(යොහාන් භාසුර)
නීති විරෝධීව ඉන්දියාවට පැනගොස් සිටි ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙක් ලෙස සැළකෙන දිනමුල්ල කංකානම්ලාගේ නලීන් චතුරංග හෙවත් ‘අතුරුගිරියේ ලඩියා’ නැමැත්තා බැංගලෝර්හිදී ඉන්දීය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
බැංගලෝර් පෙලිසිය ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ද විදේශ මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබුණි.
පාතාල නායකයකුව සිටි ‘රණාලේ සමයන්’ ඇතුළු පිරිසක් කළුතර බන්ධනාගාරය අසළදී 2017 වසරේ ඝාතනය කිරීමෙන් පසුව ‘අංගොඩ ලෝකා’ගේ සමීතමයෙක් වන ‘අතුරුගිරියේ ලඩියා’ ද ‘ලොක්කා’ සමඟ ඉන්දියාවට පැනගොස් සිටි බව පොලිසිය පවසයි.
අංගොඩ ලොක්කා ඉන්දියාවේ කොයිම්බතූර්හි සැඟව සිටින අතරතුරදී හෘදයාබාධයකින් ජිවිතක්ෂයට පත්වූ බව ඉන්දීය පොලිසිය පසුගිය වසරේ පැවසීය.
මෙම පුද්ගලයාට අයත් රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් බස් රථ තුනක් සොයා ගැනීමට ද පොලිසිය පසුගිව වසරේ සමත් විය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ අතුරුගිරියේ ලඩියා’ බැංගලෝර්හිදී කොටුවෙයි