(මනෝප්රිය ගුණසේකර)
ගෝඨා ගෝ ගම අරගලයට පහරදමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප දීමේදී මහේස්ත්‍රාත්වරු ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කිරීම සම්බන්ධයෙන් පොදුජන එක්සත් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කොට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා අධිකරණ සේවා සංගමය අභියාචනාධිකරණයට අද (03) පෙත්සමක් ඉදිරිපත් කෙරිණී.
මහෙස්ත්‍රාත්වරු හා දිසා විනිසුරුවරුන් සාමාජිකත්වය දරණ අධිකරණ සේවා සංගමය විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහිව නඩු විභාගයක් පවත්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඔහුට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලීමක් කොට ඇත.
මහෙස්ත්‍රාත්වරු හා දිසා විනිසුරුවරුන් සාමාජිකත්වය දරණ අධිකරණ සේවා සංගමය විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා නම් කොට ඇත.
නීතීඥ චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් මත මෙම පෙත්සම ඉදිරිපත් කරන අධිකරණ සේවා සංගමය ගාලු මුවදොර, ගෝඨා ගෝ ගම අරගලයට පසුගිය මැයි මස 09 වැනිදා පහරදමේ සිද්ධියට අදාළව රහස් පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණල්ලක් ගොනුකර ඇතැයි සඳහන් කොට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා එහි සැකකරුවකු ලෙස නම් කර ඇති බවත් සඳහන් කරන පෙත්සම්කාර සංගමය ඒ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ් බාරයට පත් කොට සිටි
ඔහු පසුව ඇප මත මුදා හැර ඇති බවත් අධිකරණ සේවා සංගමය ඉදිරිපත් කළ පෙත්සමමේ සඳහන් කොට ඇත.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පසුගිය 23 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී මෙන්ම වෙනත් මාධ්‍ය වලට වගඋත්තරකාර සනත් නිශාන්ත මහතා අදහස් දක්වමින් අරගලයට සම්බන්ධ සැකකරුවන්ට ඇප දීමේදී මහේස්ත්‍රාත්වරු ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විවේචනාත්මක අදහස් පළ කොට ඇතැයිද ඉන් ඔහු අධිකරණයේ ගෞරවයට සහ ප්‍රතිරූපයට හානි සිදුකර ඇතැයිද සඳහන් කරන
පෙත්සම්කාර අධිකරණ සේවා සංගමය එමඟින් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයිද සඳහන් කොට ඇත.
සනත් නිශාන්ත මන්ත්‍රීවරයා පසුගිය 23 වැනිදා මාධ්‍ය හමුවේ දී පළ කළ අදහස් විකාශනය කළ සිරස, ස්වර්ණවාහිනී හා සියත රූපවාහිනි නාළිකාවලින් ඊට අදාල මුල් වීඩියෝ පට අධිකරණයට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන්නැයිද සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයිද ඉන් අනතුරුව ඔහු සිතාසි මත අධිකරණයට කැඳවා දඩූවම් නොකිරීමට ඔහුගෙන් හේතු විමසන්නැයිද අධිකරණ සේවා සංගමය ඉල්ලීමක් කොට ඇත.
ඊට අමතරව නඩු විභාගයක් පවත්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට දඬුවම් පමුණුවන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාර අධිකරණ සේවා සංගමය අධිකරණයට අහාසාත්මක විය හැකි ප්‍රකාශ නිකුත් කිරීමෙන් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලීමක් කොට ඇත.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධිකරණයට අපහාස කළැයි සනත්ට එරෙහිව පෙත්සමක්
siri Tuesday, 04 October 2022 05:30 AM
ජනතාවගේ චන්දෙ අරන් එම සුදුසුකමට පමණක් මැති ඇමතිකම් දරාගෙන උගත් අධිකරණයට අපහාස කිරීමට උපරිම දඬුවම් දෙන්න