(සුජිත් හේවාජුලිගේ )
අත්තනගලු ඔයෙන් 1998 වර්ෂයේදී වර්ෂයේදී හමුවූ අවුරුදු එක්දහස් දෙසිය හැත්තෑවක් පමණ පැරැණි පාරුවක් නිසි සංරක්ෂණ ක්‍රමවේද පාවිච්චි කර සංරක්ෂණය නොකිරීම නිසා එය සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම පාරුව සංරක්ෂණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් වැයකර පොලිඑතලීන් සහ ග්ලයිකෝල් නම ඇති රසායන ද්‍රව්‍ය මිලදී ගෙන ඇතත් ඒවා එම පාරුවේ සංරක්ෂණ කටයුතු සඳහා යොදා නොගෙන වෙනත් කටයුත්තකට යොදාගෙන ඇතැයි පවසන විගණන අංශ දෙපාර්තමේන්තුවේ රසායන සංරක්ෂණ අංශය එය වෙනත් ක්‍රමවේදයකට සංරක්ෂණය කිරීම හේතුවෙන් මෙලෙස විනාශව ගොස් ඇති බවද සඳහන් කරයි.
පුරාවිද්‍යාත්මක ස්ථාන සහ පුරාවස්තු පිළිබඳව ගවේෂණය කිරීම කැණීම් කිරීම සහ සංරක්ෂණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් වන නමුත්
සංරක්ෂණ කාර්යය නිසි පරිදි ඉටු නොකිරීම නිසා මෙම පාරුව විනාශව තිබූ බව විගණන කාර්යාලය පවසයි.
ඉදිරියේදී මෙවැදී මෙවැනි තත්වයක් ඇති නොවීමට කටයුතු කර සියලු පුරාවස්තු ආරක්ෂා කිරීමට හා සංරක්ෂණය සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු බව විගණන අංශ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත.
විගණන අංශය කළ විමසුම්වලදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත්තේ සංරක්ෂණ ක්‍රමවේදය අවසන් වූ පසු නිසි තත්ව යටතේ ප්‍රදර්ශනයට පියවර නොගැනීම සහ ස්වාභාවික හානි සිදුවීම නිසා 2019 වසර අවසාන වනවිට පාරුවේ බොහෝ කොටස් දැඩි ලෙස දිරාපත්ව තිබූ බවයි.
මේ තොරතුරු සඳහන් වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අත්තනගලු ඔයේ ඉපැරණි පාරුව ජාතියෙන් සමුගනී
janaka Saturday, 03 December 2022 12:41 PM
අවුරුදු 1270ක් පරණයි.. ගොඩට අරන් අවුරුදු 24යි. විනාශයි. මොන මගුලක්ද කියන්නේ..? ඔච්චර 1270ක කාලයක් කොහොමද තිබ්බේ...?
ගජමිතුරු Saturday, 03 December 2022 02:37 PM
මොනවද ජනක කියන්නේ? වනාන්තරයේ තියෙන අවුරුදු දසදහස් ගණනක් පැරැණි වෘක්ෂයක් වුණත් මාසයක් හෝ දෙකක් ඇතුළත දර ලෙසට පාවිච්චියට ගන්න පුළුවන් උපාය දක්ෂයින් රාජ්‍ය සේවයේ ඉන්නේ... ලංකාවේ බොහෝ රාජ්‍ය සේවයේ නියුතු අය වැඩට යන්නේ පඩිය ගන්න මිස තමන්ගේ වගකීම ඉටුකරන්න නොවෙයි. කාර්යාලයට ගියා. තේ වත්කරගෙන කට්ටියම එකතුවෙලා බිව්වා. දවාලේ උයාගෙන කනවා. (එහෙම කියන්නේ ගතකරන කාලය නාස්ති කිරීම නිසා) නැවත හවසට තේ බීලා ඇඟිලි සළකුණු තියලා ආපසු යනවා වැඩක් කරන්න අවශ්‍ය නම් මසකට පැය 100ක් වත් අතිකාල දීමනා ඕනෑ කියනවා. ඒ අතර වැඩට බඳවා ගන්නේ දේශපාලන හිතවතුන්ට මිස අවශ්‍ය සුදුසුකම් අනුව නොවෙයි. ලංකාවේ 1970 සිට මෙරට පාලනය කළ සියලු දේශපාලුවෝ මේවාට වගකිව යුතුයි..
kamalSunday, 04 December 2022 07:52 AM
ඒක පුන්නක්කු වල දාලා තිබිලා තියෙන්නේ ඒකයි එහෙම උනේ.
Perera Saturday, 03 December 2022 04:32 PM
ඕක මොකක්ද? අවුරුදු 2500ක ප්‍රෞඩ සංස්කෘතියක් තිබෙන රටක් අවුරුදු 2න් බංකොළොත් කරලා ජාත්‍යන්තරයෙන් හිඟාකන තත්වයට බස්සවලා තියෙන්නේ...
BamunuaracchiSaturday, 03 December 2022 08:15 PM
සම්පූර්ණ ඇත්ත....
අනූෂා කස්තුරි ආරච්චි Saturday, 03 December 2022 07:54 PM
මම අනූෂා කස්තුරි ආරච්චි, 2008-2009 සංරක්ෂණය කළ මේ පරුවාවේ සංරක්ෂකවරියයි. එය සුනාමියෙන් පසු ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව සිදු කරන ලදී. සංරක්ෂණයෙන් පසු එය නිවැරදිව ප්‍රදර්ශනය කර නොමැත. එය කෞතුකාගාර ප්‍රදර්ශනයට යැවීමට අපි විශාල වෙහෙසක් ගත්තෙමු. වසර දහයකට පසුව දෙවැනි වරටත් හිටපු පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි මම 2019 වසරේ මේ පරුවා සංරක්ෂණ ව්‍යාපෘතියක් කළා. මම මේ ව්‍යාපෘතියේ රාජකාරිය 2019 වසරේ ඇමරිකාවට යන විට වෙනත් නිලධාරියෙකුට පැවරුවා. නමුත් ඒ සංරක්ෂණ ව්‍යාපෘතිය 2020දී නතර කළා. ඒකට හේතු මම දන්නේ නැහැ. මෙම ලිපියෙන් කියැවුණේ පාරුව විනාශ වූයේ වැරදි සංරක්ෂණ ක්‍රමවේදයක් නිසා බවයි. මට ඒක පිළිගන්න බෑ. මේ පැමිණිල්ල කළේ මට වඩා ලී සංරක්ෂණය ගැන පළපුරුද්දක් තියෙන කෙනෙක් නම් මට ඒක පිළිගන්න පුළුවන්. අද මම නැවතත් ඉල්ලා සිටින්නේ විදුර වික්‍රමනායක ඇමැතිතුමාගෙන් මේ පාරුව ගැන පරීක්ෂණයක් කරන්න කියලා. සිදුවූයේ කුමක්ද සහ කවදාද සහ කවුරුන් කළේද යන්න පිළිබඳ සියලු සාක්ෂි මට ඉදිරිපත් කළ හැකිය.
de silva Saturday, 03 December 2022 08:07 PM
ඔය පාරුව ඇන්ටික් කාරයෙකුට විකුණලා බාල ලීයෙන් තනපු පාරුවක් ඔතැන තියලා ඒක දිරලා කියලා විසිකරලා දැමුවද කියලා කවුද දන්නේ..?
Kamal Saturday, 03 December 2022 09:13 PM
රාජ්‍ය සේවය යනු පිං පඩි කාරයන්ගෙ රජ දහනක්. වෙන රටකනම් අදාල පුද්ගලයන් මෙලහට හිරේ
හල්පෙ Sunday, 04 December 2022 12:49 AM
පුරාවිද්‍යා දෙපර්තමේන්තුව ගැන්නම් කියල වැඩක් නැහැ. කවුතුකාගාරවල බඩු දූවිලි මකුළු දැල් බැදිලා. සේවක අතිරික්තයක් හිටියත් ඔවුන් මෙහෙයවන නිලධාරින් බුදි. රජ් සෝමදේව මහතාගේ අන්ලිමිටඩ් හිස්ට්‍රි බලන්න. ඔවුන් කරන්නෙ වැඩකරන මිනිහගෙ කකුලෙන් අදින එක. ඊර්ශියා කරන එක. දොස්තර මහතෙක් සීගිරි ලන්දුන් ගැන පරීක්ෂණ යක් කෙරුවා. නිලධාරීන් කෙරුවෙ ඔහුට උදව් කරන එක නෙවෙයි, අවහිරකම් කරන එක. මේවා ගැන සොයා බලන්න ඕනෑ. ඔරුව විනාශවෙන්න ඇරිය එවුන්ට දඩුවම් කළයුයි. කුරුණෑගල කච්චේරි පරිසරයේ පැරණි ඔරුවක් ප්‍රදර්ශණය කර තිබුනා. දැන් එය කැලයට යටවෙලා. ගසක අත්තක් කඩාවැටී වීදුරු ආවර්ණයත් බිදිලා. ඒලගම පුරවිද්‍යා කාර්යාලයත් පිහිටා තිබෙනවා.
Lapati Sunday, 04 December 2022 09:51 AM
ඕක මොකක්ද. අර ගාලු කොටුවෙ ඉපැරණි තැපැල් බිල්ඩිම කඩාවැටෙනකන් අපේ උන්දැල බලන් හිටියෙ. මහලොකු ලෝක උරුමයක් ගැන කතාකරනව