(නිමල් ජයරත්න)
ඓතිහාසික පොළොන්නරුව දිඹුලාගල හඳපාන්විල රජමහා විහාරස්ථානයේ ගල්ලෙනක සංකේතවත් වන රුවල් නැව මගින් ප්‍රදේශයේ වෙළෙඳ භාණ්ඩ ගනුදෙනුවක් සිදුවී ඇති බවට අනුමාන කරන බව පොලොන්නරුව පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ නලින් වීරරත්න මහතා සඳහන් කරයි.
ඒ බව අනුරාධපුර යුගයට අයත් හඳපාන්විල ගල්තලාවක තිබෙන ශිලා ලේඛනයේ සහ රුවල් නැවකින් සංකේතවත් වන බවත්, සංකේතවත් වන රුවල් නැව අසල සිට හඳපාන්විල විල්ලුවට ජැටියක් (පාලමක්) තිබී ඇති බවට සාධක පවතින බවත්, ඒ පිළිබඳ අද හෙටම ගවේෂණයක් සිදුකරන බවත් වීරරත්න මහතා පැවසීය.
පොළොන්නරුව යුගයේ දී කාලිංග දූපතට ඉහළින් මහවැලි ගඟ හරහා වේල්ලක් ඉදිකර, ගෝමතිඇල සහ කාලිංගඇලට ජලය ගෙන ඇති බවත්, ප්‍රදේශයෙන් රුවල් නැව් මගින් වෙළෙඳ භාණ්ඩ රැගෙන ගොස් ඇති බවට සාධක ඇති බවට විශ්වාස කරන බවත් වීරරත්න මහතා කීවේය.
ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ලජ්ජතිස්ස කුමාරයා විසින් මහා සංඝයා වෙත පූජා කරන ලදැයි කියන දූවේගල විහාරය නමින් ප්‍රචලිත වර්තමානයේ දිඹුලාගල හඳපාන්විල පුරාණ රජමහා විහාරය කේන්ද්‍රස්ථානය කරගනිමින් ලොවට කුළුබඩු, පලතුරු, ධාන්‍ය වර්ග, බෙදාහැර ඇති බවට සැලකෙන සෙල්ලිපි මෙන්ම එය සංකේතවත්වත් කරන රුවල් නැව විනිවිදව පෙනෙන අයුරින් මතුව ඇති බව හඳපාන්විල රාජමහා විහාරාධිපති යක්කුරේ සුමේධාලංකාර නාහිමියෝ පැවසූහ.
කාලයාගේ ඇවෑමෙන් මෙම භූමියේ ස්ථාපිත කර තිබූ පුරාණ ස්මාරක ගොඩනැගිලි, සතුරු ආක්‍රමණය සහ නිදන් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වීම නිසා විනාශයට පත් වීමත් සමඟ 1972 වර්ෂයේ එවකට දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති අපවත්වී වදාළ මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන් මෙම හඳපාන්විල රාජමහා විහාරස්ථානය සංවර්ධනය කළ අතර වසර විස්සකට අධික කාලයක් අලි, කොටි, වග වලසුන්, මධ්‍යයේ තමන් වහන්සේ මෙම රාජමහා විහාරස්ථානය රැකගෙන ආ බව ද සුමේධාලංකාර නාහිමියෝ කීහ.
හඳපාන්විල රාජමහා විහාරාධිපති යක්කුරේ සුමේධාලංකාර නාහිමියෝ
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අතීතයේ විදේශ වෙළඳාම ගැන සෙල්ලිපියකින් එළියට
අනුරා විතනගේ Tuesday, 06 December 2022 06:30 AM
ඔබ වහන්සේ පාද නමස්කාර කරමි.