(යොහාන් භාසුර)
කටුනායක සිට මත්තල දක්වා කිලෝමීටර් 254ක දුරින් යුත් අධිවේගී මාර්ගයේ එක සැපයුම් මධ්‍යස්ථානයක් පමණක් පැවතීම හේතුවෙන් රියදුරන්ට අධික වෙහෙසට පත්වුවත් විවේක ගැනීම සඳහා වෙනත් ස්ථාන නොමැතිවීම අධිවේගී මාර්ගයේ අනතුරුවලට හේතුවක් ලෙස හදුනාගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග අනතුරු පිළිබඳ තාක්ෂණික කමිටුවට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇති බව බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම හා නිවාරණ අංශය පවසයි.
රියදුරන්ට විවේකගැනීම සඳහා ස්ථානයක් නොමැතිවීම බරපතළ කාරණයක් බවට පත්ව ඇති බවත් අවම වශයෙන් කිලෝමීටර 50 කට හෝ විවේකගන්නා ස්ථානයක් බැගින් ස්ථාපනය කර තිබීම වඩාත් වැදගත් බවත් අධිවේගී මාර්ගවල පමණක් නොව වෙනත් මාර්ගවල ද රජයෙන් නඩත්තු කරන විවේකගන්නා ස්ථාන ස්ථාපිත කළ යුතු බවත් අනතුරු වැළැක්වීම හා නිවාරණ අංශය සඳහන් කරයි.
අධිවේගී මාර්ගයේ රථවාහනවල ගැටලු පමණක්ම නොව පුද්ගල ගැටලු මෙන්ම රියදුරන්ගේ වැටලු ද පවතින බවත් නිදිමත, වෙහෙස මෙන්ම මාර්ගයේ පවතින මීදුම් සහිත තත්වය සහ වෙනත් බාහිර කරුණු රියදුරන් මුහුණපාන තවත් අපහසුතා බව හෙළිවී තිබේ.
බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන අනුගාමිකයකු ගිනි අවි හා මත්
විදේශ රැකියා ඒජන්සිය මාර්ගයෙන් විදේශ රැකියාවලට යන ශ්‍රමිකයන්ට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමේදී යම් නිලධාරියකු හෝ පුද්ගලයකු වංචනික අන්දමින් කටයුතු කර
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රාජකාරි කළ වාහනය වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණ
චීනය සහ ඇමෙරිකාව අතර ආරම්භ වී ඇති වෙළෙඳ යුද්ධය තවත් දරුණු කරමින්, ඇමෙරිකාවට චීනයෙන් ලැබෙන භාණ්ඩ සඳහා පනවන තීරු බද්ද සියයට 104 දක්වා ඉහළ දැමීමට ජනපති ඩොනල
“ඔබතුමා මුදල් අමාත්‍යාංශයෙ වැඩේ කරගෙන යන්න. මම මගේ වැඩේ කරගෙන යන්නම්. මගේ වැඩ වලට ඇඟිලි ගහන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඔක්කොම එකතුවෙලා මාව සභ
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
අධිවේගයේ අනතුරුවලට හේතුව හඳුනාගනියි
Neel Friday, 04 April 2025 04:22 PM
අධික වේගය පාලනය කරගත යුතුයි. ඒ වගේම විනයගරුක රියැදුරෙකු විය යුතුයි. ඉස්සර කරන්න පෙර දෙවරක්ම හිතන්න. නිතරම මිරර් වලින් බලන්න. වටපිටාව ගැන අවධානය යොමුවිය යුතුයි.
gamage Friday, 04 April 2025 04:38 PM
මේ හේතු ගොඩක් දුරට ඇත්ත වුනත් මිනිස්සුන්ගේ ඔලුවේ තියෙන උද්දච්ච කමයි චන්ඩිකමයි අයින් කර ගත්තොත් ගොඩක් ජීවිත බේරගන්න පුළුවන්. ලංකාවේ සත්තුන්ට තියෙන ආදරේ මිනිස්සු ගැන නැති එකයි මේවට හේතුව. බලන්න අලියෙක් මැරුණම තියෙන දුක දවසට දල වශයෙන් 8-10 විතර මැරෙන මිනිස්සු ගැන නැහනේ. විශේෂයෙන්ම මිනිස්සු නීතියට බය නැතිකමත් තව හේතුවක්. මොකද මේ දියුණු රටවල නැති වේගයක්ද ඔහේ තියෙන්නේ. නීති ගරුක වෙන තරමට තත්වය හොඳවේවි. නීතියත් හැමෝටම හරියට ක්‍රියාත්මකවුනොත් අනතුරු ගොඩක් වලක්වා ගන්න පුළුවන්
ජිල්බු Friday, 04 April 2025 05:08 PM
මම මෙච්චර කල් හිතන් හිටියේ අධිවේගයේ අනතුරු වෙන්නේ වාහන යන හින්දා කියලා...
Nihal Friday, 04 April 2025 05:11 PM
නින්ද යන රියැදුරන් මේස හැඳි එකක් දමා තද කෝපි කෝප්පයක් බොන්න. සමහරුන්ට දෙහි යුෂත් හරි. අත්දුටුයි..!
බස් අජිත්Friday, 04 April 2025 07:00 PM
පිස්සුද මනුස්සයෝ, නිදිමත නම් වාහනේ ළඟම එක්සිට් එකෙන් එළියට අරගෙන, වාහනේ නවත්තලා එතැනම නිදාගන්න. නිදිමත නම් කෝපිවලට පුළුවන් කමක් නෑ. වාහනේ එලවන මට්ටමට නිදිමත නැති කරන්න. විද්‍යාත්මකව කියන්නේ. නිදිමත කතා නෙමෙයි, කලින් දවසේ පැය හතක් අටක් නින්ද නැත්නම් වාහනේ අල්ලන්නවත් එපා... වෙන රටවල නීතිය ඕකයි, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ. එක දිගට පැය ගණන් එලවන්න එපා. වේග සීමාවට 10ක් විතර අඩුවෙන් එළවන්න. වහින වෙලාවට ඒක විස්සකින් විතර අඩු කරන්න. එක පාර බ්‍රේක් ගහන්න එපා. නිදිමත නම්, එලවන්න එපා, මොකද නිදිද? ඇහැරලාද? කියලා නින්ද ගියාම පේන හීන පේන්නෙත් වාහනේ එලවනවා වගේ ඒවා...!
ගුණරත්න Friday, 04 April 2025 06:51 PM
ආයේමත් වැරැදි කොනෙන් අල්ලා ගැනීම, පැය දෙකක් වැඩිම වුණොත් යන්නේ අධිවේග මාර්ගය සම්පූර්ණයෙන් ගමන් කරන්න. ඉතින් මේකේ අවුල සැපයුම් මධ්‍යස්ථාන නැති එක නොවේ. අපරීක්ෂාකාරී රිය ධාවනයයි...
Sam Friday, 04 April 2025 07:43 PM
රෙස්ට් එරියා ඕනෑ තමයි... ඒත් ප්‍රධාන හේතුව පාර දෙපැත්තේ හදිසි අවස්ථාවක නවත්වන්න තියෙන මන්තීරුව නැතිකම එක අහන්න ඕනෑ මහින්දගෙන් තමයි. හදිසියකට නවත්තන්න තිබ්බ මන් තීරුවේ සල්ලි ගසා කෑවා. දැන් මිනිස්සු මැරෙනවා හැමදාම..!
සෙනෙවිරත්න Friday, 04 April 2025 07:43 PM
නිදිමත නම් විනාඩි පහක් හෝ නිදාගැනීම හැර නිදිමතට විසඳුමක් නැහැ... ඒකට විවේකය අවශ්‍යයි. අපේ රටේ ඉඩ තියෙන හැමතැනම වගේම අධිවේගයෙත් ඉඩ තියෙන තැන් පොලිස් වාහනවලට පමණක් කියලා ගහලා තියෙන නිසා ආමාරුම කෙනෙක් වුණත් ඒවායේ නතර නොකර යනවා ඇති, තවත් හේතුවක් හෙමින් යන වාහනවල පසුපස අඳුරේ තැබීම කලු පාටට දිස්වීම, කනාමැදිරි ගාම්පු පහතින් සවිකර ගැටීම, තව එකක් වමේ යන කෙනා මැද සුදු ඉරේම යාම නිසා ඉස්සර කරන කෙනාට රිංගා යෑමට සිදුවීම, කොටින්ම ආත්මාර්ථකාමී රිය දුවනවා..
chandima Friday, 04 April 2025 09:16 PM
පාරේ යොදා ඇති තාර මිශ්‍රණය එම වේගයට උෂ්ණත්වයට සහ කාලගුණයට සුදුසුදැන් බලන්න...
අතුල Saturday, 05 April 2025 04:30 AM
කිමි 50 න් 50 ට සේවා ස්ථාන හදන්න? මොලේ අමාරු තියන කවුරුහරි තමයි ඔය වගේ යෝජනා ගේන්නේ. ලෝකයේ මොනම රටකවත් ඔය විධියට සේවා ස්ථාන හදන්නේ නැහැ. අධිවේග මාර්ගය හදලා ඉවර වුණාට පස්සේ එක එක මෝඩ අදහස් පලකරනවා. රියැදුරාට තේරුම් ගන්න හැකියාව තිබිය යුතුයි. අපහසුවකින් තොරව තමන්ට වාහනය පදවන්න පුළුවන්ද කියලා. බැරි නම් ළඟම එක්සිට් එකෙන් එළියට ඇවිත්, ටිකක් විවේක අරගත යුතුයි.
Nimal Saturday, 05 April 2025 09:32 AM
හෙඩ් ලයිට් දාගෙන යන්න එපා රෑට. ඉස්සරහින් ඉන්න වාහනේටත්, අනිත් පැත්තෙන් එන වාහනවලටත් අමාරුයි.
rohankSaturday, 05 April 2025 11:44 AM
ඔයා කියන්නේ ෆුල් ලයිට්/ෆුල් බීම් ගැනද? හෙඩ් ලයිට් තියෙන්නේ රෑට යනකොට දාන්න තමයි. නැත්තම් පාර පේන්නෑ, හයිවේ එකෙත් ගොඩක් තැන්වල ලයිට් නැහැ. නිකං පාරක වුණත් හෙඩ් ලයිට් ගහන්නැතුව ගියොත් රෑට, පොලිසිය දැක්කොත් හරි තමයි.
hoking Saturday, 05 April 2025 03:51 PM
හෙමින් ගියා නම් අනතුරු අඩුයි.
ජිල්බු Saturday, 05 April 2025 05:06 PM
මමත් කියන්නේ ඕකේ තිහට විතර ගියා නම් අනතුරක් වුණත් ඕන්නම් පොඩ්ඩක් සීරෙයි. හැබැයි අනතුරු ඔක්කෝම වළක්වන්න නම් වාහන යන එක නතර කරන්න ඕනෑ...