IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අදානි සමාගම සුළං බලාගාරය අකුලා ගනියි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියනයක් හෙවත් ඩොලර් කෝටි 100ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි තීරණය කළ බව ආයෝජන මණ්ඩලය දැනුවත් කර ඇති බව දැනගන්නට ලැබෙයි.

ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන ලබා ගෙන තිබියදීත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් හේතුවෙන් එම සමාගම ව්‍යාපෘතියෙන් ඉවත් වී ඇති බව වාර්තාවේ. 



අදහස් (11)

අදානි සමාගම සුළං බලාගාරය අකුලා ගනියි

සෑම් Thursday, 13 February 2025 03:04 PM

හොර අදානියාව පහු ගිය කාලේ ඔස්ට්‍රලියාවෙනුත් පන්නලා දැම්මා කියලා මට මතකයි. මුන් කලින් ආණ්ඩුවලට පාගා දීලා ඩීල් දාලා දැන් ඒවා නැති වුනහම බොරු හේතු දාලා යනවා. මුන් ආයෝජකයෝ නෙමෙයි ජාවාරම් කාරයෝ. ඉන්දියානුවොත් දන්නවා මු හොර ඩීල් කාරයෙක් කියලා

:       10       18

ආයෝජන Thursday, 13 February 2025 03:08 PM

අලුතෙන් ආයෝජන ඒම කෙසේ වෙතත් ආපු ආයෝජනත් අකුලගෙන යන පෙනුමක් දැන් තියෙන්නෙ.

:       65       44

NamalThursday, 13 February 2025 03:25 PM

රටට බරක් වෙන ආයෝජනවලින් වැඩක් තියෙයිද? හම්බන්තොට වරායේ ණය අපි තාම ගෙවනවනේ.. මෙලෝ නැවක් එන්නේ නැතිව.

:       33       58

යෝගා Thursday, 13 February 2025 04:21 PM

සල්ලි කකා රට සවාරි ගහලා ආයෝජකයෝ හොයනවා. ඉන්න ආයෝජකයෝ එක්ක සාර්ථකව සාකච්ඡා කරන්න දන්නේ නෑ. වේගය මනින්නේ ආලෝක වර්ෂ වලින් වගේ ලෝකේ හිනස්සන කතා කියනවා ඇති. එක මිටටම රට අඳුරට...

:       37       36

ගුණරත්න Thursday, 13 February 2025 05:46 PM

යස අපූරුයි, ඔය බලාගාරය ලංකාවේ අවශ්‍යතාවයටත් වඩා විදුලිය සපයන්න පුළුවන් තැනක හදන්නේ..., ඉන්දියාව එක්ක හවුල් වෙලා ඉන්දියාවේ විදුලි බල පද්ධතිය එක්ක එකාබද්ධ කරලා මේක කරන්න තිබුණා. එහෙම වුණා නම් වඳුරෝ ආවාට කරන්ට් කපන්න ඕනෑ වෙන්නේ නැහැ. ඕනෑ තරමක් සෝලා දාන්නත් පුළුවන්. ඩොලර් බිලියන එකක් කියන්නේ අහක දාන්න පුළුවන් සල්ලියක් නෙවෙයි. ජපානයෙන් දුන්න විදුලි දුම්රිය නතර කළාටත් වඩා නරක දෙයක් මේ ආයෝජනය නතර වීම...

:       13       17

de silva berlin Thursday, 13 February 2025 07:03 PM

අදානිට පමණක් නොවේ... විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වන අපටත් පුළුවන් ලංකාවේ සූර්ය බල ව්‍යාපෘතියක ආයෝජනය කරන්න. අපි යාළුවන් කිහිප දෙනෙක් එකතුවෙලා මෙගාවොට් 10ක පමණ ව්‍යාපෘතියක් කරන්න අපට පුළුවන්... නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නේ අපිට ලංකාවට ඇවිත් මේවාට අවසර ගන්න.. කාර්යාලයෙන් කාර්යාලයකට රස්තියාදු වෙන්න කාලවේලා නැහැ. නිවාඩු සීමිත නිසා, ආයෝජකයෝ දැනුවත් කරන්න අයැදුම්පත් භාරගන්න කාර්යාලයක්, යුරෝපේ ප්‍රධාන නගර වන... පැරිස්, බෙර්ලින්, ලන්ඩන්, මිලානෝ සහ අරාබිකරයේ ඩුබායි වැනි නගර වලත් ස්ථාපිත කළොත් ප්‍රයෝජනවත් වේවි... නැතුව ජනපතිතුමා සහ ඇමැතිවරු රට ඇවිත් ආයෝජනය කරන්න කියූ පලියට මේවා කරන්න බැහැ. ආයෝජනය කරන්න කැමැති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ ශ්‍රී ලංකාවේත් ඉන්නවා. නමුත් කිසිම පදනමක් නැති නීති නිසා මේවා ඔක්කෝම හිරවෙලා තිබෙන්නේ.. ජනාධිපතිතුමනි, මේවා ගැන සොයා බලන්න. ඔබතුමාට පුද්ගලිකව එන්න බැරි නම්... එවන්න විශ්වාසවන්ත දක්ෂ කණ්ඩායමක්... අපිත් එක්ක සාකච්ඡා කරන්න...

:       3       16

de silva berlin Thursday, 13 February 2025 07:12 PM

ජනාධිපතිතුමා ඔබතුමා ඡන්දෙට කලින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වන අපට ආරාධනා කළා ඔබතුමාගේ ආණ්ඩුවක් යටතේ ලංකාවේ මුදල් සහ දැනුම ආයෝජනය කරන්න කියලා, අපි එන්න සූදානම්, ජනතාව 2/3 වැඩි බලයක් දීලා ඔවුන්ගේ යුතුකම ඉටු කරලා තිබෙනවා.. කරුණාකර ඔබතුමාත් ඔබතුමාගේ සහ රජයේ යුතුකම ඉටු කරන්න. රාජපක්ෂලාගේ කාලේ ඉඳන් පැවත එන අල්ලස් ගන්න.. දූෂිත ඔක්කෝම වැඩ බ්ලොක් කරන නිලධාරී ටික ඉවත් කර, ඔවුන් විසින් හදාගත්ත අනවශ්‍ය බහුභූත නීති ටික ඉවත් කර ආයෝජනයට සුදුසු පරිසරයක් හදලා දෙන්න. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මුලින්ම කළ යුත්තේ නිලධාරීන් සෙට් එක සහ රජයේ කාර්යාල ක්ලීන් කර වැඩ කාර්යක්ෂම කරන එක...

:       7       22

sanath Thursday, 13 February 2025 10:30 PM

ඉදිකිරීමක් කරන්න අනුමැතියක් ගන්න අපි එක වැඩේට විවිධ කාර්යාලවල කොච්චර රස්තියාදු වෙන්න ඕනේද? උදාහරණයක් ලෙස ගත්තොත් අපි ප්‍රාදේශීය සභාවෙනුත් අවසර ගන්න ඕනේ.., නාගරික සංවර්ධන අධිකාරියෙනුත් අවසර ගන්න ඕනේ. වන ජීවි එකෙනුත් අවසර ගන්න ඕනේ... ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ජීවත් වන අපි, නාගරික සංවර්ධන අධිකාරියට අයිති වෙන්නේ කොහොමද? නගරේට අයිති නම් වනජීවි එක මොකටද? මෙවැනි කිසිම පදනමක් නැති නීති රෙගුලාසි නිසා ලංකාවේ ඉන්න අපටත් වැඩක් කරගන්න බැරුව ඉන්න අවස්ථාවක පිටරට ඉන්න මිනිස්සු කොහොම කරන්නද? ඉදිකිරීමකට අනුමැතිය ගන්න කොට ඉල්ලුම් පත්‍රය එක කර්යලෙකට බාර දුන්නාම සති 2-3 උපරිම මාසයක් යනකොට අනුමත වෙන්න ඕනේ එහෙම නොමැති නම් තිබෙන අඩුපාඩු ගැන අයදුම් කරුට දැනුම් දෙන්න ඕනේ ? මර්ගෙට හෝ මුහුදුවෙරලට තිබෙන දුර ප්‍රාදේශීය සභාවේ තාක්ෂණ නිලධාරියට පුළුවන් ටේප් එකක අල්ලා මැන ගන්න , එකට අමතරව නාගරික සංවර්ධන අධිකාරියෙන් හෝ වෙරල සංරක්ශ්නේ අවසර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ , අපිව විවිධ කාර්යාලවල නිකරුනේ රස්තියාදු කරන එක නතර කරන්න ජනාධිපතිතුමා..

:       0       4

de silva berlin Friday, 14 February 2025 11:07 AM

ජනාධිපතිතුමනි ශ්‍රී ලංකාවේ වැඩිපුර තිබෙන්නේ තනි තට්ටුවේ නිවාස , මෙම නිවාස වල වහල මත සුර්යකෝෂ සවි කර ON Grid ක්‍රමයට වඩිපුර නිපදවන විදුලිය පධතියට දෙන්න පුළුවන් , නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නේ මෙතන මාෆියාවක් තිබෙනවා ,විදුලිබල මණ්ඩලේ පද්ධතියට මේවා සම්බන්ධ කරනවා නම් මෙම උපාංග සහ සේවා ලබාගත යුත්තේ මණ්ඩලය මගින් අනුමත සමාගම් හරහා පමණි. මෙම සමාගම් වලින් සේවය ලබාගන්නා විට වෙළඳපලේ තිබෙන මිල මෙන් දෙගුණයකට වැඩි මිලක් ගෙවන්න පාරිභෝගිකයාට සිදුවෙනවා. මෙම සමාගම් වල අයිතිකරුවන් බොහෝවිට විදුලි බල මණ්ඩලේ ලොක්කන්ගේ භාර්යාවන් එහෙම නැතිනම් සහෝදරයෝ හෝ මිතුරන්, මේකට හොඳම විසඳුම සාමාන්‍ය විදුලි කාර්මිකයන්ට ආධුනිකත්ව මණ්ඩලය හරහා මේ සම්බන්ධව පුහුණුවක් ලබාදී සහතික නිකුත් කරන එක... එහෙම කළොත් පාරිභෝගිකයාට සාධාරණ මිලකට මෙම කටයුතු කරගන්න පුළුවන් වෙන අතර, ගල් අඟුරු, දැවී තෙල් සඳහා පිටරටට ඇදීයන විශාල මුදලක් ඉතුරු වෙන අතර පරිසරයද ආරක්ෂා වෙනවා.

:       1       4

Abid Friday, 14 February 2025 11:11 AM

විදුලි යුනිට් එකකට දෙන මුදල අඩු කළ නිසා මෙයා බොරු හේතු හදාගෙන අයින් වුණා. පසුගිය කාලේ හිටපු අය විදුලි යුනිට් එකක් සඳහා ගොඩක් ලොකු ගණක් දෙන්න පොරොන්දු වෙලා හිටියේ. ජය වේවා! ගිය එක ලොකු දෙයක්

:       2       7

gunathilaka Friday, 14 February 2025 01:25 PM

පාඨකයෝ මෙතැන වැදගත් ප්‍රශ්න කිහිපයක් පෙන්වලා දීලා තිබෙනවා. ඒවාට දෙන්න පුළුවන් විසඳුම් පෙන්වා දීලා තිබෙනවා. මේ වැනි අදහස් විශ්ලේෂණය කර බැලීම රජයේ යුතුකමක් සහ වගකීමක් වෙනවා. එසේ නොකර රජයේ නිලධාරීන් සහ උපදේශකයින් විශ්වාස කරමින් දිගින් දිගටම පරණ පාරේම ගියොත් යහපාලන රජයට සහ ගෝඨාභය මහත්මයාගේ ආණ්ඩුවට වුණු දේම මේ රජයටත් සිදුවේවි... අපි ඉස්සර හිතාගෙන සිටියේ රටේ දියුණුව අඩාල කලේ දුෂිත දේශපාලකයෝ පමණක් කියලා, නමුත් දැන් අපිට පෙනී යනවා මේකට විශාල වශයෙන් වග කියන්න ඕනේ දූෂිත නිලධාරීන් සහ ඔවුන් විසින් පසුගිය දශක කිහිපය තුළ නිර්මාණය කරගනු ලැබූ පාලන තන්ත්‍රය කියලා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අපේක්ෂිකාවට ජන්ද කාඩ් දුන් ලියුම් බෙදන්නාත් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 223 0

පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්


‘කුෂ් ‘සමඟ විදෙස් සරසවි සිසුවා අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 24 97 0

රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ


දළදා වඳින්න ආවොත් මඟ නතර වෙන්න වෙයි
2025 අප්‍රේල් මස 24 2 0

දළදා වන්දනාවට ඉදිරි දින දෙකට සරිලන බැතිමතුන් විශාල පිරිසක් මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින බැවින් මහනුවරට නොපැමිණෙන්නැයි මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ට නි


ඡන්ද අපේක්ෂිකාවක් නිල ඡන්ද පත්‍රිකා 86 ක් සමඟ අල්ලයි
2025 අප්‍රේල් මස 24 247 0

නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස


ඌව පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම්ට ඇප
2025 අප්‍රේල් මස 24 194 0

ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය


දළදා වන්දනාව හැම වසරකම?
2025 අප්‍රේල් මස 24 876 7

දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 706 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 349 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 498 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site