IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 81කින් සම්මත වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

හාල්, පිටි, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම  සම්බන්ධයෙන්   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කළ  හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය  පිළිබද යෝජනාව   වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේදී  අද (6) පස්වරුවේ  සම්මත විය.

හදිසි නීති රෙගුලාසි වලට පක්ෂව ඡන්ද  132ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 51ක් පමණි.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය  සහ  දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු  පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මෙම රෙගුලාසි පිළිබඳ විවාදය  අද  (6) උදේ 10.30ට ආරම්භ විය. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු  20 කට වැඩි පිරිසක්  අදහස් දැක්වූහ.

ජනාධිපතිවරයා  මෙම හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය  නිකුත් කළේ පසුගිය සතියේදීය. 



අදහස් (25)

අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 81කින් සම්මත වෙයි

C.K.Lankaputhra. Monday, 06 September 2021 05:27 PM

හරියට හරි, දැන් ඉතින් සෞභාග්‍යය නියමෙටම ආරම්භ වෙනවා. කිසි අඩුවක් මින් පස්සේ නෑ. ලෑස්ති වෙන්න තොවිලයට...

:       18       72

Don perera Monday, 06 September 2021 05:51 PM

දැන් සතුටු ඇති කට්ටයට

:       11       54

fairoos Monday, 06 September 2021 06:13 PM

දැන් ඔක්කොම හරිද? එහෙනම් හෙට ඉඳන් සැපද? අයියෝ නන්දසේනගේ ගැසට් ගැහිල්ල...

:       22       66

කිරි පුතා Monday, 06 September 2021 06:14 PM

තද නීති යටතේ අපේ රට වසර කීපයක්ම යා යුතුයි. වසර ගණනාවක් තිස්සේ හොරකමට, වංචාවට හුරුවුණු මිනිසුන් නිවැරදි කරගන්න බෑ එහෙම නැතිව... හැම එකක්ම තමන්ගේ පක්ෂය බදාගෙන දකින මිනිසුන් පවා මැද මාවතකට පැමිණිය යුතුයි.

:       28       42

lasanthaMonday, 06 September 2021 07:15 PM

ලංකාවේ ඕක කවදාවත් වෙන්නේ නැහැ. මොකද හොරුයි, දේශපාලනයයි එකට බද්ධ වෙලා තියෙන්නේ...

:       7       64

saliMonday, 06 September 2021 07:33 PM

තද නීති අවශ්‍ය නැත. තිබෙන නීතිය ඇති. බලපන් ලොකුකම් වලට යට නොවී සැමට සාධාරණව ක්‍රියාත්මක වන්නේ නම් හොඳටම ඇති..

:       9       61

NuwanMonday, 06 September 2021 07:54 PM

හොරකම නැතිවෙන්න ඕනේ ඉහළම ඉන්න පාලකයන්ගෙන්... එතකොට පහළම කට්ටිය ඉබේම පුරුදු වෙනවා.

:       6       56

බද්රානි Monday, 06 September 2021 08:33 PM

මොලය වර්ධනය අතින් තවමත් කිරි බොන වයසේ පසුවෙන කිරි පුතා තමන්ගේ දෑතින්ම සෙල්ලමට වගේ දෙපයට විලංගු දා ගන්න හරි හපනෙක් වගෙයි. බස් එකේ හා කෝච්චියේ පොරකන මගීන්ව වෙන්න ඇති කිරිපුතා මේ විනය විරෝධී පිරිස් ලෙස දකින්නේ? කොරෝනා නීති අස්සේ දවසේ කුලියක් කර ගන්න මහපාරට බහින දුප්පත් මිනිහාව වෙන්න ඇති කිරි පුතා මේ හොරු ලෙස පුංචි ඇස් දෙකෙන් දකින්නේ නේද? මම හිතන්නේ අර "හිට්ලර්" කෙනෙක් ඉල්ලලා නාහෙන් හැඬුවෙත් කිරිපුතාලාගේ පරම්පරාවේ අය වෙන්න ඕනෑ.

:       12       50

Don perera Monday, 06 September 2021 09:10 PM

මේ කියන්නේ ලංකාවේ ඉන්නේ අමු මෝඩයෝ කියලා.

:       2       25

සෙනෙවිරත්න Tuesday, 07 September 2021 12:38 AM

කවුරු කරන හොරකම් ගැනද ඔය කියන්නෙ? එහා වත්තෙ කෙහෙල් කැන කපන මිනිහ ගැන වෙන්න ඕන.

:       3       19

ගමේ එකාලාTuesday, 07 September 2021 04:22 AM

හෙල්පින්ග් හම්බන්තොට සුනාමියට ලැබුණු ආදාර බහිරවයා ගිලපු හැටි වෙන්ඩ ඇති .

:       1       7

mohomed agarapatana Monday, 06 September 2021 06:54 PM

දැන් ඉතින් හෙට ඉඳලා ඕන් කියලා දායි... මේක විතරයි ආන්ඩුවට අඩුවකට තිබ්බේ.

:       10       44

Dhammika Monday, 06 September 2021 07:57 PM

දැන් මේ පනතේ කොපියක් අරන් ගියාම කඩේ මුදලාලි ඔය කියන ගණන්වලට බඩු දෙයිද? දන්නේ නැති නිසයි ඇහුවේ?

:       7       54

kapila Monday, 06 September 2021 08:52 PM

සමහරවිට කඩේ මුදලාලි කියයි ඔය පනත හීනියට රෝල් කර යම් ස්ථානයක රඳවා තැබිය යුතුයි කියා.

:       5       25

jagath Monday, 06 September 2021 08:19 PM

ඔය හදන නීතිරීති, රෙගුලාසි, කමිටු ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ...

:       3       29

sampath Monday, 06 September 2021 09:47 PM

ප්‍රතිපත්තිමය තීරණයක් විදියට හොඳයි.

:       10       4

ගොවියා Monday, 06 September 2021 10:43 PM

ආහාර ද්‍රව්‍ය සැගවීම යටතේ බිත්තර වී ගබඩාවල තිබුනෙ වීත් අත් අඩංගුවට අරගෙන ආහාර සදහා ගත්තොත් කුමක් සිදුවේද සැලකිලිමත් වුනොත් හොඳයි

:       1       13

නුවන් Tuesday, 07 September 2021 12:33 AM

විරුද්ධ පක්ශය කියන්නෙ හොඳ නරක නොබලා හැම දේටම විරුද්ද වෙන උන්ටද?දන්නැති නිසා අහන්නෙ.

:       16       11

සෙනෙවිරත්න Tuesday, 07 September 2021 12:41 AM

ලංකාවේ පළමු වරට බඩු මිල අඩු කරන්න හදිසි නීතිය. මරු ආණ්ඩුව, බ්රේගේඩියර් ලට වත් බැරි උන එකේ වෙන මොනව කරන්නද?

:       2       22

Nandalal DE SILVA - France Tuesday, 07 September 2021 12:54 AM

රජය ගෙනෙන ඕනෑම දේකට සිග්නල් කණු වගේ අත උස්සන මන්ත්‍රීවරු

:       3       29

පිටිගල මිලානෝ Tuesday, 07 September 2021 05:38 AM

අපි තමයි හොදටම කලේ.... හෙහ්..හෙහ්..හෙහ්....

:       1       10

amiya Tuesday, 07 September 2021 06:51 AM

ගැසට් කිව්වම මතක් වුනේ, අපේ ගෙදර ටොයිලට් පේපර් ඉවරවෙලා.

:       1       9

Nandalal DE SILVA - France Tuesday, 07 September 2021 12:12 PM

එතකොට චන්දය නොදුන් අනිත් මන්ත්‍රීවරු මොන පක්ෂයෙන්ද ?

:       0       5

චමින්දTuesday, 07 September 2021 05:36 PM

ඡන්දය දීල තිබුනේ එකසිය තිස් ගණනක් පමණයි.තවත් අසූවකට වැඩි පිරිසක් මගයැර ගොස් බවයි පේප්නේ එහෙමනම් වැඩි බලයක් තියෙන්නේ පනතට විරුද්ධවනේද

:       1       3

chandanaWednesday, 08 September 2021 11:20 AM

නැවත ප්‍රවෘත්තිය බලන්න. නිතර නිතර 3 හෝ 4 ශ්‍රේණියේ ගණිත ක්‍රියාකාරකම්වල යෙදෙන්න. ඒතකොට 132 ත් 225 ත් අතර සම්බන්ධය ඉගෙනගන්න පුළුවන් වෙයි. ඒහෙමත් ඉගෙනගන්න බැරිවුනොත් අදහසක් දාන්න කලින් පාට කන්නාඩියයි පාට ඇඳුමයි ගලවලා කන්නාඩියකින් තමන්වම බලලා අදහස් දාන්න. ඒතකොට තමන්ගෙ නොදැනුවත්කම තමන්ටම පෙනෙයි. ඔය වර්ගයේ අය දාන හැම අදහසකම තියෙන්න ඔය වගේ දියාරු අදහස් තමයි..

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දු අධිකරණයට
2025 අප්‍රේල් මස 25 3 0

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මාතර මහාධිකරණයෙන් නොතිසි ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද උදෑසන 09:05 ට අධිකරණයට පැමිණීයේය.


ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි
2025 අප්‍රේල් මස 25 1737 3

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.


මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ඉන්දියාවෙන් පිටුවහල් කරයි
2025 අප්‍රේල් මස 25 761 2

මිද්දෙණිය පොලිස් වසමේ ඉකුත් පෙබරවාරි මස 18 දින සිදු කළ වෙඩි තැබීමකින් ත්‍රිත්ව මිනිස් ඝාතයක් සිදු කිරිමට , යතුරු පැදිකරු ලෙස කටයුතු කළ බවට සැකකෙරෙන 31 හැ


ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි
2025 අප්‍රේල් මස 25 549 0

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 25 599 2

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී


ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 4450 1

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 752 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 363 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 517 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site