(අංජුල මහික වීරරත්න)
2024-2026 කාලය සඳහා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අධ්‍යාපනික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති අතර ඒ සඳහා 2017-2020 දක්වා කාලසීමාව තුළ එළඹ ඇති ගිවිසුම සංශෝධන සහිතව 2024 -2026 දක්වා වන කාලසීමාව සඳහා ක්‍රියාත්මක කිරීම පිණිස දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇත.
ඒ අනුව උසස් අධ්‍යාපන ක් ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ නවෝත්පාදන සම්බන්ධ තොරතුරු හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීම, දෙපාර්ශ්වයේ විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන අතර ද්වීපාර්ශ්වික සහයෝගිතා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම,දෙපාර්ශ්වය විසින් එකඟ වූ ක්ෂේත්‍රවල ප්‍රථම උපාධි හෝ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ශිෂ්‍යත්ව හුවමාරු කර ගැනීම හා දෙරටේ විශ්වවිද්‍යාල/ පර්යේෂණ මධ්‍යස්ථාන අතර සිසුන්/ විද්වතුන් හුවමාරු කර ගැනීම ආදී අරමුණු සහිතව 2034-2026 දක්වා වන කාලසීමාවට වලංගු වන පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ වියට්නාම සමාජවාදී ජනරජය අතර අධ්‍යාපන සහයෝගීතාව සම්බන්ධයෙන් වන ගිවිසුමට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අධ්‍යාපනය නංවන්න ලංකාව-වියට්නාමය අත්වැල් බැඳ ගනී
ජයනාත් Wednesday, 26 June 2024 12:06 PM
වියට්නාමය ! ආරංචිය සුබයි කියමුනේ...
chandima Thursday, 27 June 2024 12:53 AM
වියට්නාමයත් කන්නයි යන්නේ...?