(යොහාන් භාසුර)
පාරිභෝගිකයාට වඩාත් ලාභදායි වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීමට මඟ පෙන්වීමක් ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයකට උපරිම තොග සහ සිල්ලර මිල පරාසයක් ප්‍රසිද්ධ කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
එහිදී තොග මිල නිෂ්චිත මිලක් ලෙස ද, සිල්ලර මිල පරාසයක් ලෙස ද, ප්‍රසිද්ධ කළ බවත් ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමට පෙර සිල්ලර වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට වඩාත් සහනදායි ස්ථානයෙන් මිලදී ගැනීම කළ හැකි බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ඒ අනුව වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අල සහ මයිසූර් පරිප්පු සඳහා මෙසේ උපරිම තොග සහ සිල්ලර මිල ප්‍රසිද්ධ කළේය.
වියළි මිරිස් කිලෝවකට රුපියල් 900 ක, සුදු සීනි කිලෝවකට රුපියල් 265 ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 1000 ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 400 ක, අල කිලෝවකට රුපියල් 145 ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 290 ක තොග මිලක් ප්‍රසිද්ධ කර තිබේ.
වියළි මිරිස් කිලෝවක් රුපියල් 1100 ත් 1300 ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 290 ත් 310 ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1100 ත් 1500 ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 450 ත් 570 ත් අතර, අල කිලෝවක් රුපියල් 180 ත් 210 ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 300 ත් 360 ත් අතර සිල්ලර මිලක් ප්‍රසිද්ධ කර තිබේ.
තමා නීති විභාගය වායු සමීකරණය කළ කාමරයක තනිවම ලිව්වේ යැයි නගන චෝදනාව ඔප්පු කළහොත් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී
සහල් තොග නොලැබීම හේතුවෙන් මරදගහමුල සහල් තොග වෙළඳ මධ්‍යස්ථාන භූමිය පාළු ස්වභාවයක් අද(18 ) දැකගත හැකිවිය.
උපයන විට ගෙවන බද්දේ සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසා
පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනි දා සිට ක්‍රියාත්මක කරන්නට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප
නැවත ලංකාව කිසි දිනක බංකළොත් භාවයට පත්වීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
අත්‍යවශ්‍ය ආහාර වර්ග හයකට තොග - සිල්ලර මිල පරාසයක්
Bandula Friday, 12 January 2024 06:40 PM
බොහෝම ස්තුතියි... කාලා හමාරයි...
Dinesh Friday, 12 January 2024 06:51 PM
වෙළඳපළ මිල ගැන අනවබෝධයෙන් මිල පාලනය නොකළ යුතුයි. 11 වැනිදා සීනි 270ට ගත්තා. දැන් එතැන ඉඳලා 290ක් වෙයි...
චන්දන Friday, 12 January 2024 07:12 PM
දුඹුරු සීනි 415යි. ඒවා හදන්නේ පැලවත්ත සහ සෙවනගල විතරයි. වැට් එකේ ප්‍රතිඵල. දැන් මිනිස්සු දුඹුරු සීනි අතහැරලා සුදු සීනිවලට යොමු වුණොත් පාඩුව ලංකාවේ සමාගම් වලට. සතුටුයි නේද?