IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු මෙන්න

(අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.

නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ.

01 මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

02 නාමල් කරුණාරත්න මහතා කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

03 වසන්ත පියතිස්ස මහතා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය

04 නලින් හේවගේ මහතා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

05 ආර්. එම්. ජයවර්ධන මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

06 ගමගෙදර දිසානායක මහතා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

07 නීතිඥ ටී. බී සරත් මහතා නිවාස නියෝජ්‍ය අමාත්‍ය

08 රත්න ගමගේ මහතා ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

09 මහින්ද ජයසිංහ මහතා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය

10 අරුණ ජයසේකර මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

11 අරුන් හේමචන්ද්‍රා මහතා විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

12 ඇන්ටන් ජයකොඩි මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍ය

13 මොහොමඩ් මුනීර් මහතා ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය

14 ඉංජිනේරු එරංග වීරරත්න මහතා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

15 එරංග ගුණසේකර මහතා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

16 චතුරංග අබේසිංහ මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

17 ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය

18 වෛද්‍ය නාමල් සුදර්ශන මහතා කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

19 රුවන් සෙනරත් මහතා පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

20 වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

21 වෛද්‍ය හංසක විජේමුණි මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

22 උපාලි සමරසිංහ මහතා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

23 රුවන් චමින්ද රණසිංහ මහතා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය

24 සුගත් තිලකරත්න මහතා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය

25 සුන්දරලිංගම් ප්‍රදීප් මහතා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය

26 නීතිඥ සුනිල් වටගල මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

27 වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

28 ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

29 වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.

 



අදහස් (13)

අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු මෙන්න

randil dunuwille Thursday, 21 November 2024 04:39 PM

කාන්තා නියෝජනය නෑ කවුරුවත්...

:       3       2

Dasun Thursday, 21 November 2024 04:55 PM

කාන්තා නම් මන්ත්‍රී පදවිය පමණි. වෛද්‍ය නම් ඔක්කොම ඇමැතිවරු...

:       4       0

විපරමා Thursday, 21 November 2024 05:12 PM

උගතුන්ට නිසි තැන දී ඇත. පැවැති, නූගත්, දූෂිත පවුල් පාලන ආණ්ඩුවලට වඩා සැබෑම වෙනසක් දැකිය හැකිය.

:       3       7

ranjith Thursday, 21 November 2024 06:21 PM

බලනකොට සතුටුයි. නොයෙක් විෂයන්හි උගතුන් නිසා. මෙතෙක් කල් රනිල්, මහින්දලා පත්කරපු අමාත්‍ය මණ්ඩල ගැන කියන්නත් හිරිකිතයි.

:       4       6

අමල් Thursday, 21 November 2024 06:30 PM

ජෙප්පන්ගෙන් ප්‍රථමයෙන් 1994දී පාර්ලිමේන්තුවට ගිය නිහාල් ගලප්පත්තිව හලලා, ජෙප්පෝ හදපු ප්‍රථම ආණ්ඩුව ! කොහොමද ජෙෂ්ටත්වයට සැලකිල්ල ! අති විශිෂ්ටයි සෑර් ! මොවුන්ගේ ජේෂ්ටයින්ට සලකන්නේ මෙහෙම නම්, ළඟදී ඡන්දෙ දීපු 68 ලක්ෂයේ මෝඩ ජහමනයාට කොහොම සලකයිද?

:       7       10

අමල් Thursday, 21 November 2024 06:41 PM

29 දෙනෙකුගෙන් නියෝජ්‍ය ඇමැතිකමක් දෙන්නවත්, හොයාගන්න බැරි, ශ්‍රී ලංකාවේ දුර්ලභ මනුෂ්‍ය කොට්ඨාශයක්ද ගැහැණු කියන්නේ? ඒකනේ මොනවා අහනවාද, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය ඇමැතිත් පිරිමියෙක්! අමල්

:       3       6

NIMAL Thursday, 21 November 2024 07:06 PM

ජාතික ජන බලවේගය JVP හවුල් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ 21 ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දී ඇත. අධිකරණ නියෝජය ඇමතිවරයකු පත්කිරීමට අමතක වී ඇත.

:       4       1

විපරමා Friday, 22 November 2024 01:13 PM

අධිකරණ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා. උගතුන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුවක් දැකීමත් සතුටක්. සියලුම දෙනාට අපගේ සුබපැතුම්... රටට විශිෂ්ඨ සේවයක් කිරීමට සියලු සක්තිය දහිරිය නිරතුරුවම ලැබේවා..!

:       2       8

gunarathna Friday, 22 November 2024 01:27 PM

අනුර කුමාර ජනාධිපතිතුමා මෙහෙ දොස්තරලා දේශපාලනයට ආවාම රෝහල්වල වැඩ කරන්නේ කවුද? දොස්තරලා රට යනවා කියලා ලොකු ප්‍රශ්නයක් තියෙද්දී මෙහෙම කරන එක හරිද? මේ අය රාජකාරි නොකරන අය නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් රාජකාරියෙන් ඉවත් වෙලා දේශපාලනය කරනවා නම්...?

:       2       2

JayasekaraFriday, 22 November 2024 02:38 PM

මැති ඇමතිලා පත්කරලා ඒකව නඩත්තු කරන්න මහජන මුදල් නාස්ති කරපු රටේ ඕක මොකක්ද ගුනේ?

:       0       1

WejekonFriday, 22 November 2024 04:48 PM

ඉතාමත්ව වටිනා අදහසක් තමයි, අවුරුදු 5 සිට පාසලට ඇතුල්වී නොමිලයේ අධ්‍යාපනය ලබාගෙන නොමිලයේ වෛද්‍ය උපාධියත් අරගෙන ජනතා මුදල් කෝටි ගණනක් වැයකර ලැබූ අධ්‍යාපනයෙන් ජනතාවට සේවයක් නොකර ආත්මාර්ථකාමිත්වයෙන් මෙහෙම කටයුතු කිරීම දූෂණයක් වගේම ජනතාවගේ සම්පත් නාස්තියක් නොවෙයිද මේක එක් අතකින් හිටපු පාලකයෝ නොමිලයේ අධ්‍යාපනය ලබාදීමෙන් කරපු බරපතලම වරදක් කියන්න පුළුවන්...

:       0       1

dileepa1986 Friday, 22 November 2024 03:03 PM

ඇමතිකමක් දෙන්න ඕන. ඒ සම්බන්ධව විශේෂ දැනුමක් හෝ හැකියාවක් ඇති අයට ගලප්පත්තිටවත් නැති අමාරුවක් සීයාගේ ලොන්තයොන්ට හැදිලනේ. මුලින්ම අර තමුන්ලගේ ජාතික ලැයිස්තු ප්‍රශ්නේ විසඳගන්න. පුලුවන් ශ්‍රී ලංකා කිව්වට මෙලෝ දෙයක් කරගන්න බෑනේ.

:       1       1

ගමේ එකාලා Friday, 22 November 2024 03:22 PM

සමහර කුහකයෝ ඉන්නවා හරියට මැරිලා ඉපදුනා වගේ? පැවැති දූෂිත ආණ්ඩු කාලේ හිටපු අය කියපුවා, කරපුවා මෙලෝ දෙයක් මතක නැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 3687 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 1752 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


සැපරියෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 2880 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.


මන්ත්‍රී වරප්‍රසාද කැපේ
2024 නොවැම්බර් මස 23 4447 0

මාත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


ගම්පහ නාඩු පාලන මිල පැනලා
2024 නොවැම්බර් මස 23 1067 0

ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.


බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ දකුණට තද වැසි
2024 නොවැම්බර් මස 23 543 0

උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 493 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 709 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1993 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site