IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අධිකරණ ඇමැති නොසතුටෙන්

(සුජිත් හේවාජුලිගේ)

එක රටක් එක නීතියක් සඳහා නීති කෙටුම්පත් කිරීමට උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද 13 දෙනකුගෙන් යුතු කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් නොසතුටට පත්ව සිටින අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සිය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බවට දේශපාලන කරලියේ කතාබහට ලක්ව ඇත.

විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපතිවරයා පැමිණි පසු සබ්රි මහතා ඒ පිළිබඳව ඔහුට දැනුම්දී ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට සූදානම් වන බවටද දේශපාලන කරලියේ කතා බස්වලදී සඳහන් විය.

මේ අතර මෙවැනි කාර්ය සාධක බලකායක් පත් කරන බව තමා දැන නොසිටි බවත් තමාගේ අදහස් විමසීමකින් තොරව මෙවැනි කාර්ය සාධක බලකායක් පත් කිරීම පිළිබඳව තමා නොසතුටට පත්ව සිටින බවත් අලි සබ්‍රි මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත කළ විමසුමකදී පසුගියදා ප්‍රකාශ කර තිබිණ.

රටේ නීති සකස් කිරීමට නිශ්චිත ආයතන තිබියදී මෙවැනි බලකා පිහිටුවීම තේරුමක් නැති වැඩක් බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයිද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකාවේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීමේ කාර්යය ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එම බළකායට පැවරෙන බව ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එසේම අධිකරණ අමාත්‍යාංශය එක රටක් එක නීතියක් යන කාරණයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් අධ්‍යයනය කර ඒවා යෝග්‍යතාව සහ සුදුසු සංශෝධන ඇත්නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ කෙටුම්පතට එකී යෝජනා ඇතුළත් කිරීමද මෙම කාර්ය සාධක බලකායට පැවරී ඇති තවත් කාර්යයක් බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මේ අතර මෙම බලකායට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් තවත් පාර්ශව ගණනාවකින්ද විරෝධය එල්ල වී ඇත.

 



අදහස් (56)

අධිකරණ ඇමැති නොසතුටෙන්

සෑම් Wednesday, 03 November 2021 07:28 AM

දැන් වත් තේරනවද නන්දසේනගේ මුග්ධ බව? මුළු රටම සමාජයම අවුල් කළා, විනාශ කළා

:       219       102

Sasith JayathungaWednesday, 03 November 2021 07:33 PM

නන්දසේන කෙසේවෙතත් රටේ බහුතරයක් තමන්ගේ නීති දැනුමේ මුග්ධ බව මෙතන පෙන්නලා තියෙනවා ලස්සනට... ලංකාවේ චාරිත්‍රානුකූල නීති ඝනයේ තියෙන නීති 3 (ලංකා මුස්ලිම් නීතිය, උඩරට නීතිය, තේසවලාමෙයි නීතිය) ඇතුලේ බරපතල සමාජ අසමානතාවයක් හදල තියෙන්නේ... මේක තවත් යුද්ධයකට පවා හේතුවෙන්න පුළුවන්. ඒක නිසා ඉස්සෙල්ලා ඒ නීති මොනවද කියලා හොයලා දැනුවත් වෙලා ආවා නම් මෝඩකම කරන්නේ කවුද කියලා තීරණය කරන්න පුළුවන්...

:       3       60

වර්ණකුලසූරියThursday, 04 November 2021 10:48 AM

ජයතුංග මහතාගේ ප්‍රකාශයට අනුව කියනවා නම් එතුමා කියන්නේ ඊට අදාළ ආයතන තිබියදී නුසුදුසු ක්‍රියා මාර්ගයකට යාමයි. අද වගේ අවාසනාවන්ත තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්වීමට හේතුවත් එය විය හැකියි. තවදුරටත් අපි තේරුම් ගන්නවා නම් අපමණ දුෂණ චෝදනා ඇති, සා.පෙළ සමත්, වංචාවටම උපන් කෙනෙක් රටක මුදල් ඇමති වෙනවා වගේ. නමුත් එය නොදකින අධිකරණ ඇමතිතුමා තමන්ට වාසිදායක විධියට කතා කිරීමයි අපට ගැටළුව විය යුත්තේ.

:       14       1

BamunuarachchiThursday, 04 November 2021 03:26 PM

මෑතකදීද ලංකාවේ පුරවැසි කම ගත්තේ? ලංකා මුස්ලිම් නීතිය, උඩරට නීතිය, තේසවලාමෙයි නීතිය හැදුවේ කව්ද? සුද්ද උන්ගේ පාලනකාලේ සුද්දාගේ පවැත්මට සුද්දාට ඕනේ විදිහට හැදුව මිසක් මහා ජාතියේ උවමනාකම් බලලා නීති හැදුවේ නැහැ. 75% සිංහල බෞද්ද ඉන්න රටට රෝම ලංදේසි නීතිය අහවල් මගුලකටද? ජනතාව ඒ නීති බාරගන්න ඕනෙද? මෙරටේ බහුතරයේ උවමනාවට නීති වෙනස් විය යුතුයි. 9% ඉන්න ජන කොට්ටාශවලට රටේ වෙනම නීති හදන්නේ අහවල් කෙන්ගේඩියකටද? සුද්දාගෙන් නිදහස ලබපු බොහෝ රටවල් සුද්දා හදපු නීති සුද්දා දාපු නම් නැවත වෙනස් කර ගත්තා. සුද්දා බොම්බේ කීවාට ඉන්දියන් කාරයා නැවත මුම්බායි කර ගත්තා. මේ අල්ලක් වගේ රටට පළාත් සබාත් එපා ජාතින් අනුව වෙනස් නීතිත් එපා. එක රටක් එක නීතියක්. තමන් ඉන්න බැහැ කියලා තේරුම් ගත්ත බර්ගර් ජාතිකයින් රටහැර ගියා. අනික් සුලුජාතීන්ටත් එය අනුගමනය කරන්න පුළුවන්. අපේ විරුද්දත්වයක් නැහැ.

:       3       29

Jude Wednesday, 03 November 2021 08:10 PM

සත්තු උගුලෙන් නිදහස් කරන්න හදනකොට එයා හිතන්නේ ඌව මරන්න තමයි එන්නේ කියලා. ඒක සතාට උගුලෙන් නිදහස් කරන්න කලින් තේරුම් කරන්න බෑ. මේ රටේ සමහරක්ට එක නීතිය කියන්නේ මොකද්ද කියලා තේරුම් කරන එකත් ඒ වගේම තමයි. එක එක ජාතීන්ට එක එක නීති. උඩරට, පහතරට වෙනම නීති, උතුරේ, දකුණේ වෙනම නීති. අඩු ගානේ අපේ හරක් ඒවා අහලාවත් නෑ...

:       0       37

වර්ණකුලසූරියThursday, 04 November 2021 11:41 AM

උගුලට පැටලී සිටින වර්තමාන රජය ගලවා ගැනීමට එන්නේ ජාතිවාදී එන්නත් නිෂ්පාදන ආයතනයක හිමිකරුවෙක්. එම එන්නත මත යැපෙන රාජපක්ෂ පාලනය තවදුරටත් එය වැඩි දියුණු කරමින් කටයුතු කිරීම අපි දකිමු.

:       16       1

sujith Wednesday, 03 November 2021 07:39 AM

මේවා ඔක්කොම රඟපෑම්.

:       83       74

sharm warn Wednesday, 03 November 2021 08:52 AM

ආ.. කොහොමද? රිදුණද? රටේ මිනිස්සුන්ට හෙණ ගහලා ගියත් මොකෝ... කරන්න පුලුවන් දේවල් කරන කොට රිදුණේ නැහැනේ... කළකම් ඵල දෙන්නත් එපැයි. අපිටත් සතුටුයි පැණි වරකා ගහට හෙණ ගහන හැටි දකිනකොට...

:       97       43

Vithana Wednesday, 03 November 2021 09:01 AM

ඔබේ අවංකභාවයටත්, තම ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින ආකාරය ගැනත් ගරු කරනවා...

:       34       41

janabala asamagi Wednesday, 03 November 2021 09:14 AM

69 ලක්ෂය තව දුරටත් රඳවා තබා ගැනීමට යොදන උපක්‍රමයක් බැසිල් මහතාගේ .නමුත් ජනතාව 70 ලක්ෂයක් මෙම දුෂණ චෝදනා ඇති පාලනය ප්‍රතික්ෂේප කර හමාරය

:       125       97

Abdul Nasar Wednesday, 03 November 2021 09:56 AM

දිට්ඨ ධම්ම වේදනීය කර්මය

:       70       45

BamunuarachchiThursday, 04 November 2021 07:58 PM

කුරානයේද තිබෙන්නේ...? කාලේ යනකොට කුරානේ අයින් කරලා ත්‍රිපිටකය තමයි කියවන්න වෙන්නේ. අනේ සාදු...!

:       4       20

සඳුන් Wednesday, 03 November 2021 10:13 AM

බහුතරයක් පොහොට්ටු සුගන්ධය හැමූ ඡන්ද වලින් බලයට පත් ජනාධිපතිතුමාට ඔය පත්වීමට ඥානසාර හිමි හැර වෙන විකල්පයක් ඔලුවට ආවෙ නැතුව ඇති. රටට මේ සිද්ධ වෙන්නෙ ඇමරිකන් කුමන්ත්‍රණයක් කියල හිතෙන්නෙ මට විතරද ?

:       126       58

kamal Wednesday, 03 November 2021 10:22 AM

සර් වියතුන් කියලා තියෙන්නේ ගලගොඩ වගේ බයියන්ටයි .දැන් තේරුනාම තරු පේනවා නේද ?

:       117       81

BamunuarachchiFriday, 05 November 2021 10:08 AM

කට්ටිය හිතාගෙන හිටියේ අසාද්සාලි තමයි වැඩකාරයා කියලා.

:       0       24

jagath Wednesday, 03 November 2021 10:31 AM

ඔය විරෝධය එල්ල වෙන්නේ අන්තවාදී කල්ලි වලින් .උන්වම තමයි මෙරටින් අතු ගා දැමිය යුත්තේ .ඕක හොඳම සමීකරණයක් අන්තවාදීන් බුරුතු පිටින් අල්ල ගන්න තවත් පාස්කු ප්‍රහාරයක් දියත් වීමට පෙර

:       62       180

සෙනෙවිරත්න Wednesday, 03 November 2021 11:03 AM

අන්තවාදී කිව්වෙ ගරු ඇමති තුමාටද? එතුම තමයි ජනාධිපති තුමාගෙ නඩු වලට පෙනීසිටියෙ. එතුම කොකොතරම් දක්ෂද කිව්වොත් චූදිතයා උසාවිය පලාතෙ නෑවිත් නඩුටික ඉවර කලා. එහෙම එක රටක් එක නීතියක් ඇයි නැති කරගන්නෙ?

:       132       65

SahasriWednesday, 03 November 2021 08:05 PM

ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය කියන්නේ මොකද්ද කියලා හොයලා කතා කරා නම් තමයි හොඳ. මොකද ලෝකයේ දැරියක් විවාහ වෙලා දරුවො හදන්න පුලුවන් වයස 18න් පස්සේ... ඒත් ලංකාවේ දැරියන්ට අවුරුදු 10-12න් බඳින්න වෙනවා මුස්ලිම් සමාජයේ... කෝ ඒ අය වෙනුවෙන් මානව හිමිකම්... ඒ වයසෙන් වෙන ජාතියක කෙනෙක් බැන්දොත් අතවරයක් කළා කියා සලකා බරපතල දඬුවම් දෙනවා. මේවා බරපතල නීති වෙනස්කම්....

:       1       14

Hafeel Wednesday, 03 November 2021 11:50 AM

මේ පත්වීමට ආණ්ඩු පක්ෂයෙනුත් විරුද්ධයි. විෂේශයෙන්ම ජනාධිපතිගේ වියත්මග නියෝජන කරන ගැවිඳු කුමාරතුංග මන්ත්‍රීත් විරුද්ධයි. එහමනම්, එයාත් අන්තවාදියක්ද? තවදුරටත් අන්තවාදී කියමින් ජනතාව රවට්ටන්න බැහැ. දැන් රටේ ජනතාවට තේරිලා.

:       61       41

fakeerWednesday, 03 November 2021 01:24 PM

කවුද කුමාරතුංග කියන්නේ...?

:       18       6

Hafeel Wednesday, 03 November 2021 07:02 PM

එ්කත් දන්නේ නැද්ද? එ්ක තමයි කලින් සඳහන් කළේ, ජනාධිපතිගේ වියත්මග සාමාජික පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රි...

:       2       5

jagathWednesday, 03 November 2021 08:21 PM

අබ්දුල් අසීස්ට ගොඩක් දැනිලා වගේ...

:       1       3

BamunuarachchiThursday, 04 November 2021 10:18 AM

අර කව්ද ෂරියා නීතිය ඉල්ලනකොට කොහෙද අලිසබ්රි හිටියේ?

:       3       0

Siri Perera Wednesday, 03 November 2021 10:32 AM

ඔය එන්නේ කස කාරයෝ !පෙරහැර ලඟම එනවා වගේ නේද ?

:       59       49

සෑම් Wednesday, 03 November 2021 11:50 AM

හිතුවට වඩා පිස්සු කියලා දැන්ද තේරුනේ?

:       51       40

Perera Wednesday, 03 November 2021 11:56 AM

මේවා ඔක්කොම බොරු රඟපෑම්...

:       24       23

kalyani Wednesday, 03 November 2021 12:22 PM

පොහොට්ටුවේ දුර්ගන්ධය දැන් නම් හැමෝටම උහුලන්න බැරි වෙලා.69 ට කොහොමද ?දැන් සපයිද ?

:       30       50

s.hanauer Wednesday, 03 November 2021 12:41 PM

හොඳම නළුවා තෝරන කෙනාට ගොඩක් මහන්සි වෙන්න වෙයි. කවුරුත් හොඳට රඟපානවා... නරඹන්නන් අනාථ වෙලා...

:       26       24

fairoos Wednesday, 03 November 2021 12:48 PM

බෞද්ධ ඡන්ද රැකගන්න කරන නාඩගම...

:       49       32

KalimaaWednesday, 03 November 2021 07:51 PM

බෞද්ධ චන්ද නෙමේ රටම රැක ගන්න කරන නාඩගමක්. අවුරුදු 12,13 වගේ පොඩි කෙල්ලො කසාද බඳින්න පවා පුලුවන් ඔයාල හදාගත්තු නීතිය නැතුව රටේ හැමෝටම එක නීතියක් ගේන්නයි මේ උත්සාහය. තුන් පාරක් "තලාක්" කියලා ගෑණිටත් නොදන්වා දරුවොත් එක්කම අනාත වෙන්න දික්කසාද කරලා නඩත්තු වත්, දේපල වත්, නොදෙන නීතිය අයින් කරන්නයි මේ උත්සාහය.

:       5       29

fairoosThursday, 04 November 2021 01:47 PM

නිකන් යන යන තැන වැඩේ දීලා නිකන් යනවට වඩා අත හරින එක හොඳයි

:       15       1

BamunuarachchiFriday, 05 November 2021 10:35 AM

නිකන් යන යන තැන වැඩේ දීලා නිකන් යනවට වඩා අත හරින එක හොඳයිලු. අහල තිබෙනවාද ගුරා හිටගෙන කොරපුදේ ගෝලයෝ දුව දුව කෙරුවා කියන සිංහල ආප්තෝපදේශ? ඔයාලා කරන්නෙත් ඒ ටිකම තමයි. ඔයාලා අත්හරියත් එකයි කර කර ගෙනගියත් එකයි අපිට කමක් නැහැ. හැබැයි මෙරටේ එකනීතියක් යටතේ ඒ සෙල්ලම් බැහැ.

:       0       9

BamunuarachchiThursday, 04 November 2021 03:02 PM

මේ ආණ්ඩුව පිහිටෙව්වේ බෞද්ද ඡන්දවලින් තමයි. වෙන ඡන්ද මොකටද අපිට. අපේ රටේ ඉඳගෙන අපිට කියනවා බෞද්ධ ඡන්ද රැකගන්න කරන නාඩගමලු. කොයි පැත්තෙන්ද හිනාවෙන්නේ?

:       5       19

de silva Wednesday, 03 November 2021 01:09 PM

අවශ්‍යතාවයක් තිබෙනවා නම් ... කියව කියවා ඉන්නේ නැතිව විමල්, ගම්මන්පිල, සිරිසේන විපක්ෂයත් එකතු කරගෙන ජනාධිපතිට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන එන්න. එහෙම නැතිනම් 19 වැනි සංශෝධනය නැවත ගෙන එන්න.. එහෙම නොකළොත් ඔබත් කරන්නේ බොරු රඟපෑමක් බව නිගමනය කරන්න මුස්ලිම් ප්‍රජාවට සහ රටේ අනිකුත් ජනතාවට සිදු වෙනවා.

:       37       20

මොට්ටපාල Wednesday, 03 November 2021 01:11 PM

විකාර...' මහමඟ මහදවාලේ මිනීමරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මරණ දඬුවම දුන් කෙනා නිදහස් කරන්නත් මිනීමැරීම්, මංකොල්ලකෑම්, දූෂණ, භීෂණ ආදී කිසිවක් නොකර සත්‍ය ප්‍රකාශ කළ අය හිර දඬුවම් ලබන විටත් අධිකරණ ඇමති ලෙස නොසතුටක් ඇති වුනේ නැද්ද?

:       47       40

wimal Wednesday, 03 November 2021 02:18 PM

කවුරු මොනවා කිව්වත් එක නීතියක්, එක රටක් හදනවා... ඒක අනිවාර්යයි.. අපේ හාමුදුරුවනේ..! මේ රටේ ඉන්න සිංහල බයියන්ට තේරෙන්නේ නැහැ... ඔබ වහන්සේ කරන්න යන වැඩේ ගැන... ඉදිරි ගමනට තෙරුවන් සරණයි...!!!

:       22       88

පිටිගල මිලානෝ Wednesday, 03 November 2021 02:29 PM

මේ ඔක්කෝම එක වල්ලේ පොල්, මොල හතා තිරනාටකය ලියලා මේ අයට දෙනවා, දෙන්නා දෙපැත්තට වෙලා මුස්ලිම් මිනිහයි, සිංහල මිනිහයි කොටවනවා.. ඒ ගොල්ලෝ පස්සේ වාසි ගන්නවා. මෝඩ මිනිස්සු රැවටෙනවා... බුර්කාව තහනම් කරගන්න බැරිවුණු ස' වැඩකට ඇති වැඩක් කරයි මෙන්න කියලා...

:       35       24

බද්රානි Wednesday, 03 November 2021 03:52 PM

හිතට එකඟව ඇත්තම කියනවා නම්, ජාති බේදයකින් තොරව සියලුම දේශපාලකයින් දන්නවා මේ රටේ බහුතර සිංහල බෞද්ධයින් මෝඩයින් බව. ඒ බහුතර ගොන්රැල නිසා මේ රටේ ජීවත් වෙන සියලුම ජාතීන්ට අපාදුක් විඳීමටයි සිදුවෙලා තියෙන්නේ. අනික ලංකාවේ දැන් සැබෑ බෞද්ධයින් නෙමේ සිටින්නේ, බෞද්ධ දේශපාලන පක්ෂයට අයිති අමනයින් රැලක්. බෞද්ධ මහා නායකවරු නිහඬයි. තලේබාන් සිවුරුකාරයින්, පාලකයින් සමග එකට එක්ව මේ රට විනාශ කරනවා. ප්‍රඥාවන්ත සැබෑ බෞද්ධයින් මාත් ඇතුළුව මේ අමන තක්කඩි රැල පිළිකුල් කරන බව මම ඉතාම හොඳින් දන්නවා. ඒ නිසා අපි ජාති, ආගම් බේදයකින් තොරව සියලු දෙනා එකට එක්ව මේ බඩ ගොස්තරවාදීන්ව පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුයි.

:       159       18

Alfread de CostaWednesday, 03 November 2021 07:39 PM

බද්‍රානි, තමුන් කතෝලිකයෙක් විදියට ඔය ආගම්වාදී ප්‍රකාශ කරලා ජනතාව ප්‍රකෝප කරන්න එපා. ඒක හරිම පිළිකුල් සහගතයි. තමන් කතෝලික බව පිළිගන්න ලැජ්ජා වෙන්න ඕන නෑ වගේම බෞද්ධ - කතෝලික මිත්‍රත්වය කෙලෙසන්න ලෑස්ති වෙන්නත් එපා...

:       6       93

බද්රානිWednesday, 03 November 2021 10:55 PM

මේ හලෝ ඇල්ෆ්‍රඩ් කොස්තා, ඔහේ ඇත්තටම ඔය නම තියෙන පුද්ගලයෙක් උනා නම්, කවදාවත් ඔයවගේ විපරිත කාරයෙක් නොවන බව මට විශ්වාසයි. බුදු දහම කියන්නේ ඔහෙලා වගේ අම්බරුවන්ගේ බඩ ගෝස්තරය පුරවා ගන්න ආහාරයක් නොවන බව තේරුම් ගන්නවා. ගන්නවා. මම බෞද්ධයෙක්, තවත් වෙලාවක, කතෝලිකයෙක්, ,විටෙක මම මුස්ලිම් බැතිමතෙක්. ඔව්, ඔහේ මට මොනවා කරන්නද? සුනඛයෝ ගැනත්, සද්දෙට බුරන සුනඛයින්ට ආමන්ත්‍රණය කරන්න ඕනා විදිහත් මම හොඳට දන්නවා. නිකන් යනවා හලෝ යන්න නිකම් මෙතන මිත්‍රකම් ගැන කයිවාරු ගහන්න එනවා අපිට? "හක්කේ බුදුරැස් විහිදාගෙන, බොක්කේ දඩ මස් තියාගෙන" තප්පුලන ඔහෙලා වගේ අමනයින්වත්, හදවතේ බෞද්ධකම තියන සැබෑ බෞද්ධයින්වත් මම හොඳට හඳුනනවා. මම හිතන්නේ "සමිත අලුත්ගමගේ" මහත්තයා එහෙම කෙනෙක් වෙන්න ඇති.

:       33       4

බද්රානිThursday, 04 November 2021 04:15 PM

ඔය ඇල්ෆ්‍රඩ් කොස්තලා යන බොරු නම්වලින් පෙනී සිටින ඕපපාතිකයින්ගේ කෙරුවාව පාස්කු ප්‍රහාරයෙන් පසුව අපි හොඳින් දැක්කා. ලැජ්ජා නැතිව තව මෙතන බුද්ධිමත්කම ගැනයි, මිත්‍රත්වය ගැනයි පම්පෝරි ගහන්නත් එනවා. බෝම්බ පුපුරවා ගත්තේ මුස්ලිම් ජාතිකයින් වුණාට බලය වෙනුවෙන් බෝම්බකාරයින්ට පඩි ගෙව්වෙත්, බෝම්බ තාක්ෂනය ඔවුන්ට ලබාදුන්නෙත් ප්‍රහාරයේ මහා මොලකරුවන් මොන ජාතියේ, කුමන ආගමේ අයද කියන එක මේ රටේ බුද්ධිමත් ජනතාව හොඳට දන්නවා. මහා මොලකරුවන් බෝම්බ කාරයින් වගේම බෝම්බ ප්‍රහාරයට පසුව ගිනි තිව්ව කල්ලියත් පෝෂණය කළා. කාට තිත්ත වුණත් ඇත්ත ඒකයි... ඇල්ෆ්‍රඩ් ගොයියෝ....

:       25       3

Alfread de CostaFriday, 05 November 2021 05:45 AM

ඔබතුමිය මොකද මෙච්චර භය වෙලා කෑ ගහන්නේ. කලබල වෙච්ච පාරට සමිත සේනක මහත්තයාට බැනලා තියෙන්නේ. ඔයා වගේ අයට කියන්නේ දේශපාලන අන්තවාදීන් කියලා. කවුරුහරි කියවපු පලියට තමනුත් ඔහේ කියවනවා.

:       1       6

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 03 November 2021 09:19 PM

ඇල්ෆ්‍රඩ් මහත්මයා, බද්‍රානි මහත්මිය කතෝලික වුණත්, සැබෑ බුදුදහම කිලිටි කරනා ඊනියා බෞද්ධයන් දැනුවත් කරනා කෙනෙක්. එය මහා පිනක්. සැබෑ බෞද්ධයන් කාදිනල් හිමිපාණන් ගේ සටනට සහාය දෙනවානේ. ඒ නිසා සැබෑ කතෝලිකයන් සැබෑ බුදු දහම ආරක්ෂා කරගැනීමට කැපවීම ඉතා අගය කළයුතු දෙයක්. බුදු හාමුදුරුවන් වගේම යේසුස් වහන්සේත් මිනිස් වර්ගයාටම අයිතියි. බද්‍රානී මහත්මියත් සැබෑ බුදු දහම ගැන අවංක කැක්කුමක් තිබෙනා කෙනෙක්. එතුමියට අපගේ ස්තුතිය ... !!!

:       54       12

Alfread de CostaThursday, 04 November 2021 05:02 AM

බෞද්ධයන් කියන්නේ බුද්ධිමත් පිරිසක්. පාස්කු සිදුවීමේදී සියලුම බෞද්ධයන් ක‍තෝලික අපත් සමඟ සිටගත්තා. ඔවුන් අපේ සහෘදයන්ට සිදුවුනු විනාශය ගැන අතිශය කම්පාවට පත් වුනා. තවමත් බෞද්ධ මිත්‍රයන් ක‍තෝලිකයන් වෙනුවෙන් කතා කරන්නේ. එහෙම කරන මිනිස්සුන්ටද මෙහෙම කතා කරන්නේ..?

:       5       35

HasithaFriday, 05 November 2021 06:08 AM

අන්න සමිත සේනක බද්‍රානි සියලු ඇත්ත වමාරලා කොමෙන්ට් දෙකකින්ම, එතුමියගේ සැබෑ බෞද්ධකම ගැන කතා කල. බෞද්ධයන් ගැන තියෙන කැකෑරෙන වෛරය එලියට ඇවිත්. මේ වගේ අමුතු චරිත ඉන්න බව පෙන්වා දුන් ඇල්ෆ්‍රඩ් මහතාට අපගේ ස්තූතිය.

:       2       11

සමිත සේනක අලුත්ගමගේ.Friday, 05 November 2021 11:36 AM

ඔබතුමාගේ ප්‍රකාශයෙන් පැහැදිලිවම පෙනෙන්නේ ඔබ දන්නා කෙලෙස් පිරුණු ආගමක් නොමැති බවයි.

:       0       1

Kiri banda Wednesday, 03 November 2021 05:09 PM

කළින් කොරෝනා මරණවල එල්ලිලා දැඟලුවා. දැන් එක රටක්... එක නීතියක්... ඇයි මේ නිතිය කළින් හදලා ඉදිරිපත් නොකළේ..?

:       21       6

විපරමා Wednesday, 03 November 2021 06:29 PM

අධිකරණ ඇමතිතුමාටත් වඩා ඉහළම තානාන්තරයක් හාමුදුරු කෙනෙකුට දීපු නිසා අවුලක් ඇති. වියත්මගට වෙච්චි දෙයක්... ආණ්ඩුව තමන්ගේ නඩුහබ වලින් ගැළවෙන්නනේ මෙයාව පත්කෙරුවේ. දැන් වැඩේ ගොඩ ගියානේ? ඒ මදෑ...

:       18       5

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 03 November 2021 06:33 PM

එක රටක්, එක නීතියක් හදනවා කියන්නේ මේ අයට කිසිදා කරන්නට නොහැකි දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. අල් සබ්රි මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩු දිනෙව්වේ එක නීතියක් යටතේ වෙන්නට ඇති. ඒ නඩු දිනවපු නිසා තමයි සබ්රි මහතාට අධිකරණ ඇමතිකම ලැබුණේ. එය ලැබුණෙත් එක නීතියක් යටතේ වෙන්නට ඇති. දේශපාලන හිතවත්කමට ඇතැම් සිරකරුවන්ට සමාව ලැබෙනුයේත්, එක නීතියක් යටතේ වෙන්නට ඇති.

:       17       12

දර්ශණ Wednesday, 03 November 2021 08:21 PM

මේ අය සතුටු නොවුණාට කාරි නැත.. ඒ පත් කිරීම හොඳයි.. මේ අයට වුවමනා දේ දැන් කර ගන්න බෑනේ.. අන්න ඒකයි..

:       6       35

ALTAFThursday, 04 November 2021 02:41 PM

සබ්රි කෙසේවෙතත් ඔයා පිළිගන්නවද අධිකරණේ චෝදනා එල්ලවුණු කෙනෙක් "එක රටක් එක නීතියක් " බලකායට පත්කිරීම ?

:       16       5

BamunuarachchiFriday, 05 November 2021 10:00 AM

අධිකරණයෙන් ඇමතිකම කල කෙනෙක් මෙරටේ සෞඛ්‍ය ඇමති උනානම්, අධිකරණය නැවත රජයේ තනතුරක් නැවත නොදිය යුතුයි කියපු කෙනෙ රටේ ඉහලම තනතුරක් දරනවානම්. මේයා අහනවා ඔයා පිළිගන්නවද අධිකරණේ චෝදනා එල්ලවුණු කෙනෙක් "එක රටක් එක නීතියක් " බලකායට පත්කිරීම ගැන. විහිළු කතා නේද මේවා ? අධිකරණයෙන් ඇමතිකම කල අහවලා මෙරටේ සෞඛ්‍ය ඇමති උනාම ඔය කතාව ඇහැව්වේ නැහැ නේද? ඒ මොකද ඔයාගේ කෙනෙක් නිසාද?

:       1       0

BamunuarachchiFriday, 05 November 2021 10:44 PM

අධිකරණයෙන් ඇමති කම ඉවත් කල කෙනෙක් නැවත සෞක්‍ය ඇමතිකම කෙරුවානම්.

:       1       0

de silva Wednesday, 03 November 2021 09:12 PM

69 ලක්ෂයට පින්සිදු වෙන්න තව අවුරුදු 3ක් මේ නාටක ඉවසලා ඉන්න සිදුවෙනවා...

:       21       8

BamunuarachchiFriday, 05 November 2021 10:12 AM

මොන අවුරුදු 3 ක්ද අවුරුදු 7ක් අපි 20 සම්මත කර ගත්තේ නිකන්ද? ජේ ආර් ට පුළුවන් නම් අපිට බැරිද. ඊළඟට කාටද සජිත් ටද?

:       1       10

Bunny Preena Thursday, 04 November 2021 08:52 AM

ඔබ වැනි අධිකරණ ඇමති කෙනෙක් අස්වෙලා යන එක තමයි හොඳ.

:       12       4

ඔබේ අදහස් එවන්න

දියත

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2673 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 762 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1258 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1074 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 767 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2268 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site