(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරය කඩා, එහි තැන්පත් කර තිබූ ධාතන් වහන්සේලා, පෞරාණික වටිනාකමක් ඇති බවට සැලකෙන බුදු පිළිම දෙකක් සහ කුඩා කරඬු කිහිපයක් කිසිවකු විසින් සොරාගනු ලැබ ඇති බවට ඊයේ (1) පැමිණිල්ලක් ලැබුණු බව අත්තනගල්ල පොලීසිය පවසයි.
ධාතු මන්දිරයේ තිබූ පඬුරු පෙට්ටියක් කඩා, එහි තිබූ මුදල් ද සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අත්තනගල්ල රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී අලවල සමිත හිමියන් මේ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත.
ධාතු මන්දිරයේ ජනේලය විවෘත කර, ග්‍රිල් එක ගලවා ඇතුළු වූ පුද්ගලයකු මේවා සොරාගෙන ගොස් ඇති බව පෙනී යන්නේ යැයි පොලීසිය කියයි.
මෙම ධාතු මන්දිරය පසුගිය අප්‍රේල් මාසයේ දිනක වසා දැමීමෙන් පසු එය පිරිසිදු කිරීමට අලවල සමිත හිමියන් ඊයේ උදෑසන දොර විවෘත කළ අවස්ථාවේ කිසිවකු මෙම පෞරාණික වස්තු සොරාගෙන ගොස් ඇති බව දැක ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ, ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත, අත්තනගල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක තෙන්නකෝන් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අත්තනගල්ල පන්සලට හොරු පැනලා
Lalla Tuesday, 02 May 2023 09:40 AM
පන්සල්වල කිසිම වටින කියන භාණ්ඩ බුදුදහම අනුව තිබෙන්නට බෑ. නව බෞද්ධ ලේබලය ගසාගෙන සිටින පන්සල් වාසීන් ගිහියන්ට වඩා පෘතඥණ ගතිගුණ ඇති අතහැරීම වෙනුවට සුඛ විහරණයට ඇලුන කණ්‌ඩායමක්. නැතිව පන්සල්වල මේතරම් ආරක්ෂාව දී රකින්න දේ තිබිය හැකිද?
චින්තක Tuesday, 02 May 2023 10:45 AM
රජමහා විහාරයක්ලු... කාලෙකට පෙර වසා තැබුවාලු.. ඉතින් මිනිස්සු වඳින්නේ කොහොමද? ඇත්තටම පන්සලක් දිනපතා පිරිසිදු කරන්නේ නැත්නම් එතැන කුමක් හෝ ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතෙනවා...
chandu Tuesday, 02 May 2023 11:23 AM
බුදුදහම ගැන ඔබගේ දැනුම ඉතා අල්ප බව පෙනේ. බුදුදහමෙන් උගන්වන්නේ තමගේ සිත ගැන මිසක් තැනක තිබිය යුතු භාණ්ඩ ගැන නෙමෙයි...