IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අතීත පව් අනාගත පරපුරට පටවන්න එපා

 

(අංජුල මහික වීරරත්න)

අතීතයේ වූ ඛෙිදවාචක අනාගත දරු පරපුරට අත්විඳීමට ඉඩ ලබා නොදීමේ භාරදූර වගකීම ඉදිරි ජනාධිපතිවරණයේ දී ලාංකික ජනතාව මත පැවරෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

නැවතී තිබුණු ලෝක බැංකු, ආසියා සංවර්ධන බැංකු, ජයිකා ආයතනය  ඇතුලු ලංකාවට ආධාර සහ ණය දුන් කණ්ඩායම් වල සංවර්ධන ව්‍යාපෘති නැවත 2024 ජනවාරි මාසය ලබන විට 

ආරම්භ වීමට නියමිත බව කී අබෙිවර්ධන මහතා  පසුගිය කාලය පුරා කතා කිරීමට නොහැකිව තමන්ගේ දේශපාලන පක්ෂ වල බෝඩ් ලෑලි සඟවා සිටි පිරිස් මේ වනවිට එළියට පැමිණ අදහස් ප්‍රකාශ කරමින් සිටින බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවක් අමතමින් වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.

 

 

 



අදහස් (16)

අතීත පව් අනාගත පරපුරට පටවන්න එපා

විජිත් Thursday, 28 December 2023 04:04 PM

'කට බොරු කීවත් - දිව බොරු කියන්නේ නැහැ'යි කියලා අපේ ජනවහරේ තියෙනවා. "අතීතයේ වූ ඛේදවාචක අනාගත දරු පරපුරට අත්විඳීමට ඉඩ ලබා නොදීමේ භාරදූර වගකීම ඉදිරි ජනාධිපතිවරණයේ දී ලාංකික ජනතාව මත පැවරෙන බව..." සහතික ඇත්ත. 88-89 යුගයේ තරුණ තරුණියන් දහස් ගණනක් පන පිටින් ටයර් දමා ගිනිතබා ඝාතනය කලේ කවුද? ඔය තැන තැන කියවන රනිල් වික්‍රමසිංහ ඇතුළු ඝාතකයින් නොවේද? සජිත්ගේ තාත්තා ලොකු ප්‍රේමදාසලා නොවෙයිද? රාජිතගේ කුලී මිනීමරුවන් යොදවා හමුදාවේ පවුල් කිහිපයක් අමු අමුවේ ඝාතනය කොට ඒ වගකීම ජනතා විමුක්ති පෙරමුණ වෙත පටවා, හමුදාවේ වයිරය ජනතා විමුක්ති පෙරමුණ වෙත යොමුකළේ කවුද? ඒ සියල්ල එදා කළේ එක්සත් ජාතික පක්ෂයේ මිනීමරුවන් බව කවුරුත් දන්නවා, ඔවුන්ගෙන් අනාගත දරු පරපුර ආරක්ෂාකර ගැනීමටනම් මිනීමරු බැංකු හොරුන් ඇතුළු එජාපයත්, එපමණක් නොව, රතුපස්වල, වෙළඳ කලාපය, වැනි තැන්වල කරන ලද මිනිමරුම්වලටත්, ජනමාධ්‍යවේදීන් ඝාතන වලටත්... මිනීමරුවන්ඇතුළු පොහොට්ටුවනුත් ඡන්දයෙන් පරාජය කොට.. ඉන්පසු ඔවුන්ට විරුද්ධව ඇති චෝදනා අධිකරණය හමුවේ විභාගකොට වැරැදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදිය යුතුවේ..

:       6       32

Lakmal Thursday, 28 December 2023 04:08 PM

පුළුවන් නම් පාරට බැහැලා කථා කරන්න.

:       1       19

Rata Perata Thursday, 28 December 2023 04:25 PM

ඉතින් තවත් පවු දෙන්නේ නැතුව ගෙදර යන්න.

:       1       22

Aravinda Monarawila Thursday, 28 December 2023 04:43 PM

අතීත පව් අනාගත පරපුරට නොවෙයි... ඔයාලටමයි පැටවෙන්නේ..., ඒවා ගෙවන්න ලෑස්තිවෙලා ඉන්න..

:       1       30

Amal Thursday, 28 December 2023 05:02 PM

අතීත පව් අනාගත පරපුරට නොදීමේ භාරධූර වගකීමට, ඉදිරි ජනාධිපතිවරණයේ දී ලාංකික ජනතාව ලෑස්ති වෙනවා... ආර්ථික මරමස්ථාන විකුණමින්, ජනතාවට බදුපිට බදු ගසමින් පින් ජනාධිපතිවරයා ප්‍රමුඛ තක්කඩි ආණ්ඩුව ගෙනියන පාලනයට හොඳ පාඩමක් උගන්නන්නේ මෙදාපාර... මෙදා පාර කන්නේ ආයේ ජීවිතයටම කෑවේ නැති පරිප්පුවක්..!!!

:       1       27

Prabha Thursday, 28 December 2023 05:07 PM

බෝඩ් ලෑල්ලට සීමා වුණේ එජාපය එක නේද?

:       1       22

චන්දන Thursday, 28 December 2023 05:08 PM

ඒ පව් පුරවලා තියෙන්නේ තමුන්ලාම තමයි. තමුන්ලා තමා අපට පව් දෙන්නේ. තමුන් ඔය තැනට ආවේ කොහොමද කියලා රටම දන්නවා. වත්කම් හෙළි කරන්න...

:       1       20

චන්දිම ෆොන්සේකා Thursday, 28 December 2023 05:18 PM

මෙයාට වැරදිලා කට දිව තල්ල කරකැවිලා, පැටලිලා කිව්වත් මේ කතාව හරි. ඒ කියන්නේ මේ මෑත අතීතයේ මේ වාසනාවන්ත රටට කරන්න පුළුවන් හැම විපතක්ම ඛේදවාචකයක්ම කලේ මේ උන්දැලාම තමයි. ඒ හින්දා ඊළඟට එන මුල්ම මැතිවරණයෙන්ම පටන් අරගෙන මේ උන්දැලාව රටේ දේශපාලනයෙන් සදහටම ඉවරෙටම ඉවරවෙන්න අතුගාලා දාන්න ඕනෑ කියන පණිවිඩය තමයි මේ කියැවිලා තියෙන්නේ.

:       1       17

Hafeel Thursday, 28 December 2023 05:23 PM

දැනටමත් ඔබලා කරපු පව් සහ ඛේදවාචක අනාගත දරුවන්ට සහ පරපුරට පැටවෙලා ඉවරයි. සංවර්ධන සංවර්ධන කියමින් ලෝකේ වටේ ණය අරන්, කොමිස් ගහමින්, ජනතාව පීඩාවට පත් කරනවා මිස, දේශීය නිෂ්පාදනය වැඩි කරලා අපනයනය හරහා රට සංවර්ධන කිරීම වෙනුවෙන් කිසිම වැඩ පිළිවලක් මෙයාලාට නැහැ.

:       1       20

Samansantha Thursday, 28 December 2023 08:01 PM

යන්න සක්කිලි හැත්ත... ඔබලා බොරු කියලා මිනිස්සු අන්දවනවා රට කාලා දැන් වැදිබණ කියනවා. ඔබලා රටේ දේපල හොරාකාලා දැන් එනවා සුදනෝ වෙන්න... හෙණම ගහන්න ඕනෑ...

:       0       1

G. K. Ekanayake Thursday, 28 December 2023 09:53 PM

අතීත පව් මහජනයා පිට පටවල තියෙන්නේ උඹේ ලොක්ක නෙ. වෙන කවුරුත් නෙවේ. ලොක්කට ම කියපන්.

:       0       4

namal jayaweera Thursday, 28 December 2023 10:39 PM

තව කවුද මේ අයගේ පක්ෂේ ඉන්නේ ...?

:       0       1

Kumara Friday, 29 December 2023 12:45 AM

වලිගෙ පෑගිලද කියලා බලන්න...

:       0       1

LGP. JATHUNARACHCHI. Friday, 29 December 2023 05:40 AM

කරුණාකරලා දැන් තියෙන වැට් එක අයින් කරන්න.

:       0       0

sanjeeva Friday, 29 December 2023 08:51 AM

වජිර . මොකක්ද කියන්නෙ කෙහෙලිය ගැන ?

:       0       3

Kazi Shajahan Friday, 29 December 2023 09:55 AM

වජිර ඔයා අනාගත පරපුරට කරන ලොකුම දෙය තමයි කරුනකර ඔතනින් යනව ගෙදර ,තවත් පින් පඩි සහ සුර සැප විදින්නෙ නැතුව මහජනයගෙ සල්ලිවලින්

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 358 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 577 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 322 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 232 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1002 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 851 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39210 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site