(එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන)
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරුණයා අසල තනිකර දමා, තරුණයාගේ ජංගම දුරකථනයද සොරාගෙන පලාගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.
නිට්ටඹුව වතුපිටිවල නගර සීමාවේ පිහිටි තරුණයාගේ නේවාසික කාමරයේ සිය අත දරුවා තනිකර දමා මෙම තරුණ කාන්තාව අලුයම් කාලයේ පලාගොස් ඇති බව පොලිසිය කියයි.
තරුණයා පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා කොළඹ නගරයට ගොස් සිටියදී කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඔහුට මෙම තරුණ කාන්තාව මුණගැසී හඳුනාගෙන ඇත.
එහිදී දෙදෙනා ඔවුන්ගේ ජංගම දුරකථන අංක හුවමාරු කරගෙන ඇති බවද, දින කිහිපයක දී දෙදෙනා පෙම්වතුන් වී ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම කාන්තාව සිය දරුවාද රැගෙන නිට්ටඹුව වතුපිටිවල පිහිටි තරුණයාගේ නේවාසික කාමරයට ඉකුත් 18 වැනිදා පැමිණ ඇති බවද තරුණයා සමග දින දෙකක කාලයක් කාමරයේ ගතකර ඇති අැය සිය දරුවා තරුණයා අසල තනිකර දමා තරුණයාගේ ජංගම දුකරථනයද සොරාගෙන අලුයම් කාලයේ පලාගොස් ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
අැය සිය දරුවා තනිකර දමා පලාගිය දින සිට ඇයගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර ඇති බවද තරුණයා මේ පිළිබඳව පොලිසියට කළ ප්‍රකාශයෙහි දැක්වේ.
අැය දරුවා රැගෙන යාමට පැමිණෙනු ඇතැයි සිතා තරුණයා සිය රැකියාවටද නොගොස් දරුවා ආරක්ෂා කරගෙන නේවාසික කාරමයේද රැදී සිට ඇත.
මේ අතර මවක හෝ කාන්තාවක නොමැතිව නේවාසික කාමරයක දරුවකු සහ තරුණයකු සිටින බවට ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියටද තොරතුරු ලැබී එම නිලධාරිනිය තරුණයාගේ කාමරයට ගොස් දරුවා පිළිබඳව තොරතුරු විමසා දරුවා පරීක්ෂා කර බලා පිටව ගොස් ඇති බවද පොලිසිය කියයි.
දරුවකු සමග තරුණයකු පමණක් කාමරයක සිටින බවට අංක 119 දුරකථනය ඔස්සේ පොලිස් හදිසි ඇමතුම් අංශයට කිසියම් පුද්ගලයකු විසින් කරන ලද දැනුම් දීමකට අනුව ඉකුත් 08 වැනිදා නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ පිරිසක් තරුණයාගේ නේවාසික කාමරය සොයා ගොස් තරුණයා සමග අත දරුවා පොලිස් භාරයට ගෙන ඇත.
නිට්ටඹුව ඕර්චඩ්වත්ත ග්‍රාමයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයා වතුපිටිවල නගරයේ නේවාසිකව රැඳී සිටිමින් අලව්ව නගරයේ පිහිටි කොසු ඉදල් නිපදවන වැඩපලක සේවය කරන්නකු බවද පොලිසිය කියයි.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා