IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


අධිකරණ නියෝගයක් අරන් ගියත් නිවස ඉවත් කිරීමේදී විරෝධතා

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
කඩවත සිට මහනුවර දක්වා ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ දන්විලාන ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් හා වී මෝලක කොටසක් අධිකරණ නියෝගයක් මත ඉවත් කිරීමට යාමේ දී අද (2) උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය.

පහළ හිරිපිටිය ගාම නිලධාරි වසමට අයත් මෙම නිවස හා දේපළ සම්බන්ධයෙන් ඉඩම් හිමිකරු  වන්දි ලබා ගෙන ලබාගෙන නොමැති වීම හේතුවෙන් අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පවරන ලද නඩුවක් අනුව මෙම දේපළ ඉවත් කිරීමට අධිකරණය නියෝග පරිදි පිස්කල් නිලධාරීහු  පැමිණියහ.
 
වේයන්ගොඩ පොලිසිය ආරක්ෂක කටයුතු වල යෙදුණු අතර ඉඩම් හිමියා   නිවසේ ඇති දේපල සමගම නිවස බැකෝ යන්ත්‍ර යොදවා කඩා ඉවත් කරන ලෙසට ඉල්ලීම් කළ අතර තමන් කිසිදු දේපලක් බාර නොගන්නා බවත් නොමිලේම රජයට භාර දෙන බවත් ප්‍රකාශ කරමින් කල්ගත කළේය.
 
මේ අතර ඉඩම් අත්පත් කර ගැනීම සදහා නිකුත් කෙරුනු 2017.-3.23 දිනැති ගැසට් පත්‍රයේ මෙම බිම් කොටසේ අයිතිය කලුබෝවිල පදිංචිකරුවෙකු සතු බවට සිංහල කොටසේ සදහන්ව ඇති අතර ඉංග්‍රීසි පිටපතේ මෙම නිවැසියාගේ නම සදහන්ව ඇති බවද මෙහිදී පෙන්වා දුන් අතර තමන් වන්දි ලබා ගැනීමට කැමති වුවත් මුදල් වෙන අයෙකුට ලැබීමේ ඉඩකඩ ඇති බවද පැවසීය.

අත්තනගල්ල අධිකරණයේ පිස්කල් නිලධාරීන් දේපල ඉවත් කර ගැනීමට කල් ලබා දීමට ඉදිරිපත් වූවත් ඔහු ඊට එකඟ නොවීය. මේ අතර තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු පැමිණ වන්දි ගෙවිම ප්‍රමාණවත් නැති බවට කරුණු දක්වන්නටවූ අතර ඔවුන් මීරිගම ප්‍රදේශයේ පුද්ගලයන් බව අනාවරණයවිය. එම පුද්ගලයන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගනු ලැබීය. 

 අත්තනගල්ල අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ද ස්ථානයට පැමිණ ඉඩම් හිමිකරුට කරුණු පැහැදිලි කර දුන් අතර ඔහු දේපල ඉවත් කර ගැනීමට කිසිසේත්ම එකඟ නොවීය. ඉඩමේ දේපල වන්දිය සඳහා රුපියල් එක්කෝටි අනු ලක්ෂයක පමණ මුදලක් අධිකරණයේ තැන්පත් කර ඇති බැවින් එම මුදල ලබා ගන්නා ලෙසට කළ දැනුම්දීම ද ඔහු ප්‍රතික්ෂේප කළාය.

වන්දි ප්‍රමාණවත් නැතිනම් ඒ සදහා අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව රෙජිස්ට්‍රාර්වරිය පෙන්වා දුන්නාය. තමන්ට නිවසෙන් ඉවත් කරන්න නම් ප්‍රාදේශිය ලේකම්වරයා නිවසක් ලබා දිය යුතු බවද ඔහු කීය. තම නිවසේ වටිනා බඩු ඇතැයිද නැතිවුනොත් ඒවාට වගකියන්න වෙයි පැවසූ ඉඩම් හිමියා පස්වරැ 12.15 ට පමන  බිරිය හා දරු තිදෙනා සමග ඇදිවත පිටින්ම ඔහුගේ කැබ් රියට නැගී පිටව ගියේය. 



අදහස් (8)

අධිකරණ නියෝගයක් අරන් ගියත් නිවස ඉවත් කිරීමේදී විරෝධතා

Kapila Tuesday, 02 March 2021 09:58 AM

නිවස සඟසතු කරන්න. මේ හයිවේ එක අතිභයානකයි. යන්න ඕනෑගමන පැයකට කලින් ආවා නම් මොකටද හයිවේ?

:       31       9

janahitha Saturday, 06 March 2021 04:21 AM

මේ වගේ පටු අදහස් තියන මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ...

:       0       1

fairoos Tuesday, 02 March 2021 10:28 AM

රජය නිලධාරීන්ගේ වැඩ ගැන දන්න කෙනෙක් වෙන්න ඕනේ.

:       4       17

kamal Tuesday, 02 March 2021 10:54 AM

මේ මගුලේ අධිවේගයක් නිසා රටට කරන විනාශය දැක්කාම පපුව පිච්චිලා යනවා. වගාවට හොඳම ඉඩම් ටික, පිරිසිදු වතුර ටික විනාශ කරලා මොකටද මේ අධිවේගයක්? රටට ඔරොත්තු නොදෙන වාහන ප්‍රමාණයක් ආනයනය කරලා රට සංවර්ධනය කරන්නද හදන්නේ? අපිට නම් තේරෙන්නේ නැහැ. කාටවත් ණය නැතුව ගම්මාන වල ජීවත් වෙච්ච මිනිස්සු එලවලා කරන සංවර්ධනේ මොකක්ද?

:       56       17

Chamara Tuesday, 02 March 2021 12:19 PM

ඔබලා වගේ අය රටට සම්පතක්... අනේ නිකන් යන්න..

:       7       19

gamage Tuesday, 02 March 2021 01:39 PM

අපි සිංහල බෞද්ධ රාජ්‍යයක වැසියෝ වෙමු. මහපොළව අපිට අයිති නැත. භුක්ති විඳීමට හැකිය... සියල්ල අතහැරීමට පුරුදු විය යුතුයි.

:       0       21

PereraWednesday, 03 March 2021 06:09 AM

ඕක ගිහින් කියන්න අර රැවුලාටයි, මිනිහගේ වටේ ඉන්න අයටයි.

:       0       1

PradeepWednesday, 03 March 2021 12:21 PM

තමන්ටත් මෙවැනි දෙයක් වුණාම ඔහොම හිතන්න පුලුවන් නම් හරිම වටිනවා. නමුත් බොහොමයක් අය දාර්ශනික අදහස් දෙන්නේ අනුන්ගේ ප්‍රශ්ණවලට වීමයි හාස්‍යය...

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ලංකා බ්‍රිතාන්‍ය යාළුකම තව ශක්තිමත් කරන්න සාකච්ඡාවක්
2024 නොවැම්බර් මස 06 65 0

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් (Andrew Patrick) මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිප


සෙල්ෆි ගන්න ගිහින් විදෙස් තරුණිය දුම්රියෙන් වැටෙයි
2024 නොවැම්බර් මස 06 227 0

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ උඩරටමැණිකේ දුම්රියේ ගමන් ගත් ඇමරිකානු ජාතික තරුණියක් සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ඔහිය පට්ටිපොළ දුම්රිය


විදුහල්පති නිවසේ ඡන්ද රැස්වීමට තහනමක්
2024 නොවැම්බර් මස 06 235 0

බද්දේගම විදුහලක විදුහල්පතිවරයෙක් අද සවස සිය නිවසේ පැවැත්විමට සුදානම්කර තිබු දේශපාලන රැස්විමක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ


අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 281 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 472 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 256 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 29 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1355 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site