IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


අණ නොතකා ගිය රියට වෙඩි:කේරළ ගංජා සමඟ යුවළක් කොටුවෙයි

(කේ බුද්ධික කුමාරසිරි)

මාලබේ හෝකන්දර විස්කම් මාවත අසලදී පොලිස් අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට වෙඩි තබා නවැත්වීමට කටයුතු කර එම මෝටර් රථය සෝදිසි කිරීමේදී එහි තිබී කේරළ ගංජා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව මාලඹේ පොලිසිය පවසයි.

එම මෝටර් රථයේ සිට අත්අඩංගුවට ගත් ගැබිනි කාන්තාවක් ඇතුළු යුවළගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම සැකකරුවන්ගේ පදිංචිව සිටි කඳුබොඩ දෙල්ගොඩ ප්‍රදේශයේ නිවසෙහි තිබී තවත් කෙරළ ගංජා කිලෝ එකක ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

මාලඹේ පොලිස් ස්ථානාධිපතිට ලද තොරතුරක් මත ළු කණ්ඩායමක් හෝකන්දර විෂ්කම් මාවත අසල මාර්ග බාධක යොදා වාහන පරීක්ෂා කරමින් සිටි අතරතුර ලද තොරතුරට අනුව සොයමින් සිටි මෝටර් රථය එම ස්ථානයට පැමිණීමත් සමග එම මෝටර් රථය නැවැත්වීම සඳහා පොලිසිය අණ කර ඇත.

එම අවස්ථාවේදී ඉදිරියට පැමිණි වේගයෙන්ම පිටුපසට ධාවනය කල මෝටර් රථය නොනවත්වා ධාවනය කිරීමට සැරසීමේදී පොලිසිය විසින් වෙඩි  ප්‍රහාර කිහිපයක් එම මෝටර් රථයේ ටයර් ඉලක්ක කරමින් වෙඩි තැබූ බවද ඉන් එක උණ්ඩයක් එක් රෝදයක වැදීමත් සමග මෝටර් රථය පාලනය කර ගත නොහැකිව විදුලි කණුවක වැදී නැවතී ඇතැයිද පොලිසිය පවසයි.



අදහස් (1)

අණ නොතකා ගිය රියට වෙඩි:කේරළ ගංජා සමඟ යුවළක් කොටුවෙයි

kudda Monday, 24 February 2025 11:36 AM

පුලුවන් නම් තුඩුව, ඌරගස්මංහන්දිය, කොස්ගොඩ, කරන්දෙනිය පරීක්ෂා කරන්න. විශේෂයෙන් තුඩුව (බෙන්තොට). මොකද, කුඩු රජාලා ඉන්නේ ඔතන. හැම තැනටම සම්බන්ධයි. වෙල් යායවල්, ඉදුරුවට කොස්ගොඩට ඌරගහට වැටෙනවා. රෑට කුඩු ප්‍රවාහණය කරනවා. ලයිට් කණු වල ඉස්සෙල්ලම ලයිට් නිවාගෙන නිවාගෙන යනවා. මේවා දැකපු අය මුකුත් කියන්නෙ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ඡන්ද දිනය 27 කියයි
2025 පෙබරවාරි මස 24 8 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීන්දු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතය.


නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2025 පෙබරවාරි මස 24 69 0

නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතා පත් කර තිබේ.


චීන දුරකතන සමගම ලොක්කෙක් හොටලයේදී වැටී මරුට
2025 පෙබරවාරි මස 24 0 0

කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක නවාතැන්ගෙන සිටි චීන ජාතිකයකු හදිසියේ මියගොස් ඇති බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.


අයවැයෙන් බදු වැඩි වෙනවාලු
2025 පෙබරවාරි මස 24 68 0

ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැයට අනුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ පවුලක් රුපියල් 40,000 ක පමණ බදු මුදලක් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී ගෙවීමට සිදුවන බවත් එය පස


ක්‍රීඩා ඇමති - මාධ්‍ය ප්‍රධානී හමුවක්
2025 පෙබරවාරි මස 24 51 0

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි ක්‍රීඩා ප්‍රධානීන් හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද


අයවැය ඡන්දය හෙට
2025 පෙබරවාරි මස 24 45 0

අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට (25) පස්වරු 6.00ට පැවැත්වේ.


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 192 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 413 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 177 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site