IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


අතවර සිද්ධිය වසන් කළැයි නි. විදුහල්පතිනිය අත් අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මාතලේ මහවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන දොළොස් වියැති සිසුවියක ගුරු විවේකාගාරය තුළදී බරපතළ අපයෝජනයකට ලක් කළේ යැයි කියන ගුරුවරයෙක් සහ සිද්ධිය වසන් කර ඊට ආධාර අනුබල දුන් බව කියන විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය මහවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) සවස අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ඉංග්‍රීසි විෂය උගන්වන පනස් දෙහැවිරිදි ගුරුවරයකු සහ අවුරුදු හතළිස් දෙකක් වයසැති නියෝජ්‍ය විදුහල්පතිවරියයි.

බරපතළ අපයෝජනයකට ලක්වූයේයැයි කියන සිසුවිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමු කර ඇත.

අවුරුදු දොළහක් වයසැති සිසුවිය ගුරු විවේකාගාරයට කැඳවා සැකකාර ඉංග්‍රීසි ගුරුවරයා ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි මහවෙල පොලිසිය කියයි.

සිසුවිය තමාට සිදුවූ අතවරය ගැන ඇය සමග එකම පන්තියේ ඉගෙනුම ලබන සිසුවියකට පැවැසීමෙන් පසු දෙදෙනාම ගොස් මෙය ගුරු උපදේශකවරියකට දැනුම් දීමෙන් පසු ඇය මෙය පන්තිභාර ගුරුවරියට පවසන ලෙසට උපදෙස් දී ඇතැයි පොලිසිය කියයි.

මේ බව ඇයට දැනුම්දීමෙන් පසු සිසුවියට මේ ගැන විදුහල්පතිවරයාට දැනුම් දෙන ලෙස උපදෙස් තිබේ.

මිතුරිය සමග විදුහල්පති නිල කාමරයට ගිය අවස්ථාවේ විදුහල්පතිවරයා නිවාඩු ලබාගෙන සිටි නිසා වැඩ බැලීම සඳහා පත්කර සිටි නියෝජ්‍ය විදුහල්පතිවරියට පැමිණිලි කර ඇතැයි පොලිසිය කීය.

නියෝජ්‍ය විදුහල්පතිවරිය ඇයට මේ මේ බව මව්පියන්ට හෝ වෙනත් කිසිවකුට නොකියන ලෙසත් එසේ කීවොත් පාසලෙන් අස් කරන බවටත් තර්ජනය කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

 



අදහස් (7)

අතවර සිද්ධිය වසන් කළැයි නි. විදුහල්පතිනිය අත් අඩංගුවට

Chandanie Friday, 16 August 2024 05:08 AM

හැම ගැහැනියක්ම රැජිනක් කිව්වට මේ නියෝජ්‍ය විදුහල්පති ගැහැනියක් කියන්න බැහැ .පාසලේ පාලනය හරියාකාරව කරන්න බැරිවුනොත් තොරතුරු සගවා පාසලේ බම්බුව රැක ගන්න තමයි උත්සාහ කරන්නෙ. කොහොම වුනත් සුදුස්සාට සුදුසු තැන නොදෙන තත්වයක් යටතේ විදුහල්පතිට අවශ්‍ය අයව නියෝජ්‍ය හා සහකාර විදුහල්පති කිරීමේ විපාක . මෙහෙම දේවල් වෙනවා නම් එම පාසල් තත්වයෙන් පහල දැමීමට ක්‍රමයක් නොපමාව සකසන්න ඕන

:       0       17

ජයනාත් Friday, 16 August 2024 06:01 AM

රස්සාව කරන්න ඕන නිසා ගුරු වෘත්තීය තෝරගෙන පාසල් වලට ආවම මෙවැනි දේ වෙනව. ගුරු වෘත්තීය හෑල්ලුවට ලක් කරල. කිසිදු වෘත්තිය ආකල්පය ක් නැහැ . අධ්‍යාපන පද්ධතිය විනාශ කරමින් ඉන්න මෙවැනි අය ගුරු වෘත්තීය ට නිගාවක්. වහාම විනය පරීක්ෂා තියලපන්නල දාන්න .

:       0       15

NWS KUMARA Friday, 16 August 2024 07:29 AM

මෙවැනි අය ගුරුවරු යන නමටත් කැළලක් .මෙයාලා තමයි සටන් කරන්නේ පෙළපාලිවල

:       0       10

Pradeep Kumara Friday, 16 August 2024 08:41 AM

මෙවුන් ඇත්තටම ගුරුවරු ද නැත්නම් මානසික ලෙඩ්ඩුද? මේ කියන ගුරුවරයාට ඔය වයසේ දරුවොත් ඇති. මේ වගේ එවුන්ට තමන්ගේ දරුවෙක් වුණත් කෙලෙසන්න පුළුවන්. දැඩි දඬුවම් දෙන්න ඕන අනිත් වුන්ටත් හැදෙන්න. මෙහෙම බලද්දී අපේ කාලේ හිටපු ගුරුවරු, ගුරුවරු නෙමෙයි ගුරු දෙවිවරු.

:       0       5

මොහොට්ටාල Friday, 16 August 2024 10:35 AM

දරුවන් යහමගට ගන්න බලය ලත් ගුරුවරියක් දැරියන් අපයෝජනයට අනුබල දෙනවා නම් තොරතුරු වසන් කරනවා නම් පිරිමි ගැන කවර කතාද .ඇත්තටම දැන් කාලයේ රාජ්‍ය සේවයේ විනයානුකූලව කටයුතු කෙරෙන්නේ නැද්ද. වර්තමානයේ රජයේ සේවය සදහා බදවාගැනීම් කරන අවස්ථාවල විධිමත් පුහුණුවක් (ඉගැන්වීම ගැන නොවෙයි ආකල්ප ,කුසලතා හා පත්වීම් ලිපියේ කොන්දේසි ගැනවත් විධිමත් පුහුණුවක් )නොදීමේ විපාක තමයි මෙයින් පේන්නෙ

:       0       13

ලසන්ත Friday, 16 August 2024 10:48 AM

මෙතනින් අතනට, එතනින් වෙනතැනකට, කී තැනකදී ශාරීරිකව මනසිකව අපයෝජනයට ලක්වෙනවද? පාසැලත් මේ වගේ අනාරක්ෂිත ස්ථානයක් නම් තව මොන කතාද? වෙන හැමදේටම කළින් මේ පරිපාලකයන්ට, ගුරුවරුන්ට නීතිය උගන්වන්න වෙනවා.

:       0       14

Amara Friday, 16 August 2024 11:02 AM

ඇයි මේවට සම්බන්ධවෙන ගුරුවරුන්ව සේවයෙන් නෙරපලා මාධ්‍ය නිවේදනයකින් පවුල් වරිග හරතරටම දැනුම්දෙන්න ක්‍රමයක් නැත්තෙ? අධ්‍යාපන බලධාරීන්ට කොන්ද පණ නෑ. වෙන රටවල නම් ‌මේ වගේ අයට ආය රස්සාවක් ලැබෙන්නෙ නෑ.

:       0       16

ඔබේ අදහස් එවන්න

දියත

සීමා නැති ආතල්
2024 නොවැම්බර් මස 28 38 0

ට්‍රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකිය


ඉරානේ හතක් දිවි ඇති තෙක් හිර ගෙට
2024 නොවැම්බර් මස 28 224 0

ජාවාරම් කිරීම සඳහා ශ්‍රී ලංකාවට හෙරොයින් කිලෝ ග්‍රෑම් 425කට අධික ප්‍රමාණයක් රැගෙන එමින් සිටියදී මට්ටක්කුලිය මුහුදු තීරයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක


තානාපතිවරු නව දෙනෙක්- මහ කොමසාරිස්වරයෙක් අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 28 204 0

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශය


කල්ඉකුත්වන දිනය වෙනස් කළ ටොන් 22ක් කොටහේනේ
2024 නොවැම්බර් මස 28 187 0

ඇසුරුමේ කල්ඉකුත්වන දිනය සහ නිෂ්පාදිත දිනය වෙනස් කළ කුරක්කන් මෙටි්‍රක්ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975 ක් වෙළඳපලට නිකුත් කිරීමට සූදානම් කර තිබියද


අගමැතිනිය ‘යුනිසෙෆ්’ අධ්‍යක්‍ෂවරිය හමුවෙයි
2024 නොවැම්බර් මස 28 201 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ‘යුනිසෙෆ්’ ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා හනාන්න් සුලෙයිමන් මහත්මිය අග්‍රාමාත්‍ය කාර්ය


රංචුවෙන් මඟ හැරී හරක් සමග ගමට ආ අලි පැංචා
2024 නොවැම්බර් මස 28 822 0

පොළොන්නරුවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දිවුලාන විල්ලුව පිටාර ගැලීම හේතුවෙන් රැළෙන් අතරමංව වූ අලි පැටවකු මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 774 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site