවනම් ඊකත් වැරදි මොනා උනත් නිවුස් එක එක එක පාරට වරද්දලා දාන ඔයාලත් වැරදි

:       0       0

ලක්ෂිකා Wednesday, 01 March 2023 02:04 PM

අයියෝ ෂාමි…!

:       0       0

දාස Wednesday, 01 March 2023 02:16 PM

මෙවැනි අය දුටු තැන ච්‍වරය ගලවා , සරමක් අන්දවා හොදටම ගුටි ඇනිය යුතුයි

:       0       0

සනත් Wednesday, 01 March 2023 02:34 PM

දැරියගේ මූණෙත් කළු ගාගෙන මිනීමැරුම් චෝදනාවකටත් අහුවුණා කියලා හිතෙනවා..

:       7       28

SamanWednesday, 01 March 2023 07:18 PM

ආවේගය වැඩී තමයි. නමුත් ඔයා කියන ලෙස සිද්ධිය යට ගැහැව්වම ඔය මිනිහා තව කී දෙනෙකුට ඔවා කරයිද. සමාජ අසාධාරණ අකටයුතුකම් හොරකම් ඉදිරියෙ අපි නිහඩව සිටීම නීච නිවට දෙයක්. මේ රටට මේ තත්වයට වැටිලා තියෙන්නේ අපි වැරදි දැක දැක නොදැක්ක වගේ සිටීම..

:       1       1

හේරත් Wednesday, 01 March 2023 02:41 PM

උන් වහන්සේට නිවන් සුවයේත් උපරීම නිවන් සුවය අත්වේවා. බෞද්ධයින්ට ප්‍රඥාව පහළවේවා...!

:       15       15

Rexi Wednesday, 01 March 2023 02:48 PM

අයියෝ සාමි..., පැය 24 ආගම, නීතිය කරගෙන ඉන්න මිනිස්සුන්ට දහමේ ප්‍රතිඵල....

:       3       12

Shantha - Qatar Wednesday, 01 March 2023 02:52 PM

ඔහොම අපවත් වූ එක හොඳයි.

:       7       14

නාලිනී Wednesday, 01 March 2023 05:41 PM

අපි නම් කවදාවත් අපේ ළමයි පන්සලට නම් තනියෙන් යවන්නේම නැහැ. හොදට තියෙයි…

:       0       0

නිකං කන්නො Wednesday, 01 March 2023 05:45 PM

පන්සලේ හාමුදුරුවෝ කොහේහෝ වැඩලා කරිටාස්ලා බඩු බෙදමින් පන්සලේ රැස්වීම් තියනවා (අපේ රටේ ගෑනුන්ට බලු බෙට්ටක් හෝ වර්ණනා කරලා නොමිලේ දෙනවා නම් ඊට ඉහළින් දෙයක් නැහැ ) ඒ අතරේ පුරාණ විහාරයේ දොරටුවේ මිනිහෙක් ඉදගෙන කාටදෝ යාග්ඣාවක් කරනවා. කාටවත් බුදුහාමුදුරුවෝ වදින්න බැහැ අර මිනිහගෙ ශබ්දය නිසා පූජාවක් තබන්න බැහැ. අනේ අපේ නායක හාමුදුරුවෝ මොනවා කරනවාද මංදා. බුදු දහම විනාශ කරන්න එන්ජීඕ කාක්කො කටයුතු කරද්දී පන්සල්වලට කරිටාස්ලා රිංගා රගනවා

:       0       0

PODDA Wednesday, 01 March 2023 08:04 PM

ගමේ කසිප්පු මුදලාලි මැරුණාම පාංශුකූලය දෙනකොට සත්ගුණවත් උපාසක මහත්තයා කියලා කියනවා. මේ හාමුදුරුවන්ගේ ආදාහන උත්සවයේදී ගුණකථනයට මොනවද කියන්නේ?

:       0       0

පැරකුම් Wednesday, 01 March 2023 09:04 PM

මට පෙනෙන විධියට මේ වාර්තාව ඒක පාර්ශවීයයි. හිමිනමට පහරදී මරණය සිදුකල අය ගැන ගනු ලබන නීතිමය පියවර ගැන සදහනක් නැත.

:       0       2

බද්රානි Thursday, 02 March 2023 02:41 AM

හාමුදුරුවන්ගේ ළමා අපයෝජනය කෙසේ වෙතත්, ලංකාවේ "තලෙයිබාන් බෞද්ධයින්ගේ" නඩු තීන්දුව නම් හරිම ෂෝක්.. බෞද්ධයින්ට ලංකාවේ නීතිය අදාළ නැද්ද? මිලේච්ජ ගතිගුණ වලින් පිරිපුන් සිංහල තලෙයිබාන් වර්ගයේ බෞද්ධයින් මිනි මරනවා මදිවාට, මිනීමැරුම සාධාරණීකරණය කරනවා. "ළමා අපයෝජනයට" ලංකාවේ නීතිය ගහලා මැරීමද? මේ උතුම් භුමිය මිලේච්ජයින්ගේ ග්‍රහණයට හසුවී තිබෙන බවට මීට වඩා වෙන සාධක කුමටද? ලංකාවේ බෞද්ධයින් ගරු කරන V8 සංඝ කල්ලිය නම් කවදාවත් මේ වගේ ලිංගික අපයෝජන කරන්නෙම නැහැ නේද?? අබ සරණයි හැමෝටම!!!

:       3       3

Sunil Gamage Thursday, 02 March 2023 07:00 AM

චිත්ත ඒකාග්‍රතාවය නැති, ඉන්ද්‍රිය දමනය කළ නොහැකි පුද්ගලයා බුද්ධ ශාසනයේ පැවිදි වීමට සුදුසු නැත. ඔහු වහා පැවිදි බව අත්හැරිය යුතුය. නැතිනම් ශාසනයට පැවැත්මක් නැහැ.

:       0       0

sampath Thursday, 02 March 2023 06:10 PM

දරුවන් තනිවම කිසිම තැනකට නොයැවිය යුතුයි... අනෙක මේ වගේ දෙයක් වුණාම කියන්න මීනිමරන්න කවුද බලයක් දුන්නේ? ඒ සම්බන්ධව නීතියක් තියෙනවා 345 නඩුවක් පවරන්න පුළුවන්. මෙහෙම නීති අතට ගැනීම සහ ඒ සඳහා අනුබල දීම නතර කළ යුතුයි. ඇත්තටම එහෙම දෙයක් නොවුණා නම් මොකක්ද කියන්නේ...? මේවා සංකීර්ණ දේවල්.. මතුපිටින් පේන දේට වඩා වැඩි යමක් තියෙන්න පුළුවන්..

:       0       2

shiran dabare Thursday, 02 March 2023 08:42 PM

ළමා අපයෝජනය අධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. භික්‍ෂු ඝාතනයට සම්බන්ධ පියා ඇතුළු පිරිසට වසර ගණනාවක්‌ සිර දඬුවම් තීන්දුවක් ලැබෙනතුරු ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 0 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 28 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 206 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


මහින්දගේ වාර්තාව හරිනි බිදියි
2024 නොවැම්බර් මස 15 357 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 588 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


නීතී කැඩූ අපේක්ෂකයින් තිදෙනකු ඇතුළු 69 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 117 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 277 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 588 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1710 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site