(මනෝප්‍රිය ගුණසේකර)
වී, සහල්, සීනී, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැඟවීම්, අධික මිල ගණන් වලට අලෙවි කිරීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට හදිසි නීතී රෙගුලාසි පනවනු ලැබීය.
මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අත්‍යවශ සේවා කොමසාරිස් ජනරාල්වරයා වශ්‍යයෙන් මේජර් ජනරාල් එම්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පත් කොට ඇත.
මහජන ආරක්‍ෂක පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීතී රෙගුලාසි මෙලෙස ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් මඟින් දැනුම් දී ඇත.
වී, සහල්, සීනී, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම්, අධික මිල ගණන් අයකිරීම මඟින් පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කරන වෙළඳ පොළ අක්‍රමිකතා වැළැක්වීම සඳහා රජයේ සහතික මිලට හෝ රේගුවේදී ආනයන කළ මිල ගණන් පදනම් කරගෙන වී, සහල්, සීනී, ඇතු`ථ අත්‍යවශ්‍ය ආහාර තොග මිලදී ගෙන ජනතාවට සාධාරණ මිල ගණන් වලට ලබා දීමට බලයලත් නිලධාරීන් කටයුතු කිරීමටත්, රාජ්‍ය බැංකු වලින් තොග මිලදී ගැනීමට ලබාදී ඇති ණය, ණය ලබාගත් අයගෙන් අයකර ගැනීඹටත් හැකිවන පරිදි මෙම හදිසි නීතී රෙගුලාසි පනවනු ලැබු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්වා රක්ෂිත බන
මහකන්නයේ වගාව සඳහා ජලය මුදාහැරීම ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අවශ්‍ය නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරයි
කිරි පුතා Monday, 30 August 2021 10:53 PM
අවුරුදු ගණනාවක්ම අපේ රටේ සිද්ධ වෙන්නෙ හොර කම් වංචාවන්. නිෂ්පාදන ලාබය නිෂ්පාදකයටත් නෑ, පාරිභෝගිකයටත් නෑ. අතරමැදි නඩව අසාමාන්‍ය විදිහට ගසා කනවා. දැඩි නීති රීතිවලින් තොරව රට නිවැරදි මගට ගන්න බෑ
RaveendraTuesday, 31 August 2021 06:21 AM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. "මොන මලපෙරේත පක්ෂ බලයට" ආවත් හැමදාමත් වුනේ මෙයමයි... දැන්වත් මෙය නිවැරදි විය යුතුමයි. තවද හැකි ඉක්මණින් මේ සඳහා දැඩි නීතිරීති ගෙන ආ යුත්තේ අනාගතේ කිසිඳු රජයකට එම නීතිරීති ලිහිල් කිරීමට බැරිවෙන ආකාරයටමයි. විශේෂයෙන් නීතිවිරෝධි ලෙස අහාර ද්‍රව්‍ය ගබඩාකර ඇති දේපළ ඉතාමත්ම කෙටි කාලයකදී රාජසන්තක කිරීම දැඩි ලෙස නීති අලුත්විය යුතුය. "එකෙකුට දෙන්නෙකුට, ඒ ඒ තක්කඩියන්ගේ කෝටි ප්‍රකෝටි දේපළ රාජසන්තක කරමින්" මේ නීති හොඳින් ක්‍රියාත්මක වුණොත් අනිකුත් සත්ගුණවත් තොග වෙළෙන්ඳන් මෙන්ම ඒ ඒ හෙන්චයියන්ගේ අදාළ දේශපාලුවන්ටද, නිලධාරින්ටද අතීසාරය වැළඳෙනු ඇත. මෙසේ සියලු කරුණු විය යුත්තේ රටේ මහජනතාවගේ කෝණයෙන් බලා මිස මූසල දේශපාලුවන්ගේ බඩවල් දෙස බලා නොවන බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු. මෙම අදහස් බලයේ ඉන්නා මෙන්ම බලය නැතිව උඩුබුරන දේශපාලුවන් 225ටම කියවීමට හැකි වේවා...!!!
දාස Tuesday, 31 August 2021 06:01 AM
මෙයා දැන් ඔය වගේ ගැසට් කොච්චර ගහලා තියෙනවද? හාල්වලටම කීයක් ගැහුවාද? වැඩක් වුණාද?. මේවා බොරු වැඩ... කාටත් එක නීතියක් තියෙන රටක්ද මේක..? අපි මේ ගොයියාගෙන් ඒක නේද බලාපොරොත්තු වුනේ...? මොනවද මෙයා රට පාලනය කරන්න ගත්තු ගමන් කළේ...? නඩු කප්පරක් තියෙන හොරු ටිකට ඇමැතිකම් දුන්නා. හැබැයි ස්ටේජ් වල කිව්වේ චෝදනා තියෙන කෙනෙකුට ඇමතිකම් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැම්මා බොරු ෂෝ ටිකක්..., පැන්න පාස් පෝට්, RMV එකට ... අපි හිතුවා නියම වැඩ කාරයා දැන් තමයි කරලියට ආවේ කියලා, අනේ ඒ තැන්වල වැඩ එහෙමමයි. දැන් තේරෙනවා මෙයා බොරු ෂෝ කාරයෙක් කියලා. හාල් මාෆියාව කුඩු පට්ටම් කරනවා කිව්ව අපේ විරුවාගේ ආමිකාර ගෝලයාට කුඩුවෙන්න දුන්නේ සිරිසේනයි.. අනේ අපි රැවටුණා. දැන් තමයි තේරෙන්නේ අම්මා, තාත්තගේ සොහොන් කෝටි ගණන් මේ දුප්පත් රටේ, දුප්පත් මිනිසුන්ගේ සල්ලි වියදම් කරලා හදපු මිනිහෙක්ව විශ්වාස කරපු සාපය. මේ ශාපය අපි අවුරුදු 73ක්ම වින්දා හැම එකා යටතේම...
saman Tuesday, 31 August 2021 09:41 AM
මේ රටේ දුප්පත් සහ මධ්‍යම පාන්තික ජනතාව මේ තරම් දුක් විඳින්නේ මාසිකව ලක්ෂ එක හමාරට වඩා වැටුප් ලබන උදවියගෙන් අය කරගනු ලබන අදායම් බදුමුදල ප්‍රමාණවත් නොවීම නිසයි. මෙම ඉහළ වැටුප් ලබන සේවකයින්ගේ අත ඇති මුදල් අතිරික්තය නිසාම ඔවුන් මිල අධික සුඛෝපභෝගී වාහන, ජංගම දුරකථන මිල අධික අත් ඔරලෝසු මිලට ගැනීම නිසා මෙරට මුදල් පිටරටට ගලා යෑම නිසා ඩොලරය ඉහළ යනවා. එවිට බඩු මිල ඉහළ යනවා. එතකොට අසරණ මිනිසුන් කබලෙන් ලිපට වැටෙනවා. අන්තිමට බැලුවාම පෝසතාගේ මිලදී ගැනීම් වලට දුප්පතා බදු ගෙවනවා වගේ පෙනෙන්නේ.. බැසිල් මැතිතුමනි, ලක්ෂ එක හමාරට වඩා අදායම් උපයන අයට අධික බදු පනවන මෙන් ඉල්ලා සිටිනවා. එවිට සුඛෝපහෝගී භාණ්ඩ මිලටගෙන රුපියල බාල්දු කරන ලද පාර්ශවයට තරමක හෝ බලපෑමක් ඇති කරවන අතර රුපියල නැවත පණ ලැබී අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු වී දුප්පතාට සහනයක් ලැබෙනු ඇත...
සිල්වා Tuesday, 31 August 2021 11:24 AM
සියළු දේවල් සහ ඉලක්ක නීති රීති වලින් පමණක් ඉටුකර ගැනීමට නොහැකිය. භාණ්ඩ සුලභ කිරීම තුළින් තරගකාරීත්වය ඇතිකර මිල පහල යෑමට සලස්වන්න.