IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


අඩු ආදායම් ලාභීන්ට ආණ්ඩුවෙන් බෝනස්

(රන්ජන් කස්තුරි සහ තිලකරත්න දිසානායක)

සමෘද්ධි ලාභි පවුල්වලට සහ අඩු ආදායම් ලාභී පවුල්වලට රුපියල් 5000ක දීමනාවක් ලාබදිමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙම දීමනාව ලබා දෙන බවත්  අලුත් අවුරුද්ධට ප්‍රථම මෙම මුදල ලබාදීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා කියයි.

කොරෝනා තත්ත්වය මත  රටේ ජනතාව  පත්ව සිටින අපහසුතාවය තේරුම් ගනිමින් මෙම  තීරණය ගනු ලැබූ බව සදහන් කළ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතා අද දහවල් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය

මෙ යටතේ  සමෘද්ධිලාභී පවුල් 17,00000 ක්,  සමෘද්ධි පොරොත්තු ලේඛනයේ 7,80,000 ක්,  අභියාචනා පවුල් 7,26,000 ක්  , වැඩි හිටි දීමනා ලබන 6,26,000 ක්  , ආබාධිත 1,23,000  ක්  , වකුගඩු රෝගීන් 44,400 ක් යටතේ ලක්ෂ 40 කට සහ  ග්‍රාමීය  කමිටු හා ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ නිර්දේශ අනුව ජීවනෝපාය අහිමි පිරිස් සදහා මෙම දීමනාව ලබා දෙන බවද පැවැසීය.



අදහස් (11)

අඩු ආදායම් ලාභීන්ට ආණ්ඩුවෙන් බෝනස්

mihira Saturday, 10 April 2021 06:21 AM

ඔය දෙන්නේ පළාත් සභා... අහුවෙයල්ලා ඉතින්...

:       31       59

nalin Saturday, 10 April 2021 09:49 AM

මෙයා හැමදාම කියනව විතරයි වැඩ කරන්නෙ නෑ... කොහොමත් රාජසන්තක වෙන හින්ද ඕකුන් මරාගන මැරෙන්න කලින් ඒ දේපොල වෙන වෙන අයට පවරල තිබුන මම දැකපු විදියට ... පුලුවන් නම් එහෙම පවරපු දේපොල මොකක් හරි ක්‍රමයකට රජයට පවරගෙන පාස්කු ප්‍රහාරයෙන් අසරණ වුණ පවුල් වලට බෙදල දුන්නනම් තමයි හරි ... මේ වැඩේ වත් හරියට කරයිද කියල සැකයි ...

:       43       13

Nihal Saturday, 10 April 2021 10:32 AM

ඡන්දයක් අත ළඟ...

:       15       59

කුමාර Saturday, 10 April 2021 10:51 AM

කාලයේ හැටියට මෙන්ම අපේ රටේ හැටියට මෙය ඉතා හොඳ දෙයක්..... කිසිම දෙයක හොඳක් නොදකින අයත් ඉන්නවා. එයාලට නම් මෙය වේදනාව ගෙන දෙන්නක් වේවි.

:       20       56

sampath Saturday, 10 April 2021 10:55 AM

මේක ඒ මිනිස්සුන්ට මහමෙරක්. ඇත්තටම හොඳ වැඩක් අරමුණ කුමක් වුණත් බැරි මනුස්සයාට රුපියලත් වටිනවා. අනෙක හැමෝම කැමැතියි අවුරුද්ද දවසට හරි වේලක් හොඳට කාලා ඉන්න. ලබන අවුරුද්දේ මේක 10000ක් කරලා දෙන්න සමෘධි බැංකුවල කෝටි ගාණක් තියෙනවා. ඒවගේ පොලිය ප්‍රතිලාභීන් අතර බෙදන්න රක්ෂණ ක්‍රමයකුත් හදන්න.

:       35       46

Perera Saturday, 10 April 2021 11:51 AM

මෝඩයින්ට සීනිබෝල හරකුන්ට පුන්නක්කු...

:       13       44

Hafeel Saturday, 10 April 2021 02:15 PM

මේක විතරයි දැන් අඩු. ගොවීන්ට නොමිලේ පොහොර දුන්නත් නැහැ, සිංහරාජ ඇතුළු වන විනාශ කළා, වස පොල්තෙල් ගෙනාවා.

:       9       20

sunanda Saturday, 10 April 2021 03:33 PM

පොහොසතා තවත් පොහොසත් කරන ආර්ථිකයක් තියෙන රටක, පහලම ආදායම් ලාභී ස්ථරයේ සිටින අයට දීමනාවක් ලබා දීම හොඳ දෙයක්. පවතින ජීවන වියදම අනුව ඇත්ත වශයෙන්ම මෙය රුපියල් 10,000 වත් විය යුතුයි.

:       10       35

Kumara Saturday, 10 April 2021 07:38 PM

ඉතා හොද දෙයක්

:       26       11

Weerasena Saturday, 10 April 2021 11:05 PM

වකුගඩු රෝගීන් 44,000ක්. බලන්න අපේ රටේ හඳුනා නොගත් වකුගඩු රෝගීන් කොච්චර නම් ඉන්නවද. මේ මිනිස්සුන්ට දීමනා දෙනවා වගේම ඒ ප්‍රදේශ වල මිනිස්සුන්ට බොන්න වතුර දෙන්න ක්‍රමේකුත් හැදුවා නම් නේද හොඳ. කැලෑ කැපිල්ල වගේම මිනිස්සුන්ගේ අවධානයට පත් වෙන්න ඕනෙ ප්‍රශ්නයක් මේක. ලංකාදීප මාධ්‍ය මෙහෙවර විසින් මේ ප්‍රශ්ණය සොයා මිනිස්සු දැනුවත් කරන්නේ නම් ගොඩක් පින්.

:       0       39

Rata Perata Sunday, 11 April 2021 07:03 AM

පාලකයෝ සහ උන්ගේ සහචරයෝ කෝටි ගණන් ගහන ගමන්, අපේ සල්ලි වලින් කෝටි ගණන් වල වාහන වල යන ගමන් රුපියල් 10000 ක් දෙනවා කිව්වා එකට චූන් වෙන කොටසකුත් ඉන්නවා... මිනිස්සු මේ සොච්චමට රැවටෙන්නේ නැතිව... තමන්ට හිමි නියම ජිවන තත්වය ලබාගන්න සටන් කරමු... අනිත් එක අවුරුද්දෙන් පස්සේ මේවා වමාරන්න වෙන බවත් මතක තියාගන්න අපේ රටේ ආර්ථීකය එච්චරටම බංකොලොත් කරලා තියෙන්නේ මේ හොර රැළ

:       7       11

ඔබේ අදහස් එවන්න

දියත

’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 168 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 56 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 604 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 1304 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


ඕලුමාරාගේ සිර කුටියෙන් දුරකතන හමු වෙයි
2024 නොවැම්බර් මස 05 172 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි


ජපුර සිසුන් විරෝධතාවක
2024 නොවැම්බර් මස 05 461 0

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 415 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1321 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 697 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site