IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අතට අහුවුණු අපරාධකරු අල්ලා ගන්න බැරිවේ

(ටී.කේ.ජී.කපිල)

ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ රටකට පළා යෑමට තැත් කළ දරුණු ඝනයේ අපරාධකරුවෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ අත් අඩංගුවෙන් මිදී  පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය .

මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග විදේශ ගත වීම සදහා මෝටර් රථ දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (24)  දින රාත්‍රීයේ පැම්ණ ඇතැයි  පොලීසිය පවසයි .

මෙම පුද්ගලයාට එරෙහිව ඔහුගේ සැබෑ නමින් සහ ඔහු පෙනී සිටින ව්‍යාජ නමින්ද ගුවන් ගමන් තහනම් දෙකක් පනවා තිබී ඇත .

කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම පුද්ගලයා තම කවුළුව වෙත පැමිණි පසු , විදේශ ගත වීම වලක්වා , ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත දැනුම් දී තිබේ.

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ මොහු අත් අඩංගුවට ගෙන සිර මැදිරියෙහි රදවා තබා තිබේ .

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තමන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පළා ආ පුද්ගලයෙකු බවත් , ශ්‍රී ලංකාව පුරා තමන් මිනීමැරුම් 09 ක් පමණ  සිදු කර ඇති බවත් , මෑතකදී හංවැල්ල ප්‍රදේශයේ මිනීමැරුම ද ඒ අතර වන බවත් ප්‍රකාශ කර තිබේ .

ඉන් මද වේලාවකට පසුව මෙම පුද්ගලයා නිදහස් කර ගෙන යෑමට චීවරදාරීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ තිබේ .

පසුව කළ විමර්ශන වලදී මෙම චීවරදාරීන් ව්‍යාජ පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී තිබේ .

එම අවස්ථාවේ දී සිර මැදිරිය තුළ සිටි පුද්ගලයා එයින් පිටතට ගෙන තිබේ .

ඒ අතරතුර මෙම පුද්ගලයා  කටුනායක ගුවන් තොටුපළ පොලීසියෙන් පළා ගොස් තිබේ.

මේ පිළිබඳව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් පිරිසක්  කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මේ වනවිට එම අවස්ථාවේ රාජකාරී වල නිරතව සිටි පොලිස් සැරයනවරයෙකු අත් අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ .



අදහස් (29)

අතට අහුවුණු අපරාධකරු අල්ලා ගන්න බැරිවේ

යෝගා Saturday, 25 February 2023 03:48 PM

හැම කුණු වැඩකටම දැන් චීවරේ පාවිච්චි කරනවා...

:       216       68

Don perea Saturday, 25 February 2023 05:44 PM

කුණු බක්කියට දාන වෙලාව හරි...

:       169       41

SenakaSaturday, 25 February 2023 07:40 PM

දියමන්තියේ කුණු ගෑවුනා කියලා දියමන්තිය කුණු බක්කියට දාන එකාට පොල් බූරුවා යන නාමයද හොඳ වැඩිය.

:       6       67

අයුක්තියට එරෙහිවSaturday, 25 February 2023 07:56 PM

ඒක පුදුම කෙලියක්නෙ යකෝ. කවුරුහරි කහ රෙද්දක් පොරවන් ඇවිත් අපරාධකාරයො නිදහස් කරන්න කිව්වම එහෙම නිකම්ම නිදහස් කරාද ඉස්සරත්. තමුන්නැහැලා අද ඊයෙද උපන්නෙ? මෙච්චර කල් උනේ සිවුරෙන් ඇදලා කනට දෙකක් ගහලා එවුන්වත් කූඩුවට දාන එක නේද? මාධ්‍ය වල ප්‍රවෘත්ති බලන්නෙ නැද්ද? මෙතන විතරක් අමුතු දෙයක් උන නිසා තමයි සැරයන් අත් අඩංගුවට අරන් තියෙන්නෙ.

:       0       60

KamalSunday, 26 February 2023 04:56 AM

දුමින්ද සිල්වා නිදහස් කරන්න කියල ටී වී එකේ බෙරිහන් දුන්න අය මතක් වුණා.

:       1       13

anura Saturday, 25 February 2023 03:48 PM

ඝාතකයා කුරුල්ලෙක් වෙන්න ඇති. අපරාදේ ජෙට් එකකින් හරි පස්සෙන් පන්නලා අල්ලා ගන්න තිබුණානේ...

:       0       94

පිටිගල මිලානෝ Saturday, 25 February 2023 04:23 PM

පොලීසිය කරන ලොකුම ක්‍රියා තමයි බවුසර් වලින් වතුර ගහන එකයි, කාමර අස්සේ ඉන්න අහිංසක ජෝඩු අල්ලන එකයි....

:       8       92

samanSaturday, 25 February 2023 05:44 PM

හැබැයි ලොකු හෝටල් වලට යන්නේ නැහැ.

:       1       59

ගල්කන්ද Saturday, 25 February 2023 04:23 PM

බුද්ධ චීවරය දැන් අවභාවිතා වෙනවා වැඩියි. ඒකට භික්ෂූන්ම තමයි වගකියන්න ඕනෑ.

:       119       57

AlfreadSaturday, 25 February 2023 07:43 PM

සුදු ලෝගුවත් අවභාවිතා වෙනවා. ඒත් බෞද්ධයින්ට බැන්නට කවුරුවත් මොකුත් කරන්නේ නැති නිසා හැම කෙනාම රෙද්ද උස්සගෙන එනවා. ඒකයි වෙලා තියෙන්නේ. බටහිර රටවල නිරාගමික මිනිස්සු කෝටිගණන් බිහිවෙන්නේ ලෝගුවේ වැඩ තේරිච්චි නිසා. අපේ අයට තේරෙන්න කල්යයි. හැබැයි එතකොට පරක්කු වැඩියි.

:       0       1

NisanSaturday, 25 February 2023 08:32 PM

එහෙම නොවෙන්න තමයි හාමුදුරුවන්ට භික්ෂු හැඳුනුම්පතක් නිකුත් කරලා තියෙන්නේ... පොලිසියට දැනුම් දීලා තියෙන්නේ අවශ්‍ය ඕනෑම වෙලාවක ඒක හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටින්න කියලා. මෙතැන වෙන්න ඕනැ පොලිසියේ පොඩ්ඩන්ට නීතිය හරියට උගන්නලා එවන එක... සංඝයා වහන්සේ මෙවන් දේවල් නොවෙන්න තමයි නීතියට ඒ විදියට සහාය දීලා තියෙන්නේ... මේකට හාමුදුරුවන්ට කරන්න දෙයක් නෑ. හැම රෙද්දටම චීවරේට බනින්න බලාගෙන ඉන්න චීත්තධාරීන් පොඩ්ඩක් හිතන්න පුරුදු වුණොත් හොඳයි.

:       12       179

KamalSunday, 26 February 2023 04:53 AM

දුමින්ද සිල්වා නිදහස් කරන්න කියල ටීවී එකේ බෙරිහන් දුන්නෙත් ව්‍යාජ අයද?

:       0       1

sweneSunday, 26 February 2023 06:05 AM

ජනතාවගේ බදු මුදලින් පඩි සහ වෙනත් දේවල් ලබාගත්තත් පොලිසිය ඉන්නේ ආණ්ඩුවට කැළලක් වන උද්ගෝෂණ මැඩ පවත්වන්න පමණක් බව දන්නේ නැද්ද ?

:       4       18

Pc-RSunday, 26 February 2023 09:16 AM

සුපිරි කතාව "චීත්තධාරීන් ". මෙතන සම්පුර්ණ වරද පොලිසියේ.

:       0       58

kapila Saturday, 25 February 2023 05:46 PM

මොනවද අප්පා මේ පොලිසිය කරන්නේ?

:       0       127

Sumith Saturday, 25 February 2023 08:48 PM

එකත් එකටම පගාවක් අරන් අතාරින්න ඇති...

:       0       94

මහසෙන් Saturday, 25 February 2023 09:00 PM

වීනෝද සමයටත් එහාගිය කතාවක්... ලැජ්ජාවේ පණයනවා.

:       0       70

Nihal Saturday, 25 February 2023 09:16 PM

පොලිස් බල්ලන් කෝ?

:       1       32

පැරකුම්Sunday, 26 February 2023 03:59 AM

පුදුම වෙන්න එපා මේ සිරි ලංකාව.

:       0       8

Samal Saturday, 25 February 2023 10:19 PM

මොනවා කරන්නද උඩින් දෙන ඕඩර් එක හැටියට නේ පහළ අය වැඩ කරන්නේ. මොනවා උණත් කිසි සැලැස්මක් නැති වැඩ නිසා අපරාධකාරයෝ බායි කියලා යනවා.

:       0       9

අසොකසිරිලාල් Sunday, 26 February 2023 02:39 AM

වත්මන් පොලිස්පති සී. ඩී. වික්‍රමසින්හ අයින්කර ඉලන්ගකොන් මහතාවගේ දක්ශ නිලදාරියෙක් පත්කර පොලිස් දෙපර්තුමේන්තුව බේරගන්න.

:       0       6

sam Sunday, 26 February 2023 04:45 AM

ඇනිවර්යයෙන්ම කාලකන්නි පොලිසියත් ,දේශපාලුවොත් මෙවට ‌කෙලින්ම සම්බන්දයි.

:       0       1

Kamal Sunday, 26 February 2023 04:50 AM

භික්ෂුන් කියල දැන් ගොඩක් ඉන්නෙ ව්‍යජ පුද්ගලයන් තමා. අර තාප්පෙ උඩින් පැනල සිවුරත් දාල දිව්වෙ එහෙම කට්ටියක්.

:       8       10

Praba Sunday, 26 February 2023 04:56 AM

පොලිස් ඇමති වරයා පොලීසිය නැවත අභිමානය ලබා දුන්නා කිව්වා නේ. අභිමානය රෙද්ද පල්ලෙන් බේරෙනවා

:       0       12

Asela Sunday, 26 February 2023 10:11 AM

මිනිහාව අහුවෙච්චි ගමන්ම DIG කෙනෙක් සකසා දුන්නු ස්ක්‍රිප්ට් එකක් තමයි ක්‍රියාවට නංවලා තියෙන්නේ.

:       0       0

ගජමිතුරු Sunday, 26 February 2023 11:11 AM

මෙහෙම වුණාම තවත් දිගුකලක් එයාගේ පස්සේ පන්නනවා කියලා කට්ටියම එයාගෙනුත් ගණනක් අරගෙන රජයෙන් පඩිය ගන්නත් පුළුවන් වේවි... ඒකට තමයි ඔය සූජානම් වෙන්නේ කියලා පැහැදිලියි... මෙහෙම වෙලාවට චීවරය දාගත්තු හොරු ආවොත් පැවිදි නම සහිත ජාතික හැඳුනුම්පත නැත්නම් ඒ අයව අත් අඩංගුවට අරගෙන අධිකරණයට ගෙනයන්න නීතියක් හදන්න ඕනෑ. හොරුන්ට උදව්වක් නොකරන පාලකයින් නීති හදන තැන ඉන්නවා නම් එහෙම කරාවි කියලා හිතෙනවා...

:       0       0

Jayantha Sunday, 26 February 2023 02:17 PM

අපරාධකරු හඳුනාගැනීමේ තොරතුරු මහජනතාවගේ දැනගැනීම සඳහා එළිදරව් කිරීම ජනමාධ්‍යවල යුතුකමක් නේද?

:       0       10

Perera Sunday, 26 February 2023 02:35 PM

මේ හවුල් ව්‍යාපාරයේ පොලිසියේ අයත් හවුල් කාරයෝ වගේ...

:       0       10

වර්ණකුලසූරිය Sunday, 26 February 2023 11:10 PM

මහින්ද රාජපක්ෂ මහතා වගේම වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා පාර්ලිමේන්තුව දෙවනත් කළත් අද ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාව ජනපති කර ඇත. හිරගෙදරට නියම වී ඇති ප්‍රසන්න රණතුංග මහතා අද කැබිනට් ඇමැතිවරයෙකි. මිනීමැරුම් චෝදනාවට දඬුවම් ලබමින් සිටි දුමින්ද සිල්වා මහතා නිදහස් කර රජයේ ඉහළ තනතුරක් ලබාදී ඇති රටක මේ අපරාධකරුද නුදුරේම ජනපති, ඇමැති නැතිනම් රජයේ ඉහළ තනතුරක් ලබන්නෙකු විය හැකි රටකි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

සාමකාමි ලොවක් වෙනුවෙන් ලෝක බෞද්ධ ප්‍රජාව එක්වෙයි
2024 නොවැම්බර් මස 25 1 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 284 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 401 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 930 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 762 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 522 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site