(ගයාන් සූරිය ආරච්චි)
ග්‍රෑන්ඩ්පාස්, බබාපුල්ලි හංදිය අසල මාර්ග බාධක රාජකාරියේ සිටි කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ගෙ අණ නොතකා පලා ගිය නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් තිබූ කාර් රථයකට වෙඩි තබා නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී කාර් රථය තුළ තිබූ ජීව අත්බෝම්බයක් පොලිසිය දෙසට දමා ගැසීමට සැකකරුවන් සූදානම් වූ බවද පොලිසිය කියයි.
එම වෙඩි තැබීමෙන් සුළු තුවාල ලැබූ සැකකරුවෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල කෙරවලපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් මෝටර් රථය කඩවත සූරිය පාලුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමින් ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් බවට තොරතුරු අනාවරණය වී ඇත.
කොළඹ උතුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික සමර පාල මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාරි ව්‍යාපෘති රට පුරා වාරි ව්‍යාපෘති 24 ක් අතර මග නතර කිරීමෙන් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් නාස්ති වී ගොස් තිබූ බව ජාතික වි
ගල්කිස්ස බඩෝවිට සිරිපාල මාවතේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පලා ගොස් සැඟව සිටි වෙඩික්කරු දින 6 කට පසු බියගම මල්වාන ප්රදීපගම පාරේ බෝඩිම් කාමරයක සැඟව
ජාතික පශු සම්පත් සංවර්ධනය මණ්ඩලය විකිණීමට පසුගිය රජය තීරණය කර තිබුණද වත්මන් රජය යටතේ එය කිසි ලෙසකින් විකුණන්නේ නැතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වා
ගල්කිස්ස සරණපාල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවිය ලබාදුන් සැකකරුවෙකු බද්දේගම ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංග
සංචාරක ඕස්ටේ්රලියානු පිලට එරෙහිව මේ මස 29 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කෝඬුකාර ත
රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවස
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අණ නොතකා පලා ගිය මෝටර් රථය වෙඩි තබා අල්ලයි