IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අඩම්තේට්ටම් වූ යූඑන්පී පාක්ෂිකයන්ට වන්දි

(අංජුල මහික වීරරත්න)

දේශපාලන පළිගැනීම් වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.

1994 වසරෙන් පසු දේශපාලන පළිගැනීම් වලට ලක්ව රුපියල් ලක්ෂ දහයට වඩා අලාභ සිදුවූ බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුවෙන් නිගමනය කරන ලද 66 දෙනෙක් සඳහා මුලින්ම වන්දි ගෙවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වූ සැණින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුව පත් කෙරුණු අතර එම කමිටුවට පැමිණිලි එකසිය 164 ක් ලැබී තිබිණි.

එම පැමිණිලි වලින් 66ක් සඳහා වන්දි අනුමත කෙරුණු අතර සෙසු පුද්ගලයන් ඉදිරිපත් කළ අභියාචනා සලකා බලා සුදුසු වන්දි මුදල් තීරණය කිරීමට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටු කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

කමිටුවට ඉදිරිපත් කෙරෙන අභියාචනා සම්බන්ධයෙන් එජාප කලාප සංවිධායකවරුන් හරහා වැඩිදුර විමර්ශන කර අදාළ මාස දෙකක කාලයෙන් පසු ඔවුන්ට ද සුදුසු පරිදි වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව එජාප මහ ලේකම්වරයා කීය.



අදහස් (14)

අඩම්තේට්ටම් වූ යූඑන්පී පාක්ෂිකයන්ට වන්දි

mangala Saturday, 06 April 2024 03:42 PM

1994 වෙච්චි පළිගැනීම් වලට වන්දි දෙන්නේ දැන්ද? සමහර මිනිස්සු මැරිලාත් ඉවරයි. තමන්ට වෙච්චි අසාධාරණයට විසඳුමක් නැතුවම. දන්න විදියට පැමිණිලි 20000 කට වඩා තිබුණා. නායකතුමාගේ සුපිරි මොලේ හැටියට ඒක බාරදුන්නා පරිපාලන අමාත්‍යාංශයට. ඒ දවස් වල ඒකේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැති නිලධාරින් ඒවා යැව්වා හමස් පෙට්ටියට. පළිගැනීම් වලට ලක්වෙච්චි යූඇන්පී කාරයින් ඉළඟ ඡන්දෙන් යැව්ව රනිල් ඇතුලු සමාගම ගෙදරම. ලියන්න ගියොත් පොතක් ලියන්න පුළුවන්...

:       3       8

පිටරටවැසියා Saturday, 06 April 2024 03:44 PM

මේ ඔක්කෝම කෙරෙන්නේ රටේ ජනතාවගේ බදු මුදලින් නේද? ලේකම් උන්නැහේ? නැතිව ඉතිං දේශපාලන පළිගැනීම් කරපු අයගෙන් අය කර ගන්නවා කියලාද? එහෙමත් නැත්නම් පක්ෂ අරමුදලින් ගෙවනවා කියලාද? දියවන්නාවේ ඉන්න 226 ම අපායේ ඉඳනුත් මේ රට කන එකනම් නතර වෙන්නේ නෑ, ඒක ෂුවර්...

:       2       19

Hafeel Saturday, 06 April 2024 04:27 PM

මොවුන් බලය අහිමිවීමට පෙර බොරු කමිටුවක් පත් කරමින් මහජන මුදල් තවත් හොරකම් කරමින්, පාක්ෂිකයින් රැකගන්න උත්සාහ කරන්නේ...

:       1       18

Lakmal Saturday, 06 April 2024 04:51 PM

දීලා බලන්නකෝ..!

:       1       14

Jak Saturday, 06 April 2024 05:09 PM

ඔයාගේ ද පක්ෂෙ සල්ලි ද දෙන්නේ...?

:       1       16

චන්දන Saturday, 06 April 2024 05:51 PM

ඕක තමයි කියන්නේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. පරණ සෙල්ලම් ආයේ පටන් ගන්න ද යන්නේ? යූඇන්පි එකෙන් 1977 ඉඳලා කරපු පළිගැනීම් අහගන්න කැමැතිද? මෙයාලා තරම් දේශපාලන පළිගැනීම් වෙනත් අය කරලා නැහැ...

:       2       15

Ruwan Saturday, 06 April 2024 10:22 PM

හැමදාම වගේ හැන්ද තමන්ගෙ අතට ආවාම තමන්ගේ අයට බෙදා ගන්නවා. ඊට පස්සේ ඒක විකුණලා ඡන්ද හිඟාකනවා. යැපෙන බත් බැලයින් වැඩිවෙන තරමට මේ වගේ තක්කඩියන්ගේ පැවැත්ම තහවුරු වෙනවා. හැබැයි දවසින් දවස රට වල පල්ලටම යනවා. මේ රට ආයෙත් ගොඩගන්න බැරි රටක් වෙලා ඉවරයි. ඒක හින්දා මිනිස්සු විදියට ගරුත්වය තියන් ජීවත් වෙන්න ආසා නම් රටක නීතිය යුක්තිය ඉටුවෙන මිනිස්සුන්ගේ අයිතීන් පිළිගන්න රටකට ජීවත් වෙන්න යන්න උත්සාහ ගන්න...

:       0       1

ranjan Saturday, 06 April 2024 11:39 PM

වන්දි ගෙවන්න සල්ලි දෙන්නේ කවුද? රටේ ජනතාවට කන්න නැතිව දුක් විඳිනවා. මොවුන්ගේ වන්දි භට්ටයින්ට වන්දි ගෙවන්න හදනවා. මොවුන් කොහේ හිටපු අයද? ඡන්දෙන් පැරැදිලා හැංගිලා හිටපු අය... ගෙවලා බලන්න මොකද වෙන්නේ කියලා.

:       0       2

ටීමන් පෙරේරා Sunday, 07 April 2024 12:47 AM

මිනිස්සු මරාගෙන බදු ගහලා ඒවා ඡන්දේ ලංවෙනකොට බෙදනවා මොනවා හරි කියලා. කොච්චර බෙදුවත් මේ පාර ඔබලා වාර්තාගත විදියට පරාජය කරලා ගෙදර හෝ මහගෙදර...!

:       0       1

ranjith Sunday, 07 April 2024 04:53 AM

කවුද එතකොට ඔය අඩම් තේට්ටම් කරලා තියෙන්නේ. පොහෙට්ටුවේ අයද? ඔය දෙගොල්ලන් යාළුවොනේ... මහජන මුදල් කොල්ලකන්න මොනවා හරි උප්පරවැට්ටියක් දාගන්නවා.

:       0       2

Nimal Sunday, 07 April 2024 07:33 AM

එජා පාක්ෂිකයින්ට වන්දි ගෙව්වාම ප්‍රශ්න සියල්ලම විසඳෙයි... ඖෂධ මගඩිය නිසා රෝගීන් කිහිප දෙනෙක් මිය ගියා... තවත් අයගේ ඇස් අන්ධ වුණා. තවත් අය සදාකාලික රෝගීන් බවට පත්වුණා. ඔවුන් ගැන කුමට සොයා බලනවාද? දැන් ඡන්දෙකටත් සූදානම් වෙමු. අපේ නිවසට ප්‍රචාරක කටයුතු සඳහා පැමිණිවිට අපි හොඳින් සලකන්නම්...

:       0       2

chandima Sunday, 07 April 2024 07:49 AM

අර මහ බැංකුවෙන් පිල්ලි ගහපුවා වෙන්න ඇති බෙදන්න යන්නේ...?

:       0       1

චන්දිම ෆොන්සේකා Sunday, 07 April 2024 10:43 AM

යන යකා කොරහත් බිඳගෙන යන්න වගේ හදන්නේ. ඒ පාර බලනවා තව මුට්ටියක් දාලා බලන්න. ලැබිච්ච චාන්ස් එකෙන් ජනතාවගෙන් හූරලා ගත්තු බදු මුදලින් පාක්ෂිකයින්ට සන්තෝසම් දීලා ඡන්ද ටිකක් ගරා ගන්න පුළුවන්ද කියලා ට්‍රයි එකක් දෙන්නයි බලන්නේ... මොකද අම්මාගේ අප්පාගේ බූදලෙන් එන සල්ලි නෙමෙයිනේ. මොවුන්ගේ කපටි කයිරාටිකකම නම් ගලේ ගහලා හේදුවත් අරින්න බැහැ. ආයේ ආයේමත් ඒකමයි කරන්නේ...

:       0       1

Kazi Shajahan Sunday, 07 April 2024 01:28 PM

රනිල්ට, ඕවා කරන්න බලය දුන්නේ, අපි දුන්නේ ගෝඨාභයට බලය ඕවා කරන්න නෙවෙයිනේ... අනික අපි ගෝඨාභයට ඡන්දය දුන්නේ රනිල්ට දෙන්න නෙවෙයිනේ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 10 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 31 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 74 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 88 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2378 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site