IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අධික රස්නෙන් 110ක් මරුට

(විමුක්ති එස් රුද්‍රිගු)

උතුරු ඇමරිකාව, දකුණු සහ නැගෙනහිර ආසියාව සහ ගිනිකොනදිග යුරෝපය ඇතුළුව ලෝකයේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති දැඩි උෂ්ණත්වයෙන් දහස් ගණනක් මියගොස් තවත් විශාල පිරිසක් රෝගාතුර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැඩි උෂ්ණත්වයක් බලපා ඇති සියලු ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 පසුකර ඇති බවත් ඉදිරියේදී ඇතිවන දැඩි කාලගුණික තත්වයට මෙය පෙර නිමිත්තක් බවත් කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේය. 

මෙම වසරේ මාර්තු මස 1 වැනිදා සිට ජූනි මස 18 දක්වා කාලයේදී ඉන්දියාව තුළ දැඩි උෂ්ණත්වය හේතුවෙන් මරණ 110 ක් සිදුව ඇති බවත් 40000 කට වඩා වැඩි පිරිසක් දැඩි උෂ්ණත්වය හේතුවෙන් රෝගාතුර වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම ග්‍රීසියේ පසුගිය සති කීපයේදී දැඩි උෂ්ණත්වය උෂ්ණත්වය හේතුවෙන් සංචාරකයින් 5 දෙනකු මියගොස් ඇති බවත් ඒ අතර මාධ්‍යවේදියකුද සිටින බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

එසේම හජ් වන්දනාකරුවන් 1081 දැඩි උෂ්ණත්වය හේතුවෙන් මියගොස් ඇති බවත් ඉන් 658ක් ඊජිප්තු ජාතිකයන් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.හජ් වන්දනා සමයේදී මෙකාහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 52ක් ලෙස වාර්තාවූ බවද ඔහු පැවැසුවේය.සර්බියාවේ අගනුවර බෙල්ග්‍රේඩ්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක් ලෙස වාර්තා වූ බවත් දැඩි උෂ්ණත්වය හේතුවෙන් හෘද හා නිදන්ගත රෝග තත්වයන් උත්සන්න වීම හේතුවෙන් එක් රාත්‍රියකට රෝගීන් 109 දෙනෙකුට ප්‍රතිකාර කිරීමට සිදුවූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වනවිට ඇමෙරිකානුවන් මිලියන 100 කට දැඩි උෂ්ණත්වයෙන් ආරක්ෂා වන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත් ලොව පුරා හටගෙන ඇති දැඩි උෂ්ණත්වය දේශගුණික විපර්යාස වල ප්‍රතිඵලයක් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.



අදහස් (3)

අධික රස්නෙන් 110ක් මරුට

Lal Fernando Friday, 21 June 2024 03:49 PM

තව අවුරුදු 500 ක් මිනිසා මිහිපිට සිටීවිද?

:       1       3

සත්‍යපාල Friday, 21 June 2024 04:50 PM

ලංකාවට හෙණ ඉල්ලමින්, ගරහමින්, වාසයට නුසුදුසු රටක් හැටියට හංවඩු ගසමින් තමන්ගේ ස්වාර්ථය පමණක් උදෙසා රට හැර යන උගතුන් යයි කියා ගන්න මොලුන්ට, මේ කිසි උපද්‍රවයක් නොමැති ලංකාව සමග වෛර බැඳීම අපභ්රන්ශයක් නොවේ ද! නමුත් මෙහි බොහෝ වැසියන් නම් දේශපාලන කන්නාඩි දාගෙන අනුන්ට ගරහන්නන් වීම කෙදවාචකයකි. බොහෝ දෙන පරිසරය, සාගරය පිලිබඳ කිසිම වගකීමක් නැති නරුමයන් පිරිසකි. විනයක් නොමැති අහිනකි. මෙවැනි අවාසනාවන්ත තත්වයන් ඇති වීමට බලපාන දේශගුණික විපර්යාසයන් සිදුවීමට හේතු වන සොබාදම් විරෝධී කටයුතු දැන දැනම සිදු කරන මරි මෝඩ රැලකි.

:       3       13

අමරපාලFriday, 21 June 2024 10:40 PM

ආනේ.. මෝඩපාල ස්විට්සර්ලන්ඩ්වල ඩෙන්මාර්ක් වගේ රටවල මැරිල නෑ. ගොඩක් අය රටයන්නෙ ඉන්ඩ බැරිව නෙමේ කන්ඩ නැතුව කැමති විදියට.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 71 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 117 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 216 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 757 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 536 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 361 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24833 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site