IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න

 

(අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමියෝ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හමුවේ අද ( 28) පැවසූහ.

පැවතුණ රාජ්‍ය තන්ත්‍රවල දොස් සෙවීමට වඩා පැවරුණු වගකීම ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට හොඳින් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන්නේ යැයිද අනුනාහිමියෝ කීහ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද මහනුවරට පැමිණ ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීමෙන් අනතුරුව අස්ගිරි මල්වතු මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එහිදී අනුශාසනාවක් කළ ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නාහිමියෝ මෙසේද පැවසූහ.

ජනපති ඔබ ඇතුළු කණ්ඩායමට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුව මහජන ඡන්ද බලයෙන් ලංකාවේ වගකීම පැවරී තිබෙනවා.මේ රට සංස්කෘතික හා ජාතික අනන්‍යතා වලින් යුක්ත රටක්.එමෙන්ම අතීත හර පද්ධතියන්ගෙන් යුක්ත රටක්.

පුරවැසියන්ගේ ආර්ථිකය වර්ධනය කිරීමට මෙන්ම දේශයට ප්‍රිය කරන ජනතාවක් බිහි කරන්න ඔබ ඇතුළු රජයට යුතුකමක් පැවරී තිබෙනවා. ඔබ දැන උගත් ශ්‍රේෂ්ඨ කාන්තාවක්.දැන උගත් අයට නිලතල ලබාදීම ජනපති දැන් ආරම්භ කර තිබෙන බව පෙනෙනවා.

පැවතුන රාජ්‍ය තන්ත්‍රවල දොස් සෙවීමට වඩා පැවරුණු වගකීම ජනතාව බලාපොරොත්තු වූ ආකාරයට හොඳින් ක්‍රියාත්මක කළ යුතුයි.මේ රටේ හර පද්ධතිය සමග ඒකාබද්ධව කටයුතු කරමින් රට සමෘද්ධිමත් කළ යුතුව තිබෙනවා.

 



අදහස් (0)

අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1061 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 9 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 735 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1137 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 830 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 501 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site