(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ දසනායක අලුත්ගේ අමිල 41 නැමැති දෙදරු පියෙකි.
ඔහු ආපදා රථයක රියදුරෙකි
තුවාල ලැබුවන් අතර අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ කුඩා දියණියද වන බව පොලිසිය කියයි
මියගිය පුද්ගලයා ආපදාවට ලක් වූ මෝටර් රථයක් පටවාගෙන ගැලනිගම පිවිසුමෙන් ඇතුලු වි අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙමින් සිටියදී කහතුඩුව කොට්ටාව අතරදී එහි ඉදිරිපස රෝදයක් ආපදාවට ලක් වී ඇතැයි පොලිසිය සඳහන් කරයි
ඔහු විසින් මිතුරෙකුට දුරකථනයෙන් අමතා ඊට අවශ්‍ය අමතර කොටස් රැගෙන එන ලෙස පැවසීමෙන් අනතුරුව එම අමතර කොටස් රැගෙන මිතුරා විසින් මෝටර් රථයකින් එම ස්ථානය කරා පැමිණ මෝටර් රථය ලොරිය ඉදිරිපසින් මදක් ඈතට වන්නට නවතා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
පසුව ලොරි රථයේ රියදුරු ඉදිරිපස රෝදය යථා තත්ත්වයට පත් කරමින් සිටියදී මිතුරා ලොරියට වම් පසින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැට මත අසුන්ගෙන සිට ඇති අතර එම අවස්ථාවේදී මාතර දෙස සිට පැමිණි මෝටර් රථයක් ලොරියේ ඉදිරිපස රෝදය අසල අලුත් වැඩියා කටයුතු සිදු කරමින් සිටි රියදුරු යට කරගෙන ඉදිරියට තල්ලු කරගෙන පැමිණ ඉදිරිපස නවතා තිබූ මෝටර් රථයේ පිටුපස ගැටී නැවතී මෙම අනතුර සිදුවී ඇති පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත..
අනතුරින් ආපදා ලොරියේ රියදුරු එම ස්තානයේදි මිය ගොස් තිබු අතර අනතුර සිදුකල මොටර් රථයේ රියදුරු ඔහුගේ බිරිද, කුඩා දියණිය තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත
අධිවේගී රථවාහන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පෙරේරා මහතාගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පක්ෂක අශෝක කරුනාතිලක
පොලිස් සැරයන් 14612 සම්පත් 13516 රත්න සිරි මහත්වරු පරීක්ෂණ පවත්වයි.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බවත් ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ල
බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පු
ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.
ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ තරුණයකු ඊයේ ( 29) බරපතල තුවාල ලබා ගාල
ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අධිවේගීයේ අනතුරින් අයෙක් මරුට 3කට තුවාල
Kule Tuesday, 29 April 2025 06:28 AM
සම්පූර්ණ වැරැද්ද අධිවේගී මාර්ග පරිපාලනයයි. අධිවේගී මාර්ගයක ආපධා උනු රථයක් අධිවේගී මාර්ගයෙන් ඉවත් කිරීම ඔවුන්ගේ වගකීමක් වේ. අධිවේගී මාර්ගවල ආපධා වුණ රථවල රියදුරන්ද ඔවුන්ගේ නොසැලකිල්ල සහ අතිපණ්ඩිතකම නිසා මෙවන් අවාසනාවන්ත සිදුවීම් සිදුවිය හැක.
ජෙප්සන් Tuesday, 29 April 2025 06:51 AM
රුහුණේ මීකිරි කොළඹ සිට රස විඳීමට මහින්ද රාජපක්ෂට තිබූ ආසාව ඉටු කර ගැනීමට මෙම අධිවේගය ඉදිකිරීම මෙහි මූලික වරදයි. එසේ නොවුණි නම් මෙවැනි ඛේදවාචක ඇති නොවේ. මිය ගිය අය සුගතිගාමී වේවා! රෝගී වූවන් නිරෝගි වේවා!
kapila Tuesday, 29 April 2025 04:28 PM
මෙය කියවීම ඉතාමත් දුකයි, මෙය මහා මාර්ග භාවිතා කරන අතරතුර අධ්‍යාපනය සහ දැනුම පිළිබඳ ගැටලුවක්. කළ යුතු දේ හා නොකළ යුතු දේ... මහා මාර්ගයක දී වාහනය බිඳවැටීමක් සිදු වූ විට, ආරක්ෂාව ප්‍රමුඛ කරගෙන ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය වේ. වහාම වාහනය හැකි ඉක්මනින් අයිනට ගෙන යන්න. හදිසි නැවැත්වීම් මාර්ගය භාවිතා කළ යුතු අතර, වාහනය අලුත්වැඩියා කිරීමට උත්සාහ නොකරන්න. ඔබ සහ මගින් සිටින අනෙකුත් අය වහාම වාහනයෙන් බැස තාක්ෂණික මට්ටමින් ආරක්ෂිත ස්ථානයකට යන්න. හදිසි ආලෝකය (hazard lights) දැල්විය යුතු අතර, විශේෂයෙන් රාත්‍රි කාලයේ දී හෝ දුෂ්කර දසුනක් ඇති විට, නිවැරදිව දෘශ්‍යමාන වීම අත්‍යාවශ්‍ය වේ. ඔබේ වාහනය හදිසි නැවැත්වීම් මාර්ගයේදී අලුත්වැඩියා කිරීමට උත්සාහ නොකරන්න... එය ඔබට සහ අනෙකුත් රියදුරන්ට දැඩි අවදානමක් ලෙස පවතී. හැකි ඉක්මනින්, මහා මාර්ග ආරක්ෂක සේවාවන් (highway emergency services) හෝ පොලීසිය සම්බන්ධ කර ගැනීම වඩාත් සුදුසුයි...