IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අධිකරණයට අපහාස කළ නීතිඥ දෙපළ අල්ලන්නැයි නියෝගයක්

(උපාලි ආනන්ද)

අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව පෙත්සම්කාර පාර්ශවයකට හෝටල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක භුක්තිය බාර දීමට ගිය මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිගේ සහ අධිකරණ පිසිකල්වරයාගේ රාජකාරියට බාධා කරමින් තර්ජනය කරමින් මේක අත්සනක්ද? මේක ඉරි කෑල්ලක්නේ මේ නියෝගය දුන්නේ මොන බල්ලද? යන්න විමසමින් අධිකරණයට අපහාස කළ බව කියන නීතිඥවරයකු සහ නීතිඥවරියක වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් මැදවච්චිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත පුෂ්ප කුමාර මහතා මගින් වරෙන්තු නිකුත් කළේය.

මෙසේ අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේ අනුරාධපුරයේ නීතිඥවරයකු වන රංජිත් රණසිංහ සහ නීතිඥවරියක වන නිසංසලා විජේසේකර යන දෙදෙනාය මැදවච්චිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා මෙසේ නියෝග කලේ මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර් එම් අයි ජී රත්නායක මහතා 707/2022 දරණ බී වාර්තාව මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැළකිල්ළට ගනිමිනි.

මෙම සැකකාර නීතිඥවරයාට සහ නීතිඥවරියට මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉකුත් 24 වන දින පෙනී සිටින ලෙසට නියෝග කරමින් මැදවච්චිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල මහතා විසින් මීට පෙර සිතාසි නිකුත් කර තිබිණ.

එහෙත් එකී නියෝගයට අනුව සැකකාර නීතිඥවරයා සහ නීතිඥවරිය ඉකුත් 24 වන දින මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් මෙළෙස අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් මැදවච්චිය මහේස්ත්‍රාත්වරයා විසින් අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මගින් වරෙන්තු නිකුත් කරනු ලැබීය.

මේ සම්බන්ධයන් අධිකරණයට කරුණු දක්වමින් මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්. එම්. අයි. ජී. රත්නායක මහතා කියා සිටියේ 70324 දරණ නඩුවට අදාළව අධිකරණය ලබා දුන් නියෝගයක් අනුව රඔෑව ඉකිරිගොල්ලෑව නගරයේ ඒ 9 මාර්ගයේ පිහිටි හොටෙල් ඩී අනාර් යන ස්ථානයේ භුක්තිය එස්. එච්. අබුල් සිරාම් සහ එස්. එච්. අබුල් සිෆාන් යන පෙත්සම්කරුවන්ට බාර දීමට මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය සහ පිසිකල් නිලධාරීන් පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාවද කැටුව ගොස් ඇති බවයි එහිදී මෙම සැකකාර නීතිඥවරයා සහ නීතිඥවරිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරියගේ සහ පිසිකල් නිලධාරියාගේ රාජකාරියට බාධා කරමින් තර්ජනය කරමින් අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදී නොමැති බවද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කීවේය.

මෙම සැකකාර නීතිඥවරයාට සහ නීතිඥවරියට ගරු මහේස්ත්‍රාත් තුමාගේ අත්සන සහ නිළ මුද්‍රාව සහිත අධිකරණ නියෝගය පෙන්වා සිටි අවස්ථාවේ මේක අත්සනක්ද? මේක ඉරි කෑල්ලක්නේ මොන බල්ලද? මේ නියෝගය ලබා දුන්නේ යනුවෙන් සැකකාර නීතිඥවරයා ප්‍රශ්න කරමින් අධිකරණ රෙජිස්ට්‍රාර්වරියගේ සහ පිසිකල් නිලධාරින්ගේ රාජකාරියට බරපතල ලෙස බාධා පමුණාවා ඇති බවද අධිකරණයට කියා සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්. එම්. අයි. ජී. රත්නායක මහතා මෙම ක්‍රියා කලාපය තුලින් සැකකරුවන් බරපතල ලෙස ගරු අධිකරණයට අපහාස කර ඇති බවද සඳහන් කළේය.

 



අදහස් (0)

අධිකරණයට අපහාස කළ නීතිඥ දෙපළ අල්ලන්නැයි නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 202 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 82 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 239 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 463 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 222 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 651 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site