IMG-LOGO

2025 මාර්තු මස 25 වන අඟහරුවාදා


අදානි ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයන්න බැරි වීම කනගාටුවක්

(අංජුල මහික වීරරත්න)

මන්නාරමේ අදානි සමාගමේ  පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය අපොහොසත් වීම පිළිබඳව කණගාටු වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අදාළ පාර්ශවකරුවන් ඉන්දීය ආයෝජකයින් ඇතුළු ශ්‍රී ලංකා රජය දැනටමත් එකඟ වී ඇති ව්‍යාපෘතියක් නැවත සාකච්ඡා කිරීමට මාලිමා ආණ්ඩුව දරන උත්සාහය පිටුපස ඇති තාර්කිකත්වය කුමක් දැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.

මෙම තත්ත්වය  අනාගත මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති සඳහා බාධාවක් වනු ඇති බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඒ ගැන තම කනස්සල්ල පළ කරන බව සඳහන් කළේය.

තම රජය හඳුන්වා දුන් ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ යැයිද  හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. විද්‍යුත් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

ඉන්දියන් සාගරය කේන්ද්‍ර කර ගනිමින් ආසියාව දෙසට ගෝලීය බල පෙරළියක් වෙමින් පවතින බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව එයින් ප්‍රයෝජන ගැනීමට අපේක්ෂා කළ යුතු බව කීය.

 

 



අදහස් (30)

අදානි ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයන්න බැරි වීම කනගාටුවක්

යෝගා Sunday, 23 March 2025 01:46 PM

බොරු කන්දරාවක පිහිටෙන් පාවෙලා ආපු පොල් කෝම්බ 160ක් වෙච්චි මේ ආණ්ඩුවෙන් දුර දිග බැලීමක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ මෝඩයින්ට තියෙන්නේ උපතින්ම පිහිටපු ඉරිසියාවයි, කුහකකමයි, සමාජ වෛරයයි විතරයි. ඒවායින් ආර්ථිකය හදන්න පුළුවන් කියලා සමහරු තාම හිතනවා...

:       128       36

RifanSunday, 23 March 2025 02:42 PM

යෝගා.- දැන්වත් ඔබ ඔය කුහක. ඊර්ශ්‍යා සහ වෛරීය ආකල්පවලින් බැහැරව විවෘත මනසින් මෙතෙක් රටේ සිදුවුණේ කුමක්ද? දැන් රටේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්ද? කියා බලන්න. අඩුම තරමින් තමන්ට නැතත් තම පරම්පරාවට රටක් ගොඩනැගෙමින් තියෙන බව පෙනේවි. හැබැයි ඒක දකින්න නම් කාටවුණත් යහපත් නිරෝගි මනසක් අවශ්‍යයි.

:       24       111

ප්‍රියන්තSunday, 23 March 2025 04:55 PM

රිෆාන්, ඔබ හරියටම හරි. ඒත් එවැනි දෙයක් තේරැම්ගන්න තරම් වූ තාර්කික බුද්ධියක් ඒ පුද්ගලයාට නැහැ. ඔහු ගැන අනුකම්පා කරනවා හැර වෙන කලහැක්කක් නැහැ...

:       18       67

ලලනිSunday, 23 March 2025 08:00 PM

මේ යෝගා කියන පුද්ගලයාගේ කමෙන්ට්ස් කියවන්න අප්පිරියයි.

:       11       36

pjMonday, 24 March 2025 06:39 AM

බබා හම්බවෙන මුල් කාලයේ අප්පිරියාව හෙමිහිට ඇරිලා යාවි. ප්‍රශ්න පටන් ගන්නෙ තාත්ත දරැවගෙ මුහුණ අදුන ගත් දවසටයි....

:       3       5

sena Sunday, 23 March 2025 02:15 PM

තර්කිකත්වය? සරලයි ඔයා ඔයාගේ වාසියට වැඩි ගානට කැමැති විච්ච ඒවා, රටේ යහපතට සාකච්ඡා කරලා මිල අඩු කරගන්න උත්සාහ කරනවා.

:       20       69

විකුම් විදුර Sunday, 23 March 2025 02:27 PM

සල්ලි විකුණන අම්මාව විකුණන දේශපාලන හිඟන්නෝ තාමත් ඉන්නවා මේ පේන්නේ නැද්ද කරුමයක්..?

:       15       59

සත්‍යපාල Sunday, 23 March 2025 02:35 PM

මේ ව්‍යාපෘතිය වෙනුවෙන් රනිල් ගත්තු කොමිස් මුදල දැන් ආපසු දෙන්න වෙනවා. නැත්නම් අදානිගෙන් අම්බානකට කන්න වෙනවා. රනිල් දැන් ලොකු අමාරුවක වැටිලා."ගලේ පහරපු බළලා" වගේ වහගන්න බැරුව ගඳ ගහනවා.

:       26       68

පම්පෝරි ජනක Sunday, 23 March 2025 03:09 PM

මහා බැංකු අධිපතිකමට සින්ගප්පූරුවෙන් ලෝක හොරෙක් හොයන් ආපු, පොලිස්පති කමට පාතාල අපරාධ කාරයෙක් පත් කරපු මිනිහ ගෙනන ආයෝජකයෝත් ඒ වගේම තමයි, මෝඩි පහුගිය දවස් වල ගෙන්නාගෙන ඔලුව අත ගගා ඕක කොහොම හරි කොරවලා දෙන්න කියන්න ඇති...

:       15       61

Mahinda Sunday, 23 March 2025 03:31 PM

රටේ ජනතාව ජා:ජ:බ:වේගයට ඡන්දය දුන්නේ කුජීත ඔයාලාගේ වැඩ පිළිවෙලවල් ඉදිරියට ගෙනයන්න නොවෙයි... ඒත් එය රටට වැදගත් නම් ඉදිරියට යයි. ඔය ආකාරයටම විකුණන්න ගිය මිල්කෝ දැන් ගොඩ. ඒක නිසා ඔයා දැන් වැලිකඩ ගියාම ඉන්න විදිය අභ්‍යාස කරන්න නැත්නම් දේශබන්දුට වගේ වේවි. අනික මගුල් ගෙදරකට ඇරපු අර්ජුන්ව ආපසු ගෙන එන ක්‍රියාමාර්ගයක් ගැන යෝජනාවක් කරන්න බැරිද?

:       15       57

බණ්ඩාMonday, 24 March 2025 03:12 AM

ජේ.වී.පී .කුහක හැත්තට ළඟදීම ඇඩ්‍රස් නැතුව යන්න වෙන බව අද කියනවා. ලෑස්ති වෙලා හිටපල්ලා.

:       10       4

Mohan Mangala Mapa Sunday, 23 March 2025 03:38 PM

පින්හාමි ඔබට පොහොර සංස්ථාව වික්ක එක ගැන කණගාටුවක් නැද්ද?

:       10       47

ගුණරත්න Sunday, 23 March 2025 04:02 PM

වැඩ කරන්න නොවෙයි, බණින්න කිව්වා නම් මේ ආණ්ඩුව යසට ඒ වැඩේ කරනවා.

:       45       13

සෙනෙවිරත්න Sunday, 23 March 2025 04:14 PM

එකක් කියන්නකෝ..., ගෝලයෝ කියනවා රනිල්ගේ ප්‍රතිපත්තියම ගෙනියනවා කියලා, ගෝලයෝ විතරක් නොවෙයි පරණ ගෝල බාලයෝත් පාර්ලිමේන්තුවේ වැළලෙන්න හදනවා. රනිල්ගේ පාරෙම යනවා කියලා, දැන් මෙයා වැඳ වැටෙනවා... මම ගියපු පාරේම යන්න කියලා, පිස්සු හැදෙන සඳ කිව්වාලු.

:       10       34

Bud Sunday, 23 March 2025 04:34 PM

තාමත් ආණ්ඩුව පොහොර, සබන්, පොල්තෙල්, මාළු විකුනන්න ඕනෑ කියලා හිතන මිනිස්සු එක්ක ගැඹුරු භූ-දේශපාලන කතා කියලා වැඩක් නෑ...

:       22       11

සිල්වා Sunday, 23 March 2025 05:01 PM

ඊයේ ඉඳලා අපි අපේම වැඩසටහනට වැඩකරනවා. සීයා ගෙනාපු අයි.එම්. එප්. එක සමන් විද්‍යාරත්න ප්‍රධාන කණ්ඩායම ලවා මට්ටු කරනවා. නැත්නම් පයින් ගහලා එළවනවා. ඉන්ධන මිල 160/= න් අඩුකරනවා.

:       13       18

Mahajanathawa Sunday, 23 March 2025 05:14 PM

ඇත්තටම, ඔවුන්ට ඔබේ උපදෙස් අවශ්‍ය නැහැ. ඔවුන්ට රට හොඳ තැනකට ගෙනියන්න දෙන්න.

:       10       29

Nalaka Sunday, 23 March 2025 06:07 PM

අදානිට වැඩිපුර ගෙවන ගාන, පින් හාමි ගෙදරින් ගෙනැල්ලාද ජනතාවට ගෙවන්න. එළියට දැම්මත් හොර හිත මොවුන්ගේ...

:       9       32

Dayan Sunday, 23 March 2025 07:41 PM

මේ ගස්මාමා අටවපු උගුල්වල දිගටම යන්න කියන්නේ. යුනිට් එක ඩොලර් 0.084 ගානේ ගන්නලු...

:       5       17

Amal Sunday, 23 March 2025 09:17 PM

මල ඇඩියාවක්නේ කජු සීයාගෙන් තියෙන්නේ....! ඔය ප්‍රොජෙක්ට් එක කළා නම් කියයි , රට ඉන්දියාවට දෙනවා කියල....

:       2       4

පුරවැසියන් Sunday, 23 March 2025 10:06 PM

මේ සීයෙ කාපු කජු මදිවට දාපු ගැට උප්පරවැට්ටි බොරු සෝබන ජාත්‍යන්තර කතා දැං විකුනගන්න බෑ .ඒවා පිලුනු ගදයි දැං .සාගලවත් එක්ක පැත්තකට වෙලා ඉන්නවද වද නොදී තවත්

:       2       2

රුක්මාල් Sunday, 23 March 2025 10:31 PM

අනේ..මේ අවලංගු කාසිය... වැඩක් බලාගනින්

:       2       3

Ratna Senanayake Monday, 24 March 2025 12:14 AM

මේ හොරා කල් ඉකුත් වෙලා. එයා කියන දේ කරන්න එයාට අවුරුදු 50ක් තිබුණා. ඒ කියන්නේ, ඔයාගෙ හිරේ කාලය ඉවර වෙලා නේද?

:       3       3

Nishan Monday, 24 March 2025 03:49 AM

ආන්ඩුවට එකදු විදේශ ආයෝජනයක් නෑ. එන්නෙත් නෑ, එන්නත් බයයි. රටේ එදිනෙදා වියදම් පියව ගන්නේ දේශීය ණය වලින්. මාස 6 ට බිලියන 5000 ත් පැනලා.

:       4       3

අන්දරේ Monday, 24 March 2025 06:42 AM

පැලවත්තෙ පඩියට ලියන කට්ටිය රනිල් දැක්ක ගමං කුලප්පු වෙනව.අවුලක් නෑ කීයක් හරි හම්බකර ගන්නත් එපෑ.

:       4       9

පොඩිඑකාMonday, 24 March 2025 11:15 AM

අන්දරේ..., ඔයාගේ වාසගම ‘යෝගා’ ද?

:       5       1

තබුත්තේගම අන්දරේMonday, 24 March 2025 03:21 PM

මගේ වාසගම දිසානායක පොඩි එකෝ.

:       1       3

Adani Monday, 24 March 2025 07:57 AM

සීයෙ ඔයාට කළුපොල් කැවිලද ? උඹ වගේ උන් මෝඩ නැහැ. උන්ගේ කනින් රිංගන්න ලේසි නැහැ.

:       7       4

Bunny Preena Monday, 24 March 2025 09:29 AM

අපේ කණගාටුව, ඔබ හොඳ හා වැදගත් පුද්ගලයෙකු ලෙස සිතා ඔබට රැවටීම ගැන. ඔබ අපරාධ රැසකට දායකත්වය දී ඇති බවට කරුණු හෙළිවමින් තිබේ. ඔබේ නිරදෝෂිතවීම කිසිම සැකයක් නොතබා ඔප්පු කරන්න. නැතිනම්, මට කියන්න තියෙන්නේ ඔබලා වගේ පාලකයින් අපේ රටට මහ ශාපයක් සහ ඔබවන් රටක් පාලනය කිරීමට නුසුදුසු බවයි.

:       5       5

Rata Perata Monday, 24 March 2025 01:35 PM

පැරදිලා පැරදිලා දැන්වත් ගෙදර හිටපන්කෝ.... පුදුම කරුමයක් මේ මනුස්සයා

:       4       2

ඔබේ අදහස් එවන්න

 

දියත

තානාපති වාහන අංකවලට පිට වාහන දුවලා: පාඩුව කෝටි දොළහයි
2025 මාර්තු මස 24 242 0

අවලංගු කරන ලද විදේශ රාජ්‍ය තාන්ත්‍රික වාහන අංක යොදා වෙනත් වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් රජයට රුපියල් කෝටි දොළහකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි රජයේ විග


රත්නපුරෙන් වසරකට ක්ෂය රෝගීන් 400යක්
2025 මාර්තු මස 24 67 0

රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍ෂයරෝගය වැළඳුන රෝගීන් හාරසියයක් 2024 වර්ෂයේ හඳුනාගත් අතර ඉන් 42 පමණ ජීවිතක්‍ෂයට පත්වු බව විශේෂඥ වෛද්‍ය සමන් කපිලවංශ මහතා පැවසු


මහපොළ ප්‍රමාදය වළක්වන්න පියවර
2025 මාර්තු මස 24 104 0

විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ප්‍රමාදයකින් තොරව ලබා දීම සඳහා කෙටිකාලීන පියවර වෙත අවදානය යොමුවී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැව


රනිල් 76වැනි උපන් දිනය සමරයි
2025 මාර්තු මස 24 867 1

ජනතාව අද පහසුවෙන් ජීවත් වන්නේ රට වැටුණු අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ නිසා බව බඹරැන්ද කුරුඳුරේ පූර්වාරාම රජමහා විහාරාධිපති දොඩම්ප


තරුණ සභාවේ අමුතු ගැහිල්ලක්
2025 මාර්තු මස 24 355 0

ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සභාවටම භාණ්ඩ මිලදී ගැනීමට වැඩි මිල ගණන් ඉදි


කෑම පැකට්ටුව දුම්රිය ප්‍රමාද කරයි
2025 මාර්තු මස 24 1688 1

කෑම පාර්සලය නියමිත වෙලාවට රියදුරු කුටියේ නොතැබීමට විරෝධය දක්වමින් කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය පසුගිය 22 වැනිදා වි


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 243 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 568 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1213 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site