( ආරියරත්න රණබාහු)
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් තම පක්ෂය සහාය පළ කරන අපේක්ෂකයා කවුරුන්දැයි හෙට(31)දා ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (30)දා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මෙම මාධ්‍ය හමුව පැවැත්විණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ මහතා කියා සිටියේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව, විධායක සභාව, හෙට(31)දා පස්වරුවේ රැස්වී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ මත අදහස් සාකච්ඡාවට බඳුන් කරන බවය.එහිදී බහුතර පිරිසකගේ එකඟතාවය මත අවසන් තීරණයකට එළඹෙන බවද හෙතෙම කීය.
පසුගිය කාලයේ දී විවිධ පුද්ගලයන් පක්ෂය තම තමන්ට රිසි පරිදි බෙදා අයිති කරගන්නට කටයුතු කළ බව පැවසු ඒ මහතා මේ වන විට අධිකරණය මගින් ඒ සියල්ල වාරණයට ලක් කර ඇති හෙයින් නිත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තමන් ඇතුළු නිලධාරි මණ්ඩලය පක්ෂයේ කටයුතු ඉදිරි කටයුතු මෙහෙයවන බවද මහලේකම්වරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ජනතාව අතර ඉදිරියෙන්ම තිබෙන පක්ෂයක් බව පසුගිය දිනවල වැල්ලවාය හම්බන්තොට සහ බදුල්ල දිස්ත්‍රික්කයන්හි පැවැත්වූ මහජන රැස්වීම් වලින් තහවුරු බවය තවම ජනතාව පක්ෂය කෙරෙහි මහත් උනන්දුවෙන් බලාපොරොත්තු තබාගෙන තිබෙන හෙයින් මීළඟ මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය නොදෙවෙනි තැනක් හිමිකර ගනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය.
පක්ෂයෙන් ඈත්ව ගිය සියලු කණ්ඩායම්වලට නැවත පක්ෂය හා බැඳී කටයුතු කිරීමට එක්වන ලෙස ද ඒ මහතා ආරාධනා කළේය. මෙහිදී පක්ෂයේ මාධ්‍ය ලේකම් වීර කුමාර දිසානායක මහතා ද අදහස් දැක්විය.
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ
ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ
ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අත - හෙට කාට සහය දෙයිද?
ඉන්දික Wednesday, 31 July 2024 12:07 AM
රනිල්ට කියලා හැමෝම දන්නවා ආය කියන්න දෙයක් අමුතුවෙන් නැහැ. කොහාට ගියත් ඔය ඔක්කොම ගෙදර යවනවා මේ රටේ ජනතාව.
Buddika Wednesday, 31 July 2024 08:15 AM
අයියෝ නොඇසිය යුතු ප්‍රස්නයක්.අනිවාර්යයෙන්ම රනිල්ටනේ.මේ මිනිස්සු අදටත් ඉන්නෙ රනිල් එක්කනෙ.තවත් මොන මගුලකටද අද ප්‍රකාශ නිකුත් කරන්නේ
Lalla Wednesday, 31 July 2024 09:14 AM
ඕක දියවෙලා යන පක්‍ෂවලින් එකක්. 1956 දී රට විනාශ කරන්න පටන්ගත්ත පක්‍ෂය.
අරවින්ද මොනරවිල Wednesday, 31 July 2024 12:00 PM
රනිල්ගේ සහයෙන් පක්ෂයේ බලය අල්ලාගත්, රනිල්ගෙන් තනතුර වරදාන වරප්‍රසාද ලබා ගත්ත තමුසෙලා රනිල්ට හැර වෙන කාට කඩේ යන්නද ?