IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


‘‘අතීතය ගැන කතා කරමින් වත්මන් ප්‍රශ්නවලට විසැඳුම් සොයන්න බෑ‘‘

(අංජුල මහික වීරරත්න)

අතීතය ගැන පමණක් කථා කරමින් සිට වත්මන් ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට නොහැකි යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (28) පැවසීය.

පශ්චාත් කොරෝනා යුගයේ රට ගොඩනැගීමට ඇති එකම මඟ කිසිම දේශපාලන පක්ෂයකට වෙනස් කළ නොහැකි ශක්තිමත් දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම බවද වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.

එජාප නායකයා මෙි බව කීවෙි සමගි ජන බලවේගයට සහය දැක්වීම නිසා පක්ෂයෙන් ඉවත් කෙරුණු මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙනුවට පත් කෙරුණු නවක මන්ත්‍රීවරුන් 72 දෙනකු සිය ධුර වල දිවුරුම් දීම වෙනුවෙන් පැවති කෙටි උත්සව සභාවේ දීය.

මෙහිදී "සිය රට" එජාප නිල පුවත්පත ඊ පුවත්පතක් ලෙස එළි දැක්වීම ද සිදු කෙරිණි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබෙිවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්වරු ප්‍රමුඛ එජාප නායකයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (13)

‘‘අතීතය ගැන කතා කරමින් වත්මන් ප්‍රශ්නවලට විසැඳුම් සොයන්න බෑ‘‘

chandima Monday, 28 June 2021 05:40 PM

ඒ කියන්නේ කාලයක් වැල්ලේ ඔලුව හංගන් ඉඳලා ආපසු ආවාම පහුගිය දේවල් අමතක කරලා ඔබතුමාට ඡන්දෙ දීලා ජනාධිපති කරවන්න කියලද?

:       1906       1453

nmTuesday, 29 June 2021 06:33 AM

ඉදිරි මැතිවරණයකින් ලංකාවේ ප්‍රධාන ආයතන 4ක් සෞඛ්‍ය, අධ්‍යාපනය, පරිසරය සහ ආර්ථිකය උගත් බුද්ධිමත් කාන්තා පරිපාලනයක් යටතට පත්කළ යුතුවේ. ඔවුන් මින්පෙර දේශපාලනයේ නොසිටි නමුත් ඉදිරි මැතිවරණයකින් පසු පාර්ලිමේන්තුවට පැමිණි නවකයන් විය යුතුවේ. ඔවුන් දේශපාලනයට නවකයින් වුවත් පරිපාලනයට ඔවුන් නවකයින් නොවීමත් වැදගත් වේ. එසේ පත්වන ඔවුන්ට එම ආයතනය දේශපාලන බලපෑම්වලින් තොරව පාලනය කිරීම සඳහා අවංකව කැපවී සේවය කරන්නා වූ කණ්ඩායමක් එම ආයතන තුළ සේවය කරන දක්ෂයින්ගෙන් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදිය යුතුවේ. පක්ෂ දේශපාලනයෙන් මිදී සෑම ජනකොටසක්ම නියෝජනය වන පරිදි මෙම කණඩායම තෝරා ගතයුතුවේ.

:       0       0

SUNIL MILANO Monday, 28 June 2021 05:53 PM

අනේ මෙයාගේ ප්‍රතිපත්ති මාලාව... මෙයාගේ කටට ප්ලාස්ටරයක් දාන්න කවුරුවත් නැද්ද?

:       1052       907

මාර්ටින් Monday, 28 June 2021 06:01 PM

දැන් කියලා වැඩක් නෑ. රට බාරදුන්න හැම වෙලාවේම කලෙත් නෑ... දැන් ඉතින් වැඩක් නෑ... අපි වන පැත්තක් බලාගත්තා.

:       726       476

Bamunuarachchi Monday, 28 June 2021 06:22 PM

එනමුත් අතීතයේ අපිට වැරැද්දුවේ කව්ද? වැරැදුනේ කව්රු නිසාද කියන එක දැනගෙන සිටීම අනාගතය සකසා ගැනීමට වටිනවා...

:       162       151

කෝරාළගේ Monday, 28 June 2021 06:30 PM

මෙයා මේ පාර එන්නේ හොරුන්ගේ ඉල්ලීමකට. දැන් රට කඩා වැටිලා, ජනතාව පීඩනයට පත්වෙලා ඉන්නේ. මේ පාවාදෙන්නා දියවන්නාවට ගෙනැල්ලා බොරු කයිවාරු කියලා පීඩනයට මුහුණ දීගන්න බැරි ආණ්ඩුව බේරලා දෙන්නනේ හදන්නේ. මිනිස්සු ඇත්ත හොඳින් තේරුම්ගෙන ඉන්නේ. රනිල්ගේ මොනතරම් කැපිලි අස්සෙත් සජිත් සමගි ජන බලවේගයට හඬාගෙන විපක්ෂ නායක වුණා. රනිල්ගේ ලැජ්ජා නැතිකම කියන්නේ රටෙන්ම ඡන්දයෙන් පැරදිලා බෝනස් ආසනයෙන් පාර්ලිමේන්තුවට රිංගාගත්තනේ. ඉතිහාසගත එජාපය පොළවට සමතලා කළා.

:       1473       1101

නිමල් Monday, 28 June 2021 07:03 PM

අර්ජුන් මහෙන්ද්‍රන්ට, ඇලෝසියස්ලාට නම් සන්තෝෂ ඇති මෙහෙම කිව්වාම...

:       918       384

Raveendra Monday, 28 June 2021 08:05 PM

පරණ මහබැංකු, හොරකම්, මැරකම් අමතක කරමු .නැවත අලුත් හොරකම්, මැරකම් කරමු.

:       991       644

pjTuesday, 29 June 2021 04:38 AM

ඔව් ඔබ හරි... ඒ නිසානේ කුඩු මැරයෙක්ව සාන්තුවරයෙක් කරලා එළියට දැම්මේ. දැන් හොයන්න බැරි විදියට අලුතින් නියමෙට වැඩේ දෙයි. අතීතයේ අපිට වැරැද්දුවේ කව්ද? වැරැදුනේ කව්රු නිසාද නොව දැන් වරද්දමින් ඉන්නේ කවුද කියන එක දැනගෙන සිටීම අනාගතය සකසා ගැනීමට වටිනවා...

:       0       0

pakeer Monday, 28 June 2021 09:02 PM

ඒ කියන්නේ අතීතයේ වැරැදි කළා කියලා පිළිගන්නවා..

:       309       160

Rata Perata Tuesday, 29 June 2021 02:16 AM

තමුන් අතීතයේ හොරු ටික අල්ලලා හිරේ දැම්මා නම් අද මේ වගේ කාලකන්නි තත්ත්වයක් රටට උදා වෙන්නේ නෑ.

:       0       0

Bandara Tuesday, 29 June 2021 06:34 AM

ඔව්, ඔව්... අපි මහබැංකුව වගේ වචන අමතක කරලා දාමු.

:       0       1

de silva Tuesday, 29 June 2021 07:17 AM

රටේ ඡන්ද දායකයන්ගෙන් වැඩි පිරිසක් මන්ද බුද්ධිකයින් නොවේ. එම නිසා අපට අමතක වෙන්නේ නැහැ. ලබන සැරේ ප්‍රතිශතය 1%ට බස්සනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 667 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 322 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 272 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1108 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1464 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1632 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site